Spring is far away - 56 (Part 2)

Spring is far away - 56 (Part 2)

Sachy Collins
🚫 Do not copy or share without author's permission


"මට හේෂාන්ගෙ ඇසිස්ටන්ට් අභිමානි කිව්වා එතන වේකන්සි තියනවා කියලා. ඔයාලට බැයිද පොඩ්ඩක් හොයලා කියන්න."


"මොන දේ කලත් සර් රට ඉඳන් ආවට පස්සෙ. එයා තමයි මැනේජර්ස්ලා තෝරන්නේ. මොකද ෆැෂන් ගැන දැනුමක් තියෙන්නත් එපැයි පොඩි හරි."


"මේකිට නම් කොහෙද එහෙම දැනුමක් නැත්තේ. ඔය ඇමරිකන් සුද්දියක් වගේ අඳින්නෙ එකේක ලට්ට කෑලි."


"අනේ මේ."


අයිසින් කේක් බොක්ස් වලට පැක් කරන ගමන් මං දුල් කිව්ව එකට එහෙම කියලා රැව්වා. ඇත්තටම මේ කෙල්ලො දෙන්නට මං ගැන පොඩි හරි ඉරිසියාවක් තියනවාද මංදා එහෙම කියන්නේ.


"මම විතරද ලට්ට කෑලි අඳින්නේ. ඇයි එදා ඔඩෙල් එකෙන් අරන් දුන්නේ හූඩිස්, ඩ්‍රෙසස්, ටොප්ස් එහෙම."


"හරි හරි ඉතින්. උදෙන්ම ඩෝං යවාගන්න එපා. ජෝක් එකක්නේ කලේ."


"මං ඩෝං යවාගත්තෙ නෑ. උදෙන්ම තරහා ගන්න මට පිස්සු නෑ 😒."


කේක් ටික කඩේට දාන්න යන ගමන් කප් කේක් දෙක තුනකුත් හිරුෂාන්ට දීගෙන යන්න ඕනි. අනික මට එයා එක්ක නිදහසේ ටිකක් කතා කරන්නත් ඕනි. එයාගෙ ප්‍රශ්න එයා මට කියනවා නම් මටත් පුළුවන්නේ මගේ ප්‍රශ්න එයාට කියන්න.


❝ ම්ම්.. මං ආසයි විපින් ක්‍රීම් පුරවලා මැදින් චෙරි ගෙඩියක් ගහපු චොකලට් කප් කේක් වලට ❞


එයා ආසම විදිහට කප් කේක් තුනකුත් හැදුවා මං. ටවුන් එකට ගියපු ගමන්ම පාක් එකටත් යන්න ලේසියිනේ මට. ඉතින් දුල්නෙත්මියි සංජානායි දෙන්නා ඔෆිස් එකට යනකම් ඉඳලම මං බඩු ටිකත් අරගෙන පාරට ගියා.


ලොකු පෙට්ටියක් බදාගෙන යන මං දිහා මිනිස්සු බැලුවේ 'පිස්සු කෙල්ලෙක්' කියන්න බලන බැල්මෙන් වගේ. ඒත් ඒ පෙට්ටිය ඇතුලේ මට ජීවත් වෙන්න ඕනි සල්ලි හොයාගන්න කේක් ටික තියනවා කියලා එයාලා දන්නෙ නෑනේ.


"ඔන්න මාමේ ඕඩර් එක හරි."


මං කේක් ටික කඩේට දුන්නා. කඩේට ගොඩාක් සෙනඟ එනවා දැන්. ඒ වගේම ගොඩාක් බිස්නස් යනවා. ඒත් අද වෙනදා වගේ මාමාගෙයි නැන්දාගෙයි මූණු වල හිනාවක් තිබුණේ නම් නෑ.


"Thank you දුව. ඒත් අපි අද විතරයි මෙහෙ ඉන්නේ."


"ඒ කිව්වේ ?"


"අපි කඩේ වහලා දාලා පුතාලා ඉන්න රටට යනවා."


තියන හැම අතකින්ම මට හැම දෙයක්ම නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි මාව පුළුවන් තරම් පහලට ඇදලා දාන්න හදනවා. කේක් ටිකක් දාලා හරි තමයි, මම රුපියල් දාහක් වත් හොයාගත්තේ. ඒකත් දැන් මට නැතුව යන්නයි හදන්නේ.


"එහෙමද."


"Sorry පුතේ. අද ඒවගේ සල්ලි ටික අපි දැන්ම දෙන්නම්. අපේ චූටි පුතා හදිස්සියේ ගත්තු තීරණයක් මේක. එයාට ඕනිකම තිබුණා අපිව එහෙට ගන්න. දැන් සිටිසන් එකත් ලැබුණු නිසා අපිව එහෙට ගන්නවයි කිව්වා. හෙට මේක රෙන්ට් එකට දානවා."


"කමක් නෑ මාමේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි මට."


මං හිනා වෙලා එයාලා දුන්න සල්ලි ටිකත් අරගෙන ආයෙමත් හැරුණා. වෙන කඩවල් වලට ලොකු ලොරි වලින් ආපු හොඳ බ්‍රෑන්ඩ් වලින් කේක් දාන නිසා මගෙ කේක් ගන්න කැමති නෑ. ඒත් මිනිස්සු ආසම නැවුම්, ස්වාභාවික රසයට. මට පුළුවන් නම් මේ කඩේ රෙන්ට් එකට අරගෙන කේක් ටික දාන්න. මට බැරිවෙන එකක් නෑ විකුණගන්න. ඒත් මේකෙ රෙන්ට් එකට මාසෙකට ලොකු ගාණක් යන නිසා මට ඒ සිතුවිල්ලත් අත ඇර ගන්න වෙනවා.


දැන් මට තියන හොඳම විසඳුම රෙසිග්නේෂන් එක හම්බුණ ගමන්ම ඩී මාර්ටිනස් එකට ඇප්ලයි කරන එක. ඒක හරි ගියෙත් නැත්තම් මට පොඩි කම්පැනි එකකට හරි ඇප්ලයි කරලා තව පාර්ට් ටයිම් එකකුත් කරන්න වෙයි.


හැම දෙයක්ම එන්න එන්නම මට නැති වෙද්දි අලුත් අලුත් මිනිස්සු හම්බවුණානේ. ඒ මට හොඳටම ඇති. අභිමානි, ටනාෂියා, හිරුෂාන්, තේෂාන්, අරුෂි මැඩම් ඒ හැමෝම මං වෙනුවෙන් ඕනිම වෙලාවක ඉන්න බව මං දන්නවා. ඉතින් මං ඒ එක්කෙනෙක් වුණු හිරුෂාන් බලන්න බස් එකෙන් බැහැලා පාර්ක් එකට ගියා..


එදා වැඩ කරපු මාමත් පේන්න නැති නිසාම මං පාර්ක් එකේ කොනට වෙන්න මුරකාරයා ඉන්න පොඩි ගෙදර ඉස්සරහට ගියා. ඒ ගේ පිටිපස්සෙ ඉඳලා එදා හිටපු මාමා ඉස්සරහට එනවා මම දැක්කා.


"මාමේ.."


"ආ.. මේ අර නෝනානේ."


"මාමේ.. හිරුෂාන් ඉන්නවද ?"


මාමා අත් දෙකත් පිහදගෙන මං දිහා අමුතු විදිහට බැලුවා. එයාට සැක ඇති මම මෙච්චර හිරුෂාන්ව හම්බවෙන්න එන්නෙ ඇයි කියලා.


"එයා අදත් කොහෙ හරි වැඩද ?"


"හොයලා වැඩක් නෑ නෝනා."


"ඇයි මාමේ ඒ ?"


"නෝනාට මේක නොකියාත් බෑ. කියලත් බෑ වගේ."


"මොකක්ද මාමේ. ඇයි එයා මෙහෙන් ගියාද ?"


"හ්ම්ම්. ගියා තමයි."


අනේ අපරාදේ. මං බලාපොරොත්තුවෙන් හිටියේ එයා මං දුන්න දහදාහෙන් ට්‍රීට්මන්ට් කරලා හිටපු තත්වෙට වඩා හොඳින් ඉන්නවා බලන්න. ඒ වගේම මේ කප් කේක් ටිකත් එයාට මට දෙන්න ඕනිමයි. එයා හරි ආසාවෙන් හිටියේ මං හදන කප් කේක් එකක් කන්න.


"කොහෙද දන්නෙ නෑ ගියේ ?"


"දුරක නෙවෙයි නෝනා ගියේ. එයා යන්නම ගියා."


"......"


"නෝනා එච්චර හිතන්න එපා මේ ගැන. එයා නෝනා අන්තිමට ඇවිත් බලලා ගියපු දවසෙ රෑම නැති උනා."


................................................... 🖤 ...


අපිව ඉක්මනින් දාලා යන්නෙම හොඳම මිනිස්සු 🥀


අපි නොහිතනම මිනිස්සු❗


Sachy Collins

Report Page