Telegram Leak සීන් එකක් උනොත් මොකද කරන්න ඕනි..?

Telegram Leak සීන් එකක් උනොත් මොකද කරන්න ඕනි..?

Ravindu's Blog

Before Reading :

Leak වෙනවා කියන්නේ හරියට Virus එකක් පැතිරෙනවා වගේ. අපිට ඒ Virus එක පැතිරෙන එක පාලනය කරන්න විතරයි පුළුවන්, 100% ක්ම "මුලිනුපුටා" දමන එකනම් කරන්නම බැරි දෙයක්.

Tip :

මේ වගේ Situation එකකදි කාලය කියන්නේ වැදගත්ම දෙයක්, එක තත්පරයක් පවා ඇති මනුස්සයෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න..!

Chapter 1 : අදාළ Channel එක Takedown කිරීම.

• මෙතනදි, "Takedown" කියන වචනෙන් අදහස් වෙන්නේ, ඔයාගේ Nudes දාලා තියෙන Telegram Channel එක Telegram අවකාශයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා කියන එක.

තවද: අපේ target channel එකේ තිබුණු username එක කාටවත්ම acquire කරගන්නත් බැරිව යනවා.

Leak වෙලා කියලා දැනගත්ත ක්ෂණයෙන් මොනවාද කරන්න ඕනි..?

• සාමාන්‍යයෙන් ලංකාවේ "සමහර" boysලා පුරුදු වෙලා තියෙනවා break up එකකදි තමන්ගෙ partnerගෙ මේ වගේ Photos leak කරලා පලිගන්න.

• මටනම් තේරෙන්නේ නැහැ ඇයි එයාලා එහෙම කරන්නේ කියලවත්, btw ඒකනම් "බලු" වැඩක්.

• හිතන්න ඔයාටත් මේ situation එකමනම් තියෙන්නේ, ඒ කියන්නේ ඔයා ජීවිතේ ගොඩක්ම Trust කරපු මනුස්සයෙක්මනම් මේ වැඩේ කරේ, ඔයාට වෙන කෙනෙක්ව Trust කරන්න පුළුවන් ද..?

• මම ඔයාට දෙන Advise එක තමයි, මෙහෙම දෙයක් සිද්ධ වුනොත්, ඔයා මේක කාටවත්ම කියන්න යන්නනම් හොඳ නැහැ..!

කොටින්ම කිව්වොත් හොඳම යාළුවෙක්ටවත්. මොකද අපිට කාගෙවත් හිත් කියවන්න බැහැනේ..? අපි හිතාගෙන ඉන්න කෙනා නෙවෙයි වෙන්න පුළුවන් ඇත්තටම ඇතුළාන්තයේ ජීවත් වෙන්නේ. කෙනෙක්ට ඔය news එක අනුකම්පා සහගත එකක් වෙනවා වගේම තවත් කෙනෙක්ට "රසබර news එකක්" වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ වගේ එවුන් ඔයා "දන්න අය අතරේ", මේ news එක proofs පිටින්ම share කරනවා කියන එක නොඅනුමානයි..!

මොකද Strangers ලා අතරේ ඔව්වා share වෙනවා වගේ නෙවෙයි, තමන්ගෙ යාළුවෝ අතර share වෙන්න ගන්න ගත්තාම. තේරෙනවානේ මම කියන්න හදන එක..?

ඒක නිසා Don't trust Anyone..!

My personal opinion :

මම දන්නවා, මේ වගේ කියාගන්න බැරි කරදරයක ඉද්දි, මේක වෙන කෙනෙක්ට කිව්වාම පොඩි හරි සහනයක් එනවා කියලා. ඒත් මම ඔයාට කොහෙත්ම recommend කරන්නේ නැහැ මේක ගැන එලියට දානවාට, ඔයාට මේක තනියම දරාගන්න වෙනවා.

Contents ටික අයින් කරගන්නේ කොහොමද..?

Step 1 : අදාළ චැනල්/ගෲප් එක ගැන තොරතුරු එක්‍ රැස් කිරීම.

  • ඔයා මුලින්ම මේ දේවල් දාලා තියෙන Channel/group එක හඳුනාගෙන ඉන්න එක තමයි මුලින්ම කරන්න ඕනි. උදාහරණයක් විදියට Public channel/group එකක්ද හෝ private එකක්ද කියලා අඳුරගන්න ඕනි.
  • උදාහරණයක් විදියට public channel එකකනම් username එකක් තියෙනවා, ඒත් private channel එකක තියෙන්නේ ඒකේ Admins ලා විසින් share කරපු Link එකක්.
  • ඊළඟට බලන්න channel එකේ තියෙන දේවල් forward කරන්න access තියෙයිද කියලා. සාමාන්‍යයෙන් 90% ක් channels වලම forward access අයින් කරලා තියෙන්නේ. ඒවාට කියන්නේ Restricted channels කියලා.
Restricted Channel
  • ඉතින් ඔයාගේ Nudes තියෙන්නේ Restricted channel එකකනම්, වෙන කෙනෙක් විසින් වෙනත් චැනල් එකක ඔයාගේ contents දාන්න පුළුවන් සම්භාවිතාවය බොහොම අඩුයි. ඒක නිසා ඔයාට ටිකක් බය නොවී ඉන්න පුළුවන්.
  • දැන් ඔයාට කරන්න තියෙන්නේ, ඔයාගේ Target channel එක public එකක්නම් ඒකේ username එක copy කරගෙන හෝ private එකක්නම්, channel එකේ link එක හොයාගෙන ඒ details ටික කොහෙ හරි save කරගෙන තියාගන්න. (උදා: Note editor එකක).
  • ඊලඟට, ඒ channel එකේ, ඔයාගේ Nudes වලට අදාළ Link එකත් copy කරගෙන, ඒකත් save කරලා තියාගන්න.

Step 2 : විස්තරේ කෙටියෙන්..!

  • දැන් අපිට කරන්න තියෙන්නේ අපි එකතු කරගත්තු තොරතුරුත් දාලා, "ඇත්තටම මොකක්ද සිද්ධ වුනේ" කියලා කෙටියෙන් Telegram Abuse එකට Email එකක් ලියලා කියන එක.
මම කලින් යවපු Emails ටිකක්

Emails for Telegram Abuse : abuse@telegram.org, stopCA@telegram.org

  • මෙතනදි මම ඔයාට recommend කරනවා "ඔයාට තේරෙන විදියට type කරන්න" කියලා. කිසිම වෙලාවක AI tools නම් use කරන්න එපා. ඔයා කැමතිමනම් grammar fixing වලට විතරක් AI tools use කරාට කමක් නැහැ.
  • ඒ වගේම ඔයා කැමතිමනම් "අතිශෝක්තියක්" එකතු කරාට කමකුත් නැහැ :)

මේ තියෙන්නේ මම මීට මාස ගාණකට කලින්, මගෙ යාළුවාට සිදුවුණු සිද්ධියට අදාලව යවපු mail එකක් :

Example Email
  • දැන් ඔයාට කරන්න තියෙන්නේ, උඩ Screenshot එකේ විදියට, ඔයාගෙම අතින් අදාළ references එක්ක mail එක type කරලා, grammar fix කරලා, ඔය email addresses දෙකටම එකම email එක send කරන එක.

Note : ඔයාට Email Addresses එකකට වඩා තියෙනවානම්, ඒවගෙනුත් send කරන්න පුළුවන්.

Facts : ඔයාලා හිතන්න පුළුවන්, මෙච්චර දෙයක් කරන්න ඕනි නැහැනේ, CERT එකට කිව්වානම් හරිනේ කියලා. වැඩේ කියන්නේ CERT එක කරන දේ අපිට තනියෙන් කරගන්න කියලා එයාලාම කියන එක 🤦🏻‍♂️

ඉවර නැහැ තව තියෙනවා..!

Step 3 : කවදාවත් ඔයා ගැන විතරක් හිතන්න යන්න එපා.

  • මේ සමාජේ කොච්චර ලස්සනයිද අපි පරාර්ථකාමී උනොත්..? 🧡 මෙතනදි මම කතා කරන්න යන්නෙත් මේ rule එක ගැනම තමයි.

Note:

Don't be stressed when using this method...!

මෙතනදි කරන්න ඕනි steps ටික මම කෙටියෙන් කියන්නම්.

1). ඔයා අදාළ Channel එකේ හෝ Group එකේ පළවෙනිම post එකට යන්න ඕනි. ඒක කරන්න පුළුවන් මේ video එකේ විදියට:

පළවෙනිම Message එකට යන විදිය

2). දැන් කරන්න තියෙන්නේ චැනල් එකේ උඩ ඉඳන් පහළම post එකට වෙනකන් තියෙන සියළුම Photo/video ටිකට scroll කරලා "ඇහැ දාන එක".

  • මෙතනදි ඔයාලාට වයස අවුරුදු 18 ට වඩා අඩුයි කියලා දැනෙන අයගේ තියෙන සියළුම photos සහ videos, "child abuse" කියලා report කරන්න Telegram app එකේ තියෙන Inbuilt report menu එකෙන්.
How to report a content as child abuse..?
  • මේක මාරම Effective method එකක්, මම එක දවසක් Child abuse contents තියෙන channel එකක නිකමට මේක කරලා බැලුවා, පැයක් යන්න කලින් channel එක වාෂ්ප වෙලා ගියා.

හරි. අපි දැන් ආවේ Chapter 1 එකේ අවසානයට. ඔයා මේ දේවල් හරියටම කරානම්, අනිවාර්යයෙන්ම පැය 24ක් ඇතුළත Channel එක Takedown වෙනවා :


Proofs

Chapter 2 : අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොමද ?

1). Trust is the key.

  • Relationship එකක් buildup වෙන්නේ ප්‍රධානතවම "විශ්වාසය" කියන fact එක මත.
  • Relationship එකකදි තමන්ගෙ partner අහන්න පුළුවන් මට ඔයාගේ "එහෙම Photos" එවන්න පුළුවන්ද කියලා. එහෙම කිව්ව හැටියෙම, ඒක ඔයාට අලුත් experience එකක්නම්, ඔයා එයා දිහා අමුතු දෘෂ්ඨිකෝණයකින් බලන එක නවත්තන්න, මොකද ඕක relationship එකකදි තවත් එක්තරා සාමාන්‍ය දෙයක් විතරයි :)
  • ඒත් මෙතනදි තමයි ඔයා "හරි තීරණයක්" ගන්න ඕනි. ඔයා හිතලා බලන්න "මට එයාව 100% ක් sure" ද කියලා. එහෙම නැත්නම් යවන්න එපා, මොකද මම කලිනුත් කිව්වා වගේ පිටින් පේන කෙනා නෙවේ වෙන්න පුළුවන් අභ්‍යන්තරයේ ඉන්නේ :)
  • ඉතින් එහෙම ෆොටෝස් යවනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔයාලා දෙන්නා ගොඩනගාත්තු විශ්වාසය මත, ඔයාලා relationship එක පවත්වාගෙන ගියපු කාලය මත. ඔයාටත් එයා ගැන හිතේ කිසි සැකයක් නැත්නම්, ඔයා එයාගේ request එක consider කරලා බැලුවට කමක් නැහැ.
  • ඒත් එයා බල කරනවානම් ඔයාට "එවපන්" කියලා, ජීවිතේට යවන්නනම් එපා. එයා break up උනත්, ඔයාව ඇත්තටම ඕනිනම්, අනිවාර්යයෙන් එයා ආයෙම එනවා, ඒක බයක් නැතුව කියන්න පුළුවන් :) ආවේ නැත්නම් ඔයා සතුටු වෙන්න "ඔයා උගුලකින් බේරුනේ" කියලා හිතලා. මොකද පෙළක් මිනිස්සුන්ට අපිව ඕනි එයාලාගේ වැඩේ කරගන්න විතරයි.

2). නොදැනුවත්වීමකින් ද උනේ..?

  • හිතන්න, ඔයාගේ Partner දන්නෙත් නෑ, ඔයා දන්නෙත් නෑ, ඒත් ඔයාලාගේ private contents Telegram channels වල share වෙනවා කියලා !
  • මෙව්වා ඕනි තරම් ලංකාවේ ඉතිහාසයේ වෙලා තියෙනවා, අදටත් වෙනවා.

විශේෂයෙන්ම මේ වගේ දේවල් වෙන්න පුළුවන් Incidents ටිකක් මම සඳහන් කරලාම ඉන්නම් :

1). ඔයාගේ Laptop, PC හෝ Mobile phone එක unofficial repair shop එකකට හෝ තෙවන පාර්ශවයකට දීමෙන්.

  • මේ topic එක තමයි most popular ම ලංකාවේ ඉතිහාසයේනම්.

එහෙම සිද්ධ නොවෙන්න කරන්න ඕනි දේවල් :

  • කවදාවත්ම ඔයාගේ Laptop එකක හෝ PC එකක කිසිම මොහොතකදි "අමුවෙන්" ඔය වගේ private දේවල් save කරලානම් තියාගන්න එපා.
  • ඔයාගේ Phone එකේ එහෙම දේවල් save වෙලා තියෙයිනම්, අනිවාර්යයෙන්ම ඒවා Delete කරලා හෝ තාවකාලිකව "Micro SD Card" එකකට විතරක් move කරලා, Phone එක reset කරලාම repair කරන්න දෙන්න. කිසිම වෙලාවක Phone එකෙන් PC එකට copy කරන්නනම් එපා, Only use a Micro SD Card..! මෙතනදි මම Phone එක reset කරන්න කිව්වේ, ඔයාගේ phone එකෙන් delete කරපු videos හෝ photos වල පවා low quality previews save වෙලා තියෙයි hidden temporary files විදියට. ඉතින් "ඇම්ම තියෙන එකෙක්ට" low quality photo එකක් උනත් ප්‍රමාණවත් upscale කරලා අරන්, usable quality photo එකක් කරගන්න.

Additional : මම Low Quality Previews පවා Delete කරන විදිය Article එකේ අවසානයේදි කියලා තියෙයි. ඒත් Reset කරන එක "ඇඟට ගුණයි" .

Note : ඔයාට Samsung device එකක්නම් තියෙන්නේ, "Maintenance mode" කියලා option එකක් තියෙයි, ඒක enable කරලා device එක repair කරන්න දෙන්නත් පුළුවන්.

Maintenance mode

Warning : මෙව්වා කරන්න Device එක touch කරගන්නවත් බැරිනම්, මම recommend කරනවා repair කරන දිහා බලාගෙන හරි ඉන්න කියලා, එහෙමත් නැත්නම් memories වලට සමු දීලා අලුත් device එකක් ගන්නවානම් තමයි privacy එකටනම් හොඳ.

2). USB Pen drives, SD Cards, external Hard Disks / SSDs වගේ external physical drives වල save කරලා තිබීමෙන්.

  • විශේෂයෙන්ම උඩ සඳහන් කරා වගේ තමන් පෞද්ගලිකව භාවිතා කරන කිසිම storage device එකක් වෙන කෙනෙක්ගෙ අතටවත් අහුවෙන්න තියන්නනම් එපා..!
  • මොකද, ඔයා ඒවාගේ තියෙන හැමදේම delete කරලා තිබ්බත්, අනිවාර්යයෙන්ම ඒවා ආපසු ගැනීමේ (recover) සම්භාවිතාවය ඉතා ඉහළයි.
EaseUS Data recovery
  • මම තරයේම කියා සිටිනවා Hard Disks වගේ magnetic drives වලනම් කිසිම වෙලාවක තමන්ගෙ පෞද්ගලික දේවල්නම් save කරලා තියා ගන්න එපා, මම අත්දැකීමෙන් කියන්නේ, මම අවුරුදු 4ක් පරණ delete කරපු දේවල් අරන් තියෙයි මගෙ external hard drive එකෙන් :)
ඔයා දැනටමත් external storage devices වල, Computer එකේ හෝ Laptop එකේ මේ වගේ sensitive contents save කරලා තියෙයිනම් මම article එක අවසානයේදි දාන්නම් permanently delete කරගන්න විදිය. Normal විදියට delete කරාට ඇත්තටම delete වෙන්නේ නැහැ !

3). ඔයාගේ දැනුවත්වීමකින්ම ඔයාගේ Data බාහිර පාර්ශවයකට යවන Malicious app එකක් install වී තිබීම.

Spywares
  • සමහරවිට ඔයාගේ Android device එකේ ඔයා use කරන Mod apps වලින් මේ දේවල් කරනවා වෙන්නත් පුළුවන්. Specially, ලංකාවේ අය mod කරන apps. (WhatsApp mods, keyboard mods)
  • මම එයාලාට දොස් කියනවා නෙවෙයි, ඒත් ඔයා ගැන ඔත්තු බලන Malicious codes inject කරන එක කරන්න පුළුවන් දෙයක්.
  • ඒක නිසා මම ඔයාලාට කියන්නේ පුළුවන් තරම් official apps ම use කරන්න කියලා.

4). මේ post එකේ mention කරලා තියෙන පහත කරුණු ටික:

Additional

හරි; දැන් අපි බලමු file එකක් recover වෙන්න බැරි විදියටම Delete කරගන්න විදිය ගැන.

01. ඔයාගේ PC එකේ හෝ Laptop එකේ දැනටමත් ඔයා save කරලා තියෙන දෙයක් Permanently Delete කරන විදිය.

  • අපි මේ වගේ Data recover කරගන්න බැරි විදියටම Delete කරනවාට කියන්නේ "File Shredding" කියලා.

Note : මම මේ ලිපියෙදි කතා කරා Data recovery කියලා අපි ඇත්තටම මොකක්ද කරන්නේ කියලා

  • ඉතින්, ඔයාට මේ වගේ sensitive දෙයක් Delete කරගන්න ඕනිනම් ආයේ කාටවත්ම recover කරගන්න බැරි විදියට, ඔයාලාට "File Shredder" කියන Free to use Windows software එක භාවිතා කරන්න පුළුවන්.
File shredder

Link : https://www.fileshredder.org/

02. ඔයාගේ Android Device එකේ දැනටමත් ඔයා save කරලා තියෙන දෙයක් Permanently Delete කරන විදිය.

Recycle bin එකෙන් Delete කරන විදිය

Important Notes : ඔයාගේ Android Device එකේ save කරලා තියෙන Photo/Videos නම් Delete කරාම ඒවා ආයෙම recover කරගන්නනම් බැහැ. ඒත් මම කලින් කිව්වා වගේ, ඒ Photos හෝ Videos වල low quality previews (thumbnails) ඔයාගේ Device එක ඇතුලේ හැංගිලා තියෙන්න පුළුවන්.

ඒවා Delete කරගන්න ඕන්නම්,

1). "My Files" වල settings වලට ගිහින් "Show Hidden files" කියන option එක enable කරගන්න.

Show hidden system files

2). දැන් අපේ Pictures කියන folder එක ඇතුලේ පෙන්නන්න ගන්නවා .thumbnails කියලා hidden folder එකක්.

Thumbnails in Pictures
  • ඒ folder එක පිටින්ම Delete කරගන්න.

තවද : Movies folder එකෙත් ඇති .thumbnail කියලා hidden folder එකක්. ඒකත් delete කරගන්න. ඔය ඔක්කොම Delete කරලා අවසානයේදි "Recycle bin" / "Trash" එකෙනුත් Permanently ම Delete කරගන්න.

Thumbnails in Movies

03). ඔයාගේ Android Device එක විතරක් භාවිතා කරලා, Micro SD Card එකක තියෙන Sensitive Data ආයෙම ගන්න බැරි විදියටම ආරක්ෂිතව Delete කරන විදිය.

  • ඇත්තටම මෙතනදි අපි කරන්නේ ඔයාගේ Micro SD Card එකේ sector අස්සේ හිර වෙලා තියෙන Data ටික Overwrite කරලා විනාශ කරලා දාන එක. මේ Procedure එකට අපි කියන්නේ "Data Wipe" කරනවා කියලා.

More info : Click here

  • ඉතින් Android Device එකකනම් මේ වැඩේ කරගන්න අපිට "Shreddit" කියන application එක භාවිතා කරන්න පුළුවන්.

Download Shreddit from Google Play Store


Sheddit

අපි දැන් බලමු Steps ටික.

1). මුලින්ම, Shreddit app එකේ settings වලට ගිහිල්ලා "Shredding Algorithm" එකට "US DoD 5220.22 M" තෝරන්න.

US DoD 5220.22 M

2). දැන්, App එකේ Home page එක්තේ යෙන "SD Card" එකට අදාල "ඩොට් තුන" click කරලා "Erase full storage" කියන එක දෙන්න.

Erase full storage

3). දැන්, "CONFIRM" කරන්න.

Confirm the prompt

4). දැන් ඔයාගේ Memory card එක Erase වෙන්න පටන් ගනියි.

Shredding...
  • සාමාන්‍යයෙන් මේ Process එකට විනාඩි 45 ක් විතර යන්න පුළුවන් 16GB card එකක්නම්.යන කාලය Depend වෙන්නේ ඔයාගේ memory card එකේ capacity එක මත සහ ඒකේ performance එක මත.

04. ඔයාගේ Computer එක භාවිතා කරලා Memory cards, Pen Drives, Hard Disks වගේ physical storage devices වලින් Data ආයෙම ගන්න බැරි විදියට Secure Wipe කරන විදිය.

  • මෙතනදිත් අපි use කරන්නේ File Shredder කියන Freeware එකම තමයි.

Steps :

1). මුලින්ම අදාල Drive එක සාමාන්‍ය විදියටම Format කරගන්න.

  • ඒක කරන විදිය දන්නේ නැත්නම් මේ Video එක බලන්න :
Formatting a USB Drive using Windows explorer

2). ඊලඟට, File Shredder software එක Open කරලා "Shred Free Disk Space" කියන Option එක තෝරන්න.

Shred Free Disk Space

3). දැන්, ඔයා කලින් Format කරපු Drive එක මෙතන tick කරලා, "Next" දෙන්න.

4). Finally, අපේ Drive එක Secure Erase වෙන්න පටන් ගනියි.

Wipe finished..!
  • මම මෙතනදි භාවිතා කරේ 16GB Pen Drive එකක්. ඔයාලට බලාගන්න පුළුවන් මට විනාඩි 44 ක් ගිහිල්ලා තියෙනවා කියලා Task එක finish වෙන්න :)

මේ වෙනකන් කතා කරේ අපි නොදැනුවත්කමට, අනාරක්ෂිතව Phone එකේ store කරලා තිබුණු Sensitive photos ආරක්ෂිතව Delete කරන විදිය ගැන.

දැන් අපි කතාවෙමු ඇත්තටම ඔයාට මේවා Phone එකේ හෝ PC එකේ Save කරන් තියාගන්න ඕනිමනම්, කොහොමද ආරක්ෂිතම විදියට ඒක කරන්නේ කියලා.

01. "Calculator - photo vault" by FishingNet.

  • මේ App එක මම 2021 දි පාවිච්චි කරලා තියෙනවා, මට වගකීමෙන් කියන්න පුළුවන් මේක තමයි මම මේ වෙනකන් use කරලා තියෙන හොඳම third party vault එක කියලා.
  • මේ App එකේ තියෙන විශේෂත්වය තමයි, App එක uninstall කරත් files ටික සුරක්ෂිතව, encrypt වෙලා storage එකේ hidden location එකක save වෙලා තියෙන නිසා පසුකාලීනව ඔයාට ඒ files ටික ආයේම recover කරගන්න පුළුවන් වීම.
Overall 4.7 ratings තියෙන මේ app එක ඔයා use කරන එකනම් වටිනවා sensitive දේවල් සුරක්ෂිතව තියාගන්න ඕනිනම්.

Link to Google Play Store

Additional : මේ App එකෙන් ඔයාලාට මේ දේවල් Encrypted DB file එකක් විදියට backup කරගන්න පුළුවන්. ඔයා කැමතිමනම් ඒ backed up file එක Google Drive වගේ cloud storage එකකට දාන්න Physical Drive එකකට දානවා වෙනුවට (For the better safety of your data).

02. Samsung Secure folder.

  • ඔයාට තියෙන්නේ Samsung High End හෝ Midrange device එකක්නම්, අනිවාර්යයෙන්ම "Secure folder" කියන feature එක ඔයාගේ Device එකට built-in එනවා.
You can access the Secure folder from the Quick panel
  • Secure folder කියන්නේ ඔයාගේ Phone ඇතුලේ තියෙන තවත් Phone එකක් වගේ. Secure folder එකට ඔයා දාන Data ගබඩා වෙලා තියෙන්නේ ඔයාගේ Internal storage එකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වුණු, Isolated encrypted secured file system එකක 🗿
Inside of the Secure folder
  • සරලවම කිව්වොත් Secure folder එකේ ඔයාගේ Private දේවල් තියෙනකන් ඒ දේවල් 99.9% ක්ම සුරක්ෂිතයි.

මම පහළින් කියන Method එක සාමාන්‍ය කෙනෙක්ට කරන්න අමාරු වැඩක්, ඒක නිසා ඔයා girl කෙනෙක්නම් මේක follow නොකරාට කමක් නැහැ. (Only for nerds)

03. Encrypted Archive with a custom file extension.

  • මම 2021 දි WhatsApp chats වගේ sensitive data physical drive එකක store කරන්න use කරේ මේ method එක. (මමම හිතලා හොයාගත්තු method එකක්)

Steps :

1). අදාළ files ටික PC එකට දාගෙන, ඒ ටික select කරලා Add to archive දෙන්න WINRAR වල.

2). Then do everything as described in the following screenshot :

3). දැන්, ඔයා ඒ හදාගත්තු Encrypted archive එකේ Properties වලට යන්න.

4). "rar" කියන file extension එක අයින් කරලා ඔයාට කැමති එකක් දාගෙන "OK" දෙන්න.

උදාහරණ : Filename.spider

අවසානයේදි, අපේ අවසන් ප්‍රතිඵලය මේ වගේ වේවි :3

Final result
මම අදටත් සතුටු වෙනවා, මම 2021 දි මේ විදියට encrypt කරලා, පසුකාලීනව Delete කරපු file එක, මම කොච්චර try කරත්, කිසිම recovery software එකකට හොයාගන්න බැරිවුනු එක ගැන :)

Additional Notes :

  • Custom file extension එකක් use කරද්දි කවුරුවත් guess කරන්නේ නැති නමක් use කරන්න බලන්න, නැත්නම් කාටම හරි සැකයක් මතුවෙන්න පුළුවන් ඒ file එක ගැන.
  • ඔයාට ආයෙම මේ file එක decrypt කරන්න ඕනිමනම්, Original file extension එකම ආයේ දාලා, WinRAR එකෙන් Open කරලා, Password එක ගහලා unlock කරගන්න.
  • මෙහෙම Encrypted archive එක හදාගත්තට පසුව අපේ original files ටික File Shredder එකෙන් remove කරන්න අමතක කරන්න එපා..!

අමතර දැනුමට (for extra nerds) :

  • අපි මේ හදාගත්තු encrypted file එක කාටවත්ම හොයාගන්න බැරි විදියට හංගන්න ඕනිනම්, ඒ කියන්නේ CMD එකටවත් file එක හොයාගන්න බැරි විදියට හදන්න ඕනිමනම්, file location එකේ CMD එක open කරලා පහළ command එක use කරන්න :
attrib +h +s +r filename.extension
  • ආයෙම පාරක් unhide කරන්නනම්, උඩ කරපු step එකේ විලෝමය කරන්න :
attrib -h -s -r filename.extension

Reference video :

Hiding a file using CMD

Chapter 3 : (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..?

[ Girls only ]

  • කිසිම දෙයක් 100% ක් ආරක්ෂිත නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එකිනෙකා අතර share කරගන්න අපි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ මොනවා ද..? WhatsApp view once, Telegram view once හෝ Telegram Secret Chats නේ..? ඔයාලා දන්නවාද මේවා කොච්චර අනාරක්ෂිත methods ද කියලා..?

මම පහල තියෙන Videos වලින් prove කරලා පෙන්නනවා ඉහත දැක්වූ methods වලින් එවන photos save කරන්න, Screenshots ගන්න, Screen record කරන්න පුළුවන් කියලා.

1). Downloading an Image from WhatsApp "view once"

WhatsApp View once

2). Screen recording within a Telegram Secret Chat and downloading an image within the secret chat.

Telegram Secret chat

3). Taking a screenshot of a Telegram view once Image.

Telegram View once

Additional Notes : ඔයා Widevine DRM Encrypted website එකක් ගහලා, ඒකට upload කරත්, ඒවගෙනුත් Download කරන අය ඉන්නවා 🗿

Conclusion : මම කලිනුත් කිව්වා වගේ, මේ එක විකාරයක්වත් ඔයාට කරන්න ඕනි නැහැ ඔයාට "Trust Issues" නැත්නම්.

Anyways,

මට මේ දේවල් Share කරන්න පුළුවන් කියලා එකම Recommend Method එකකට තියෙන්නේ "Samsung Private Sharing" විතරයි.

Private share
  • මේක විතරයි මම මේ වෙනකන් භාවිතා කරපු Secured ම file sharing method එක.

ඉතින් අපි මේ ලිපියේ අවසානයට ඇවිල්ලා තියෙනවා. මම, මට cover කරන්න පුළුවන් සියළුම Aspects cover කරලා දුන්නා.

ඔයාට මොකක්ම හරි නොතේරෙන තැනක් තිබ්බොත් මාව contact කරගන්න පුළුවන් : @Ravindu_Deshan

Additional Screenshots :

  • Data recovery Software එකකින් අපි Secured විදියට Erase කරපු Pen Drive එකෙන් හම්බුන දේවල් :
(කලින් තිබුණු කිසිම දෙයක් හම්බවුනේ නැහැ)
  • Also, Shreddit එකෙන් Full Disk erase එකක් දාපු Memory card එක :
(කලින් තිබුණු කිසිම දෙයක් හම්බවුනේ නැහැ)

Report Page