THE ZEVEN
Avishka Nishanඑකොළොස්වන දිගහැරුම
මම සර්ගේ රූම් එකෙන් එළියට ආපු ගමන්ම ගියේ ටෙෂාන් හොයාගෙන.එයා මං වෙනුවෙන් කරපු දේ වෙනුවෙන් එයාට ස්තූති කරන්න මට ලොකු ඕනකමක් ආවා.
" ටෙෂාන්,ගොඩක් ස්තූති ඔයාට" මම ටෙෂාන්ව දැකපු ගමන්ම කිව්වා.
" ඒ මොකටද සෙන්යුත්?" ටෙෂාන් පුදුම වෙලා වගේ ඇහුවා.
" සර් මට හැමදේම කිව්වා.ඒ කරපු දේවල්වලට ස්තූති.මම කොහොම ණය ගෙවන්නද කියල හිතාගන්න බෑ." මම හිතේ තියෙන ගරුත්වයත් එක්කම කිව්වා.
" මට ස්තූති ඕනත් නෑ ගෙවන්න ඕනත් නෑ සෙන්යුත්.ඔයා ඒ ලැබුණු දේවල් වලට සුදුසුයි.ඒ නිසයි ඒ දේවල් ඔයාට ලැබුණේ.ඒ නිසා ඔයා මට ණයයි කියල හිතන්න එපා."
"ඒත් ටෙෂාන්." මම ආයේ කතා කරන්න උත්සාහ කරා.
" ඒත් මේත් නෙවේ සෙන්යුත්.වැඩ ටික කරගෙන යන්න.ඔයාට ඒ හැකියාව තියෙනවා.එච්චරයි." මට තවත් කියන්න දෙයක් ඉතිරි නොකරම ටෙෂාන් කතාව අවසන් කරා.
ඒකත් එක්කම මම අපේ කට්ටිය ඉන්න රූම් එකට ආවා.හැමෝම තම තමන්ගේ වැඩ.
සඳරුවන් තාමත් ලොකු කල්පනාවක.ඒ ගැනත් මොනව හරිම කරන්න වෙනවා කියල මට හිතුණා.
ඒත් එක්කම අපේ ට්‍රිප් එක බලන්නත් මට ම බාර උණා කියල මට මතක් උනා.
" අකිත්මා,මෙත්නදී කොහෙද?" මම අකිත්මගෙන් ඇහුවේ සර් මෙත්නදීවත් සම්බන්ද කරගන්න කියපු නිසා.
" ඇයි සෙන්යුත්.මම මේ මගේ වැඩේ ඉවර කරනගමන් හිටියේ." මම කතා කරේ අකිත්මට උණත් උත්තර දුන්නේ මෙත්නදී.
" මේ සර් කිව්වා අපේ ට්‍රිප් එක ප්ලෑන් කරන එක ඔයත් එක්ක එකතු වෙලා කරන්න කියලා.ඔයාට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න." මම මෙත්නදී එක්ක තියෙන අමනාපකම නැති වෙලා යන්නත් එක්කම කතා කරා.
" මොකක්ද සෙන්යුත් ?"
" අපේ ඔෆිස් එකේ අය වැඩියෙන්ම යන්න කැමති ප්ලේස් ටික හොයල ලිස්ට් එකක් හදල දෙන්න පුලුවන්ද?"මම ඇහුවා.
" හරි සෙන්යුත් මම කරල දෙන්නම්.මට දවස් දෙකක් දෙන්නකෝ." මෙත්නදී පට්ටම forward විදියට උත්තර දුන්නා.
'පැහැදිලි වෙනසක් කෙල්ලගේ' මගේ හිත මට කියන්න ගත්තා.
කොහොම උනත් වැඩේ ලේසි වෙයි කිව්ව වගේම කරොත් නම්.
මම ඒ ගැන හිතන එක පොඩ්ඩකට නවත්තලා වැඩ වලට ඔලුව යොමු කරා.
වැඩ කර කර ඉන්න අතරේ මට සිකුරුටිගෙන් පණිවිඩයක් ආවා.
" සෙන්යුත් සර්ව මුණ ගැහෙන්න මැඩම් කෙනෙක් ඇවිත් ඉන්නවා."
" කව්ද පියසිරි අංකල්?" මම අමුත්තෙක්ව බලාපොරොත්තු නොවුණු නිසා ඇහුවා.
" නිත්‍යා කියල කෙනෙක්.ඩොක්ට කෙනෙක්ලු" පියසිරි අංකල් උත්තර දුන්නා.
මාව හොඳ කරන්න ලොකු මහන්සියක් දරපු ඩොක්ට නිත්‍යා ඇවිත් මාව බලල යන්න.
" අහ් එයාව කැන්ටිමට එවන්න.මම එන්නම්." මම දඩිබිඩි ගාලා කැන්ටිමට දිව්වා.
මම යනකොටත් ඩොක්ට නිත්‍යා ඇවිල්ලා හිටියා.
" ඩොක්ට හදිසියේම මොකද? මට පණිවිඩියක් තිව්ව නම් මමම එනවනේ." මට ඩොක්ටට කාලෙකින් කතා කරන්නත් බැරි උණු හැඟීම එක්කම මම කිව්වා.
" නෑ සෙන්යුත් හදිසියක් නෙවේ.මම මේ ළඟට ආවා පොඩි වැඩකට.එතකොට ඔයා මෙහේ කියල දැනගත්තේ රුසිත්ගෙන්.ඉතිං බලල යන්න හිතුණා." නිත්‍යා විස්තරේ කියාගෙන ගියා.
" අනේ බලන්න ආපු දෙයක් ලොකු දෙයක් ඉතින්.ඩොක්ට සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා."
" ඔව් සෙන්යුත් මම සනීපෙන් ඉන්නව.ඔයා ඔයාගේ ප්‍රින්සස්ව හොයාගත්තද සෙන්යුත් ?" ඩොක්ට ඇහුවම මගේ හදවතට අමුතු හැඟීමක් දැනුනා.
මටත් නොදැනුවත්වම ලොකු හුස්මක් පහළට වැටුණා.
" නෑ ඩොක්ට.තාමත් මම එයාව හොයනවා." මගේ අසාර්ථකත්වය මතක් කරගෙන මම කිව්වා.
" ඔයාට ඉක්මනටම එයාව මුණ ගැහෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා.පරණ ප්‍රශ්න ආයේ ඇතිඋනේ නෑනේද සෙන්යුත්?" ඩොක්ට මගෙන් ඇහුවා.
" නෑ ඩොක්ට.ඔයාලගේ කැපවීම එක්ක මම සම්පූර්ණම හොඳ උනා.ඒකෙන් පස්සේ මම හොඳින් ජීවත් වෙනවා." මම කිව්වා.
" සෙන්යුත් මම විශේෂෙන්ම ඔයාව බලන්න ආවේ වැදගත් දේකට."
" මොකක්ද ඒ ඩොක්ට?"
" මගේ වෙඩිං එක ලබන මාසේ ඔයා එන්නම ඕන.මෙන්න invitation එක.එහෙනම් මම ගිහින් එන්නම්." ඩොක්ට එහෙම කියල යන්න ගියා.
හප්පොච්චියේ දැන් කෝට් සූට් හොයන්නත් ඕන නේද කියල මතක් උනාම සංසාරෙම කලකිරෙන්න ගත්තා.
එහෙමම මම වැඩ කරන්න ගියා.
බිසී දවස් ගාණක් ගෙවිලා ගිහින් සත් අන්තෙ උදා උණා.
උදේම රූම් එකට යද්දිම සෙට් එකම මාව අල්ලගත්තා.
" අදනම් බේරෙන්න වෙන්නේ නෑ සෙන්යුත්.අපට ට්‍රීට් එක දෙන්නම ඕන." අකිත්මා කිව්වා.
" ඔව් ඔව් නැති උනොත් උඹගැන බලාගන්නවා." නවෝද් යුද්ධෙ ප්‍රකාශ කරා.
" හරි හරි.අද දෙනවා මම හැමෝටම වාම් පාටියක්.හොඳයිනේ එහෙම." මම කිව්වා.
" අනේ උඹේ වාම් පාටිය ගහගනිම් කොහේ හරි " නාලකත් කතාවට එකතු උණා.
" මගේ යාලුවන්ට මම අද සලකනවා.12 ට අද වැඩ ඉවරනේ.හවස් වරුවම අපි කාලා බීලා ඉමු." කිව්ව විතරයි සෙට් එකම ලොකු හුරේ පාරක් දැම්මා.
" හර් දැන් වැඩ." මම ලීඩර්ගේ චරිතෙ ඇඟට අරගෙනම කිව්ව.
" හපෝ උඹ නම්.කමක් නෑ අද හවස ගැන හිතල සමාව දෙන්නම් උඹට."නවෝද් බැන බැන යන්න ගියා.
සඳරුවන් දැන් දැන් කල්පනා කරන එක අඩු වෙලා.සාමාන්‍ය විදියට වැඩ කරගෙන යනවා.
ඒක නම් ගොඩක් සතුටු හිතෙන කාරණයක්.
කොහොම හරි වැඩ ඉවර වෙලා අපි පාටියට ගියා.
කට්ටියම කාලා බීලා සතුටු වෙන්න ගත්තා.බීලා කිව්වට සැර ජාති මොකුත් නෑ.සැර ජාතියකට කියල තිබුණේ රයිස් එක්ක ගෙනාපු චිලිපේස්ට් එක තමා.
චිකන් හොදි එකත් පොඩ්ඩක් සැරට තිබුණා නේද කියල ටික වෙලාවක් යද්දි මට මතක් උණා.
සිද්දිය හරිම සන්තෝසෙන් ගෙවිලා යද්දී නොහිතපු මාතෘකාවක් එකපාරටම මතු උණා.
" සෙන්යුත් ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා අපිට." නවෝද් කතාව පටන් ගත්තා.
" ඒ මොකක්ද නවෝද්?"
" අපි ඔයාගේ අතීතේ ගැන මොනවත්ම දන්නේ නෑනේ.අපිට කෙනෙක් ගැන අහන්න තියෙනවා." අකිත්මා නොහිතපු ප්‍රශ්නයක් ඇදලා ගත්තා.
මගේ අතීතේ කවුරු ගැන අහන්නද අප්පා මෙයාලා.මට හිතාගන්න බැරි උණා.
" ඒ ක... ක.. කවුරු ගැනද "මම මොකුත් හිතාගන්න බැරිව ඇහුවා.
" අනේ ඔයාලත් මෙහේද ?" කතාව මැද්දට කොහෙන් හරි ආපු පිටස්තරයෙක් පැන්නා.
" කවිතා " හැමෝම පුදුමෙන් වගේ බැලුවා.
" ඔයත් එන්න මේ පාටි එකට." මම කවිතට කතා කරා.
" අනේ තෑන්ක්ස්.මොකක්ද මේ පාටි එකට විශේෂේ?" කවිතා ඇහුවා.
" අපේ සෙන්යුත්ගේ ප්‍රමෝෂන් පාටි එක." අකිත්මා විස්තරේ දිග හැරියා.
කවිතත් අපිට එකතු උණා.
" හරි දැන් අපට කියන්නකෝ ප්‍රින්සස් කියන්නේ කවුද කියල." අමතක වෙලා තිබුණු මාතෘකාව අකිත්මා ආයෙත් ඇදල ගත්තා.
" ප්‍රින්සස්!!!" මම ගල් ගැහුණා.මෙයාලා කොහොමද ප්‍රින්සස් ගැන දැනගත්‍තේ.මම කවදාවත් එයා ගැන කියල නෑනේ.
" මොකද සෙන්යුත් කල්පනා කරන්නේ? අද නම් කියන්නම ඕන." නාලකත් උන්ට එකතු වෙලා.
" නෑ මම කල්පනා කරේ ඔයාලා දැනගත්තේ කොහොමද කියලා." මම ඇත්තම කිව්වා.
" ඒක අපි පස්සේ කියන්නම්.මුලින් කතාව කියන්නකෝ." අකිත්මා කිව්වා.
මම උගුරේ රැල් බුරුල් ඇරලා කතාව පටන්ගත්තා.
"මේ හැමදේම පටන් ගත්තේ මීට අවුරුදු අටකට විතර කලින්.
මම මුලින්ම එයාව දැක්කේ එදා.
නුහන්සා!ඔයාලා දන්න විදියට ප්‍රින්සස්."
..........................................................
"ආශි උඹ ක්ලාස් එකේ පැවරුම කරාද බන්.අදනම් සර් කාරයා ඕක අනිව බලයි." රුසිත් මගෙන් ඇහුවා.
" ඔව් ඔව්.මම කරා මචං.හැබැයි හරිද නැද්ද කියලනම් මම දන්නේත් නෑ." රුසිත්ට පහක් දාන ගමන් මම කිව්වා.
" කමක් නෑ මචං.කොහොම හරි කරානේ.කෝ දීපන් බලන්න උඹ හරියට කරලද කියලා." රුසිත් මගෙන් පැවරුම ඉල්ලගෙන උගේ පොතේ ලියනවා.
' මරු සෝදුපත් කියවිල්ල.' මට තනියම හිනා ගියා.
..........................................................
ඔන්න ඉතිං ඔයාලට ප්‍රින්සස් ගැන දැනගන්න පුලුවන්.හැබැයි ඊළඟ කොටස එනකන් ඉන්න වෙනවා.