Spring is far away - 56
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 56 | A white flag
"From now on, Don't try to lie to me Miss Salomi."
හේෂාන් ෆෝන් එක අතට අරගෙන සැලෝමි දිහා රවලා බැලුවා. ඒ එක්කම මාවත් පාස් කරගෙන ඉස්සරහට ගියපු ටනාෂියා හේෂාන්ගෙ අතේ තිබුණු ෆෝන් එක අරගෙන රෙකෝඩ් එක එයාගේ ෆෝන් එකට කොපි කරගත්තා.
"Thank you මින්දි. ඔයා කරපු දේ අපිට ලොකු හෙල්ප් එකක්."
ටනාෂියා එහෙම කිව්වා. ඒත් මට ඕනි උනේ නෑ මේ දේවල් වලට රාදිතා සම්පූර්ණයෙන්ම වැරදියි කියලා ඔප්පු කරන්න. සැලෝමිට වැරැද්ද පටවන්නයි මට ඕනි උනේ. මොකද හේෂාන්ට තරහා ගියොත් රාදිතාට මොනවා කරයිද දන්නෙ නෑ. එදත් රාදිතා මට එකේක ඒවා කියද්දි එයා ඉවසුවේ මං කියපු නිසා.
"දැන් වත් අරුෂි මැඩම්ව ආයෙමත් ගේන්න පුළුවන්ද ටනාෂියා ?"
"ඔව්.. එවිඩන්ස් ඔයා අපිට හොයලා දුන්නා නේ. ඉතින් අපි එයාව ඉක්මනින්ම ගේමු."
"හ්ම්ම්."
එක අතකට එයාලා ආපු එක හොඳයි. නැත්තම් සැලෝමි ෆෝන් එක පොළවෙ ගහලා එවිඩන්ස් නැති කරලා දානවා. මේ පාර නම් මම පෙර කරපු වාසනාවක් තිබිලද කොහෙද එහෙම අසුබ දෙයක් වුණේ නෑ.
"Excuse me."
"මින්දි.."
මං දොර ඇරගෙන එළියට යද්දි හේෂාන් මට කතා කරනවා ඇහුණා. ඒත් මං එයාට මුහුණ දෙන්න බැරි නිසාම මගෙ රූම් එකට ගියේ රෙසිග්නේෂන් ලෙටර් එක අරගන්න. අවුරුදු අටක් ආදරේ කරපු එයාට කොහොමද මං සමු දෙන්නෙ මෙහෙම..
අවුරුදු අටක් නෙවෙයි. අවුරුදු පහක් මං එයාට ඒකපාර්ශ්විකව ආදරේ කලා. ඊටත් පස්සෙ අවුරුදු අටක් එයාට මං ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට ආදරේ කලා. දැන් මං ආයෙමත් එයාට ඒකපාර්ශ්විකව ආදරේ කරන්න පටන් අරන්. මුලදි හිතුවත් මම එයාගෙ විතරයි, එයා මගෙ විතරයි කියලා. ඒත් ඒක දැන් වැරදියි. හේෂාන් යුවසිංහ වගේ ලොකු කෙනෙක්ව මැරි කරන තත්වයක මම අද නෑ. එයාලගෙ පවුලට මං අනාතයෙක් විතරයි.
"මින්දි.."
"හහ් ?"
එයාගෙ කටහඬ දොර පැත්තෙන් ඇහෙද්දි මං ඉක්මනින් කඳුළු පිහද ගත්තා. මම කොච්චරක් නම් එයාට ආදරේද කියනවා නම් ඒ කටහඬ ඇහෙද්දිත් මගෙ ඇස් වල තවත් කඳුළු පිරෙනවා. එයාව අහිමි උන දුකට.
රෙසිග්නේෂන් ලෙටර් එක දකුණු අතට ගුලි කරන් මම හේෂාන්ගෙ පැත්තට හැරුණා. මේ කතාව කොහොම පටන් අරගත්තත් එයා මේ රෙසිග්නේෂන් එකට අකමැති වෙන බව මං දන්නවා. ඒත් මට ඒක කොහොම හරි කරන්න වෙනවා. මම බයයි මගෙ ජීවිතේට හානියක් හරි අනතුරක් හරි වෙනවට.
"මේක.. රෙසිග්නේෂන් ලෙටර් එක.. ප්ලීස්.. මට මේක සයින් කරලා දෙන්න."
"Reason එකක් නැතුව මට රෙසිග්නේෂන් ලෙටර් දෙන්න එපා මින්දි."
"ඔයා කියන්නෙ මට හැමදාම මේ දේවල් ඉවසගෙන ඉන්න කියලද. මට බෑ තවත් ඔයා කියන විදිහට ඉවසන්න."
"රාදිතා ආයෙ එහෙම දෙයක් කරන එකක් නෑ. මං එයාට කියලා දුන්නා මම කව්ද කියලා."
"මොකක්ද ඔයා එයාට කලේ ?"
දෙවියනේ එයා රාදිතාගෙ කම්මුලට වත් ගහලද. නැත්තම් මැරේජ් එක කැන්සල් කරලා හරි කෙල්ලට ත්‍රෙට් කළාද දන්නෙ නෑ. එහෙම උනොත් ඇන්ඩෲස්ගෙන් අපි දෙන්නටම බේරීමක් නෑ.
"Sorry මං එවෙලේ එහෙම බලාගෙන හිටියට. ඒකත් මම ඉවසුවේ ඔයා නිසා. ඒත් එයාට ඔයාව එහෙම රිද්දන්න අයිතියක් නෑ මින්දි. මං ඊයේ රාදිට ටිකක් තදින් කතා කලා. ආයෙ එයා ඔය වගේ හැසිරෙන එකක් නෑ."
"ඇයි ඔයා එයාට එහෙම කතා කලේ ?"
"......"
"ඒ ඔයාගෙ ෆියන්සි. ඔයාගෙ ටු බී වයිෆ්. මං වගේ කොහෙවත් යන කෙල්ලෙක් නිසා ඔයා එයාට බනින්නෙ මොකටද ?"
"කොහෙවත් යන කෙල්ලෙක් වෙන්නෙ කොහොමද ඔයාව මට ?"
එයා මටත් වඩා තදින් මට එහෙම කිව්වා. ඒ කියන්නේ ඔයා තාමත් මාවත් හිතේ තියන් ඉන්නවා කියලද. ඔයා කිව්වා මාව අමතක කරා කියලා. අනික රාදිතා මිස් යුනිවර්ස් ගියාට පස්සෙ ඔයා එයාව මැරි කරනවා නම් තාමත් මාව හිතේ තියන් ඉන්න එකේ තේරුම මොකක්ද.
"මට ඉසෙල්ලාම කියන්න.. කවද්ද ඔයාව මට කොහෙවත් යන කෙල්ලෙක් උනේ ?"
"......"
"රාදිතා කියනවා වගේ ඔයා ඔය තරම්ම පහත් කෙල්ලෙක් නම් ඔයා කොහොමද මගෙ හිතේ ලොකු තැනක් ගත්තේ. ඔයා ඔය තරම්ම පහත් නම් කොහොමද මම ඔයාට එච්චර ආදරේ කලේ ?"
එයා සීමාවෙන් පිට යනවද, තරහට පිටවෙන වචනද කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් ඒ කියන එක වචනයක් ගානේ මට දැනෙන්නේ එයා තාමත් මට ආදරෙයි කියලා.
"තාත්තගෙ ලොකුකම අරන් මහද්දත්තකමට කියෙව්වට රාදිතා දන්නවද මගෙ ආදරේ ගන්නෙ කොහොමද කියලා. මම එයාට ආදරේ කරන්න ට්‍රයි කරනවා මිසක එයා කවදාවත් මගෙ ආදරේ එක අංශුවකින් වත් අරන් නෑ මින්දි. ඒ වගේ රූත්ලස් කෙල්ලෙක් කියන දේවල් ගණන් ගන්න තරම් ඔයා බොළඳ වෙන්න එපා."
"බොළඳ නෑ. රාදිතා හැමදාම කියන දේ ඇත්ත නෙවෙයිද. මම සල්ලි නැති, දේපල නැති, හරියට ගෙදරක්, වාහනයක් නැති අඩුම තරමේ අම්මෙක් තාත්තෙක් වත් නැති කෙල්ලෙක්. ඇයි ඔයා ඒක පිළිගන්නෙ නැත්තේ ?"
"කව්ද කියන්නෙ ඔයාට සල්ලි නෑ කියලා. ඔයාගෙ අකවුන්ට් එකේ ක්‍රෝර්ස් කීයක් තියනවද."
"ඒ සල්ලි ඔයාගේ. රාදිතා කියනවා වගේ මගෙ අවුරුදු අටක ආදරේට ඔයා ඇස්ටිමේට් කරපු සල්ලි. මට සමාවෙන්න හේෂාන් ඒකට ඔයාගෙ හිත රිදුණා නම්. ඒත් ඒ සල්ලි තවත් එක රුපියලකින් වත් ස්පෙන්ඩ් කරන්න මට බෑ. ඔයාගෙ කියන හැම දෙයක්ම මං ඔයාට දුන්නා. ඒකයි මං ඉතුරු වෙලා තියන මේකත් ඔයාටම දෙන්න හදන්නේ."
එහෙම කියපු මං එයාගෙ ඉස්සරහට ආයෙමත් රෙසිග්නේෂන් ලෙටර් එක දික් කලා. මං දන්නවා දැන් එයා ඉන්න තත්වේ. එයාට ඕනි මේ රෙසිග්නේෂන් ලෙටර් එක කීතු කීතු වලට ඉරලා දාන්න. ඒත් මගෙ මහන්සියට එයා රෙස්පෙක්ට් කරා. එයා තාමත් ඒ ලෙටර් එක දිහා බලන් ඉන්නේ රතු වෙච්චි මූණෙන්.
"ඔයා හිතන්නෙ ඔයා මට සේරම දුන්නා කියලද."
"තව මොනවා හරි දෙන්න තියනවා නම් මං ඒකත් දෙන්නම්. මට මොනවා හරි අමතක උනාද ?"
"ඔව්.. ලොකු දෙයක් අමතක උනා."
"මොකක්ද ඒක.. මට කියන්න.. මං ඒක ඔයාට කොහොම හරි දෙන්නම්."
"මාව."
එයා එහෙම කියද්දි මාව සීතල වෙලා ගියා. දකින හැම දවසකම මට හින්ට් ගහලා, තාමත් ඒ දේවල් මතකද අහලා, මං ගැන ඒ තරම්ම කෙයා කලේ මට තාමත් ආදරේ නිසාද. රාදිතා මගෙ කනට ගැහුවම මාව බලන්න ආවේ, මට බෙහෙත් කලේත් ඩේවිඩ් එක්ක හොටෙල් එකට යද්දි මාව ෆලෝ කළෙත් මට තාමත් ඉස්සර වගේම ආදරේ නිසාද ?
"ඔයා මොන තරම් දේවල් මට දුන්නත් ඔයාට එක දෙයක් දෙන්න බෑ. ඒ මාව. මම තාමත් ඉන්නෙ ඔයා ගාව. රාදිතාට බොරු ආදරයක් පෙන්නලා මං අද වෙනකම් ඇත්තටම ආදරේ කලේ ඔයාට. මම රාදිව මැරි කරන්නේ අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරන්න විතරයි. අම්මා ආසම රාදිතා එයාගේ ලේලි වෙනවා දකින්න. ඒ නිසා මට ඒක කරන්නම වෙනවා."
වෙනදට දැනුම් තේරුම් තියන උගත් බුද්ධිමත් විදිහට කතා කරන කෙනා අද ළදරුවෙක් ගානට මට පාපොච්චාරණය කරනවා. එයාගෙ ලෙඩේ නිසා ටෙන්ශන් එකේ ඉන්න හින්දා එයා මේ දේවල් මං එක්ක කියවනවද, නැත්තම් එදා රාදිතා කරපු දේට තරහා ගිහින් කියවනවද කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් එයා ඒ හැමදේකින්ම කිව්වේ තාමත් මට ඉස්සර වගේම ආදරෙයි කියලා.
"ඔයා හිතන්න එපා මං කොන්ද පණ නැති මනුස්සයෙක් කියලා. මට පුළුවන් ඔයා එක්ක කොහෙ හරි ගිහින් හැමෝටම හොරෙන් පාඩුවේ ජීවත් වෙන්න. ඒත් මගෙ අම්මා......"
"Please හේෂාන්. ඔයා ඔයාගෙ අම්මට ආදරෙයි නම් මට ආදරේ කරන එක නවත්තලා රාදිතාට ආදරේ කරන්න පටන් ගන්න. ඔයා හැමදාම මාව බලාපොරොත්තුවෙන් ඉද්දි කොහොමද රාදිතා එක්ක සතුටින් ඉන්නේ."
"රාදිතා මට ආදරෙයි. එයා මට ආදරේ කරන්නේ මගෙ සල්ලි, මගෙ තත්වය බලාපොරොත්තුවෙන්. එයාට ඕනි මගෙ ආදරේ නෙවෙයි. එයාට ඕනි මුළු ලෝකෙටම පෙන්නන්න ශ්‍රී ලංකන් නම්බර් වන් බිස්නස්මන්ගේ පුතා මැරි කරා කියලා. එයාට ඕනි මාව එයා ගාවින් තියාගෙන ලොකුකමට ජීවත් වෙන්න. එහෙම කෙල්ලෙක් ගාව ආදරයක් කොහෙන්ද ?"
"ඒත් රාදිතාව කොහොම හරි හදාගන්න බලන්න. එයා ගාව මං වගේම ගෑනු ළමයෙක් ඉන්නවා. ඔයාට පුළුවන් ඒ ගෑනු ළමයාව එළියට ගන්න. රාදිතා ඔහොම නපුරු වෙලා තියෙන්නේ එයාගේ තාත්තා නිසා. ඒ දෙන්නා වෙන් කළොත් ඔයාට පුළුවන් එයාව හොඳ කෙනෙක් කරන්න."
"මං උත්සහ ගන්නවා. පුළුවන් උනොත් මම සතුටින්. නැත්තම් මං දුකින්."
එයාගෙ හිත රිදුණද මම කියපු මොකකට හරි. ඒ ඇස් වේදනාවෙන් පෙඟිලා. මට බලාගෙන ඉන්නත් බෑ එයා එහෙම මං දිහා අනුකම්පාවෙන් බලන බැල්ම දිහා.
"Never mind. අපි මෙතන බොරුවට කෑ ගහගන්න ඕනි නෑ මින්දි. ඔයාට ඕනි මගෙන් ඈත් වෙලා යන්න නේ. ඒ තරමටම ඔයා මට අකමැතියිනේ. මම හිතලා මතලා මේ දේවල් කරා කියලා ඔයා මං එක්ක තරහින් ඉන්නවා ඇත්තේ. කමක් නෑ. ඔයා රෙසිග්නේෂන් දෙන්න MD ගේ අතට. Process වෙන්න තව දවස් දෙක තුනක් යයි. ඊට පස්සෙ මං සයින් කරලා දෙන්නම්."
"හේෂාන්.."
මං කතා කරද්දිම එයා රූම් එකෙන් එළියට ගියා. අද මං එක්ක කතා කලේ යුවසිංහ ගෲප් එකේ CEO නෙවෙයි. මම මීට අවුරුදු ගාණකට කලින් ආදරේ කරපු හේෂාන්. මං කියපු දේවල් වලට එච්චරම හිත රිදෙනවා නම් රිදෙන්නේ මම ආදරේ කරපු හේෂාන්ට මිස මගෙ මුරණ්ඩු බොස්ට නෙවෙයි.
කොච්චර අමාරු උනත් නුවන්ති අම්මාගේත් තාත්තාගේත් බලාපොරොත්තුව ඉෂ්ට කරන්න නම් ඔයාට රාදිතාට ආදරේ කරන්න පටන් ගන්නම වෙනවා. මට ආදරේ කරා කියලා, මාව මිස්ට්‍රෙස් කරගත්තා කියලා ඔයාට සතුටක් ලැබෙන්නෙ නෑ. අනික එහෙම උනොත් මගෙ ජීවිතේට හානියක් වෙනවා කියලා ඔයා තාම දන්නෙත් නෑ. මොකද දැනටමත් මම ඇන්ඩෲස්ගේ ඉලක්කයක් වෙලා ඉවරයි.
"මින්දි.."
මං රෙසිග්නේෂන් ලෙටර් එක මැනේජර් කෙනෙකුට දීලා ආවා. ඒ එද්දි එකපාරටම කවුරු හරි මට පිටිපස්සෙන් කතා කරනවා ඇහුණා.
"ඔව් ?"
ඒ ටනාෂියා. එයා හේෂාන්ට මේ තරම් හිතවත් ඇයි කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් ඒ දෙන්නා අතර එහෙම නරක සම්බන්ධකමක් නැතුව ඇති කියලා මම හිතනවා.
"ඔයා රෙසිග්නේෂන් දුන්න එක ගැන ආයෙමත් වතාවක් හිතුවොත් නරකද ?"
"ඇයි එහෙම කියන්නේ ?"
"මෙච්චර හොඳ සැලරි එකක් තියන් ඇයි මේ වගේ ලොකු කම්පැනි එකකින් ඔයා අයින් වෙන්න යන්නේ ?"
"සැලරි එක නෙවෙයි ටනාෂියා. මට මගෙ සැනසීම හොයාගන්නයි මං මේ හදන්නේ. ඒකට මට ඉඩ දෙන්න."
"ඔයාට කවුරු හරි තර්ජනය කරාද ?"
එයා මගෙන් එහෙම අහද්දි මං අපහසුවෙන් හිනාවක් පාලා අහක බලාගත්තා. ඇන්ඩෲස් මට ත්‍රෙට් කරපු විදිහ මතක් වෙද්දි ඉන්න තැන නොබලා මගෙ ඇඟ සීතල වෙනවා.
"නෑ.. ඇයි ?"
"නිකන් ඇහුවේ. මං දන්නවා අර ලීක් වුණ ෆොටෝ එකට ඇන්ඩෲස් වගකියන්න ඕනි කියලා. එයා ඒක එවලා ඔයාට මුකුත් කිව්වෙ නැද්ද ?"
"නෑ."
"හ්ම්ම්.. Saturday හේෂාන් රාදිතාට බැනලා. තාම රාදිතාගෙන් Response එකක් නෑලු. ඔයාට එයා බැන්න එකට හේෂාන් මේ ටිකේම අවුලෙන් ඉන්නේ."
"......"
මං මුකුත් නොකියා ටනාෂියා කිව්ව ටික අහන් හිටියා. මම ඉන්න වෙලේ එයා සද්ද නොකර හිටියට මම නැති වෙලේ එයා රාදිතාට බනින්න ඇති. ලෙඩ නිසා තරහා යනවානේ වැඩිපුරත් එක්ක. ඒත් ඒකෙන් වෙන්නේ ඇන්ඩෲස් හේෂාන් එක්කත් වෛර බැඳගන්න එක.
"ටනාෂියා."
"ඔව් ?"
"මම මේ කියන දේ හේෂාන්ට කියනවද ?"
"මොකක්ද ?"
"එයාට කියන්න මං ගැන තවත් හිතන්න එපා කියලා. රාදිතාව හදාගන්න එයාට පුළුවන්. රෙසිග්නේෂන් දුන්න ගමන් මං මෙහෙන් කොහෙට හරි යනවා. එයාට එයා ගැන හිතන්න කියන්න. අම්මයි තාත්තයි කියන දේ අහලා, කම්පැනි එකේ වැඩත් බලාගෙන, රාදිතාට හෙල්ප් කරන් සතුටින් ජීවත් වෙන්න කියන්න. රාදිතා එයාගෙ අසනීප ගැන නොබලා ඉන්න එකක් නෑ."
"හ්ම්ම්.. මං කියන්නම්."
"එයාට මතක් කරලා බේත් ටිකත් වෙලාවට බොන්න කියන්න. නැත්තම් ලෙඩේ හොඳ වෙන්නෙ නැතුව යයි."
"හ්ම්ම්."
"මං යන්නම්. තැන්කියු එවෙලෙ මගෙ උදව්වට ආවට. ඔයාලා එතෙනට නොආවනම් සැලෝමි මැඩම් ෆෝන් එක පොළවෙ ගහනවා."
"It's okay. මම දැක්කා ඔයා දොර ගාවට වෙලා ඉන්නවා. ඒ නිසා මට හිතුණා ඔයාට මොකක් හරි හෙල්ප් එකක් ඕනි වෙලා කියලා."
"Thank you මට හෙල්ප් කළාට."
"ඒක සුළු දෙයක්."
ටනාෂියා මං දිහා බලාගෙන ඉද්දි මං එතනින් ගියේ මගෙ රූම් එකට. රෙසිග්නේෂන් දුන්නම තවත් වෙලා බලන් ඉන්න ඕනි නෑනේ. ඉතින් මං ගයාන් සර්ටත් කතා කරලා ෆාතිමාටත් කතා කරලා එළියට ආවා. ඒ එක්කම අභිමානි එන්ට්‍රෙන්ස් එක ගාවට දුවගෙන ආවා.
"මෑම්.."
මට එයාට යනවා කියන්න හම්බුණෙත් නෑ. හේෂාන්ගෙ ඔෆිස් එක ඉස්සරහට යන්න බැරි නිසා මං අභිමානිට නොකියා යන්නයි හැදුවේ. ඉතින් දැන් එයා ආපු එක ලොකු දෙයක්.
"මෑම් යනවද ?"
"හ්ම්ම්."
"ආයෙ එන්නෙම නැද්ද ?"
"එනවා. බ්‍රහස්පතින්දා වගේ. එදාට මට රෙසිග්නේෂන් ලැබෙනවා."
"හ්ම්ම්.. සර් තරහින් ඉන්නේ මැඩම් යන එකට."
"සර්ට තරහා ගියාට වැඩක් නෑ අභිමානි. මේක මගේ ජීවිතේ. එයාට එහෙම මාව බලෙන් තියන් ඉන්න බෑනේ."
"හ්ම්ම්.. අරුෂි මැඩම් හෙට එනවලු. සැලෝමි මැඩම් සේරම අකුලගෙන ගියා. හොඳ වැඩේ ඕනෑවට වඩා උඩ පනින්න ගියාට."
"එහෙම කියන්න එපා. එයා එහෙම කරලා තියෙන්නේ කෙනෙක් එයාට දුන්න ඩීල් එකකට. දැන් පනිශ් කරන්න ඕනි හැමෝටම පනිශ්මන්ට් ලැබුණා නේ."
"ඔව් ඉතින්.. ඒත් ඔයා ගිහාම මට පාළු හිතෙයි."
"අහ්.. ඒ ඇයි ?"
"මෑම් විතරයි මං එක්ක හොඳට කතා කරන්නේ. අනිත් අය හිතන් ඉන්නේ මගෙ හෙන ලොකුකම කියලා. මෑම්ට කලින් කිසිම කෙනෙක් මං එක්ක එහෙම කතා කරලා නෑ."
"ඇත්තටම ?"
අභිමානි එහෙම කියද්දි මට සතුටු හිතුණා. ඇත්තටම මං වෙන කෙනෙක්ට ආදර්ශමත් හොඳ කාරුණික හදවතක් තියන ගෑනු ළමයෙක් වෙලා තියනවා. එක විනාඩියකට හරි.
"හ්ම්ම්. මෑම්ට හෙල්ප් එකක් ඕනි උනොත් මට කියන්න. මං කරන්න පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම්. දැන් මෑම් අලුත් ජොබ් එකකට යනවද ?"
"ඔව්. මං හිතන් ඉන්නෙ නම් එහෙම තමයි."
"එහෙනම් මැඩම්ට මං ලින්ක් එකක් එවන්නම්. මැඩම් දන්නවා නේද ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එක ?"
"ආ ඔව්.. ඉස්සර මං ආසම බ්‍රෑන්ඩ් එකක්."
ඔව් ඒ ඉස්සර. දැන් මට ඒකෙන් ඇඳුම් ගන්න සල්ලි ඉතුරු වෙලා නෑ. මගෙ අකවුන්ට් එකේ තියන ලක්ෂ දෙක විතරමයි ජීවත් වෙන්නම තියෙන්නේ. එතනින් කීයක් හරි ඉතුරු කරගන්න ඕනි හේෂාන්ගෙ බර්ත්ඩේ එකට ගවුමක් ගන්න යන්නත්.
"ඒකේ මැනේජර් කෙනෙක්ට වේකන්සි තියනවා කියලා මට ඇලට් එකක් ආවා. අනික අද ගොඩාක් එම්ප්ලෝයිස්ලා අරන් තියනවා ඇනිවසරි එක නිසා. සමහරවිට මෑම් ඇප්ලයි කළොත් ජොබ් එක සෙට් වෙන්න බැරි නෑ."
"එහෙමද. Thank you අභිමානි. මං ඇප්ලයි කරලා බලන්නම්කෝ."
"හ්ම්ම්. දැන් මැඩම් යනවද. කාර් එකේ නේද ආවේ ?"
"කාර් එක නෑ දැන්. මං පබ්ලික් ට්‍රාන්ස්පෝට් වල යන්නේ."
මං එහෙම කියද්දි අභිමානි මං දිහා අනුකම්පාවෙන් වගේ බලන් හිටියා. ඇත්තටම මට ලොකු අසරණකමක් දැනෙනවා එහෙම කවුරු හරි මට අනුකම්පා කරනකොට.
"මං යන්නම්."
"පරිස්සමින් යන්න මෑම්."
"ඔයාලත් පරිස්සමින් ඉන්න."
මං අභිමානිට අත වනලා මේන් රෝඩ් එක ඉස්සරහට ගිහින් ආයෙමත් හැරිලා බැලුවේ කම්පැනි එකේ බිල්ඩින් එක දිහා. සුදු පාට ගොඩනැගිල්ලේ ගෝල්ඩ් පාටින් තියන 'Yuvasinghe Group' කියන නම මද්දහනේ ඉර එළියට දිළිසෙනවා. අද වෙද්දි ලංකාවේ නම්බර් වන් හොටෙල් එක වගේම, අනාගතේ මේක සමූහ ව්‍යාපාරයක් වෙන්නයි තියෙන්නේ. මේ හැම අඩියක්ම තියන්නේ හේෂාන්..
එයා දවසෙන් දවස දියුණු වෙනවා. එයාගේ ආදායම වැඩි වෙනවා. ඉතින් ඒක මට සතුටක් නෙවෙයිද. මට අයිති නොවුනත් මගේ කලින් ආදරේ විදිහට එයා එහෙම අඩියෙන් අඩිය ඉස්සරහට තියලා නම්බර් වන් වෙද්දි මට දැනෙන සතුට අපිරිමිතයි.
ආයෙ මට එන්න බැරි වෙයි මෙතෙනට. සමහරවිට රෙසිග්නේෂන් ගන්න ආවොත් විතරයි ආයෙමත් යුවසිංහ ගෲප් එක ඉස්සරහට එන්නේ. ඉතින් මං ධනාත්මක විදිහට සමුදෙන්න ඕනි මම වැඩ කරපු කම්පැනි එකට.
"Thank you.. ඔයා එක්ක මට මතක ගොඩාක් තියනවා. ඒ මුකුත් මට අන්තිම හුස්ම වෙනකම් මතක තියේවි."
ඇස් වල කඳුළු පුරවන් මං බිල්ඩින් එක දිහා බලන් ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට ගියා. අව්ව සැරේ මට වැඩි වෙලා ඉන්න වුණේ නෑ එතන. විනාඩි පහක් යන්න කලිනුත් බස් එකක් ආපු නිසාම මං නැග්ගේ ටවුන් එකට යන්න.
........
ටනාෂියා එයාගෙ වැඩ ඉවර කරලා ගෙදර යන්න කලින් හේෂාන්ව හම්බවෙන්න කියලා කොල්ලගෙ ඔෆිස් එකට ගියා. ගිහින් දොර අරිද්දිම ටනාෂියා රූම් එක දැකලා කන්ෆියුස් උනා. මල් වාස් එකක් බිමට වැටිලා කෑලි සීසීකඩ ගිහින් තියන විදිහ දැක්කම කෙල්ලට හිතාගන්න පුළුවන් හේෂාන් කොච්චර නම් තරහකින්ද ඉන්නෙ කියලා.
"මින්දි එක්ක Argue කරගත්තද ?"
ටනාෂියා වීදුරුවෙන් පහල බලාගෙන ඉන්න හේෂාන් ලඟට ගියා. ඒත් එයාගෙ කට කොනේ හිනාව නැති වෙලා ගියේ හේෂාන්ගෙ ඇස් වල කඳුළු දැකලා.
"Hey.. Are you crying ?"
ටනාෂියා හේෂාන්ගෙ කම්මුල් වලට අත තිබ්බේ කඳුළු පිහදාන්න හිතන්. ඒත් කොල්ලා ඒ අත ගසලා දැම්මේ කඳුළු පිහදගන්න ගමන්.
"Don't touch me."
"ඕ.. ඔයා කැමති නෑනේ මං ඔයාව ටච් කරනවට."
ටනාෂියා එහෙම කියලා හිනා උනා. හේෂාන් එයා එක්ක කම්පැනි එකේ දේවල් ගැන කතා කරාට අනිත් දේවල් ගැන කතා කරන්න හරි අකමැතියි. ඒ වගේම කෙල්ලගෙ ස්පර්ශ වලටවත්. ඉතින් කොල්ලා ගිහින් පුටුවෙන් ඉඳගත්තා.
"මොනවා උනත් මින්දිට මාරම Thinking එකක් තියනවා. නැත්තම් අපිට සැලෝමිගෙ ටෲ කලර්ස් දැනගන්න වෙන්නෙ නෑනේ."
"මට තියන දුක ඒක රාදිතා කරලා තියන එකට. රාදි ඇයි මින්දි එක්ක මේ තරම්ම තරහා. මින්දි ඉන්නේ ලොකු හිත් වේදනාවකින්. මට ඒක තේරෙනවා."
"ඒකද ඇඬුනේ ?"
ටනාෂියා එහෙම අහද්දි හේෂාන් රවලා බලලා අහකට ඇස් හරව ගත්තා. ඒ ඇස් වලින් ලේසියකට කඳුළු පිටවෙන්නෙ නෑ. පිට වුණත් ඒක කලාතුරකින් වගේ.
"මට ඇත්ත කියවුණා එයා ඉස්සරහා. එයාට ඇඬුණා. ඇත්තටම මට රාදි එක්ක තරහයි. මම හිතුවෙ නෑ එයා මින්දිට එහෙම කතා කරයි කියලා."
"ඒ Reason එකට විතරක්ම නෙවෙයි මින්දි මේ රෙසිග්නේෂන් දෙන්න යන්නේ."
"එහෙනම් ?"
"මෙතන වෙන Reason එකක් තියනවා. එයා එකපාරටම සැලෝමිව සැක කරන්න තරම්, මෙච්චර හදිස්සි වෙලා රෙසිග්නේෂන් දෙන්න තරම්. ඔයාට එහෙම එකක් දැනුණේ නැද්ද ?"
"නෑනේ."
"ඔයා කොහොමත් ටියුබ් ලයිට් නේ."
ටනාෂියා එහෙම කියලා දොර ගාවට ගියා. ඒත් කෙල්ලට කියන්න අමතක උනා මින්දි කලින් හේෂාන්ට කියන්න කියපු දේවල්.
"අහ්.. මේ අහන්නකෝ. මින්දි කිව්වා ඔයාට එයා ගැන හිතන එක නවත්තලා රාදිතාට ආදරේ කරන්න පටන් ගන්න කියලා. ඒ වගේම බේත් ටිකත් හරියට ගන්න කිව්වා."
"එයා කොහොමද දන්නේ මගෙ බේත් ගැන ?"
"එයා නිකන් හිතලා කියන්න ඇති. ඔෆිස් එකේ හැමෝටම මං කියලයි තියෙන්නේ එයාගෙන් ඒක හංගන්න කියලා. එහෙව් එකේ එයාට ඒක දැනගන්න වන් ප්‍රසන්ට් වත් ඉඩක් නෑ."
"හ්ම්ම්.."
"I'm going.. මින්දි කිව්වා වගේම හරියට ට්‍රීට්මන්ට් කරන්න හේෂාන්. ඔයා දන්නවනේ ඔය ලෙඩේ රෙස්ට් එකේ හිටියට විතරක්ම හොඳ වෙන්නෙ නෑ."
"හ්ම්ම්."
ටනාෂියා දොරත් වහගෙන ගියා. හේෂාන්ට හිතාගන්න බෑ ඇයි තමන්ගෙ ඇස් වලින් එවෙලේ කඳුළු ආවේ කියලා. ඒ වගේම මින්දි ඉස්සරහා ඇත්ත කිව්වේ ඇයි කියලාත් කොල්ලට හිතාගන්න අමාරුයි.
මොනවා උනත් රාදිතා එදා මින්දි ඉස්සරහා කිව්ව දේවලුයි, එවෙලේ මින්දි අඬපු විදිහයි දැක්කම තමා එච්චර නිහඬ වෙලා හිටියේ ඇයි කියලා හිතුවම හේෂාන්ට පස්සේ තමා ගැනම ලැජ්ජාවක් ඇති උනා.
"ඔයා අනාථයෙක් නෙවෙයි මින්දි. ඔයා තවත් ඔයාට එහෙම කියාගන්න එපා. ඒකට ඔයා සුදුසු නෑ."
පුටුවෙන් නැගිටපු හේෂාන් ආයෙමත් වීදුරුවෙන් පහල එහෙට මෙහෙට ඇදෙන වාහන දිහා බලාගත්තා. එදා මින්දි අඬපු විදිහ මතක් වෙද්දි වගේම අදත් ඒ ඇස් වලින් කඳුළු ආපු විදිහ මතක් වෙද්දි කොල්ලගෙ පපුටත් ලොකු බරක් දැනෙනවා වගේ.
අලුත් දවසක් 🌞☁️🍃..
මේ සතියෙම මට රෙසිග්නේෂන් දීලා නිකන් ඉන්න වෙන නිසාම මං වැඩිපුරත් එක්ක කේක් හැදුවා. කිචන් එකට වෙලා කේක් දානවා, ගන්නවා. එක දිගට මැෂින් එකක් වගේ මම වැඩ. දුල් සජී දෙන්නම ඔෆිස් යන්න ලෑස්ති වෙනවා.
"අම්මට සිරි.. මේ බලහන්කො මේකි නිකන් කටර් එකක් වගේනේ වැඩ."
"ඒකනේ. දැන් ඔය සේරම ටික උස්සන් යන්නේ බස් එකේද ?"
"ඔව්.. එහෙම තමා ගෙනියන්න වෙන්නේ. ත්‍රීවිල් හයර් ගියොත් සල්ලි අපරාදේ."
මං දෙන්නට කෑම ලෑස්ති කරලා පිඟන් වලට බෙදලා වහලාත් තිබ්බා. නැත්තම් හදිස්සියට කිචන් එක අනිත්පැත්ත හරවනවා දෙන්නා ඇවිත්.
"ඔයාලා දෙන්නා ඩී මාර්ටිනස් එකට නේද දැන් යන්නේ. කොහොමද ඒකෙ වැඩ."
"ඒක නම් මරු බන්. ලංකාවේ මොඩ්ල්ස්ලා සේරම වගේ එතන ශූට් වලට එනවා. දැන් මහීෂා රූපසිංහ කියලා අලුත් රන්වේ මොඩ්ල් කෙනෙක් ඉන්නවානේ. එයාවත් අපි ලඟටම දැක්කා."
"ඔව් අනේ. එයා ඔයාගෙ හමේ පාටට වඩා තදයි මින්දි. ඒ උනාට හරි හුරුබුහුටි පෙනුමක් තියෙන්නේ. ඒත් එයාගෙ ටිකක් ලොකුකම."
සජී එහෙම කියලා මූණත් ඇද කරන් බත් කටක් කද්දි මං හිනා වුණා. පාට මොකක් උනත් ජනප්‍රිය තාවය තියනවා නම්, ලස්සන තියනවා නම් හැම කෙනෙක්ගෙම ලොකුකම. ඒක කොහොමත් ලෝක සම්මතයක් වගේ දෙයක්නේ.
ඉතිරිය :- https://telegra.ph/Spring-is-far-away---56-Part-2-11-21