The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

07 🌼👀




ඒම කිව්වම එයත් ඔලුව වැනුවෙ හිනා වෙලා. ඊට පස්සෙ ඒ කෙල්ල ටික දුරක් දුවන් ගිහින් අතත් හදලා " නල්ලම් නල්ලම් " කියලා හිනා වෙලා කියලා ආපහු දිව්වෙ ඒ මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව මං එතනම ගල් වෙද්දි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




මං දැන් කොහොමද දෙයියනේ ඔලුව උස්සලා එයා ඉස්සරහ මෙහෙම ඉදන් ඉන්නෙ. මට තාමත් ඒ උනේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. මේ පොඩි එකත් කරන වැඩ නම්.... ඒ පොඩි ලමයා හැමදාම මාත් එක්ක හිටියොත් මට රටේවත් ඉන්න වෙන්නැති වෙන සීන් එකක් තියෙන්නෙ.




මට දැනුන ලැජ්ජාවෙ තරමට ජම්බු ගෙඩියක් වගේ මං රතු වෙන්නැති. ඒම උනොත් ඒක එයත් දකිනවා. මොනා උනත් වෙනසක් පෙන්නනෙ නැතුවෙ ශේප් එකේ මෙතනින් මාරු වෙන්නෝනි.




අනික ඒ මනුස්සයා මොකට අර පොඩි එකා නොදැන කිව්ව දේට හා කියන්න වගේ ඔලුව වැනුවෙ. ඒ ලමයා පොඩීයිනෙ. ඒක්වත් තේරෙන්නැද්ද මංදා. අයියෝ මංදා මටත් එලියට ඇවිත් යන්න වෙන තැනක් තිබ්බෙම නෑ නෙ.




මූනට වැටිලා තිබ්බ කොන්ඩෙ කන පිටිපස්සට කරන ගමන් මේස උඩ තිබ්බ මගේ ෆෝන් එක අරන් බිම බලාගෙන ම කැෂියර් එක ගාවට ගිහින් බිල් එක පේ කරලා එලියට එන්න ඩෝ එක ලගට එනකම්ම මං ඔලුව ඉස්සිවේ නෑ.




එලියට යන්න අඩියක් තියලා ඒ පැත්ත බැලුවෙ නිකමට වගේ. මාව දැකලත් නොදැක්ක වගේ කොන්ඩෙ උඩට උස්ස උස්ස එයා අනිත් පැත්ත බලා ගත්තෙ මං වෙනසක් පෙන්නන්නෙ නැතුව එලියට ඇවිත් කා එකට නගිද්දි.




ගෙදර ඇවිත් වොශ් දාලා ගෙවල් අස් කරලා අයියා එන්න කලින් ඩිනර් එක රෙඩි කරලා ටේබල් එකත් ඇරේන්ජ් කරලා මං සාලෙ සෝෆා එකට වෙලා ඉයර් ෆෝන් එක ගහන් සිංදුවක් අහන් හිටියේ අයිය ආවම කනවා කියලා හිතාගෙන.



උයන වෙලාවත් මට මතක් උනේ අද දවල් වෙච්ච දේ ගැන. ඒ කෙන මොනා හිතුවද මංදා. මොනා උනත් වැරදි දෙයක් හිතන්න නැතුව ඇති. වෙන අය වගේ නෙවේ එයා ඩීසන් වගේ. අනික ඉතින් කෝමත් ලෝයර් කෙනෙක් නේ. ලෝයර්සා කෝමත් ඩීසන් තමා. හරියට මං වගේ 😌




හැබැයි ඉතින් ලොයර්ස්ලට මේම චාටර් වැඩ වෙන්නෙ නම් අඩුවෙන්. ඒකත් ඉතින් කරලා තියෙන කර්ම විපාක වල හැටියට කොයාගෙන පස්සෙන් එනවනෙ. හරියට මට වගේ. 🥲




මං කරලා තියෙන කර්මෙ හැටියට ගිය ආත්මෙ මොකෙක්ව හරි ලග තියාන හැමවෙලේම ඒ මනුස්සයාගෙ රෙදි ගැලවෙන විදිහෙ ගොබ්බ වැඩ තමා කරලා තියෙන්නෙ. ඒවයෙ විපාක තමා දැන් විදින්නෙ. මොනා කරන්නද සංසාර පුරුදුනෙ.




අයිය එනකොට රෑ 9ට විතර ඇති. එයාට ඉතින් හැමදාම හදිස්සි පේෂන්ස්ලා හදිස්සි පේසන්ෂන්ස්ලා. නංගි මෙහෙ බඩගින්නෙ මැරෙන්න ගියත් එයාට හදිස්සි පේෂන් කෙනෙක් නම් පන උනත් දෙන්න වගේ 😒




ඩිනර් එක අරන් ඇදට ගියාට නින්ද ගියේ නැති නිසා පොතක් කියව කියව ඉද්දි කීයට නින්ද ගියාද මන්දන්නෑ. උදේ නැගිටලා බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරලා අයියත් බ්‍රෙක්ෆස්ට් එක අරන් වැඩට ගියාට පස්සෙ මං ලෑස්ති උනේ මගේ ඔෆිස් එකට යන්න.




උඩ තනි සුදු ටීශර්ට් එකට දනිස්සෙන් චුට්ටක් පහලට වෙන්න යනකම්ම ටයිට් ලා දුබුරු පාට ස්කර්ට් එකේ දනිස්ස ගාවට විතර එනක්ම් පලලා තියන ස්කර්ට් එකක් ඇදලා සුදු පාට පබලුවක් තියෙන ඉයරින්ග්ස් දෙකක් දාලා රිදී පාටට තිබ්බ ලසන්න බේස්ලට් එකක් දාලා කොන්ඩෙ බෙල්ලට කරලා ගුලියලා ගහලා සුදු පාට හයි හීල්ස් දෙකත් දාලා රෙඩි උනේ මගේ ලැප් එකත් අරගෙනමයි.




මගේ ඉස්සරහ කෙස් තාම දික් වෙලා නැද්ද කොහෙද ඒවගෙ ඇල්ලෙන් නැති ඒව පෝනි ටේල් දැම්මත් ගුලිය ගැහුවත් මූනට එනවා. අදත් ගුලිය ගහද්දි ඉස්සරහින් කන ලග දෙපැත්තෙන් තියන කොන්ඩ කෑලි දෙක ඇල්ලලා ඒ දිහා බැලුවෙ ඒවා අල්ලලා කටු ගහනවට වඩා මූනටම වැටෙන එක හොදයි කියලා හිතන ගමන්.




ලැප් එකයි ෆෝන් එකයි අරන් කා එකට දාගෙන ෆයිල්ස් අගේකුත් අරන් ඔෆිස් එකට ගියාට මට කරන්න ඒ හැටි වැඩක් ඇත්තෙත් නෑ. ආයෙත් ඉතින් කේස් බාර දෙකම් හරි එනකම් හරි ඉන්න එපැයි. ඒ උනාට ඉතින් අච්චර මගේම කියලා ඔෆිස් එකක් තියෙද්දි කට්ට තනියෙන් මේම ගෙදරට වෙලා කාලෙ මරන්නෙ මොකටද.




මං ඔෆිස් එකේදි කරන එක වැඩක් තමා මේ වෙනකම් කරපු හැම කේස් එකකම සමරි එක හදන එක. ඒ විදිහට සමරි හදලා නැති කේසස් වල සමරීස් හැදුවෙ කරන්න වැඩක් තියෙන්නත් ඕනි නිසා. ඔෆිස් එකේ වැඩක් නැති වෙලාවට ඒ සමරිස් තියන පොත පෙරල පෙරල ඉන්න තමා මං ආසම.




ඊට පස්සෙ දවස් දෙකක් විතරම මං හිටියෙ ගෙදර තනියෙන් අයිය වැඩට යන නිසා. තනියෙන් ගෙදර ඉන්නව කියන්නෙ එක එක විකාර අදහස් වලට ආ එන්න කියලා කතා කරනවා වගේ වැඩක්. කරන්න දෙයක් නෑ. ඉන්න උනා.




ඒ අස්සෙ අරන් එදා දැක්ක කෙනාවත් මතක් වෙනවා. එදා එයාව දැක්ක පලවෙනි දවසෙ අර සෙකියුරිටි එයාට කතා කරපු නම මං කොච්චර මතක් කරත් මතක් උන්නෑනෙ. මං මනුස්සයා මනුස්සයා අරයා මෙයා කිව්වට එයාට තියෙන පෝස්ට් එක ලොකුයි කියෙලත් වෙලාවකට මට හිතුනා.




එදා සෙනසුරාද දවසක්. අයියා උදේම මගේ රූම් එකට් එබිලා කතා කරේ මං ඇස් පොඩි කර කර ඇදේම ඉද ගද්දි.




" එහ් නංගී..... නංගී..... "




" මොකද හලෝ "




" එන්න්ද "




" හා එනවා "




" අද මං ෆ්‍රී "




" ඉතින් මං දැන් මොකද කරන්නෝනි. "




" ඈපෝ බන්. ඔය ඇස් පොඩි කරන එක නවත්තලා සීරියස් අහගනින්කෝ. මොකක්ද අප්පා පොඩි එකෙ වගේනෙ 😒 "




" ඉතින් කියනවා "




" කොහේ හරි යං. තමුසෙ එනවද "




" අයියා.... මේ ඔයාමද හලෝ "




" ඔව් ඇයි😒 "




" නෑ මේ කොහෙ හරි යං කිව්වට. කෙල්ල වගේ ගෙදරම ඉන්න එකා කොහෙ හරි යං කිම්මව පුදුම නැද්ද "




" තමුසෙ එනවද නැද්ද කියනවකෝ 😒 "




" මං නැතුව එනව එනවා. "




" ඉක්මනට ලෑස්ති වෙයන් ඇහ්. "




" ඕක ටිකක් හොදින් ආස හිතෙන විදිහට කියන්වකො අයියා.... තමුසෙ නම් මොනාද මහ😒 "




" මාත් සමග උදෑසන එලිමහනට යාමට සූදානම් වනු මැනවි කුමරිය 😏😂😒 ඔබ මා හා ගමනට පැමිනෙන්නේද " ඇදෙන් නැගිටලා අතත් දික් කරලා ඔලුව නමලා කියලා කින්ඩි හිනාවක් දාන් දිවත් දික් කරලා එලියට ගියේ මං රව රවා බලද්දි.




" 😒 "




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



♾️ අයියෝ ඔයාල හොද නෑ අප්පා. කමෙන්ට් තිබ්බෙ පනස් ගානයි. මේකට නම් 300ක්වත් තිබ්බෙ නැත්තම් ඊලග එක දෙන්නෑ නෑ නෑ නෑමයි. කෙමෙන්ට් නැති උනාම කතාව ලියන්න හිතෙන්නෑ අනේ එපා වෙනවා. කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ආදරෙයි. තෑන්ක්ස්❤️🌼🥺




♾ U_H

Report Page