THE MAFIA BOSS🖤

THE MAFIA BOSS🖤



CHAPTER 27🖤🍁


🖤🍁


CHAPTER 26🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-05-03


මන් ලොකු අපහසුතාවෙකින් එතන තිබ්බ පුටුවෙන් වාඩි උනේ.



 කොච්චර වෙලා මන් එහෙමම වාඩි වෙලා හිටියද කියන්න මන් දන්නේ නෑ.මන් මේ සිහියට ආවේ කවුරු හරි මට කතා කරන සද්දෙට


"මිස් මැතිව් ඔයාට ඇතුලට යන්න පුලුවන්"


එතන හිටපු නර්ස් කෙනෙක් එහෙම කිව්වම මන් නැගිට්ටේ ඇතුලට යන්න.


හිත ගොඩක් නොසන්සුන්ව ඇතුලට ගියේ මොනා වෙයිද කියලා හිතා ගන්න බැරුව.


ඇතුලට යද්දිම හිනාවකින් ලේඩි ඩොක්ටර් කෙනෙක් මට වාඩි වෙන්න කියලා පුටුව පෙන්නුවේ මාත් එතනින් වාඩි වෙද්දී.


නම වයස ඔය වගේ විස්තර ටිකයි ප්‍රශ්නේ මොකද්ද කියන එකයි පොඩි චකිතෙකින් උනත් හැමදේම පැහැදිලිව මන් කිව්වේ මන් ගැන කිසිම විදියකින් කවුරුත් සැකයක් හිතන්න ඕන උනේ නැති නිසා.

හිනා වීගෙනම එහෙම කියලාඑයා මාව චෙක් කරන්න ගත්තේ මන් හිත යටින් ලොකු ගින්නකින් ඉද්දී.


ඕන කරන ටෙස්ට් ටිකත් අරගෙන මට විනාඩි දහයක් විතර ඉන්න කිව්වේ රිපෝට් එක එනකම්.


ඒ විනාඩි දහය නිකන් පැය දහයක් වගේ හෙමීට ගෙවුනේ.


ආය ඩොක්ටර් රිපෝට් එකත් අරන් ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වෙද්දී පපුව එකසිය ගානකට ගැහෙන්න ගත්තා.


මන් ගෙදරදී ටෙස්ට් කරලා පොසිටිව් කියලා දෙකකම ආවට මට ඕන උනේ ඩොක්ටර් ගේ අතේ තියන රිපෝට් එකේ නෙගටිව් කියලා එනවට.


'''කන්ග්‍රාට්ස් මිස් මැතිව් ඔයා ප්‍රෙග්නන්ට්"


ඒ වචන කනේ දෝන්කාර දෙද්දී මන් කිසි දෙයක් හිතා ගන්න බැරුව ඩොක්ටර් දිහාම බලන් හිටියේ හැමදේම නැති උනා වගේ බැල්මකින් වගේ හිතේ ලොකු පීඩනේකින්.


"මිස් මැතිව් ආර් යූ ඕල් රයිට්"


ඩොක්ටර් හරි අනුකම්පාවකින් මන් දිහා බලලා එහෙම අහද්දී මන් කලබලෙන් ඔව් කියන්න ඔලුව වැනුවේ වැටෙන්න තියන කදුලු හංගගන්න ලොකු උත්සහයක් දරන ගමන්.


"ඔව් ඩොක්ටර් මට දැන් යන්න පුලුවන්ද?"


තව විනාඩියක්වත් මෙතන ඉන්න බැරි නිසා මන් එහෙම ඇහුවේ ඩොක්ටර් මන් දිහා උවමනාවෙන් බලන් ඉද්දී


ඒත් මිස් මැතිව් ඔයාට දෙන්න උපදෙස් කිහිපයක්ම තියනවා මට ඔයා ඉන්න ඕන විදිය කන්න ඕන දේවල් මේ වගේ හැමදෙයක්ම මන් ඔයාට කියන්න ඕනේ.


අපි වෙන දවසක් ඒ ගැන දාගමු ඩොක්ටර් මට දැන් වෙන වැඩකට හදිස්සියේම යන්න ඕනේ ඒකයි.


ඩොක්ටර්ට එහෙම කිව්වම එයා ෆයිල් එකක රිපෝට් එක දාලා තව කොල වගේකුත් ඒකට දාලා මොනා හරි ලියන්න ගත්තා ඒ ලියපු කොලෙත් ඒ ෆයිල් එක ඇතුලටම දාලා මගේ පැත්තට දික් කරා.


හරි මිස් මැතිව් ඔයා දැන් ටිකක් කලබලෙන් වගේ ඉන්නේ මන් තව දවස් දෙකකින් ඔයාව හම්බවෙන්නම් ඔයාට එදාට ආපහු එන්න පුලුවන් එදාට මන් අනිත් හැමදේම කියන්නම්.මේක ඔයාගේ ෆයිල් එක ගන්න ඊලග පාර එද්දී මේකත් අරන්ම එන්න.


ඩොක්ටර් මට දීපු ෆයිල් එකත් අරන් මන් එහෙමම එලියට ආවේ මේ දේවල් ඇත්තටම වෙනවද කියලා හිතා ගන්න බැරුව.


හැමදේම ඇත්තක් කියලා ඔලුවට වැටෙද්දී මෙච්චර වෙලා හංගන් හිටපු කදුලු එක දිගට ඇස් වලින් වැටෙන්න ගත්තේ මගේ පාලනයක් නැතුව.


හොස්පිටල් එකෙන් එහෙමම පයින්ම යන්න ගත්තේ හිතේ ප්‍රශ්න දාහක් තියන්.


ලොකුම ප්‍රශ්නේ ඇයි හැමදේම මටම වෙන්නේ කියන එක වෙන හැම නරකක්ම මට වෙන්න හේතුව මොකද්ද.කවදාවත් උත්තරයක් හම්බවෙන්නේ නැති ප්‍රශ්නයක්.


ෆයිල් එක තදින් අල්ලන් අඩ අඩාම මන් ඉස්සරහට ගියේ ශෙරාඩ්ව මරන්න තරම් තරහක් මගේ හිතට එද්දී.


තමුසේ මහ සතෙක් ශෙරාඩ් තිරිසන් සතෙක් ශෙරාඩ්




ඩේමියන්


රශියන් මාෆියා එක්ක සෙට් උනු වැඩත් එක්ක මාසයක් විතර එහෙම ඉන්න උනේ ඒ වැඩ වලටම මගේ මුලු දවසම ගෙවෙද්දී.


නිව්යෝර්ක් වලට ආපු ගමන් මන් අපාට්මන්ට් එකට ආවේ පොඩ්ඩක් නිදහසේ ඉන්න හිතන් මන් එහෙමම හිට ගත්තේ එමාගේ ඩෝර් එක ලගින් කෙල්ලව දැකලා මාස ගානක් උනා.ශෙරාඩ් එක්ක එදා උනු සිද්දියෙන් පස්සේ කෙල්ලව එක දවසක් වත් දැක්කේ නැහැ.


ලොකු හුස්මක් පහලට දාලා මන් ආපහු මගේ අපාර්ට්මන්ට් එකටම ආවේ එමාව මේ වෙලාවේ ඩිස්ටර්බ් කරන්න ඕන උනේ නැති නිසා.


එහෙමම ලගේජ් ටිකත් ලිවින්ග් රූම් එකේම තියලා බියර් එකක් කඩලා බොන්න ගත්තේ හිත ට ටිකක් හරි නැහැ වගේ ගතියක් දැනෙද්දී


" එමා "


ඔව් දැක්ක දවසේ ඉදන් මගේ හිතේ වෙනසක් ඇති කරන්න ගත්ත එකම හේතුව එමා.


මට සෝෆිව අමතක කරවන්න තරම් මගේ හිතේ තදින්ම ඇදිච්ච රූපේ එමා.


දෙවනි බියර් කෑන් එකත් කඩලා බොන ගමන් එමාව මතක් කර ගත්තේ මටත් හොරෙන් මගේ මූනේ හිනාවක් ඇදෙද්දී.


වෙනස්ම ගර්ල් කෙනෙක් එමා ඔයා




එමා


හරියටම මන් ඩොක්ටර්ව හම්බවෙලා ඇවිත් අදට මාසයයි.දවස් දෙකෙන් මට ආපහු චෙකප් එකට එන්න කිව්වට මට යන්න ඕන උනේ නෑ.


මන් කොටිනම් මේ මාසෙ නොමැරී මැරුන එක කරේ.මට හිතා ගන්න බැහැ මන් මොනා කරන්න ද කියලා මට තේරෙන්නේ නැහැ.


හරියට කෑමක් නැතුව නින්දක් නැතුව මේ මාසෙම මන් හිටියේ ලොකු පීඩනේකින්.


මන් මොනා කරන්නද හිතක් පපුවක් නැති තිරසනෙක් ගේ වැඩක් නිසා අද මන් ප්‍රෙග්නන්ට් වෙලා.


ඒ මිනිහා ඒක දන්නෙ වත් නෑ දැනගත්තත් ඒකෙන් ඌට වැඩක් නෑඅ කොහොමත්.


මන් මොනා කරන්නද මට කොහෙත්ම මේ ලමයව එපා ඒ වගේ තිරිසනෙක්ගෙන් මට ලමයෙක් එපා.


ඔව් මන් තීරනයක් ගන්නවා.


මන් එහෙමම චේන්ජ් එකක් දාන් එදා ඩොක්ටර් දුන්නු ෆයිල් එකත් අරන් එහෙමම එලියට ආවේ මේ ප්‍රශ්නේ කොහොම හරි විසද ගන්නවා කියලා හිතන ගමන්.


මන් එලියට එද්දිම වගේ ඩේමියනුත් එයාගේ අපාර්ට්මන්ට් එකෙන් එලියට ආවේ මාව ගැස්සිලා යද්දී.


ශෙරාඩ් වගේම ඩේමියන් වත් මට එපා වෙලා තියෙන්නේ ශෙරාඩ් වගේ සතෙක් ගේ හොදම යාලුවා කියන්නේ මෙයත් ඒ වගේ එකෙක් ම වෙන්න ඕනේ.


"එමා මට විනාඩියක් දෙන්න පුලුවන්ද කතා කරන්න"


මන් දොර ලොක් කරන ගමන් ඩේමිඅය්න් දිහා නොබලා ඉන්නම වග බලා ගත්තා.


"තමුන් එක්ක කතා කරන්න මට කිසිම දෙයක් නැහැ.මට මගේ පාඩුවේ ඉන්න දෙනවා තමුසෙගේ යාලුවා නිසා මට දැන් වෙලා තියන හරිය හොදටම ඇති තමුසෙත් මගේ ඔලුව කන්න හදන්න එපා"


ඩේමියන්ගේ මූනටම එහෙම කියලා මන් ඉක්මනිනම එතනින් ගියේ ආපහු හැරිලා බලන්නේ නැතුව.


මන් කෙලින්ම ටැක්සි එකක් දාන් හොස්පිටල් එකට ගියේ අද දෙකෙන් එකක් විසද ගන්නවා කියලා හිතන ගමන්.


-----------------------------------------------------------------



පැයකට විතර පස්සේ මන් ඩොක්ටර් ගේ රූම් එකෙන් එලියට ආවේ ආවට වඩා හිත තවත් පටලවගෙන.


ඩොක්ටර්ට මන් කිව්වේ මට දැන්ම ලමයි හදන්න බැහැ කියලා.මුලින් එයා මාව ඒකට කැමති කරවගන්න දේවල් කිව්වත් මන් තදින්ම් මට ලමයි එපා කිව්ව නිසා එයා මට ඒ වෙනුවෙන් ඔප්ශන් දෙකක් දුන්න එකක් අර්බෝශන් අනිත් එක ඇඩොප්ශන්.


අර්බෝශන් එකකට යනවනම් මට තව සතියක් කල් දුන්නේ ඒක නිසා මගේ ජීවිතේට උනත් අවදානමක් එන්න පුලුවන් නිසා හොදට හිතලා බලලා තීරනයක් ගන්න කියලා.


ඇඩොප්ශන් එකකදී වෙන්නේ මන් ලමයව හදනවා කියන එක මාස දහයකට පස්සේ බබා ඩිලිවර් උනාට පස්සේ බබාව හදාගන්න කැමති කෙනෙක්ට මන් බබාව භාර දෙන්න ඕනේ.ඒකට හරියන පේරන්ට්ලව මන් ඩිලිවරි එකට කලින්ම අදුන ගෙන කන්ට්‍රෑක් සයින් කරලා මේ වගේ ලොකු ප්‍රොසෙස් එකකට යන්න ඕනේ.


ඒත් මට මේ ලමයව එපා.මන්ම මහ හිතක් පපුවක් නැති ගානට හිතනවා කියලා සමහරුන්ට හිතෙයි ඒත් මේ ලමයා මගේ බඩට ආවේ කොටින්ම

කිව්වොත් මේක මගේ කැමැත්තෙන් වත් මන් දැනගෙනවත් උනු දෙයක් නෙමෙයි මේ හැමදේම උනේ ශෙරාඩ්කියන සතාගේ කැමැත්තට.


ඒත් කිසි වැරැද්දක් නොකරපු මේ ලමයව නැති කරන එක පව් කාර වැඩක් ඒ උනාට මේ වෙලාවේ මට අම්මා කෙනෙක් වෙන්න වත් ලම්‍යෙකව තනියෙන් හදන්න වත් පුලුවන් මානසික මට්ටමක්වත් හරි ජොබ් එකක්වත් නෑ අඩුම මන් මේ ලමයව හැදුවත් මේ ලමයට තාත්තා වෙන්නේ කවුද අර වගේ සතෙක්ට ලමයෙක් වෙනවට වඩා මේ දේ වෙන එක හැම අතින්ම හොදයි.


මන් එහෙමම ගෙදරට බඩු වගයක් ගන්න ශොප් එකකට ගියේ ගෙදර උයන්න වත් කිසි දෙයක් නැති නිසා.


ඕන බඩු ටිකත් අරගන්න ගමන් ශොප් එකේ මැගසීන් වගයක් තිබ්බ හරියට ගියේ මට ඕන උනු මැගසින් එකක් ගන්න.

එතනින් මැගසින් එක අරන් හැරෙද්දිම කාගේ හරි ඇගක මාව හැප්පුනා.


ඒ එක්ක මගේ අතේ තිබ්බ මෙඩිකල් රිපෝට් වගේ දාපු ෆයිල් එකත් බිම වැටුනේ මන් ඒ ටික ගන්න බිමට නැමෙද්දී.


"පොඩ්ඩක් ඉන්න"


ඒ කටහඩ ..........................


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁


ඩේමියන් දි මෙරෝල්


Report Page