The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

09🌼👀




අනෙහ් ඕන කෙල්ලෙක් එක්ක හිටපු දැන් මට මොක්ද කියලා මාත් ෆෝන් එක දිහා බලා ගත්තෙ දැන් එන්න අයියෙ දැන් එන්න කියලා ප්‍රාර්තනා කර කර.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




අපි එතන අයිස් ක්‍රීම් එකත් කාලා මුලු ටවුන් එකේම ඇවිදලා ඇවිදලා අයියා එක්ක කිය නිසා ශොපින් පාරකුත් දාලා ගෙදර එද්දි හවස 3ට විතර ඇති.




" අයියේ මේ ගෙදරට බඩු "




" ඈ යකෝ. දැන් මෙච්චර වෙලා ඔච්චර මලු පිරෙන්න ඇදුනුයි අරවයි මේවයි ගත්තෙ ගෙදර බඩු ගන්න ඔන්නෑ කියලා නේද "




" හරි හරි ඉතින් ඒ වෙලාවෙ මතක් උන්නෑ "




" යකෝ උබ බඩු ගත්ත විදිහට තව පොඩ්ඩෙන් මාවත් විකිනෙනවා. රුපියල් 20යි තියෙන්නෙ. ගෙදරට බඩු ඔයාගෙ සල්ලි වලින් ගන්න ඒනම් 😌 නංගි ජොබ් එකක් කරද්දි අයියා විතරක් මොකටද වියදන් කරන්නෙ "




අයියා ජොබ් එකක් කරද්දි නංගි මොකටද වියදන් කරන්නෙ කියලා හිතලා පර්ස් එක ගෙදර දාලා ආව කියලා කටක් ඇරලා කියන්නෙ කොහොමද දැන්. සති ගානකින් ශොපින් ආවෙ නැති උනාම ආපු වෙලාවෙ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නෝනි. මං ඕනි ඕනි කියන එක බැන බැන හරි හා ගන්නවකෝ කියලා කිව්වෙ එයාමනෙ. රු 20ට බහිනක්ම්ම ඇති කියන්න එයාට කටක් නැතුවයෑ 😏😌




කාරෙකට වෙලා කුටු කුටු ගගා බැන බැන ඉදලා කාරෙක දොරත් ගැක්වෙන්න තරම් හයියෙන් වහගෙන ගියේ මට රව රව.




ගෙදර යනකොට හවස් වෙලා නිසා ඩිනර් එකත් අරන් අපි දෙන්න නිදා ගත්තෙ මහන්සියටත් එක්කමයි. පහුවද උදේ මං ඇහැරෙන්න කලින්ම අයියා වැඩට ගිහිල්ලා. කලින් යන්න ඕනි කියලා අයියා ඊයෙ රෑ කියපු නිසා මා පුදුම වෙන්න දේකුත් නෑ.




අද අයිය ගියේ හසිරු අයියලාගෙ ප්‍රයිවට් හොස්පිට්ල් එකට. එතන්ට පේසන්ස්ලා එනවත් අඩුයි කියලා අයියා කියලා තිබ්බා. ගෙදර තනියෙන් ඉන්න බැරි නිසා මං ලෑස්ති වුනේ අයියගෙ හොස්පිට්ල් එක පැත්තෙ රවුමක් දාලා එන්න.




" අහ් නංගි ගුඩ් මෝනින්. මොකෝ අද මේ පැත්තෙ "




" නිකම් ආව ඉතින්. හසිරු අයියත් අද වැඩද "




" නංගිලාට වගේ ඉතින් අපිට නිවාඩු නෑනෙ. කොල්ලො වැඩ "




" අයියෙ අපෙ අයියා.... ? "




" අතන රූම් එකේ. ඌ ෆයිල්ස් වගේග වැඩක්. අද පේෂන්ස්ලා එක්කෙනයි දෙන්නකයි ඌට ඉන්නෙ "




" හරි අයියෙ මං බලන්නම් "




හසිරු අයියා කියපු රූම් එකේ දොරට තට්ටු කරන්නෙවත් නැතුව මං යද්දි අයියා ඔලුව උස්සලාවත් බැලුවෙ නෑ. ගොඩක් ලොකු වැඩක් ද කොහෙද




" ප්ලීස් ටේක් අ සිට් "




ෆයිල්ස්වලටම ඔලුව ඔබාගෙන ඉස්සරහ තිබ්බ පුටුව පෙන්නලා කිව්වෙ ඔලුවවත් උස්සන්නෙ නැතුව.




" තැන්ක්ස් ඩොක්ඩර් " මං හිතන්නෙ කට හඩ අදුර ගත්තා. අලුව උස්සලා බැලුවෙ මගෙ කකුලෙ ඉදන් ඔලුවටයි ඔලුවෙ ඉදන් කකුලටයි පිච්චිලා ය්න්න වගෙ බැල්මක් දාලා.




" තමුසෙ මෙහෙ "




" ඇයි එන්න බැරිද 😏 "




" නෑ ඒත් දැ....දැන් මේ..... නංගි ගෙදර යනවා. මං දැන් එනවා. "




" අනේ බෑ ගෙදර ඉන්න තනියි නේ "




" නංගි ගෙදර යනවා. දැන් පේෂන්ස්ලත් එයි. මට වැඩ ගොඩයි. ගෙදර යනවා. මං එන්නම් "




එකපාරටම මොකද ඒ උනේ. මං හිතුවෙ මාව දැක්ක ගමන් ස්ප්‍රයිස් වෙයි කියලා. අයිය හරියට මෝහිනී දැක්ක වගේනේ. පන්නම හදන්නෙ ඇයි 🥺 අයියා කවදාවත් මං හොස්පිට්ල් එකට ආවම ඒම කියලා නෑ.




" ගුම් මෝනින් අයියේ. එන්න ටිකක් පරක්....... "




තට්ටු කරන්නෙවත් නැතුව ඇතුලට කඩාගෙන බිදගෙන අයියේ ගාගෙන ආවෙ මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් අල්ලන කෙල්ලෙක්. ස්ටෙතස්කෝප් එක කරේ දාගෙන සුදු පාට දිග ඩොක්ටර්ස්ලා දාන කෝට් එකේ සාක්කු දෙකට අත් දෙක දාගෙන කොන්ඩෙ බෙල්ලට කරලා ලසන්නට ගුලියක් ගහලා හිටපු එකයා සුදුයි ලස්ස්නයි.




මාව දැක්ක ගමන් එයා කියන්න ආපු වචනත් ගිලගෙන එතනම නැවතුනේ මට වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරෙද්දි.




" හූ ආ යු. වට් ආ යූ ඩුයින් හියර්. "




මං හිටියෙ අයියගේ මේස උඩ තිබ්බ ස්ටෙතස්කෝප් එක අල්ල අල්ල. අයියගෙ තැන මට අමුත්තක් නෙවේ. කොහෙන්දෝ ආපු එකියක් මාව දෙකේ කොලේට දාලා කතා කරද්දි මං මොකට කට වහන් ඉන්නෙ. අයිය නම් ඉන්නෙ දෙලොවක අතරමං වෙලා වගේ.




" අයියේ..... කවුද මේ. එතෝ... එතෝට මට යන්න කිව්වෙ..... යන්න කිව්වෙ මෙයා නිසාද "




ඇත්තමයි මට ඒ වෙලාවෙ අයිය එක්ක ආපු තරහ නම්.... මෙහෙම දෙයක් න කියන්න තිබ්බා. ඇයි යකෝ 😏




" අ... අකේශ් අකේශ් මේ කවුද කියනවා "




" මිහිලි.... මිහිලි ප්ලීස් පොඩ්ඩක් එලියට යන්න. ප්ලීස් "




අයියා ඉදන් හිටපු තැනින් නැගිටලා කියද්දි ඒ කෙල්ලගෙ මූන රතු උනා.




" ම... මං මොකටද.... මං යන්නෙ ඇයි අකේශ් 🥺 කවුද මේ කෙල්ල "




" ඒ... ඒ මගෙ නංගි මිහිලි මං ඔයාට පස්සෙ කතා කරන්නම් ප්ලීස් යන්න "




" ඒ පාර නංගි උනාද. ඇයි අකේශ් ඔයා.... " කදුලු පුරවගෙන ඒ කෙල්ල යන්න යන්න ගියේ මං දිහයි අයිය දිහායි අහිංසක විදිහට බලලා.




එක අතක් නලලෙ ගහගෙන අයිය රූම් එකේ එහාටයි මෙහාටයි ඇවිදින්නෙ මට රව රව. ඇයි දෙයියනේ මං මොනා කරන්නද. මේ නංගිට ඕක කලින් කියලා තිබ්බ නම් ඔය මොකුත් නෑ නෙ 😌 හොර හිත තමා ඔක්කොටම මුල හුම්.




මගෙ ඉස්සරහ හිට ගත්තෙ අයියා හයියෙන් මේසෙට ගැහුවෙ මං ගැස්සිලා යද්දි. දැන් නම් මොනා වෙයිද කියලා මටත් බයයි.




" අසෙනි එලියට යනවා " දොර දිහාට අත දික් කරලා අයියා ඒ කියපු විදිහට මගෙ හිත ගැස්සුනේ කදුලු එලියට පනින්න පොර කකා. අයිය මට සැරෙන්ම කතා කරපු පලවෙනි පාර ඒක. මං මොනව කරන්නද කියලා ගල් ගැහුනා වගේ හිටියෙ අයියා දිහාම බලාගෙන.




" එක සැරයක් කිව්වා. එලියට යනවා නැත්තම්...... "




අයියට හුගක් තරහ් ගිහින්. මං නිසයි ඔක්කොම. ඒ අක්ක අයිය එක්ක තරහ් උනේ මං නිසයි. පවු ඒ දෙන්නම මං නිසා අඩනවා. අයියට කොච්චර දුක ඇතිද. මගෙ ඇස් අග තිබ්බ කදුලු එලියට පැස්සෙ මං රූම් එකෙන් එලියට දුවන් එද්දි.




මට ඒ අක්කට කියන්න තිබ්බා. කදුලු කම්මුල් දිගේ ගැලුවෙ හැම්දේටම වඩා අයියා මට කෑ ගැහුවෙ හිතේ තිබ්බ දුකට කියලා මතක් වෙද්දි. එයාට මට ගහන්න බැරුවයි හිටියේ. ඒ දෙන්නම දැන් අඩනවා ඇති. මං මේක හරි ගස්සන්න ඕනි. පවු අයියා හොදට තිබ්බ කුරුලු කූඩුව මං කඩලා දැම්මා.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




♾ අනේ දෙන්න බැරි උනාට සොරි 🥺❤️




♾ U_H

Report Page