Spring is far away - 54 (Part 2)
Sachy Collins
"ඔයාලටත් පුළුවන්. මං ආයෙ දවසක ඇවිත් ඔයාලට කියලා දෙන්නම්කෝ."
"ආයෙ කවද්ද ඔයා එන්නේ ?"
"ළඟදිම එන්නම්කෝ."
"එදාට ඇවිත් අපිට අනිවාර්යයෙන් කියලා දෙන්නකෝ. එතකොට අපිටත් පුළුවන් මේ බිල්ඩින් එකේ මේ විදිහටම චිත්‍ර අඳින්න."
මං එහෙම කියලා එයාලව ශේප් කරලා ආයෙමත් කාර් එක ගාවට ගියා. 01:00 වෙලාව අපි ඕපනේජ් එකෙන් පිටත් වෙනකොට. සිස්ටර්ස්ලාගෙන් නම් මට ගොඩාක් උදව් ගන්න පුළුවන්. ඒත් මං ආස නෑ තවත් එයාලට බරක් වෙන්න.
හෙට මං යුවසිංහ ගෲප් එකට රෙසිග්නේෂන් දුන්නම මට ආයෙ ජොබ් එකකට ඇප්ලයි කරන්න වෙනවා. මං කම්පැනි දෙකක වැඩ කරලා තියන නිසා ඉන්ටර්විව් වලින් ෆේල් වෙන එකක් නැතිවෙයි. අනික ඩිග්‍රි එකකුත් තියනවානේ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ හේෂාන් මට රෙසිග්නේෂන් නොදුන්නොත්.
"තේෂාන්.."
"ඔව් ?"
"මට පුළුවන්ද උදව්වක් කරන්න."
"මොකක්ද. කරන්න පුළුවන් දෙයක් නම් කරන්නම්."
"බැරි වෙලාවත් හේෂාන් මට රෙසිග්නේෂන් දුන්නෙ නැත්තම්, ඔයාට පුළුවන්ද මට එයාට කියලා අරන් දෙන්න."
"අනේ මංදා. අයියා නොදී ඉන්න එකක් නෑ ඔයා බල කරොත්. එයා කොහොමත් ඔයාව කම්පැනි එකේ එයාට පේන දුරින් තියන් ඉන්නේ ඇන්ඩෲස්ගෙන් කරදරයක් වෙයි කියලනේ."
"ඒත් මං කොහොමද එයාට බල කරන්නේ."
"බල කරන්නම ඕනි නැතිවෙයි. සමහරවිට දෙයි. දැන් එයාගෙ කව්ද මැනේජර් කෙනාගෙ ප්‍රශ්නෙත් ඉවරයිලුනේ."
"මැනේජර් කෙනාගෙ කිව්වේ.. අරුෂි මැඩම්ගෙද ?"
"ඔව්."
"මොකක්.. ඒක ඉවරයි කිව්වා 😧 ?"
හේෂාන් ඒකෙ ඇත්ත නැත්ත හොයාගෙනද ඒ කියන්නේ. ඒත් ඒකෙන් අරුෂි මැඩම් වරදකාරි වෙලා නම් සැලෝමි ඉඳගෙන රාදිතාට කම්පැනි එකේ සේරම ඩීටේල්ස් පිට යවයි.
"හ්ම්ම්.. එහෙම එකක් ඊයෙ රෑ කිව්වා."
"අරුෂි මැඩ්ම්ලුද වැරදි ?"
"තාත්තා එක්ක කියනවා ලාවට වගේ මට ඇහුණා. කව්ද මංදා ඩිරෙක්ටර් කෙනෙක් හිතලමලු අරුෂිව අහු කරන්න එයාගෙ ඊ මේල් අකවුන්ට් එක හැක් කරලා බජට් ඩ්‍රෆ්ට් ටික Unknown අකවුන්ට් එකකට යවලා තියෙන්නේ. ඒ අකවුන්ට් එක දැන් අයින් කරලාලු. ඒ නිසා ඒක එතනින්ම නැවතිලා."
"එතකොට අරුෂිට ආයෙ එන්න කියනවා කිව්වද ?"
"ඔව්.. හෙට එන්න කියන කතාවකුත් කිව්වා."
"එතකොට ඒක කරපු ඩිරෙක්ටර්."
"සමරසිංහද කියලා කෙනෙක් නේද. එයාව සස්පෙන්ඩ් කරානේ. එයාගෙ ටර්මිනේෂන් ලෙටර් එකත් හෙට දෙනවා කිව්වා."
"Thank god."
මං පපුවට අත් දෙකත් තියාගෙන හුස්මක් හෙළුවා. අරුෂි මැඩම් මං නිසා ජොබ් එකෙන් අයින් උන එකත් මට ලොකු බරක් වෙලා තිබුණේ. මොකද ඒ දේට මාත් වගකියන්න ඕනි නිසා. හැම දෙයක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව විසඳුන එකට හරි සතුටුයි. ඒත් මට රෙසිග්නේෂන් දීලා යන්න කලින් කරන්න වැඩක් තියනවා,
සැලෝමි මැඩම්ගේ ඇත්ත හැමෝටම ඔප්පු කරන එක. මට පුළුවන් නම් රාදිතාගෙයි එයාගෙයි කෝල් එකක් රෙකෝඩ් කරන්න, ඒක හේෂාන්ට ගිහින් දීලා සැලෝමිත් මේකට හවුල් කියලා ඔප්පු කරන්න පුළුවන්.
"අම්මෝ මෙයාලා මෙච්චර වෙලා ගියානේ එන්න."
තේෂාන්ගෙ යාළුවාගෙ ගෙදරට අපි එක හමාර වෙද්දි ගියා. එයාගෙ යාළුවා එයාව හග් කරද්දි කව්ද මංදා ගෑනු ළමයෙක් ඇවිත් මාවත් හග් කරා. එයාගෙ යාළුවො මං වැඩිය අඳුනන්නේ නෑනේ.
"මින්දි.. මේ ඉන්නේ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. අපි එකට කැම්පස් එකේ ඉගෙන ගත්තේ."
"ආ.. Nice to meet you."
තේෂාන්ගෙ යාළුවාටයි වයිෆ්ටයි අත දීලා මං එහෙම කිව්වා. උස් තේ වත්තක් මැද තියෙන ඒ ලස්සන ගෙදර මල් පිරිලා. දැක්කම මට හිතෙනවා මල් අතු ටිකක් කඩන් යන්න. ඒත් දුල්නෙත්මිලා ඉන්න තැන තමයි මේ මල් ගෙනිහින් හිටවන්න වෙන්නේ. මට හිටපු ගෙදරත් නැති උනානේ.
"මොනා කරන්නත් කලින් කාලා ඉමු. දැන් දෙකටත් ලඟයිනේ වෙලාව. කෑම නිවුණොත් අපරාදේ."
අපි දෙන්නාට ආපු ගමන්ම එයාලා සංග්‍රහ කරන්නයි ලෑස්තිය. සීතල පැති වල අපි කොළඹ, කුරුණෑගල ඉන්නවා වගේ හිතෙන හිතෙන වෙලාවට කෑම කන්න, බොන්න බෑ. තියන සීතල නිසා මේ දැන් හදපු බත් එක නිවිලා යනවා බලන් ඉද්දි. ඉතින් එයාලා රසට හදපු බත් එක අපි පොඩි සාමිචියක් දාගෙනම ඉවර කලා.
"තේෂාන් මැරි කරනවා කිව්වේ මේ ගර්ල්ව නේද ?"
"ඔව්.. මේ මින්දි. අපේ අයියගෙ ඔෆිස් එකේ වැඩ කරන්නේ."
"එහෙමද.. මට මින්දිගෙ මූණ හොඳට හුරුයිනේ. ඔයා මෙහෙ කෙනෙක් නෙවෙයි නේද ?"
තේෂාන්ගෙ යාළුවා එහෙම අහද්දි මං ඔළුව දෙපැත්තට වැනුවා. මේ මං ඔහොම කතාවක් අහන පළවෙනි පාර නෙවෙයි. තුන්වෙනි පාර වෙන්න ඕනි.
"නෑ නෑ.. මං පොඩි කාලෙ ඔහියේ හිටියේ."
"ආ.. මට දැනුයි මතක් උනේ. අපේ අම්මලා දන්න Instrument ප්ලේ කරන කෙනෙක් හිටියා. එයාත් මින්දි වගේමයි."
තේෂාන්ගෙ යාළුවා එහෙම කියද්දි මං වතුර බොන එකත් නවත්තලා එයා දිහා බැලුවා. තේෂානුත් ඒ කව්ද කියලා අහන්න වගේ බලාගෙන හිටියා.
"ඇත්තටම ?"
"ඔව්.. අපේ අම්මා නම් දන්නවා. එයා මියුසික් ටීචර් කෙනෙක් නේ."
එහෙම කියපු සමිත් එයාගෙ අම්මා දිහා බැලුවා. තද දම්පාට රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳන් හිටපු ඒ අම්මා මං දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා කට ඇරියා.
"මාත් ඒක තමයි පුතා මේ බැලුවේ. මේ දුව වගේමයි ඒ නෝනත්. මේ හැඩරුවමයි තිබුණේ."
"ආන්ටි දන්නෙ නැද්ද එයා ගැන ?"
"මගෙන් Instrument එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න ආවා ඒ කාලෙ රට නෝනා කෙනෙක්. එයා මෙහෙ කෙනෙක් නෙවෙයි සිංහල කතා කරාට. නම නම් මට මතක නෑ. හැබැයි එක සැරේක පත්තරේක මුල පිටුවේ හිටියා."
තේෂාන් අහපු දේට ඒ ආන්ටි එහෙම කියද්දි මං අත් දෙක හෝදන ගමන් හිනා උනා. එක වගේ මිනිස්සු ඕනි තරම් ඉන්නවානේ. එදා රාදිතා කිව්වා වගේම මම වගේ තව අය මේ ලෝකෙ ඉන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඒ කෙනා මගෙ නෑදෑ කෙනෙක්වත් අම්මාවත් වෙන්න බෑනේ.
"දැන් එයා නැද්ද ?"
................................................... 🖤 ...
මින්දිගෙ පවුලෙ කෙනෙක්ගෙ හින්ට් එකක් නේද ළමයි මේක 😮
කෝ ලයික්. කියවන අයගෙන් 10% ක් වත් ලයික් නෑනේ අනේ..
Sachy Collins