Thank youu..!!!
Peppermint:)
Thank youu..!!!!
Short story by peppermint:)
Don't copy without author permission..!!!!
මල් ගැන ඔයාට තියෙන ලස්සන මතකයන් මොනාද...ඇත්තටම ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවොත්,
එක ඔයාලම විදගන්න.........
කොට්ටම්බා ගහේ මුලට වෙලා අනිත් අයියලා අක්කල සෙල්ලම් කරන දිහා මං බලාගෙන හිටියෙ...මීල් බොක්ස් එකේ තිබුණ ටෝසට් කරපු පාන් එකත් ටිකක් කාලා ඉතුරු ටිකට මොනාද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉද්දි ම,
" මෙන්න ඔයාට..."
ආහ්හ්..මං බලගෙන හිටියෙ මට වඩා අඩියක් වගේ උස කොණ්ඩෙ බොකුටු හාදයගෙ අත දිහා...මලක්...මං නිකන් ඒ දිහා බලන් ඉදලා ආයෙම ඒ ඇස් දෙක බැලුවෙ " මොකද" කියලා අහන්න වගේ...
" මං අද ගෙදරින් එලියට බහිද්දි වැටුණා..." තාමත් අතේ තියෙන මල මට දික් කරගෙන ඉන්න ගමන් ම කියනවා...
" අහ්ම්ම්..ස්තුතියි.."
හීනි ලැජ්ජ සහිත හිනාවක් පාන ගමන් මං මල ගත්තා...
එයා ගියාම ඒ මල දිහා මං ඔහේ බලාගෙන හිටියෙ... ඔයාල හිතුවෙ රෝස මලක් කියලද...?? අපෝ නෑ...ඒ වරා මලක්..ඒ වෙද්දි මං මොන්ඩිසෝරි...
•••
එයාලා මාව කොහොම පිලිගනීද...
" අර පේලියට යන්න පැංචි.."
අම්ම අත දික් කරපු පේලියට ගියේ කරේ එල්ලන් හිටිය වතුර බෝතලෙත් එල්ල ගෙන මං ගියේ වටපිට බලන ගමන්...හරිම නුහුරු නුපුරුදු වටපිටාවක්...සමහර ලමයි කෑගහලා අඩනවා එයාලගෙ අම්මලගෙ අතේ එල්ලිලා...
ඔන්න ඔන්න...හැමෝම ඒ කොරිඩෝවට ගන්නවා... එයාලා හැමෝටම මල් දෙනවා...
" ආ ගන්න.."
ඒ ලොකු ලමයි කිව්වෙ ඒ වචන දෙක විතරමයි...
මං බලාගෙන හිටියෙ මගෙ වාරෙ එනකන්.. ඒ කියන්නෙ " ආ ගන්න " කියලා මටත් කියනකන්.. මං බෝතලෙත් එල්ලගෙන බිම බලාගෙනම අනිත් ලමයින්ගෙ පිටි පස්සෙන් ගියා...
ඔව්...මං ලංවෙනව එයාලට..ම්ම්හ්ම්ම්..මං බිම බලාගත්තා...ඔව්..මං පිරිමි ලමයෙක්ගෙ සපත්තු දෙකක් පේනවා...දැන් කියයි...ඔව්..දැන් කියයි මටත් " ආ ගන්න " කියලා... ඒත්...,
" කෝ ඔයාගෙ කොණ්ඩෙ...??"
මං බලාපොරොත්තු උනේ වෙන වචන දෙකක් උනාට මට ඇහුණෙ වෙනින් වචන දෙකක්... ඇත්තටම ඔව්...මොන්ඩිසෝරි කාලෙ ඉන ලගට වෙන්න තිබුණ කොණ්ඩෙ අපෙ අම්මා කැපුවෙ මං කෑගහ ගහ අඩද්දී...මං එකපාරටම ඔලුව උස්සලා බැලුවෙ කවුද කියලා..
කවුද කියල අදුරගන්න බැරි උනත් ඒ හාදයා,
" ගන්න...මේක ඔයාට.." කියලා මලක් පෙන්නන ගමන් කියද්දි කලින් කියපු දේවල් මතක් උනු දේවල් සේරම අමතක වෙලා එයාගෙ අතින් මල උදුරගෙන මං අම්ම ගාවට දිව්වා...ඒත්..මට මතක් උනේ අත්තම්මා කියලා දුන්න greetings ගැන....
මං ආයෙම අර හාදයා ගාවට ගිහින්,
" ම්ම්...ස්තූතියි.." ලැජ්ජාවෙන් ඇබරි ඇබරි කියලා මං දිව්ව අම්ම ගාවට..
දන්නවද දෙයක්....ඇත්තටම ඒ මල වරා මලක්..!!
•••
"You love flowers.. don't you... Tell me about the wonderful events in your life with flowers.."
(" ඔබ මල් වලට ආදරෙයි නේද... මල් සමග ඔබේ ජිවිතයේ සිදුවූ අපූරු සිදුවීම් ගැන මට කියන්න..")
දෙක වසර ඉදපු අවුරුද්දෙ මැදක එක දවසක අපේ පංතිභාර මිස් රොශිකා හැමෝගෙන් ම එහෙම ඇහුව...
International school එකක් ඒක...මොනාද කියන්නෙ කියලා අවුරුදු 7ක අපි දැනගෙන හිටියෙ නෑ...ඒත් යම්තාක් දුරකට ඉංග්‍රීසි එක්ක ඉදලා අපේ english knowledge එක දියුනු වෙලා තිබුණේ... ඉතිං මට තේරුණා ඒ කියන්නෙ මල් ගැන කියලා...
මල්..!! වරා මල්..!!
මොන්ඩිසෝරි ඉද්දි හම්බුණ වරාමලයි මං මුලින්ම ඉස්කෝලෙ ගිය දවසෙ මට දුන්න වරා මලයි මට මතක් උනා...ඒක අම්මා ලස්සනට අලවලා මගෙ පොත් මේස ඉස්සරහ චූටියට ඇලෙව්වෙ මාත් ඒකට උදව් කරද්දී...
" ට්‍රිං ට්‍රිං.."
ඉස්කෝලෙ ඉන්ටර්වල් බෙල් එක වැදෙද්දි ලමයි එලියට පැනලත් ඉවරයි...හැම දවසෙම වගේ යාලුවො එක්ක සෙල්ලමට ගියත් මට ඕන උනා වරා මලේ කතාව මතක් කරන්න...
ඒත් ටිකක් දුරක් යද්දි මට හමුවුණෙ නාදුනන පිරිමි ලමයෙක්,
" ඔයා නොදන්නවා උනාට හෙට ඔයාගෙ birthday එක... Happy Birthday..!! "
මං එයා දිහා පුදුම වෙලා බලන් හිටියා...එයා කොහොම ද ඒක දන්නෙ කියලා හිතන්න තරම් මට මොලයක් ඒ කාලෙ තිබුණෙ නෑ...
" මේ මල ඔයාට.."
අහ්හ්...වරා මලක්..!! ආයෙම..ගන්නවද නැද්ද..මං සමහර විට විනාඩි 10ක් විතර එතන කල්පනා කරන්න ඇති...ඒ කොහොම උනත් අන්තිමට,
" ස්තූතියි " ලැජ්ජාවෙන් ඒ වචනෙ ගැටගහගෙන මං කිව්වා..
" ඔයා රතු වෙලා...!!!!"
ආආ.....???
•••
"177"
" පාස් ද අම්මා.."
" නැතුව මැනිකෙ...."
අම්මා උඩ පැන පැන කෑගහන හැටි දැක්කම මට බයත් හිතුණා... එකපාරටම තාත්තා කොහෙන්ද ඇවිල්ලා මාව වඩාගෙන එලියට ආවා..
එදා අන්තිම වතාවට මං හිටිය ස්කූල් එක බලන්න ආවා...සමහර අයගෙ මූණු සතුටින් බර වෙලා තියෙද්දි සමහර ලමයින්ගෙ මූණ කදුලින් බර වෙලා තිබුණා...ඒකට හේතුව ශිශ්‍යත්වෙ ලකුනුද නැත්තං එයාලගෙ හොද ම යාලුවො එයාලව දාල ඉස්කෝලෙන් යන නිසාද කියලා මට හිතාගන්න බැරි උනා...
ඒ කොහොම උනත් මං හරි ආදරෙයි ඒ දවසට...අපි හොදට ම් සෙල්ලම් කරා...පිනී ගෙනත් තිබුණ මොනෝෆෝලි,UNO කාඩ්ස් අරගෙන අපි හිතේ හැටියට සෙල්ලම් කරා... ඒ කාලෙ මගෙ ආසම ගේම් එක මොනෝෆොලි...ඉතින් ස්කුල් ගාර්ඩ්න් එකෙ නුග ගහ ගාව තමයි අපි ඉදියෙ...උදුපියලිය තනබිස්ස නිසා එතන ඇත්තටම සනීපයි...ඒ නිසා ම මං බිම වැතිරිලාම පිනීයි මායි මොනොෆෝලි play කරා...
ටික වෙලාවකින් පිනී " වතුර තිබහයි " කියලා ක්ලාස් රූම් එකට දිව්ව නිසා මං බිම වැතිරිලාම අහස දිහා බලන් හිටියෙ මේ වෙන තෙක් මගෙ ජීවිතේට උන ලස්සන සිදුවීම් මතක් කරනගමන්...
" ඒයි..."
එක පාරටම කෙනෙක් මගෙ ඔලුවට ගැහුව නිසා මං ඔලුව උස්සල බැලුවෙ කවුද කියලා...
අපෝ..කවුද මේ...මහ නපුරු කොල්ලෙක් ඒ...මගෙ ඉස්සරහ අත්දෙකත් බැදගෙන ඇස් හීනි කරගෙන බලන් ඉන්නවා...
" මොකද..??"
මාත් එයා වගේම ගහගන්න වගේ එහෙම අහද්දි ම එයා හොදට ම රවන්න ගත්තෙ මං ඇස් කරකව කරකව බලන් ඉද්දී...
කොහොම උනත් ටික වෙලාවකට පස්සෙ cool down උනා...
" congratulations...!!"
එයා හිනා වෙලා කියද්දි මං ගැස්සුනා...මං එයාව කොහෙද හරි දැකල තියෙ...ඒත් මතක නැහැ...
" මේ මල ඔයාට..!!"
"හහ්හ්..." මං කට ඇරගෙන බලාගෙන ඒ නසරාණි කොල්ල දිහා බලාගෙන ඉද්දි පැත්තකින් පිනීගෙ කටහඩ ඇහුණා...මං ඒ දිහා බලලා ආයෙම ඉස්සර හැරුණත් එතන කවුරුවත් හිටියෙ නැහෑ...
හැබැයි මගේ අතේ වරා මලක් නම් තිබුණා..!!!
• • •
" වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම..
ඔයා දිහා බලන්නැතුව ඉන්නද මම කොහොම..
සුවද සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක................"
මුලු හෝල් එකේම එක හඩයි...ඔව් ඒ මේ සිංදුවෙ සද්දේ....
ඒත් නොදැනුවත්වම මං යන්නෙ මගෙ පරණ ඉස්කොලෙ අන්තිම දවස වගේම පලවෙනිදවසට...
" ඒයි විහගී...ඔයාට මලක් ඉස්සෙල්ල ම හම්බුණේ කාගෙන් ද..."
ආහ්හ්හ්....මං බය වෙන්න ඇතී...ඔව්...හිත හිත ඉන්න දෙයක් කෙනෙක්ගෙ කටින් ඒ විදිහට පිට වෙද්දි බය් නොවී ඉන්නෙ කවුද... කලින් තිබුණ ඝෝෂාකාරී විලාප සද්ද් සේරම නැවතිලා ඒ වෙද්දි පන්තිය මීයට පිම්බා වගේ...
මං විරිත්තන්න ඇති...ඇත්තටම මට කියන්න උත්තරයක් නැහැ...තිබුණත් ඒක පිට වෙන්නෙත් නෑ...
මං හිතන්නෙ මගෙන් උත්තරයක් එනකන් එයාල මං දිහා බලන්න ඉන්න ඇති...කොහොම උනත් විනඩි 2,3කට පස්සෙ ආයෙම පන්තියේ ලමයී සුපුරුදු ලෝකේ...
" කොහොම උනත් ඒක හරි ලස්සන මතකයක්... නේද වරා ලමයෝ..."
ඒ වෙද්දි මං හිටියෙ 11 වසරෙ...
• • •
දෙයියනේ කෝ ඒක.... ඕ ශිට්...
හහ්...
අන්තිමට හම්බුණා.......
" Happy level up day..!!!"
හැමදාමත් වගේ මගෙ 13 වෙනි වරාමලත් හම්බුණා....
" ස්තූතියි..!! "
වරා මලත් අතට අරගෙන මං එක හිතින් ම හීනි හුස්මක් පිට කරන ගමන් කිව්වා....
එහෙමම කබඩ් එකේ හංගලා තියෙන ඩයරිය අතට ගත්තා...
2022/07/26
" ආදරණීය වරා මල...බැරි ද ඔයාට මට දෙන ඊගාව ගිෆ්ට් එකේ හොරාට ඔයාගෙ අයිතිකාරයගෙ ෆොටෝ එකක් අරන් එන්න...?? "
• • •
2023/07/26
" මං බලාපොරොත්තු උනා ඒක....ඒත් ඇයි මේ පාර මෙහෙම..??? "
රෑ 11 වෙනකන් ම බලන් හිටියා...එයාට මාව අමතක වෙලාවත් ද...??
සමහර දවස් තියෙනව ගෙවා ගන්නත් අමාරුම දවස්... මට දැණුනෙ මේ දවසත් ඒවගේ දවසක් කියලා...
" පැංචී ඔයා නිදාගන්නෙ නැද්ද...??"
අම්මා කතා කරන සද්දෙ එද්දි ම මං ලයිට්ස් නිවලා බැල්කනි එකට ආවා...නිදාගන්නත් එච්චර නිදිමතක් තිබුණෙ නැති නිසා මං ඔහේ අහස දිහා බලන් හිටියා...තරු වලින් පිරිලා අහස තියෙද්දි එක තරුවක් අනිත් තරු ගොඩට නොයා පැත්තක්ට වෙලා බලන් ඉද්දී...
" තාරුකා නිවා දුර ඈත තනිවෙලා..
කොහේ ගියද දිව්‍යංගනා....
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේ ද දිව්‍යාංගනා......................."
• • •
පැංචී...ඔයාට ලිවුමක්.."
අම්මා ගාර්ඩ්න් එකේ ඉදන් කෑගහද්දි නින්දෙන් නැගිටලා ඉදපු මම වැලහින්න වගේ ගියේ එයා ගාවට....
මොනා ද කිව්වෙ කියලා ඇහුණෙ නැති වුණත් එයා කොලයක් දුන්න නිසා මාත් ඒක අරන් කාමරේට ඇවිත් ඒක අතේ තියන් නිදිමත නිසාම ආයෙම ඇදට පැන්නා...
ඒ එක්කම බැල්කනි එකේ කර්ට්න් එහෙ මෙහෙ ගියේ හීනි හුළගක් කාමරෙ ඇතුළට එද්දි...
" ම්ම්ම්ම්හ්හ්හ්.....ස්ට්‍රෝබෙරී.."
මට එක පාරටම ආවෙ ස්ට්‍රෝබෙරි සුවදක්...මොකක්ක්...!! පොඩ්ඩක් ඉන්න...!!
ඇදෙන් පැන්න ගමන් ම හෙව්වෙ ලිව්ම..ඒක ඇදේ පොඩි වෙලා තියෙනවා පෙනෙද්දි මං පැනල ගිහින් ඒක අතට ගන්න හැදද්දිම ආයෙම හුලගක් ඇවිත් ඒක වීසිවෙලා කර්ටන් එක අස්සට යද්දී...ඒත් ආයෙම...ර්‍ර් ර් ර්...
යන්න දෙන්නෙ නෑ මේ වතාවෙ නම්....ඉන්න...ඔහොම ඉන්න පැටියො....හෙමින් හෙඉන් ළගට ගිහින් ඒ සුදු පාට ලිවුම ගද්දි ම,
" හායී...!! "
කියලා කවුදෝ පිටිපස්සෙන් කියනව ඇහෙද්දි මං බය වෙලා පස්සට යද්දී...ඒ එක්ක ම ලිවුම හුළගට ගහගෙන ගිහින් ඒ ආව මනුස්සයගෙ මූණෙ වැදුණෙ මං හිදටම බය වෙලා ඉද්දී....
ඒ මනුස්සයාගෙ මූණ නම් බලන්න බෑ...තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ...
කොහොම උනත් එය මගෙ ලිවුම අල්ලගෙන තිබුණා...
" ස්තූතියි "
ඒත් එයා ඒකට welcome හෝ ,my pleasure කියලා කියනවා වෙනුවට කරේ මං දිහා උඩ ඉදන් පල්ලෙහාට බලපු එක...
ඊටපස්සෙ ආයෙම මං මූණ දිහා...
මේ මොන පිස්සෙක් ද..??
" දඩාස්ස්ස්...!!!!!"
ඒ එක්කම දොරත් හයියෙන් වහලා එයා යන්න ගියා...
මොකක් උනත් ඒ උනේ ඔක්තෝම්බර් මාසෙක...
• • •
" නියමයිනෙ... ඉතින් ඉතින්..."
" ඒ අම්මගෙ යාලුවෙක්ගෙ පුතෙක්ලූ..."
ඒ එක්කම සහන්‍යා මහ හයියෙන් හිනා වෙන්න ගත්තෙ මං ඇස් හීනි කරගෙන බලන් ඉද්දී...
" මොකද..."
"නැහැ..නැහැ...මට මතක් උනා ඒ මනුස්සයගේ මූණ..."
කියලා ආයෙම එයා හිනා වෙන්න ගත්තෙ මාත් ඒකට එකතු වෙද්දී...
" ඒයී..!!! "
මං එකපාරටම දැක්කෙ කැන්ටීන් එක ගාව තිබුණ ලොකු නුග ගහ ගාව ලොකු වරාමල් ටිකක් තියෙන්ව දැක්කම...
දඩාස් ගලා පුටුවත් පස්සට කරගෙන සයිඩ් බැග් එකත් එල්ලගෙන මං දිව්වෙ එතනට...
සහන්‍යා දන්නෙ නෑ තාම ඒ අවුරුදු තුනකට කලින් මගෙ 18 වෙනි birthday එකට ආව ලිවුමෙ
තිබුණ දේවල් ගැන....ඉතින් මං මේ දුවන්න හේතුව එය දන්නෙත් නැහැ...
" කැම්පස් එකේ වරා ගහක් නැතුව මේව කොහොම ද මෙතනට ආවෙ... ඔන්න ඔහේ ගන්නවා..."
කියලා වරා මල් සේරම බෑග් එකේ පොකට් එකකට දාගෙන මං ආවෙ ආයෙම සහන්‍යා ගාවට...
" කොහෙද ගියේ...??"
" වරා මල් ටිකක් දැක්කා...දගත්තා..."
" ආ...ඒකද...ඒක දැම්මෙ අර සීනියර් අයියා...නෙහාන් අයියා...ඔයා දන්නවද...??"
" ඔව්...නෙහාන් මට පුරුදුයි...එයත් හරියට අර අපේ ගෙදර ආව කොල්ලා වගේ..."
ඒ එක්කම සහන්‍යා හිනා උනේ ආයෙම ඒ සිද්දිය මතක් වෙල වෙන්න ඇතී...
• • •
" Happy Birthday Kellah...!!"
උදේ පාන්දර ම සහන්‍යාගෙන් ආව මැසේජ් එකට රිප්ලයි කරලා මං නාගත්තා...
It's my 21st birthday...!!!"
මිරර් එකෙන් පේන මං මටම කියාගත්තෙ අතේ තිබුණ වතුර පොඩ්ඩක් කණ්ණාඩියරත් ඉහලා...
එයාගෙන් ගිෆ්ට් එකක් මේ පාරත් ඒවිද...මේ විකාරත් හිතන ගමන් ලැප් එකයි කලින් දවසෙ හැදුව ප්‍රොජෙක්ට් එක ගැන විස්තර තිබුණ ෆයිල් එකත් අරගෙන මං වේලාසන ගියේ කැම්පස් එකට...
ඇත්තටම උදෙන් ම යන්න උවමනාවක් නැහැ අද....මොකද ලෙක්චර්ස් 11ට...ඒත් උදේම දැණුන ෆ්‍රෙශ් ගතියට යන්න ඕන කියල හිතුණ නිසා මං ගෙදරින් 8ටවගේ ආවා...
උදේ ලෙක්චර්ස් තියෙන ළමයි කුප්පි දාන අයියලා අක්කලයි කපල්ස්තුයි ඇරෙන්න වැඩිය ළමයි නැති තරම්...
මං ගෙනාව බඩු ටික කැන්ටීන් එකෙන් තියලා එළියට ආවෙ අද දවසෙම ලෙක්චර්ස් පටන් ගන්නකන් ඇවිදිනවා කියලා හිතාගෙන...
සහන්‍යා අද 10 වෙනකන් වත් නැගිටින්නෙ නෑ කියලා කිව්වෙ ඊයෙ ඉදලමයි...ඉතින් මං එයාටත් නොකිය ආවෙ නැත්තං එයා නින්දත් තියලා ඒවි කියලා හිතාගෙන..
මට මතක් උනේ මගෙ 18 වෙනි බර්ත්ඩේ එකට ආව වරා මල් අයිතිකාරයගෙ ගිෆ්ට් එක...ඒකෙ හරි ලස්සන වරාමල් වලින් හදපු keytag එකක් එක්ක වරා මලක්..තව ලස්සන පොඩියට 4cm×4cm ඒරියා එකක තියෙන පොඩි වරාමලක කවර් කරපු ෆොටෝ එකක්...ඇත්තටම ඒ ගිෆ්ට් අතට දැනෙන්නෙවත් නැති තරම් බර අඩුයි...
ඕවත් හිත හිතම මං ඔහේ ඇවිද්දා..
මං ආවෙ කැම්පස් එකේ කට්ටිය වැඩිය නොඑන පාලු වගේ තියෙන පැත්තට...ඒක ඇත්තටම මගේ ආසම තැනක්..
මං යද්දිම දැක්කෙ පිරිමි ලමයෙක් සෙල්ලම් කරනවා...ඇත්තටම ඒක සෙල්ලමක් ද...??? ඒ කොහොම උන්ත් මට මතක් උනේ මගෙ 18 වෙනි බර්ත්ඩේ එකට වරා මල් අයිතිකාරයගෙ ගිෆ්ට් එක දුන්න දවස...එදත් මං නැටුවෙ මේ වගෙ සෙල්ලමක්....
" Excuse me.."
මං එහෙම කතා කරේ උදව්වක් දෙන්න උනත් ඒ මනුස්සයා ඒක කනකටවත් අරගන්නෙ නැතුව ඉස්සරහට පැන්නෙ මොනාද දෙයක් අල්ලගන්න...
අපරාදෙ.."
මට කියවුණා...
ඒ එක්කම ඒ කොල්ලා මගෙ පැත්තට හැරුණෙ මං තිගස්සමින්...
නෙහාන්...මට යන්තමට කෙදිරිගෑවෙන්න ඇති...
වෙන වෙලාවට නම් මං හොදට බය වෙල..මොකද එයා හැමවෙලේම රැග් සීන් එකේ ඉන්නෙ..හැබැයි මේ වෙලේ පෙනුනේ හාවෙක් වගේ...මුලු මූණ පුරා දාඩිය පෙරගෙන මූණත් රතු කරගෙන...
මගෙ දිහා විනාඩියක් දෙකක් බලන් ඉදලා එයා ආයෙම යන්න හැරුණා...
අඩියක් දෙකක් ඉස්සරහට ගියාට එයා ආයෙම හැරිල මගෙ සයිඩ් බෑග් එකේ තිබුණ keytag එක දැකල ඇස් ලොකු උනා...
ඒ එක්කම මං දැක්කෙ මං පොඩි කාලෙ අර මොන්ඩිසෝරි කොල්ලට දුන්න චේන් එක...
" ඒ ඔයා....!!!!"
අපි දෙන්නටම එකම මොහොතෙම කියවුණෙ මං ඇස් ලොකු කරගෙන බලන් ඉද්දී.... ඒ එක්කම නෙහාන් කලින් අල්ලගන්න හැදුව වරා මල හුළගෙ ගහගෙන ගියේ ඒ ස්ට්‍රෝබෙරි සුවද අපි ගාවම දැවටෙද්දී....
" Happy Birthday පැංචි...!!!"
මං හිනාවුණා....මුලු හදවතින් ම...!!!!!
ඒ එක්කම එයා දුන්නෙ මගෙ 21 වෙනි බර්ත්ඩේ එකේ 17 වෙනි වරාමලත් එක්ක..
මං ඒක තුරුළු කරගන්න ඇතී...!!!
"ස්තූතියි...!!!"
____________
This is my first happy ending story....🥲
White rose පරක්කු උනේ මේ story එක නිසාමයි... කොහොම ද මේක...
2025 new short story එක...අදහස් කියාගෙන යන්න..
Peppermint:)