Spring is far away - 55

Spring is far away - 55

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 55  |  I'm Succeed

Previous


"දැන් එයා නැද්ද ?"


"එයා හිටියේ මහනුවර. එහෙ ඉඳන් තමයි මෙහෙ ආවේ මගෙන් බටනලා ඉගෙනගන්න. හැබැයි ටික කාලයක් ඇවිත් නැවතුණා. මැරි කරලා බබා හම්බුණාම නැති උනා කියලා තමයි ආරංචි ආවෙ නම්. හැබැයි හරියටම දන්නෙ නෑ."


"එහෙමද."


එහෙම කියපු තේෂාන් මං දිහා බැලුවා. මං ඒ ආන්ටි කියන දේවල් වැඩිය අහන්න ගියේ නෑ තේෂාන් හාර හාර ඇහුවත්. මොකද දැනටමත් මගෙ ජීවිතේ වටින හැම දෙයක්ම නැති වෙලා ඉවරයි.


"ඇයි තේෂාන් ඒ ගැන Interesting ?"


"මුකුත් නෑ බන්. නිකන් දැනගන්න ඇහුවේ."


"ආ.. ඒක මිසක්."


කාලා ඉවර වෙලා එක තැන ඉඳගෙන ඉන්න බැරි නිසා මං එහෙම්ම ගේ වටේ රවුමක් දැම්මා සමිත්ගේ වයිෆ් එක්ක. දුල්ගෙ බෝඩිමේ හරි හිටවන්න කියලා මං මල් අතුයි ඇටයි එයාට කියලා ඉල්ල ගත්තා.


"අම්මා කිව්ව කතාව හරි මින්දි. ඇත්තටම මං ඔයා වගේ කෙනෙක් දන්නවා."


"මං වගේම කෙනෙක් ?"


"ඔව්.. සෝශල් මීඩියා වල ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා ලංකාවේ උනාට දැන් ඉන්ටර්නැෂනල් ගිහින් ඉවරයි. අන්න එයා වගේ ඔයා."


"එක වගේ අය ඉන්නවානේ. මට ඔය කතාව ගොඩාක් අය කියලා තියනවා."


"හ්ම්ම්.. ඇත්තටම එහෙම වෙන්න පුළුවන් නේ. අනික දැන් එඩිට් වලට කොච්චර නම් දේවල් කරන්න පුළුවන්ද. ඒ අයි වලින් ඔයා වගේ තව කෙනෙක් මවන්න බැරි නෑනේ."


"ඒක ඇත්ත."


එයාලගෙ ගෙදර තියන රෝසමල් පාත්තියේ නැති පාටක් නෑ. තියන හැම ගහකින්ම අත්ත ගානෙ ඉල්ලගෙන මං පොඩි බෝතලේකට වතුර පුරවලා අතු ටික දාලා කාර් එකේ පිටිපස්සෙන් තියාගත්තා.


හවස 4 ත් පහු වෙනකම්ම අපි ඇවිද්දා. ලඟ තියන ලස්සන තැන් බලලා අන්තිමට දෙන්නා වොශ් එකකුත් දාගෙන ඇඳුනුත් මාරු කරා. කළුපාට ඩෙනිමට තද දම් පාට ඇඟට වඩා ලොකු ශර්ට් එක ඇඳලා මං තෙත කොණ්ඩෙත් කඩලා ෆෑන් එකකට අල්ලලා වේල ගත්තේ ගෙදර යන්න කලින්. නැත්තම් අද රෑට මට අසනීප වෙනවා සීතලේ නාලා. ඉස්සර වගේ මට දැන් මෙහෙ ඇවිත් නාන්නත් බෑ. කුරුණෑගල ඉඳලා එහෙට හුරු වෙලානේ.


"අපි යන්නම් එහෙනම්. හැබැයි අපි ආවා වගේ අපේ ගෙදරත් එන්න ඕනි."


"අනිවා එනවා බන්. මේ ටිකේ මං බිසී නිසා උබට මෙහෙ එන්න කිව්වේ."


"කමක් නෑ. දැන් ඉතින් අපි ආපු එකට හිතට සතුටුයිනේ."


"රෑටත් ඉඳලා ගියා නම් වරදක් වෙන්නෙ නෑනේ."


"බෑ බන්. මින්දිට හෙට අනිවාර්යයෙන් ඔෆිස් යන්න ඕනි. අනික මටත් Schedule කරපු වැඩ ගොඩාක් තියනවා."


"එහෙමද."


"ඔව්.. අපි යන්නම් එහෙනම්."


"හරි එහෙනම්. පරිස්සමින් යන්නලා. ගොඩක් රෑ වෙන්න කලින්"


ඒ ආන්ටිටයි අන්කල්ටයි වැඳලා සමිත්ගෙ වයිෆ්වත් හග් කරලා මං කාර් එකට නැග්ගා. එයාලා හරි හොඳයි මිල මුදලින් පිරුණු මිනිස්සු උනත්. ඉතින් කරුවල වැටෙද්දි අපි එහෙන් පිටත් උනා. සමහර වෙලාවට මෙහෙට එකපාරටම මීදුම්, නැත්තම් වැස්ස. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනින් තේෂාන් කාර් එක ඩ්‍රයිව් කලා.


"ඔන්න අපේ අම්මා මැසේජ් එකක් දාලා."


"ඇයි.. මොකක් හරි අවුලක්ද ?"


"අවුල තමයි එයාට ෆ්‍රෙෂ් එළවළු ගේන්නලු. මෙහෙ තියනවා කියලා දන්න නිසා මම හරි අයියා හරි එන හැම වෙලාවකම ගේන්න කියනවා."


"කමක් නෑ. අට විතර වෙද්දි එහෙට ගිහෑකිනේ. අපි එළවළු ටිකක් අරන් යමු."


"ඔයාට හෙට ඔෆිස් යන්නත් තියනවානේ. මහන්සි නැද්ද ?"


"අපෝ නෑ. කාර් එකේ යන නිසා මට එච්චර දැනෙන්නෙ නෑ. බස් වල ගියොත් තමයි අමාරු."


මගෙ අවසරය හම්බුන නිසාම තේෂාන් පාර අයිනේ තිබුණු එළවළු කඩයක් ගාවින් නවත්තලා මේ දැන් ගලවලා ගෙනාපු කැරට්, ලීක්ස් එහෙම ගත්තා. මාත් ඒ එක්කම දුල්නෙත්මිටයි සංජානාටයි උයන්නත් එළවළු ගත්තා. මං දැන් එහෙ නැවතිලා ඉන්න ඕනි නම් එයාලට සල්ලි වලිනුයි බඩු වලිනුයි උදව් කරන්නත් එපැයි.


රෑ අට හමාර වෙද්දි අපි දෙන්නා කුරුණෑගල ටවුන් එකේ. මං ටවුන් එකෙන් බැස්සා එයාට යන්න කියලා. ඉතුරු ටික අන්තිමට යන බස් එකේ යන්න පුළුවන් නිසා මං බස් එකක් එනකම් හිටියා. ටික වෙලාවක් ඉද්දි අන්තිම බස් එකත් ආවා. ඒකෙ ගිහින් මං බෝඩිම ගාවින්ම බැස්සේ බඩු මලුත් අතින් කටින් එල්ලන්.


"උබ සුපර් මාර්කට්ද ගියේ. නැත්තම් තේෂාන්ගෙ යාළුවාගෙ ගෙදරද ගියේ ?"


"එයා එළවළු ගන්න නැවැත්තුවානේ. ඉතින් මාත් ගත්තා ඔන්න."


"හැබැයි වටිනවා. ගෙදර ගොඩාක් එළවළු ඉවරයි දැනටමත්."


"එතකොට මං දුන්න පනහෙන් මොනාද කලේ ?"


"ඒකෙන් තාම බඩු ගත්තෙ නෑ හරියට. අපි ඉතින් එක සැරේ බඩු ගන්න අයත් නෙවෙයිනේ. එවෙලෙටනේ ගන්නේ."


"හ්ම්ම්."


මං එද්දි දෙන්නා මටත් එක්ක උයලා. ගෙනාපු මල් අතු ටිකත් ඉස්සරහින් තියලා මං නිදාගන්න කලින් ඉස්තෝප්පුවට වෙලා ඉඳගෙන ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වා. මොකද හෙට මං හෙට ඒක හේෂාන්ට දෙන්න ඕනි නිසා. ලියුම ලිය ලියා ඉද්දි දුල්නෙත්මි ඇවිත් මං ගාවින් ඉඳගත්තා.


"මේ.. උබට බඩ්ඩක් කියන්නත් බැරි උනානේ."


"මොකක්ද බඩ්ඩ ?"


"කව්ද මංදා ගෑනු ළමයෙක් ඇවිත් ඇහුවා මෙහෙ යුවසිංහ ගෲප් එකේ වැඩ කරන ගෑනු ළමයෙක් ඉන්නවද කියලා."


"මොකක්.. ඒ කොයි වෙලේද 😧 ?"


කව්ද මං මෙහෙ ඉන්නවා කියලා දන්නේ. අනික ඒ ආපු කෙනා කව්ද. මොකටද මාව හොයාගෙන මෙහෙටත් ඇවිත් තියෙන්නේ. සමහරවිට ඒත් ඇන්ඩෲස්ගෙ කෙනෙක්ද දන්නෑ.


"දවල්.. ඔයා සයිස් වගේ සුදු, කෙට්ටු, බෝතල් අඩි වගේ ග්ලාස් දෙකක් දාලා හිටියේ."


"ඉතින් ඔයාලා මොකද කිව්වේ ?"


"අපි කිව්වා, Sorry මෙහෙ එහෙම කෙනෙක් නෑ කියලා."


"කව්ද ඒ ආපු කෙනා ?"


"උබේ ඔෆිස් එකේ ගෑනු ළමයෙක් වගේ. ටයිට් ස්කර්ට් එකක් ඇඳලා, පෝනි ටේල් එකකුත් උඩින් දාලා, මම කවදාවත් දැකපු මූණක් නෙවෙයි ඒ."


"එහෙමද. වෙන මුකුත් කිව්වෙ නෑනේ ?"


"නෑ.. අපි නෑ කිව්වම එයා හා කියලා පස්සත් වනාගෙන ගියා."


දුල් එහෙම කියද්දි මට හිනත් ගියා. ඇත්තටම ඒ ආපු කෙනා වගේ කෙනෙක් කම්පැනි එකේ නෑනේ. ටනාෂියාව නම් මේ දෙන්නව අඳුනනවනේ. එහෙව් එකේ මේ ආපු කෙනා කව්ද. එයා මොන වගේ අරමුණකටද මාව හොයන් ඇවිත් තියෙන්නේ ?


"උබ ඔය රෙසිග්නේෂන් ලෙටර් එක ලියනවද ?"


"හ්ම්ම්.."


"හේතුව මොකක්ද ලියන්නේ ?"


"මං මේ ලෙටර් එකත් එක්කම හේෂාන්ට පර්සනල් ලෙටර් එකකුත් ලියනවා. එයා අනිවාර්යයෙන්ම මට රෙසිග්නේෂන් දෙන්නම ඕනි. නැත්තම් මගෙ මිනිය ඔයාලට හොයා ගන්න වෙන්නේ මේ ගෙදර වත්ත පහලින්."


"අනේ ඔය නාකියාට මං උබට මුකුත් කරන්න දෙන්නෙ නෑ."


"ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි දුල්, ඇන්ඩෲස් කියන්නේ. තේෂාන් මට කියලා තියන දේවල් එක්ක බැලුවම ඇන්ඩෲස් ලේසි පහසු මිනිහෙක් නෙවෙයි."


"මට පෑන් එකක් දීපන්, ඔළුව කුඩු වෙන්න නෙලන්නම්. එතකොට ඔය දරුණු කතා නෑනේ."


"අනේ මංදා ඔයත් 😄."


දුල්නෙත්මි කොහොමත් චණ්ඩි රැජිණ නේ. එයා එක්ක ඇන්ඩෲස්ට නම් හැප්පෙන්න බැරි වෙයි. කිචන් එකේ තියන පෑන් එක අරගෙන මිටෙන් අල්ලලා කාගෙ හරි ඔළුවට එකක් ගහපු ගමන් කෙල්ල අඩි දහයක් උඩින් යන්නේ. එක අතකට ඒ වගේ චණ්ඩි කෙල්ලො දෙන්නෙක් මට ලැබුණු එකට සතුටුයි. ඒත් මං නිසා එයාලටත් කරදරයක් උනොත් තමයි මට ඉවසන්න බැරි.


ඇඳේ නිදන් මං සිවිලිම දිහා බලන් කල්පනා කරනවා. ඊයෙත් නින්දක් නැති නිසාම මගෙ ඇස් වටේට රතු වෙලා. කොහොම නින්ද එන්නද මාව හොයන්. මගෙ මනෝකායත් තාම හේෂාන්ගෙ ගෙදර තියෙන්නේ. මං බෝඩිමේ හිටියට මගෙ මනස, සිතුවිලි හැම දෙයක්ම ඒ ගෙදර ඇතුලේ තියෙන්නේ.


"හ්ම්ම්.."


එදා රාදිතා මාව අඬවපු වෙලේ හේෂාන් මට කඳුළු පිහදගන්න දුන්න සර්වියට් එක මං පපුවට ගුලි කරන් ඇස් පියා ගත්තා. මට කරදරයක් උන හැම වෙලාවකම ඔයා මං ගාව හිටියා හේෂාන්. ඒකට ඔයාට ගොඩාක් ස්තූතියි. ඒත් තවත් ඔයාගෙ හෙවණ යටට වෙලා මට ජීවත් වෙන්න බෑ. රාදිතා ඔයාගේ වයිෆ් වෙන්න ඉද්දි ඔයාගෙ Ex උන මට ඔය පපුව උඩට වෙලා සැනසෙන්න දැන් කිසිම විදිහක අයිතියක් නෑ.


ඉතින් මං මගෙ පාඩුවේ ඔයාගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නම්. ඒක ඔයාටත් හොඳයි මටත් හොඳයි. ඔයාගෙ මතක ටිකම මට ඇති හේෂාන් හුස්ම රඳවගෙන තවත් කල් ජීවත් වෙන්න..


අලුත් දවසක් 🌞☁️🍃..


තද නිල් පාට ට්‍රව්සර් එකට ගැලපෙන බ්ලේසර් එකක් ඇඳලා කොණ්ඩෙත් උඩින් ගෙඩියක් බැඳලා මං වෙනදා වගේම ලස්සනට ලෑස්ති උනා. ඒත් මං අද යන්නේ සැලෝමිගෙ ඇත්ත එළි කරන්නයි, හේෂාන්ට රෙසිග්නේෂන් දෙන්නයි.


"අම්මෝ.. මෙන්න මෙයා ඔෆිස් එකට යන විදිහ බලන්නකෝ."


එහෙම කියපු දුල් මගේ උරහිස් වලින් අල්ලලා වටයක් දෙකක් කැරකෙව්වා. එයාලගෙ ඔෆිස් එකට මෙහෙම නොගියට මම යන්නේ ෆොරීන් එක්ස්චේන්ජ් ඉහලින්ම තියන කම්පැනි එකකට නේ. ගොඩාක් වෙලාවට මං දැකලා තියනවා Lobby එකේ වෙන රටවල් වල අය එකේක හේතු මත ඉන්නවා..


"ඇත්තටම ලස්සනයි උබ නම්. අද හේෂාන් අනිවාර්යයෙන් රෙසිග්නේෂන් දෙනවාමයි."


"දෙයිද ?"


"අනිවා දෙයි."


එහෙම කියපු සංජනා දුල් එක්කම මාව තුරුලු කරගත්තා. මාත් ඒ දෙන්නවම පෙරලාම තුරුලු කරගත්තේ කඳුළු එක්ක. මට හරි හයියක් ඒ වචනත් එයාලගේ.


"අමතක කරපන් බන්. හේෂාන් වගේ එක්කෙනයිද මේ ලෝකෙ ඉන්නේ. ඊට වඩා ලස්සන, උබට ගොඩාක් ආදරේ කොල්ලෙක් අපි හොයාගමු හාද."


"ඒකනේ. අපි චූටි කාලෙ ඉඳන්ම මොන තරම් කට්ටක් කාලද මෙතෙනට ආවේ. එහෙම එකේ මේ අස්වීම එච්චර දෙයක් වෙන්න බෑ මින්දියෝ. ඔයා යුවසිංහ ගෲප් එකට රෙසිග්නේෂන් දුන්නට ඔයාගේ ලයිෆ් එකට රෙසිග්නේෂන් දෙන්නෙ නෑනේ."


"ඔව්.. බොරුවට හොටු පෙරාන අඬන්න එපා. අපරාදෙ ලස්සන මූණ."


මාව අල්ලගෙන මගෙ කම්මුල් වල කඳුළුත් පිහදාලා එයාලා දෙන්නා එහෙම කිව්වා. පෙරේදා මං හේෂාන්ට මුකුත් කියන්න ඉඩ නොදී කියන්න ඕනි සේරම ඒවා කියලා ඇවිත් අද රෙසිග්නේෂන් දෙන්න යද්දි එයා මං දිහා බලන විදිහ මට මැවිලා පේනවා.


"මං ගිහින් දාන්නද. නැත්තම් ටැක්සි එකකින් යනවද ?"


"ඔයාලා දෙන්නා යන්න. මං ටැක්සි එකකින් යන්නම්."


එයාලව ඔෆිස් යවලා මං ගෙදරත් ලොක් කරලා පාර අයිනට ආවේ ටැක්සි එකක් අල්ලගන්න. වෙනදට මම මට ඕනි විදිහට කාර් එකේ ගමන් බිමන් ගියාට අද මට ටැක්සි එකක් එනකම් ඉන්න වෙලා. ඇස් වලින් කඳුළුත් එනවා මං අසරණ වෙලා තියන තරම මතක් උනාම.


ඒත් හේෂාන්ගෙ සල්ලි වලින් තමුන්ට එහෙම සැනසෙන්න බෑ මින්දි. ඒවා ඔයාට අයිති දේවල් නෙවෙයි. ආයෙමත් ඒ සල්ලි හොයන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම ඒ දේවල් මතක් කරලා අඬන්නත් එපා. ඔයා අලුතෙන් ජීවිතයක් පටන් ගන්නයි යන්නේ.


ටැක්සි එකේ නැඟලා මම ග්ලාස් එකට ඔළුව තියාගත්තා. විනාඩි දහයක් ඇතුලත ටැක්සි එකෙන් මං යුවසිංහ ගෲප් එක ඉස්සරහට ගියා. අද නම් සැලෝමි පරක්කුයි වගේ. එයාගෙ කාර් එක පේන තෙක් මානෙක නෑ. ඉතින් මං වෙනදා වගේම මගෙ ඔෆිස් එකට ගිහින් ටේබල් එකෙන් ඉඳගත්තා.


"මැඩම්.. සැලෝමි මැඩම් කිව්වා මැඩම්ට මේ ටික ෆිනිෂ් කරන්න කියලා."


"හරී."


ගෑනු ළමයෙක් ඇවිත් මට ෆයිල්ස් වගයක් දීලා ගියා. තව පැය භාගයක් තියනවා සැලෝමි එන්න. ඉතින් මං හිමිහිට ෆයිල්ස් ටික රෙඩි කලා. වෙලාව හරියටම අට වෙද්දි මං ෆිනිෂ් කරපුවා සේරම අරගෙන මැනේජර්ගේ ඔෆිස් එකට ගියා. ෆයිල් ටික මේසෙ උඩින් තිබ්බ මං මතක් කරගත්තා සැලෝමිගෙ ඇත්ත එළි කරන්න ගහපු ප්ලෑන් එක. ඊයෙ රෑ කල්පනා කරලා කරලා මං හිතුවා මෙහෙම දෙයක් කරන්න,


හිතලාම මං ෆයිල් හැම එකක්ම වරද්දලා හැදුවා. ඒ වගේම ඒකේ කොපි එකකුත් අරන් නිවැරදි කරලා හැදුවා. මගෙ වැරදි දැක්කම සැලෝමි මට බනිනවා. අන්න එතකොට මං වෙනදා වගේ සද්ද නොකර ඉන්නෙ නැතුව එයාටත් අනිත්පැත්තට මොනා හරි කියනවා. එයාට තරහා ගිහින් මම කියපු දේවල් අනිවාර්යයෙන්ම දැන්ම කෝල් කරලා රාදිතාට කියනවා.


ඉතින් එයා රාදිතාට ගන්න කෝල් එක මම රෙකෝඩ් කරන්න ඕනි. ඒකට නම් මගෙ ෆෝන් එක මං කොහෙ හරි හංගලා රෙකෝඩින් දාලා තියන්න ඕනි. ඒත් මං මොකක්ද ඒකට තෝරගන්නේ ?


වටේම තියන ඒවා බලලා මං මල් වාස් එකට එබුණා. වාස් එකේ යට දැල් කූඩෙන් හිඩසක් තියනවා. ඒකට ෆෝන් එක රිංගෙව්වාම පොඩ්ඩක් වත් පේන්නෙ නෑ. හිතලම බැලුවොත් විතරයි පේන්නේ. ඉතින් මං එතනින් ෆෝන් එක රෙකෝඩ් ඔන් කරලා තිබ්බා.


Grisp..


ෆෝන් එක තියලා හැරෙද්දිම සැලෝමි වෙනදා වගේම රවාගෙන ඇතුලට ආවා. එයා ඇවිත් බෑග් එක තියලා ටේබල් එකෙන් ඉඳගද්දිම මං හිනා උනා.


"Good morning මැඩම්.. ඔයා මට දුන්න හැම ෆයිල් එකක්ම මං චෙක් කරලා හරියටම ඕගනයිස් කරලා තියෙන්නේ."


"Are you sure ?"


කට කොනින් හිනා වෙලා එයා ෆයිල් ටික අතට අරගෙන පෙරලලා බැලුවා. ඒත් පිටුවල තියන අපභ්‍රංශ දැකලා ඒ මූණ කේන්තියෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මාත් මුකුත් නොදන්න ගානට හිටියා.


"What the hell are you thinking mindi."

(මොන මගුලක්ද තමුන් හිතන්නෙ මින්දි)


"ඇයි මැඩම්.. ප්‍රශ්නයක් වගේ පේනවද ?"


අත් දෙකත් බැඳගෙනම මං හිනා වෙලා එහෙම ඇහුවා. ඒ එක්කම තරහා ගියපු සැලෝමි ෆයිල් එක සීසීකඩ යන්න විසි කලා. සමහරවිට මං මේ ටික අහුලන්නේ නැතුව ගියොත් මෙයාගෙ තරහා තවත් අවුස්සන්න පුළුවන්.


"ප්‍රශ්නයක්.. හහ්.. තමුන් හිතලාමයි මේක කරලා තියෙන්නේ. මට කියනවා තමුන්ට මාව ජෝක් එකක් වගේද පේන්නේ ?"


"අනේ නෑ.. මැඩම්ව මම දේවත්වයෙන් අදහන්නෙ. මතකනේ ෆ්‍රයිඩේ කකුල් මසාජ් කරලා හීල්ස් දෙකත් දැම්මා."


"තමුන්ට ඊටත් වඩා දරුණු දෙයක් ඕනි වෙලා වගේ."


"ඔව්.. මේ පාර මං මොනවද කරන්න ඕනි ?"


මං හිනා වෙලා සැලෝමි මැඩම් දිහා බලාගෙන ඉද්දි එයා සෝෆා එකට එහාට වෙන්න තිබුණු වතුර පුරවපු, ෆ්‍රෙෂ් මල් තියන වාස් එකට කකුලෙන් එකක් ගැහුවා.


"තමුන් කොහොමද ඔහොම මාව ජෝක් එකකට ගන්නේ."


"දැන් ඔයා මේ වාස් එක පොලේ ගැහුවේ මට අස් කරන්නද ?"


"එහෙමද හිතන්නේ. ඔයා මේ මට චැලේන්ජ් කරනවද මින්දි ?"


"ඔව් මං චැලේන්ජ් කරනවා මැඩම්. පුළුවන් හැම එකම පොලේ ගහලා මෙතන ඩස්ට්බින් එකක් වගේ කරන්න. අන්න එතකොට මං ක්ලීන් කරන්නම්. මොකද මම ඔයාගෙ ඇසිස්ටන්ට් නෙවෙයි වැඩකාරිනේ."


මම එයාව ගණන් ගන්නෙ නැතුව කතා කරද්දි එයාගෙ තරහා වැඩි වුණා..


"තමුන් මගෙ ලිමිට් එකෙන් පිට යන්නයි හදන්නෙ."


"නෑ.. මගෙ ලිමිට් එකෙන් පිට ගියෙ ඔයා මිස් සැලෝමි."


දබරැඟිල්ල ලාවට දික් කරලා මම සැලෝමිට එහෙම කියලා කට කොනින් හිනා වෙලාම ඔෆිස් එකෙන් එළියට ගියා. එළියට ගිහින් දොරත් බාගෙට වහලා මම අහගෙන හිටියෙ මගෙ වැඩේ සාර්ථක වෙයිද කියලා.


"ශිට්.. ඒ ගර්ල් කොහොමද මට එහෙම කතා කරන්නේ. හොඳට හිටපු ඒ කෙල්ලට මොකක්ද මේ එකපාරටම උනේ. කොහොමද එයා එ වගේ පහත් විදිහට මට සලකන්නේ ?"


ටේබල් එකටත් අතින් පාරක් ගහලා සැලෝමි මට බනින හැටි එළියෙ ඉඳන්ම මං අහන් හිටියා. මම සාර්ථක වෙන්න නම් සැලෝමි රාදිතාට කෝල් එකක් ගන්නම ඕනි. මේ යන විදිහට නම් ඒක වෙන්න වැඩි වෙලා යන එකක් නෑ.


"රාදී.. ඔයා නිසා තමයි මේ සේරම."


එහෙම කියලා සැලෝමි ෆෝන් එකෙන් නම්බර්ස් වගයක් ටයිප් කරලා කෝල් එකක් ගත්තා. මගෙ මොලේ නිසාද, දෙවියන්ගේ ආශිර්වාදය නිසාද ප්ලෑන් එක වැඩ කරන්නේ කියලා මම හරියටම දන්නෙ නෑ. ඒත් මං දැනටමත් බාගෙට බාගයක්ම සාර්ථක වෙලා.


"රාදී.."


"Why."


"අර කෙල්ල මට අද මහ නරක විදිහට කතා කලේ. එකපාරටම මොකක්ද උනේ එයාට."


"ඇයි එයා මොනවද කලේ ?"


"හිතලම විකාරයක් නටලා, මගෙ ඉස්සරහා මට එකේක ඒවා කියලා කට කොනෙන් හිනා වෙලත් ගියේ."


"ඔයා ඒක එච්චර ගණන් ගන්න එපා. ඊයෙ මං එයාව බැනලා එළවගත්තානේ. ඒකට පිස්සු හැදිලා ඇති මෙලහකට 😅."


"ඔයාට මේක ජෝක් එකක් වගේ පෙනුණට මට මේක ජෝක් එකක් නෙවෙයි රාදි."


"Calm down සැලෝ.. මං ඔයාට මේ වැඩේට ක්‍රෝර් දෙකක් දෙනවා කිව්වනේ."


"ඒ ක්‍රෝර් දෙකට වඩා මට මගෙ පර්සනැලිටි එක වටිනවා රාදි. මං අදම මේ ඩීල් එකෙන් අයින් වෙනවා."


"Wait.. එහෙම එකපාරටම මේකෙන් අයින් වෙන්න බෑ ඔයාට. අපි අරුෂිව බොරු කේස් එකකට පටලවලා මෙච්චර දෙයක් කලේ මින්දිව යුවසිංහ ගෲප් එකෙන් ටර්මිනේට් කරන්න නෙවේද. එහෙම එකේ ඇයි ඔයා මගින් යන්න හදන්නේ."


"මට මෙච්චර අපහාස විඳින්න බෑ රාදිතා. ඔයා මේකට වෙන කෙනෙක් හොයා ගන්න. අනික දැන් අරුෂි ආයෙමත් මෙතෙන්ට එන්නයි හදන්නේ."


"අරුෂි ආයෙ ආවට කමක් නෑ. අද ඒ කෙල්ල රෙසිග්නේෂන් දෙන එකම මට Miracle එකක් සැලෝමි."


"එතකොට."


"හේෂාන් ඔයාව Temporary ගත්තේ. මතකයිනේ එයා කිව්වෙ එකම එක වීක් එකයි. ටනාෂියා ඇත්ත හොයා ගන්න කලින් ඔයා රෙසිග්නේෂන් දීලා යන්න."


"කවද්ද.. කවදා වෙනකම් මං බලන් ඉන්නද. මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ."


"Calm down.. නෙක්ස්ට් වීක් අරුෂි එයිනේ. එතකොට ඔයා කියන්න. වෙන අපොයිමන්ට් එකක් හම්බුණා කියලා."


"ඒත් කොහොමද මං මේ කෙල්ල කරන ඒවා ඉවසන්නේ ?"


"සැලෝ.. මම එයාට මුකුත් කරන්නෙ නෑ හේෂාන් නිසා. ඔයා ටිකක් ඉවසලා ඉන්න. කොච්චර කෙරුවත් කට ගහගෙන එනවා නම් විතරක් මට කියන්නකෝ."


"But......"


"Sorry සැලෝ.. මං මෙවෙලේ ටිකක් බිසී. වර්කවුට් එකක ඉන්නේ. ඔයා පොඩ්ඩක් ඕක Handle කරගන්නකෝ."


Beep


රාදිතා කෝල් එක කට් කරපු නිසා සැලෝමිට තවත් තරහා ගිහින් ටේබල් එකට පාරක් ගැහුවා. මෙයා මෙහෙම ටේබල් එකට තවත් පාරක් ගැහුවොත් අනිවාර්යයෙන්ම මල් වාස් එක වැටිලා ෆෝන් එක එළියට එනවා. ඊට කලින් මං ගිහින් මේක එයාගෙ ඉස්සරහම ගන්න ඕනි.


සැලෝමි දැනගත්තම මම එයාගෙ ඇත්ත දැනගෙන මේක කරා කියලා. එයා මට ආයෙ මෙහෙම තදින් කෑ ගහන එකක් නෑ. සමහර විට එයා මගෙන් බැගෑපත් වෙලා ඉල්ලයි මේ ගැන කාටවත් කියන්න එපා කියලා. එතකොට මට පුළුවන් සැලෝමිව අල්ලෙ නටවලා අරුෂිව වරදකාරි කරපු එකේ ඇත්තම විස්තරය එළියට ගන්න.


"Excuse me මිස් සැලෝමි. මට අමතක වෙලා මගෙ ෆෝන් එක දාලා ගියානේ."


මං එහෙම කියලා එයාගෙ රූම් එකට ගියා. ඒ පාර සැලෝමි මං දිහා රවාගෙන වගේ බලන් හිටියා. ඉතින් මං හිනා වෙලාම වාස් එක උස්සලා මගෙ ෆෝන් එක අතට අර ගත්තා. ෆෝන් එක ගද්දිම සැලෝමිගෙ මූණ අඳුරු උනා.


"Hey you.."


"Why ?"


මං ෆෝන් එක අරගෙන රෙකෝඩින් එක ඕෆ් කරලා සැලෝමිට ඇහෙන්න ප්ලේ කලා. කලින් එයා රාදිතා එක්ක කතා කරපු හැම දෙයක්ම ඒකෙ පැහැදිලි රෙකෝඩ් වෙලා තිබුණා.


"How dare you......"

(තමුන්ට මොන හයියක්ද.....)


"Calm down සැලෝමි මැඩම්. ඔයා ආයෙමත් ඔය වගේ වැඩක් කරලා තිබුණොත් මං මේක හේෂාන් සර්ට දෙනවා. එතකොට ඔයාට යන්න වෙන්නෙ පොලිස් ස්ටේෂන් එකට."


"No."


සැලෝමි මං කිව්ව දේට අවනත වෙලා එහෙම කිව්වා. මම ගහපු ප්ලෑන් එක සක්සස් වෙද්දි මගෙ හිතට ආවේ ලොකු සතුටක්. දැන් මට තියෙන්නේ මේක හේෂාන්ට දෙන එක.


"ඇයි.. එපාද දෙන්න ?"


"Please.. don't do that. මින්දි මං කියන දේ අහන්න. ඔයා මේකට රාදිතාවයි කන්ටැක් කරගන්න ඕනි. නැතුව මාව නෙවෙයි. එයා මට ක්‍රෝර් එකක් දෙනවා කිව්වා."


"ඉතින් ?"


"අහන්න මින්දි.. ඇත්තටම මම ඔයාට සැලකුවේ නරක විදිහට. එහෙම කලේ මගෙ පෞද්ගලික තරහකට නෙවෙයි. රාදිතා කිව්ව නිසා. ඔයාට මතකයිනේ එදා. මං ඔයාට පේජ් එකක් අරන් ඒකෙ වැරැද්ද පෙන්නුවා."


"ඉතින් ?"


"ඒ පේජ් එක ඔයා වරද්දලා තිබුණෙ නෑ. මමයි ඒක හිතලම දාලා ඔයාට බැන්නේ. රාදිතා මට කිව්වා ඔයාට මේ ජොබ් එක එපා වෙන තත්වෙට වැඩ කරන්න කියලා. ඉතින් මං එහෙම කලා."


"Thank you කිව්වට. ඒත් දැන් මේකෙ හැමදෙයක්ම රෙකෝඩ් වෙලා ඉවරයි. ඔයාලා අරුෂි මැඩම්ට කරපු අසාධාරණයට මම ඔයාලට පනිශ් කරන්නම්."


එහෙම කියපු මං හැරිලා දොර ගාවට යන්නයි ගියේ. ඒත් මං දොරේ ලොක් එකට අත තියද්දිම සැලෝමි හඬ අවදි කලේ මගෙ උත්සහය උපරිමයෙන්ම සාර්ථක කරලා.


"මං ඔයා කියන ඕනිම දෙයක් කරන්නම් මින්දි. So please. හේෂාන් සර්ට මුකුත් කියන්න එපා."


"මං කියන ඕනිම දෙයක් කරනවද ?"


"ඔව්."


එහෙම කියපු සැලෝමි මගෙ ලඟට ආවා. පුදුමයි එයා මෙච්චර ඉක්මනින් බැගෑපත් වෙනවා දැක්කම නම්. මොකද එයා කලින් හිටියේ ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට්ගේ වයිෆ් වගේනේ.


"ඔයා කියන ඕනිම දෙයක් කරන්නම්."


"එහෙනම් පාඩුවේ මේ රූම් එකට වෙලා ඉන්න මං ඇත්ත එළි කරනකම්."


එහෙම කියපු මම යන්නයි හැදුවේ. ඒත් එකපාරටම මගෙ අතින් ඇද්ද සැලෝමි ෆෝන් එක උදුරලා ගත්තේ මං එයාගෙ අතින් ෆෝන් එක අරගන්න උත්සහ කරද්දි..


ඒත් එක්කම එයා ෆෝන් එක උස්සලා පොලවේ ගහන්නයි හැදුවේ. ෆෝන් එක එයාගෙ අතින් විසි වෙලා බිමට වැටෙන්න කලින් මගෙත් නොවුණු වෙන අතකට වැටුණා. අපි දෙන්නා විතරක් හිටපු රූම් එකේ වෙන කවුද හිටියේ බලන්න මං ඔළුව ඉස්සුවා.


"From now on, Don't try to lie to me Miss Salomi."

(දැන් ඉඳන් මට බොරු කියන්න උත්සහ කරන්න එපා මිස් සැලෝමි)


................................................... 🖤 ...


කව්ද මේ මින්දිගෙ ප්ලෑන් එක සක්සීඩ් කලේ 🤔


හැමදාම ලයික් දෙන අයට Thank you 🖤


Sachy Collins

Report Page