THE ZEVEN

THE ZEVEN

Avishka Nishan

දහවන දිගහැරුම

කොහොම උණත් අද සිද්ද වෙච්ච දේ මට කොහොමටවත් හිතාගන්නවත් බැරි උණා.මම සම්පූර්ණයෙන්ම පුදුම වෙලා හිටියේ.

Staff meeting එක ඉවර උනාට පස්සේ මට නිවනක් නෑ.හැමෝම ඇවිත් මට සුබ පතන්න ගත්තා.

" අඩෝ සෙන්යුත් බොසා උඹ නම් වැඩ්ඩෙක් බන්.උඹ ගේමක් ගැහුවා නේ." නාලක ආවේ එහෙම කියාගෙන.

" තෑන්ක්ස් නාලක.මට ඇත්තටම පුදුමයි මචං.මට තාම හිතාගන්න බෑ." මම මගේ හිතේ තිබුණු ඇත්‍තම හැඟීම කිව්වා.

" ඔව් ඔව්.ඔහොම ලොකු පුටුවක් ලැබුනම හැමෝම ඔහොම තමා.ඕක මචං අර ලංකාවේ පලවෙනියා උනාම කියන කතාව වගේ එකක්නේ.ඉඳපන් මරිසි නොදා." මගේ පිටට එකක් ගහන ගමන් නාලක කිව්වා.

" පිස්සුද බන්.එහෙම නෑ." මම නාලකට තේරුම් කරන්න උත්සහ කරා.

" හරි හරි.උඹ ඔය පාණිය දාන එක නවත්තපන්කෝ.ඉස්සරහට වැඩ ටික කරමු." නාලක මට එහෙම කියල යන්න ගියා.

" අනේ සෙන්යුත්.මට හරිම සතුටුයි.ඇත්තටම සතුටුයි.මට ලැබුණා වගේ සතුටක් තියෙන්නේ." අකිත්මා මගේ ළඟට ඇවිල්ලා කතා කරා.ඇත්තටම එයා හිටියේ එයාට මේක ලැබුණා වගේ සතුටකින් උඩ පැන පැන.

" තෑන්ක්ස් අකිත්මා.මට ඔයාලා වගේ යාලුවෝ ටිකක් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි" මම හදවත පතුලෙන්ම කිව්වා.

" අපි වැඩ ටික කරගෙන යමු." අකිත්මත් එහෙම කියාගෙනම ගියා.

" අනේ දෙයියනේ.අනේ දෙයියනේ.මේ එදා මාත් එක්ක මගේ සුදු නෝනා බලන්න ගියපු එකා නේද මේ.ආ සොරි සොරි එකා කිව්වට.බලන්න ගියපු මහත්තයා නේද.බලන්න බලන්න මගේ කොල්ලට හරි ගියා එහෙනම්.බලන්න සෙන්යුත් බලන්න සෙන්යුත් මගේ ඇස් දිහා.පේනවද උඹට? " මංමුලා වැලක් පෑගිලා අත්තන ඇට කාපු එකෙක් වගේ නවෝද් කියාගෙන ගියා.

" ඇයි මොකද සතෙක්වත් ගියාද ඇහැට?" මම නවෝද්ගේ මූණට එබෙන ගමන් ඇහුවා.

" අනේ පොල් ගස් බුලත්හපයෝ.මගේ ඇස් වල සතුටු කඳුළු බලන්න කිව්වේ.බොසා උනාට අදාල නෑ මාව විහිලුවට ගත්තොත් මම උඹගේ වැඩි උනු කෑලි කපනවා දැනගනින්." නවෝද්ට සුපුරුදු පරිදි මූලග්ගින්න තද වෙලා.

" මට තර්ජනය කරනවද නවෝද්.දුෂ්කර පලාතක සේවයට යන්න කැමතිද ?" මම හිනා වෙන ඇහුවා.

" හපෝ මේකා සර්පයා වගේ මිනිහා.හුදී පෘතග්ජන බල තණ්හාවෙන් පෙලෙන ඒකාධිපති උඩු රැව්ලා.මම යනවා මේ වගේ මුල අමතක උන් එක්ක ඉන්න බෑ." හෙනම සීරියස් මූඩ් එකකින් නවෝද් කියාගෙන ගියා.

ඒ කියපු ටිකට උත්තර දෙන්න බැරි තරමට මට හිනා ගියා.මම ටික වෙලාවක් හිනා වෙලා අමාරුවෙන් හිනාව නවත්තගෙන නවෝද්ට උත්තර දුන්නා.

" ආයේ සුදු නෝනව බලන්න යනවනම් කියන්නකො නවෝද්."

නවෝද්ගේ මූණට මල් හිනාවක් ආවා.

" ඔහොමනේ ඉන්න ඕන.එහෙනම් සුබ පැතුම් කොල්ලෝ." මට සුබ පතාගෙන නවෝද් යන්න ගියා.

මම නවෝද් කියපු දේවල් මතක් කර කර නවෝද් යන දිහා බලාගෙන හිටියා.

මම ආපහු හැරුණේ ටෙෂාන්ට සුබ පතන්න.මොකද මට ටෙෂාන්ට කතා කරන්නවත් බැරි උණා.

මම හැරෙනකොටම මගේ ඉස්සරහ මෙත්නදී හිටියා.මම පොඩ්ඩක් විතර ගැස්සිලා ගියා.මොකද මම මේ වෙලාවේ එයාව බලාපොරොත්තු උණේ නෑ.

කොහොම හරි එයා මාත් එක්ක හිනා උණා.ඒකත් එක්කම මමත් හිනා උනා.

" congratulations " කියල මෙත්නදී මට අතට අත දුන්නා.

එයා මගෙන් මූණ හංගනවා වගේ කියල මට හිතුණා.

" තෑන්ක්ස්" මට කියන්න උණෙ එච්චරයි.

මෙත්නදී යන්න ගියා.

'පුදුම ඌෂ්ණයක් තියෙන්නේ අප්පා.වෙලාවක ෆ්‍රිජ් එක ඇතුලෙවත් දාලා තියන්න ඕන.' මෙත්නදී යනකොට මට හිතුණා.

මම ඊළඟට ගියා ටෙෂාන් බොසා මුණගැහෙන්න.

" congrats ටෙෂාන්.දැන් කලින්ටත් වඩා වැඩ වැඩිවෙයි." මම ටෙෂාන්ගේ කරට අතක් තියාගන්න ගමන් කිව්වා.

" තෑන්ක්ස් සෙන්යුත්.ඔව් ඒ ගැන නම් කියල වැඩක් නෑ.ඔයාටත් මගෙන් උණුසුම් සුබපැතුම් " ටෙෂාන් ලොකු හිනාවක් මූණෙ පුරවගෙන කිව්වා.

ටෙෂාන් ඒ තරම් ලස්සනට හිනා වෙනවා මම කවදාවත් දැකලා නෑ.

'හැමදාම ඔහොම හිනා වෙලා ඉදපන්කෝ.මූණ එල්ලගෙනනේ ඉන්නේ නැත්තම් කොයි වෙලෙත්.රෙද්ද' මට හිතුනේ ඒ වෙලාවෙමයි.

" ටෙෂාන් මට ඔයාගේ උදව් ඕනි.මට මේ වගේ පුරුද්දක් කොහොමවත් නෑ.එහෙම නැති උනොත් මම අනාගන්නවා හැමදේම." මම හිතේ තිබ්බ බය එක්කම කිව්වා.

" එහෙම වෙන්නේ නෑ සෙන්යුත්.ඔයාට මේක කරන්න පුලුවන්.අපේ සර් ආවට ගියාට කිසි දෙයක් කරන්නෙ නෑ.මම ඉන්නවා ඔයාට ඕනම වෙලාවක උදව්වට.බය වෙන්න එපා." ටෙෂාන් කියපු වචන ටිකම මට ලොකු හයියක් උණා.

" අනේ ඒක ලොකු දෙයක් ටෙෂාන්." මම ආයෙත් කිව්ව.

" ඊලඟට එන මාස කිහිපය පොඩ්ඩක් වැඩ වැඩි සෙන්යුත්.ඔයාට ඔයාගේ හැකියාවන් ඔක්කොම ඕන වෙයි.ටීම් එකම ඔයාට උදව් කරයි.මට කරා වගේම." ටෙෂාන් කිව්වා.

" ඔව් ටෙෂාන් ඒකනම් ඇත්ත."

" ඔයාට මම වෙන්න ඕන වැඩ ටික එව්වා.ඒ ටික මේ දවස් දෙක ඇතුලේ ඉවර කරගන්න බලන්න." ටෙෂාන් මට මතක් කරා.

" හරි ටෙෂාන්.මම රූම් එකට යන්නම්.වැඩ ටික බෙදලා දෙන්න ඕනනේ." මම එහෙම කියල රූම් එක පැත්තට ආවා.

අපේ අය මොකක් හරි ගැන කතා කරා.මට එලියටම කසුකුසුව ඇහුණා.මම ඇතුලට ආවා විතරයි කතාව නැවතුණා.

" ළමයි අපි වැඩ පටන් ගමු නේද?මම ඔයාලට අලුත් වැඩ ටික බෙදලා දෙන්නම්.ඒ ටික අපි හෙට දවස ඇතුළත ඉවර කරගන්න ඕන." මම කිව්වා.

" වැඩනම් කරන්න පුලුවන් සෙන්යුත්.හැබැයි ඔයාට දෙයක් අමතක වෙලා වගේ." නවෝද් කිව්වේ මොකක් ගැනද කියල මට කිසිම අදහසක් තිබුණේ නෑ.

" මොකක්ද එ නවෝද්?"

" අපිනම් සාමාන්‍යෙන් අපේ සතුටුදායක අවස්තා යාලුවෝ එක්ක සමරනවා." නවෝද් කියද්දිම මට වැඩේ මීටර් උණා.

" හරි හරි.මම ඔයාලට ට්‍රීට් එකක් දෙන්නම්.මේ සති අන්තේ පුලුවන් ද ?"

" අයියෝ තියන වැඩත් අතෑරගෙන හරි අපි එන්නම්." නාලක පැන්න ගමන් උත්තර දුන්නා.

" අන්න එතනදී නාලකයා මම උඹත් එක්ක එකඟ වෙනවා." නවෝද් නාලකට සහයෝගෙන් කතා කරා.

" අකිත්මා ඔයාටත් පුලුවන් නේද ?" මම ඇහුවා.

" ඕකේ සෙන්යුත් " අකිත්මා අද අමුතුම සතුටකින් ඉන්නේ කියල දැනුනා.

" මෙත්නදී නංගී,ඔයාටත් පුලුවන්ද?" මොන ප්‍රශ්න අපි අතරේ තිබුණත් මම මනුස්සකමට ඇහුවා.ඒ වගේම මම දැන් ටීම් එක බලන්න ඕනනේ.

" මමත් එන්න බලන්නම් සෙන්යුත් අයියේ.හැබැයි ශුවර්ම නෑ." පුදුමෙනුත් පුදුමයි.මෙත්නදී මෙන්න මාත් එක්ක කතා කරනවා.

මේ මොන ලෝක විනාසයක් ද වෙන්න යන්නේ කියල මට හිතුණා.කමක් නෑ.එන විදියට ඕනදෙයක්.මම හිතාගත්තා.

'සඳරුවන් කොහෙද?' මට හිතට ආවේ ඒක.

මීටිමෙන් පස්සෙම මම සඳරුවන් ව දැක්කේ නෑ.දැනුත් මට පේන්න නෑ සඳරුවන්ව. එයා මට කතා කරන්නවත් ඇවිල්ලා හිටියේ නෑ කියල මට මතක් උනා.

මම සඳරුවන්ව හොයාගන්න හිතාගෙන රූම් එක පුරාම බැලුවා.සඳරුවන් රූම් එකෙ එහා කොනටම වෙන්න ජනේලේ ළඟ වාඩිවෙලා බර කල්පනාවකට වැටිලා ඉන්නවා කියල මම දැක්කා.

මම එයාට කතා කරන්න හිතාගෙන ඒ පැත්‍තට ගියා.

" සෙන්යුත්" අකිත්මා මගෙන් අතින් අල්ලලා මාව නැවැත්තුවා.

" එයාට පොඩ්ඩක් තනියම ඉන්න දෙන්න.එයා මේ වෙලාවේ පොඩි ප්‍රශ්නෙක ඉන්නේ." අකිත්මා කිව්වා.

" හරි අකිත්මා."

මම එහෙම කියල වැඩ ටික පටන් ගන්න හිතුවා.මම වැඩ ටික ටීම් එකට බෙදල දුන්නා.සඳරුවන්ට මම මොකුත් වැඩක් බෙදුවේ නෑ.මට සඳරුවන් ඉන්න විදිය මතක් උණා.

ඊටපස්සෙ ඉතින් සුපුරුදු පරිදි මම වැඩ ටික කරගෙන ගියා.

ලන්ච් එකෙන් පස්සෙ වැඩ කර කර ඉද්දී ටෙෂාන් ආවා.

" සෙන්යුත් යමුද සර්ව මීට් වෙන්න.අපිට එන්න කියල කිව්වනේ." ටෙෂාන් කිව්වමයි මට මතක් උණේ.

" හරි යමු ටෙෂාන්."

අපි එනකොටම සර් අපිට එන්න කිව්වා.

" දෙන්නටම congratulations.වැඩ ටික කරගෙන යනවද ගැටලුවක් නැතුව." සර් ඇහුවා.

" ඔව් සර් පොඩ්ඩක් විතර අමුතුයි.පුරුදු නෑ.ඒත් වැඩ ටික කරගෙන යනවා." මම උත්තර දුන්නා.

" මම කලින් ඉඳන්ම මේ වැඩ කරපු නිසා මට නම් ලොකු අව්ලක් නෑ සර්." ටෙෂාන් උත්තර දුන්නා.

" ඔයාලා දෙන්න ගැනම මම දන්නවනේ.ලස්සනට වැඩ ටික කරගෙන යයි.මම ඔයාලට කතා කරේ අපේ වැඩ කටයුතු ගැන දේවල් ටිකක් කියන්න." සර් විස්තර කරගෙන ගියා.

" ඔව් සර්." මමයි ටෙෂානුයි දෙන්නම එකපාර උත්තර දුන්නා.

" වැඩ ගොඩක් වැඩිවෙනවා ටෙෂාන් අපිට.අපි අලුත් ක්‍රම ටිකක් හොයාගෙන යන්න ඕන අපේ බිස්නස් වලට.මොකද අපේ තරඟකාරයෝ දැන් ලොකු ලොකු දේවල් කරනවා අපිව පහු කරගෙන යන්න.ඔයාලට මොනව හරි අදහස් තියෙනවනම් කියන්න." සර් බර කතාවක් පටන් ගත්තා.

" අනිවාරෙන් සර්.අපි අපේ උපරිමය දෙන්නම්.අපි ඒ ගැන ටිකක් කල්පනා කරල කියන්නම් සර්ට.නේද සෙන්යුත් ?" ටෙෂාන් මගෙන් ඇහුවා

" ඔව් සර්.අපි හිතල කියන්නම්." මමත් උත්තර දුන්නා.

" මේ තියෙන්නේ මේ වෙද්දි අපි බාරගත්තු වැඩ ටික සහ අපේ කම්පනි එකට අදාල වැඩ ටික.ඔයාලා මේ ටික බලල idea එකක් ගන්න.ඔය files වල හැමදේම තියෙනවා." සර් අපි දෙන්නට files දෙකක් දුන්නා.

" හරි සර් අපි අපේ උපරිමේ කරන්නම්." මම කිව්වා.

" හරි ඔයාලා හොඳ දෙයක් කරයි කියල මම දන්නවා.ඒ නිසාම තමා ඔයාලා දෙන්නා දැන් මෙතන ඉන්නේ.ඒක අපි පස්සේ කතා කරමු.සෙන්යුත් ඔයාගෙන් මට තව උදව්වක් ඕන." සර් කිව්වා.

" ඔව් සර්." මම උත්තර දුන්නා.

" මම කිව්වනේ අපි ට්‍රිප් එකක් යමු කියලා.ඔයාට පුලුවන්ද වැඩේ ප්ලෑන් කරන්න." සර් කිව්වා.

" පුලුවන් සර්.සර් කැමති ප්ලේස් එකක් එහෙම තියෙනවද ඒ වගේම බජට් එක." මම ඇහුවා.

" අපේ අය යන්න කැමති හොඳ තැනක් බලන්න.දවස් දෙකකට හරියන විදියට ඔයා ප්ලෑන් කරන්න සෙන්යුත්.ඔයාට සම්පූර්ණ නිදහස තියෙනවා හැමදේටම.මම මෙත්නදීට කියන්නම් ඔයාට උදව් කරන්න කියල." සර් කියාගෙන ගියා.

" සර් මම යන්නද එහෙනම්.ඉවර කරගන්න ඕන බිස්නස් කෝල්ස් ටිකක් තියෙනවා." ටෙෂාන් කිව්වා.

" හරි ටෙෂාන්." සර් කිව්වා.

ටෙෂාන් එතනින් ගියා.

" සර් මට තේරෙන්නේ නෑ මගේ අතින් අර වගේ මිස්ටේක් එකක් උණාට පස්සෙත් මේ වගේ පෝස්ට් එකක් මට ලැබුණේ කොහොමද කියල." මම හිතේ තිබුනු ලොකුම ප්‍රශ්නේ සර් ඉස්සරහ දිග ඇරියා.

" කෝඩුකාරයා ඒකට හේතුව මම කියන්නම්.ඒකට හේතු දෙකක් බලපෑවා.පලවෙනි එක තමා මම දන්නවා ඒකේදි ඔයාගේ අතේ ලොකු වරදක් නෑ කියල.ඒ වගේම ඒ වරද උණු වෙලාවේ ඔයා ඒක නිවැරදි කරන්න දරපු උත්සාහය මම දැක්කා.ඉතින් මම ඔයා ආපු දවසේ ඉඳන්ම ඔයාගේ හැකියාවන් දැකපු නිසා තමා ඒ තීරණේට ආවේ."සර් පැහැදිලි කරල දුන්නා.

" එතකොට සර් දෙවනි හේතුව?"

" ඒ තමා ටෙෂාන් ඔයාව රෙකමන්ඩ් කරපු එක.ටෙෂාන් සාමාන්‍යෙන් කාවවත් එහෙම රෙකමන්ඩ් කරන්නේ නෑ.එයාගේ උසස් වීම ගැන කතා කරපු වෙලාවේ එයාම තමා කිව්වේ ඔයා මෙතනට ගැලපෙනවා කියලා.මගෙත් ඔලුවේ ඒ අදහස තිබුණා." සර් කියද්දි මගේ හිතෙ ටෙෂාන් ගැන ලොකූ ගෞරවයක් ඇති උණා.

" හරි සර්.මම යන්නද එහෙනම්?" මම ඇහුවා.

" ඔව් සෙන්යුත්.වැඩ ටික කරගෙන යන්න.මතක තියාගන්න සෙන්යුත් මිනිස්සු අතර ප්‍රශ්න ඇතිවෙනවා.හැබැයි නායකයෙක්ට ඒ දේවල් හැමදේම විසඳගෙන තමන්ගේ ඉලක්කෙට යන්න පුලුවන් වෙන්න ඕන.කණ්ඩායමම තමන් එක්ක තියාගන්න එක ඔයාගේ වගකීමක්.ඒක ඔයාට වැදගත් වෙයි." සර් අන්තිමටම කිව්වා.

.........................................................

ඊළඟ කොටසින් හමුවෙමු.අදහස් දක්වන්න ළමායි.

Report Page