Tension Headache

Tension Headache

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

හිසරදය කියන්නේ සමාජයේ ගොඩක් දෙනෙකුට තිබෙන දෙයක්. ඇතැම් අය ඔළුවෙ කැක්කුම කියලත් කියනවා. හැමකෙනෙක්ටම වගේ ජීවිතය තුළ මේ හිසරදය ඇති වෙන්න පුලුවන් වුණත්, හැමෝටම එකම හිසරදයක් නොවෙයි ඇතිවෙන්නේ. හිසරදයන් අතරින් සමාජයේ බහුතරයක් දෙනාට තියන හිසරදය තමයි මේ Tension Headache කියන්නේ. ඒ වෙලාවට තමන්ගෙ ඔළුව මොකකින් හරි හිරකරගන, තද කරගන ඉන්නවා වගේ දැනෙනවා කියලා තමයි ඇතැම් අය කියන්නේ.

සාමාන්‍යයෙන් විනාඩි 30ක වගේ කාලයක සිට ඊට වඩා දිගු වේලාවක් යනකන්ම වේදනාව දැනෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඒ විදිහට හිසරදය මාසයකට දින 15ට වැඩි ගණනක් තියනවා නම් chronic tension headache ලෙස ඒක හඳුන්වනවා. Migraines වගේ එදිනෙදා වැඩකටයුතු අඩාල වන ලෙස තදබල තත්ත්වයන් ඇති නොවුනත් සාමාන්‍ය පරිදි වැඩකටයුතු කරගන යාමට අපහසුවක්, බාධාවක් tension headache නිසා ඇති වෙනවා.

හිස පිටුපසින් ආරම්භ වෙලා ක්‍රමයෙන් හිස ඉදිරියට එනවා වගේ තමයි මෙය මුලින්ම දැනෙන්නේ. පසුව නළල සහ හිස වටාම පීඩනයක්, හිස තද කරනවා වගේ වේදනාවක් දැනෙනවා. ඊට අමතරව බෙල්ල, උරහිස්, හක්කේ මාංශපේෂි වල වේදනාවක්ද ඇතිවෙන්න පුලුවන්.

ඊට අමතරව,
⁃ හිස පුරාවට දැනෙන වේදනාව
⁃ නිදාගැනීමේ අපහසුතා ඇතිවීම
⁃ මහන්සියක් දැනීම
⁃ ඉක්මනින් තරහ යාම
⁃ අවධානය යොමු කිරීමට අපහසු වීම
⁃ අභිප්‍රේරණයක් නොමැති බව
⁃ ආලෝකයට, ශබ්දයට දැඩි ලෙස සංවේදී බවක් දැනීම
වගේ දේවල්ද මේ tension headache පවතින විට දැනෙනවා.

Tension headache ඇති වීමට සහ එහි අවධානම ඉහළ යාමට පහත කරුණු බලපාන්න පුලුවන්.
⁃ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම
⁃ එදිනෙදා ඇතිවන ගැටලු නිසා මානසික ආතතියකින් සිටීම
⁃ අධික කාර්‍ය්බහුලත්වය
⁃ ප්‍රමාණවත් විවේකයක් නොමැතිකම
⁃ ශරීරයේ යකඩ පෝෂක ප්‍රමාණය අඩුවීම
⁃ නිතර ආහාර ගැනීම ප්‍රමාද වීම හෝ මග හැරීම
⁃ මත්පැන් භාවිතය
⁃ දුම්පානය
⁃ අකමැති පරිසරයන් වල සහ අකමැති ක්‍රියාකාරකම් වල නිරත වීම තුළ ඇතිවන ආතතිය
⁃ Caffeine අඩංගු පානයන් බහුලව භාවිතා කිරීම
⁃ ඇස් බොහොඉ වේලාවක් එකම ලෙස වෙහෙසට පත් වීම ( එක දිගට දිගු වේලාවක් digital screen භාවිතය, දිගු වේලාවක් පාඩම් කිරීම)
⁃ වැරදි ඉරියව් අනුගමනය කිරීම

Tension headache සමනය කරගැනීමට, පාලනය කරගැනීමට පහත සඳහන් දේවල් ඔබට කරන්න පුලුවන්.
⁃ එදිනෙදා කටයුතු සමඟ ඇතිවන ආතතිය පාලනය කරගැනීම
⁃ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
⁃ නියමිත වේලාවට ආහාර ලබාගැනීම ( විශේෂයෙන්ම උදෑසන ආහාරය)
⁃ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම
⁃ මනසට සැහැල්ලුවක් ගෙන දෙන ක්‍රියාකාරකම් වල නිරත වීම සහ විනෝදාංශ වලට යොමුවීම
⁃ දුම්පානය නොකිරීම
⁃ මත්පැන්, caffeine අඩංගු පානයන් සීමා කිරීම
⁃ ඔබ ගැටලුවක් නිසා පීඩාවෙන් නම් ඉන්නේ, ඊට නිසි විසඳුම් ලබා ගැනීම
⁃ ව්‍යායාම වල නිරත වීම
⁃ මානසික උපදේශන සහය ලබාගැනීම
⁃ tension headache පාලනය කරගැන්මට යම් ඖෂධ ප්‍රතිකාරයක් ලබාගන තිබෙනවා නම් එය නිසිලෙස ලබාගැනීම

විශේෂම දෙය තමයි මානසික ආතතිය නිසිලෙස පාලනය කරගන්න එක. ඉතින් එවැනි දේවල් අනුගමනය කිරීම මඟින් tension headache පාලනය කරගන්න ඔබට පුලුවන්.

Avishka Sathsara Piyumal

Report Page