Telegram ගැන හැමදේම

Telegram ගැන හැමදේම

Dr.Darshana Ukuwela
Telegram ගැන සහ අපගේ Telegram Channel එක ගැන සියල්ල

අප වෙතින් Telegram Channel එකක් ඇරඹීමට තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙහිදී ඔබගේ අනන්‍යතාවය, පෞද්ගලිකත්වයට හානියක් නොවෙන ලෙස තමන්ගේ පෞද්ගලික විස්තර හැසිරිවිය හැකි නිසා වඩා ආරක්ෂාකාරී මෘදුකාගයක් ලෙස Telegram නම් කළ හැක


✴️ මොකද්ද මේ Telegram කියන්නෙ? 


මේකත් Whatsapp , Viber , Imo ,Messenger  වගේම  Messaging ඇප් එකක්. ඒ උනාට අනිත් ඒවට වැඩිය features  තියනවා. security එකත් අනිත් ඒවට වැඩිය ගොඩක් වැඩියි. Whatsapp වල වගේ නෙමේ, මේකෙදි  group එකකට ගියහම අපේ Mobile Number  එක කාටවත් පේන්නෙ නැති වෙන්න හදන්න පුළුවන්. ඒක කොහොමද කරන්නෙ කියලා පහලින් කියල දෙන්නම්. ඒ වගේම මැසේජ් backup  කරන්න අවශ්‍යතාවයක්  නෑ. ඒවා සියල්ල Auto backup වෙන නිසා තවත් පහසුයි. ඒවගෙම අපි ගෲප් එකකට/චැනල් එකකට join උනහම ඒක පටන් ගත්තු දවසෙ ඉඳල දාපු Messages, Videos, Photos සියල්ල බැලීමේ හැකියාව පවතිනවා.


WhatsApp group එකකට ඇතුළත් කල හැකි සාමාජිකයන් ගණන 256 යි. නමුත් Telegram වල group එකකට ඇතුළත් කළ හැකි සාමාජිකයන් ගණන ලක්ෂ දෙකක්. Telegram චැනල් එකකට ඇතුළත් කළ හැකි සාමාජිකයන් ගණන ලක්ෂ 30 කට වැඩියි.  


✴️ කොහොමද මේ කියන Telegram app එක download කරගන්නේ? 


  • >>> ඔයා ගාව තියෙන්නේ Android phone එකක් හරි tab එකක් හරි නම් Playstore එකට ගිහින් Telegram  කියල සර්ච් කරන්න. ( 2 නි image එකේ තියෙනව වගේ)


  • >>> එහෙම නැත්තන් මෙන්න මේ Link එක ක්ලික් කරලා යන්න. එතකොටත් playstore  එකේ Telegram ඇප් එකට යයි.


https://play.google.com/store/apps/details?id=org.telegram.messenger




  • >>> සමහර අයගේ phone memory එකේ ඉඩ මදිනම් playstore එකෙන් download කරන්න දෙන්නෙ නැතිවෙයි. එහෙම උනොත් phone memory එකේ ඉඩ ටිකක් හදාගෙන try කරන්න. එහෙම නැත්නම් මේ Link එකෙන් ගිහින් Telegram app එකේ apk file එක download කරගෙන ඔයාගේ device එකට Install කරගන්න.


https://m.apkpure.com/telegram/org.telegram.messenger/download?from=details



  • >>> ඔයාලා ගාව තියෙන්නෙ Apple device එකක් නම් App store එකෙන් app එක search කරලා download  කරගන්න.. නැත්නම් මේ  Link එකෙන් යන්න.


https://apps.apple.com/us/app/telegram-messenger/id686449807


  • >>> මීට අමතරව ඔයාගේ PC එකට හෝ Laptop එකටද මෙම Telegram software එක install කරගැනීමේ හැකියාව පවතිනවා. ඔයාගේ PC එක හෝ Laptop එකේ Windows XP / Vista / Windows 7 / Windows 8 / Windows 10 යන මෙහෙයුම් පද්ධති සඳහා (Operating Systems) පහත link එකෙන් ගිහින් Telegram software එක download කරගන්න.

මේ ලින්ක් එකට pc එකෙන් යන්න ඕනෙ ඩවුන්ලෝඩ් කරන්න. යනකොට සයිට් එකේ වැටෙනව අපේ os එකට අදාල ඩවුන්ලෝඩ් ලින්ක් එක.



https://desktop.telegram.org/



📌️ Telegram app  එක download  කරලා install  කරගත්තට පස්සෙ WhatsApp ,Viber ,imo  වගේම තමයි ඔයාලගෙ නම්බර් එක දීලා රෙජිස්ටර් වෙන්න. 

(අංක 03 image එකේ වගේ)


එතකොට ෆෝන් එකට මැසේජ් එකක් එයි Code එකක් තියෙන. අන්න ඒ Code එක ඇතුලත් කරලා register  වෙන එක සම්පූර්ණ කරගන්න. 

(අංක 04 image එකේ වගේ)

✴️ අප විසින් Telegram සමඟින් ඔබ වෙතට පැමිණෙන්නෙ ඇයි? 🤔 


 අපි හදලා තියෙන්නෙ Telegram Group  එකක් නෙමෙයි channel  එකක්. මේකෙදි වෙන කෙනෙක්ට ඔයාගේ කිසිදු විස්තරයක් බලාගන්න නොහැකි වෙනවා. ඒ නිසා අපගේ channel  එක තුලදී ඔයාලගෙ පෞද්ගලිකත්වය අනිවාර්යයෙන්ම සුරක්ශිත වෙනවා. මුලින් කිව්වා වගේම  අපි WhatsApp Group එකක් හැදුවේ නැත්තේ එමඟින් ඔයාලගෙ පෞද්ගලිකත්වයට ඍජුව හෝ වක්‍රාකාරව හානි වීමේ අවදානමක් පවතින නිසයි. Telegram  ඔස්සේ ලබාදෙන privacy settings නිසි පරිදි සකස් කළගතහොත් එලෙස ගැටලුවක් සිදු නොවන නිසයි අපි telegram channel  එකක් නිර්මාණය කිරීමට තීරණය කලේ.



එසේම අපගේ Facebook Page එකේ, Youtube Channel එකේ, ewings.lk වෙබ් අඩවියේ ආදියේ පලකරන ප්‍රශ්න පත්‍ර , සිද්ධාන්ත Videos ආදී සියල්ලමද මෙම telegram චැනලය  ඔස්සේ ලබාදීමට කටයුතු කිරීමට සූදානම් කර ඇත.එබැවින් අපි ඔබ වෙත ලබාදෙන පණිවිඩ සියල්ලම, එම මාධ්‍ය වලට වඩා ලේසියෙන් හා පහසුවෙන් ඔබට ලබාගැනීමට මෙහිදී හැකියාව ඇත.


තවද telegram channel  එකේ ඉහල ඇති search button එක Click කර ඔබට අප එක් කර ඇති අවශ්‍ය  විස්තර ඉතා පහසුවෙන්ම සොයා ගැනීමෙ හැකියාවද ඔබ වෙත පවතී.


✴️ ️Telegram වලදි තමන්ගේ පෞද්ගලිකත්වය සුරක්ශිත කරගන්නෙ  කොහොමද? 


මේක ගැහැණු ලමයින්ට නම් ගොඩක් වැදගත් වෙයි.


📝 පළමුව ඔයාගේ Device එකට හෝ PC එකට හෝ Laptop එකට Install කරගත්ත Telegram එක Open කරගන්න. දැන් එහි වම් පැත්තෙ ඉහලින්ම තියෙනවා ඉරි තුනක (≡) සලකුණක්. 

(අංක 05 image එකේ වගේ)

ඒක click කරලා ඒකෙන් එන menu එකෙන් Settings වලට යන්න.

(අංක 06 image එකේ වගේ )

📝 ඊට පස්සෙ ඒකෙ තියෙන privacy and security වලට යන්න.

(අංක 07 image එකේ වගේ )

උඩ කරපු දේ සංක්ෂිප්ත මෙහෙම කියන්නම්.

≡ > Settings > Privacy and Security


📝 දැන් ඒකෙ තියෙන Phone Number කියන එක Click කරන්න. එකෙන් එන Menu එකේ Who can see my phone number? කියන එකට My contacts හරි Nobody  හරි දෙකෙන්  එකක් ඔයාගෙ පෞද්ගලිකත්වය සුරක්ශිත කරගැනීමේ  අවශ්‍යතාව අනුව දෙන්න. Nobody  යන්න ලබාදුන්නොත් කාටවත්ම Telegram app  එක ඇතුලෙදි ඔයාගෙ නම්බර් එක බලාගන්න බැරි වෙනවා.


📝 ඊට පස්සෙ ඒකෙම තියෙන Who can find me by my number? කියන එකට My Contacts  දෙන්න. ඊට පස්සෙ Back යන්න. එතකොට එන Apply changes ? යන්නෙන් Apply යන්න ලබාදෙන්න. 

(අංක 08 image එකේ වගේ )

📝 ඊට පස්සෙ නැවත එන Menu එකෙන් Last seen & online කියන එකටයි Profile Photo කියන එකටයිත් ගිහින් ඔයාගෙ පෞද්ගලිකත්වය සුරක්ශිත කරගැනීමේ අවශ්‍යතාව අනුව My contacts  හෝ Nobody  දෙන්න. ඊට පස්සෙ Back ඇවිත් එන එකෙන් Apply යන්න ලබාදෙන්න.


📝 ඉන්පසු එන Menu එකේ Calls යන්නෙන් ද My contacts හො Nobody යන්න ලබාදෙන්න. එයින් ඔබ නොදන්න පුද්ගලයන් telegram  ඔස්සේ ඔබව ඇමතීම නතර වෙනවා.


📝 නැවතත් Back පැමිණ groups  යටතේ ගොස් My contacts  යන්න ලබාදෙන්න. ඉන් ඔබව නොදන්නා පුද්ගලයන් හට ඔබව Telegram  groups  සඳහා Add කිරීමට නොහැකි වෙනවා.

දැන් මෙන්න මේ වගේ privacy settings හැදිලා ඇති.

(අංක 09 image එකේ වගේ )

දැන් ඔයාල ඔයාලගේ කැමැත්ත පරිදි තමන්ගේ  privacy settings හදාගෙන ඉවරයි.. ඉතින් ඔයාලගේ Privacy එක ආරක්ෂා කරගැනීමේ අයිතිය ඔබ සතුව ඇති අතර, එය එසේ ආරක්ෂා කරගැනීමේ හැකියාවද ඔබට පවතින බැවින් කිසියම් හෝ හේතුවක් මත ඔබගේ අනන්‍යතාවයට හෝ පෞද්ගලිකත්වයට සිදුවන ඕනෑම ප්‍රශ්ණයක් සඳහා කිසිඳු වගකීමක් අප විසින් දරන්නෙ නැති බව තවදුරටත් දන්වා සිටිමු.


 අපගේ Telegram channel එකට සම්බන්ධ වෙන්න  නම් මේ Link එකෙන් ගිහින් Darshana Ukuwela Physics Foundation  කියන Telegram චැනල් එකට යන්න. 


#Link,


https://t.me/DarshanaUkuwelaPhysics


එතනදි ඔයාල channel list එකක් දක්නට හැකිවේවී.ඒ list එක අතුරින් ඔබ අයත් channel  එකට join වෙන්න. 





එවිට ලැබෙන Channel එකට ගිහින් යටින්ම තියෙන join icon එක ක්ලික් කරන්න.



ස්තූතියි!

Report Page