Spring is far away - 50
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 50 | Azaleas
"හේෂානුත් මට ඔහොම කියනවා."
"මිස් බයෙන් ඉන්නෙ සර් ගැන. එහෙම නෙවෙයිද ?"
"මට තේරෙන්නෙ නෑ. මං කොහොමත් එයා ගැන අමුතුම බයකින් ඉන්නෙ."
"බය වෙන්න එපා මිස්.. හේෂාන් සර් හරිම වාසනාවන්තයි. මිස් වගේ කෙනෙක් ලැබුණෙත් ඒ නිසානේ. එයාට කවදාවත් මෙහෙම ලෙඩක් හැදෙන්නෙ නෑ."
"හැබැයි එයාට මාව නැති උනේ අවාසනාවකට නම්."
"අවාසනාව එක දිගටම එන්නෙ නෑ මිස්. අවාසනාවන්ත දවස් අතරින් වාසනාවන්ත දවසුත් එනවා."
"ඔයා හරි."
හිරුෂාන් හරි. තද කළු වලාකුළු අස්සෙන් ඉර එබෙන අවස්ථාවල් නැතුවම නෙවෙයිනේ. ඒ වගේම මට අවාසනාවකට හේෂාන් නැති උනාට, හේෂාන්ගෙ වාසනාවකට මාව නැති වෙන්න ඇති.
"මිස් යන්න දැන්.. වහින්නයි එන්නේ."
"හ්ම්ම්.."
"මං අර ටික කපලා ඉවර කරන්නත් ඕනි වැස්සට කලියෙන්."
"හරි එහෙනම්.. ඔයා යන්න හිරුෂාන්."
මං කඳුළු පිහදාගෙන අහස දිහා බැලුවා. හතර පැත්තෙන්ම වැහි කළු මුදුන් වෙලා. ගොරවන සද්දෙත් ලාවට ඇහෙනවා.
"හිරුෂාන්.."
එයා ආයෙමත් ඈත ඇසේලියා පඳුර ගාවට යන්න හදද්දිම මං එයාට කතා කලා. ඒ එක්කම එයා හැරුණා.
"පරිස්සමින් ඉන්න."
"මිසුත් පරිස්සමින් ගෙදර යන්න."
එහෙම කියපු හිරුෂාන් ගිහින් ආයෙමත් තණකොල කපන මැෂින් එක තල්ලු කරගෙන ගියේ ඇසේලියා පඳුර අස්සට. එතනින් එහාට මට එයාව පෙනුණේ නෑ. ඒත් කලින් දුන්න පන්දාහෙ කොල නිසාද කොහෙද මගෙ හිතට පොඩි සැනසීමක් ආවා. සමහරවිට ඊලඟ දවසෙ මං එද්දි එයා මේ ඉන්නවාට වඩා හොඳින් ඉඳීවි.
වැස්සක පෙර නිමිති පෙන්නන අහස නිසාම මං කාර් එකට නගින්නයි හැදුවේ. ඒත් එකපාරටම මට කාගෙ හරි හීල්ස් දෙකක සද්දයක් ඇහුණා. ඉතින් මං හැරුණා.
මං ඉස්සරහා හිටියේ වෙන කවුරුත් නෙවෙයි. රාදිතා. ඒ ඇස් වල කඳුළු පිරිලා කම්මුල් දිගේ බේරෙනවා. ඒත් ඇයි මේ ?
"රා..රාදිතා ?"
චටස්..
එකපාරටම රාදිතා ඇවිත් මගෙ කම්මුලට එකක් ගැහුවේ මගෙ මූණ අනිත්පැත්ත හැරෙන්නමයි. වැදුණු පාරත් එක්ක මං කාර් එක අල්ලගත්තේ දකුණතින් කම්මුලත් අල්ලගන්න ගමන්.
"ජරා කෙල්ල.. මට හිතුණා තමුන් තමයි මේ හැම දේටම මුල කියලා."
"හහ් ?"
මං හිමින් සීරුවේ ඒ පැත්තට හැරුණේ ඇයි මට ගැහුවෙ අහන්න. ජීවිතේ පළවෙනි වතාවට මට මනුස්සයෙකුගෙන් කම්මුල් පාරක් වැදුණේ අදමයි. ඒකත් මං ආදරේ කරපු හේෂාන්ව අයිති කරගත්තු ගෑනු ළමයාගෙන්.
"මේ මොකක්ද ?"
රාදිතා පාක් එකත් එක්ක දෙවනත් වෙන්නම කෑ ගහලා අහද්දි මං බැලුවේ එයා, එයාගෙ අතින් මගෙ පැත්තට දික් කරපු ෆෝන් එක දිහා.
ෆෝන් එකේ තිරය දිහා බලපු මගෙ ඇස් විසල් උනේ එතන මායි හේෂානුයි දෙන්නා හිටපු නිසා. ඊයෙ රෑ ඉස්තෝප්පුවේ එයා මාව තුරුලු කරන් කිස් කරපු එක රාදිතාට ෆොටෝ එකක් විදිහට ගියෙ කොහොමද ?
"තමුන් හිතුවද මං මේ දේවල් දැනගන්නෙ නැතිවෙයි කියලා."
වම් පැත්තට වෙන්න තියන දැල් වැටෙන් ලයිට් එළිය වැටිලා පේන මගෙයි හේෂාන්ගෙයි ඒ රුව දකින ඕනිම කෙනෙක්ට ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. මගෙ ඩ්‍රෙස් එකේ බාගයක්ම ඉස්සෙන්න තරම් එයාගෙ ඉහලට ගියපු අත නිසාමත්, එයාගෙ ශර්ට් එක මිරික ගෙන හිටපු මගෙ ඇඟිලි නිසාත් දකින කෙනෙකුට හිතාගන්න පුළුවන් අපි අතර තියන ඇත්තම සම්බන්ධය මොකක්ද කියලා.
"තමුන්ට හැමදාම ඕනි හේෂාන්ව මගෙන් උදුර ගන්න. මං ඒකයි තමුන්ගෙ ඔය කිඹුල් කඳුළු වලට රැවටෙන්නෙ නැත්තේ."
"රාදිතා.. ඒක.."
මට තියන ප්‍රශ්නේ මේක කොහොමද රාදිතාට ගියෙ කියලා. එවෙලෙ පේන තෙක් මානෙක මනුස්සයෙක් හිටියෙ නෑ. අනික කවුරුත් අපිව ෆලෝ කරෙත් නෑනේ.
"තමුන් හේෂාන්ගෙ සල්ලි වලට වහ වැටිලද තාමත් පස්සෙන් එන්නේ ?"
"නෑ රාදිතා.."
මේක මම හිතලා හේෂාන් අල්ලගන්න කරපු දෙයක් නෙවෙයි. එයයි මාව තුරුලු කරන් කිස් කලේ. ඉස්සෙල්ලා වැස්ස වෙලේ කාර් එක ඇතුලෙත් කිස් කලේ එයා විසින්මයි. මට හැමදාම ඕනිකම තිබුණේ හේෂාන්ව මගෙන් පුළුවන් තරම් ඈත් කරන්න. ඒත් එයාමයි මට ලං උනේ..
"රාදිතා මං.. හිතලා ඒක කලේ නෑ.."
"තමුන් තවත් බොරු කියන්න එනවද මින්දි.."
එහෙම කියපු රාදිතා ආයෙමත් පාරක් මගෙ කම්මුලට ගහන්න අත උස්සද්දි එයාගෙ අත නැවතුණේ මට දැකලා හුරු පුරුදු අතකින්. මං බිම බලාගත්තේ කලින් පාරට රිදුන කම්මුලට ආයෙමත් වේදනාවක් දැනෙනවා දරාගන්න බැරි නිසා.
"What the hell are you doing Raditha !!"
ඒ කටහඬ තේෂාන්ගෙ. මං ඉක්මනින් ආයෙමත් මූණ හැරෙව්වෙ එයාලගෙ පැත්තට. ඒ සැනින්ම රාදිතා තේෂාන්ගෙ අත ගසලා දැම්මා.
"මින්දි.. ඔයා හොඳින්ද ?"
තේෂාන් මගෙ ගාවට ආවා. මං ඒ අත් දෙකට වාරු උනේ මගෙ කටට ලේ රසක් දැනෙද්දි. තොල අගින් පැළුණු තැනට තේෂාන් අත තියලා ලේ ටික පිහදලා දාද්දි තමයි මාත් දන්නෙ රාදිතා ගහපු පාරට මගෙ තොලත් පැලිලා කියලා.
"රාදිතා අක්කෙ.. තමුන්ට විකාරද.. ඇයි මින්දිට ගහන්නේ ?"
"හහ්.. ඔයා මගෙන් මෙහෙම අහන්නෙ කිසිම දෙයක් නොදැන මල්ලි. දන්නවද මේ කෙල්ල කරලා තියන හපන්කම."
රාදිතා එහෙම කියද්දි මං ඔළුව දෙපැත්තට වැනුවේ තේෂාන්ට ඒ ෆොටෝ එක පෙන්නන්න එපා කියන්න. මම දැන් මැරි කරන්න ඉන්නෙ තේෂාන්ව. එහෙව් එකේ තමන්ගෙ ෆියන්සියි, තමන්ගෙ අයියයි ඒ විදිහට හැසිරෙන ෆොටෝ එකක් දැක්කොත් එහෙම එයාට මොනවා හිතෙයිද.
"ඔයා හැමදාම මොකක් හරි හේතුවක් ඇදගෙන මින්දිට ගහන්නයි බනින්නයිනේ බලන් ඉන්නේ."
"ඔයා කියන්නෙ මේක දැකලත් මට නිකන් ඉන්න කියලද ?"
එහෙම කියපු රාදිතා තේෂාන්ගෙ පැත්තට මායි හේෂානුයි ඉන්න ෆොටෝ එක දික් කලේ මගෙ උත්සහය ව්‍යර්ථ වෙද්දි.
"මේක කොහෙන්ද ඔයාට ?"
බලාපොරොත්තු නොවුණ වචන පේලියක් තේෂාන්ගෙන් ඇහෙද්දි මම ඇහිපිය නොගහා ඒ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.
"ඔයාට අහන්න තියන එකම ප්‍රශ්නේ ඕකද තේෂාන්. ඇයි ඔයා මේ ශිටී කෙල්ලගෙන් අහන්නෙ නැත්තෙ එයා හේෂාන්ගෙ මිස්ට්‍රෙස් නෙවේද කියලා."
"එහෙම අහන්න මේකද එකම එවිඩන්ස් එක ?"
"හහ්.. ඔයත් එහෙනම් මින්දිගෙ පැත්ත ගන්න. ඒත් මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. මම මගේ පාඩුවේ හේෂාන් එක්ක ලස්සන ලයිෆ් හදාගන්න යද්දි ඇයි මේ ජරා කෙල්ල අපේ මැද්දට පනින්නේ ?"
"කවුරුත් මෙතන මැද්දට පැන්නෙ නෑ රාදිතා අක්කේ. මේක සිද්ධ වෙන්න තිබුණ දෙයක්."
"තමුන් කොහොමද ඔහොම කියන්නෙ තේෂාන් ?"
මම තාමත් තේෂාන්ගෙ අතේ එල්ලිලා. ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ. වැරැද්ද මගේ නොවුනත් අද මට දුක් විඳින්න වෙලා. මට කිසිම දවසක උවමනා උනේ නෑ හේෂාන්ගෙ මිස්ට්‍රෙස් වෙන්න.
"මින්දි කියන්නෙ අපේ අයියගෙ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්. එහෙව් එකේ මේ වගේ දෙයක් වෙන එක මහ ලොකු පුදුමයක්ද."
"ඔව් පුදුමයක්.. කලින් සම්බන්ධකම් ආයෙ පටන් ගන්න හදනවද කියන එක ගැන මට තියෙන්නේ මහා ලොකු පුදුමයක්."
"ඉනෆ්.. ඔය ෆොටෝ එක කොහෙන් ඔයාට හම්බුණත් කමක් නෑ. දැන්ම ඕක ඩිලීට් කරලා දාලා මින්දිගෙන් සමාව ගන්න."
"මං මොකටද මේ නර්ඩි ගර්ල්ගෙන් සමාව ගන්නේ. මෙයයි මගෙ හේෂාන්ව මගෙන් උදුරගන්න හදන්නේ."
"මට හේෂාන්ව උදුරගන්න උවමනාවක් නෑ රාදිතා. මට එයාත් එපා, එයාගෙ සල්ලිත් එපා."
මං කඳුළු, ඉකිබිඳුම් අස්සෙන් රාදිතාට එහෙම කිව්වා. මම අසරණ උන මේ වෙලාවෙ තේෂානුත් මගෙ පැත්තට කතා කරද්දි මට දැනුනේ එයා ගැන සතුටක්. මොකද එයා මං ගැන තේරුම් අරගෙන හොඳට රාදිතාට පැහැදිලි කරලා දීපු නිසා. ඒත් රාදිතා ඒක පිළිගන්නෙ නෑ කොච්චර කෙරුවත්.
"එහෙනම් මොකටද තමුන් මේ විදිහට හේෂාන්ව සිඩියුස් කරගන්නේ."
"ප්ලීස් රාදිතා අක්කේ. මෙතනින් යන්න ඕකත් අරගෙන."
"මං යන්නම්. හැබැයි මින්දි තමුන් මගෙන් පරිස්සම් වෙලා ඉන්නවා. මම කවදාවත් හේෂාන්ව තමුන්ට අයිති කරගන්න දෙන්නෙ නෑ."
දබරැඟිල්ල දික් කරලා එහෙම කිව්ව රාදිතා එතනින් වේගෙන් ගියේ පාර අයිනෙ නවත්තලා තිබුණ එයාගෙ කාර් එක ගාවට. තේෂාන් එයා දිහා බලාගෙන ඉඳලා එකපාරටම මගෙ දිහා බලද්දි මං අහක බලාගත්තේ එයාට මූණ දෙන්න ලැජ්ජ හිතුණ නිසා.
"ඔයා හොඳින් නේද මින්දි."
"මං හොඳින්."
"එන්නකො මෙතනින් ඉඳගන්න."
කාර් එකට එහාපැත්තෙ තිබුණ බෙන්ච් එකේ තේෂාන් මාව ඉන්දවලා එහා පැත්තෙ ඉඳගත්තා. මෙච්චර වෙලා නොතිබුණු වේදනාවක් දැන් නම් මට කම්මුලෙනුයි තොල අගිනුයි දැනෙනවා.
"ඔයාගෙ කම්මුල රතු වෙලා."
තේෂාන් එයාගෙ අතින් මගෙ මූණ උස්සද්දිත් මගෙ ඇස් යොමු වෙලා තිබුණේ හිරුෂාන් හිටපු ඇසේලියා පඳුර ගාවට. එයා එතන අස්සෙ තාමත් තණකොල කපනවා. හොඳ වෙලාවට එයා මේක නොදැක්කේ.
"තොලත් පැලිලා ටිකක්.. මගෙ First Aid බොක්ස් එකත් කාර් එකේ නෑ මෙවෙලේ.. ශික්."
"ඒකට කමක් නෑ තේෂාන්."
"එතකන් මේකෙන් පිහදගන්නකෝ."
එහෙම කියලා එයා මට දුන්නේ එයාගෙ අයියා පාවිච්චි කරනවා වගේම යුවසිංහ Logo එක ගහපු සිනිදු සර්වියට් එකක්. කලින් එකත් මං ගාව ඒ විදිහටම තියනවා.
"නෑ.. එපා.."
"කමක් නෑ.. මේක අරගෙන ඕක පිහදගන්න."
තේෂාන් මගෙ අල්ල උඩින්ම සර්වියට් එක තිබ්බ නිසාම මං ඒක අරගෙන තොල ළඟින් තියා ගත්තා. ඒ අල්ලද්දි වැඩිපුරම රිදෙන්නෙ කම්මුල. දැනෙන විදිහට නම් කට ඇතුලෙනුත් පැලිලා වගේ.
"මට සමාවෙන්න තේෂාන්.. මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි."
"මං ඒක දන්නවා."
"මම හේෂාන්ගෙ පස්සෙන් යන්නෙ නෑ. ඒත් මේ ෆොටෝ එක දැක්කම රාදිතා කලබල උන එක සාධාරණයි."
"ඒත් එයාට එහෙම ඔයාට ගහන්න අයිතියක් නෑ මින්දි."
එහෙම කියපු තේෂාන් ඈත ඇසේලියා පඳුර දිහා බලාගත්තා. ඊයෙ රෑ මායි හේෂානුයි අතර උන කිසිම දෙයක් නොදැන රාදිතා එහෙම ගහපු එකට මට කිසිම දුකක් නෑ. ඒත් ඇයි මේ ෆොටෝ එක දැකලා ඒ තරම්ම ඒ ඇස් වලින් කඳුළු පිට උනේ ?
ඒ කියන්නේ රාදිතා ඇත්තටම හේෂාන්ට ආදරේ කරනවා කියලද ?
"ඔයාගෙයි අපේ අයියගෙයි එෆෙයා එක ගැන මම හොඳට දන්නවා මින්දි. එහෙව් එකේ ඔයාලා දෙන්නා අතර මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි..
අනික අපේ අයියත් කලබල කාරයෙක් නේ. එයාට එයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දවසක් තිබුණොත් ඒක ගිනස් රෙකෝඩ් එකට යනවා. එයා ඔයාට ආදරේ කරපු තරමට, ඔයාට ලං උන තරමට අද මේ වගේ දෙයක් වෙන එක සාමාන්‍යයි."
එයාට කිසිම ගාණක් නැද්ද තමන්ගෙ ෆියන්සි වෙන කෙනෙක්ව කිස් කරනවා දැකලත්. ඒකෙන් කියන්නෙ තේෂාන් මාව මැරි කරන්න හදන්නේ එයාලගෙ ෆැමිලි එක එකලාසයක් කරගන්න කියලද ?
❝ මං එයාට ගොඩක් ආදරේ කලා ❞
❝ මමයි මගෙ අත් දෙකෙන්ම එයාගෙ Surgery එක කරේ.. ඒත්.. මට එයාව බේරගන්න බැරි උනා ❞
එයා ආදරේ කරපු ගෑනු ළමයාගෙන් එහාට එයාට වෙන කෙනෙක් ගැන හිතන්න බැරුව ඇති. අද මම හේෂාන්ව අමතක කරගන්න බැරිව ඉන්න තත්වෙන්ම තේෂානුත් එයා අවුරුදු ගාණක් ආදරේ කරපු කෙනා අමතක කරන්න බැරුව ඉන්නවා ඇති.
"මං අයියට කියලා තියනවා ඔයා ඉස්සරහා එයාව කන්ට්‍රෝල් කරගන්න කියලා. අද එහෙම දෙයක් උනාට කමක් නෑ. ඒත් ආයෙ තව දවසක මේ දේ උනොත් ඒක ප්‍රශ්නයක්."
"ඔයා හරි.. මමත් වැරදියි.."
"ඇයි ?"
"මට තිබුණා ඒක නවත්තන්න.. ඒත්.. මට ඒක කරන්න බෑ එකපාරටම. මම කියන්නෙ නෑ ඔයාගෙ අයියාම මේ හැමදේටම වැරදියි කියලා. හැබැයි ගොඩක් තැන් වල එයාට තමයි එයාගෙ පාලනය නැති උනේ."
"දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ මින්දි. දැන් අපි හොයන්න ඕනි රාදිතාට ඒ ෆොටෝ එක කොහෙන්ද ගියෙ කියලා."
"ඊයෙ මම ගියා ඩේවිඩ් හම්බවෙන්න."
"හ්ම්.. මට කතාව අයියා කිව්වා."
ඒ කියන්නෙ තේෂාන්ට හේෂාන් හැමදේම කියනවා වගේ. කොහොමත් එයා කියන්න ඕනි තේෂාන්ට එයාගෙ ෆියන්සිගෙ නිව්ස්.
"එයා කිව්වද ?"
"හ්ම්ම්.. ඩේවිඩ් ඩ්‍රින්ක්ස් අරන් ඔයාට එයාව ඩ්‍රොප් කරන්නත් උනාලුනේ. අපේ අයියා යාළුවෙක් හම්බවෙන්න එතෙන්ට ගිහින් ඉද්දි ඔයා ඉන්නවා දැකලයි ෆලෝ කරලා තියෙන්නේ."
"ඇත්තටම හේෂාන් මට ලොකු උදව්වක් කලේ ඊයේ. නැත්තම් මට කරදරයක් වෙන්න තිබුණා."
"හ්ම්ම්.. ඩේවිඩ් ඩීසන්ට් කොල්ලෙක් මින්දි. ඒත් එයාගෙ Ex එයාව කෑවා. ඒකෙන් තමයි අපේ ලිතිනිව සෙට් කලේ. ඒත් එයා මේ ප්‍රපෝසල් එකට කැමති නෑ. එයා හොයන්නේ යුරෝපියන් ස්ටයිල් එකට අඳින, හොඳට එයා එක්ක කතා කරන Shameless ගෑනු ළමයෙක්ට."
"එයත් මට කිව්වා ඒ ගැන."
ටික වෙලාවක් අපි ටිකක් නිහඬ උනා.
"ඇත්තටම රාදිතාට කොහෙන්ද ඒ ෆොටෝ එක."
"එවෙලෙ ගෙවල්වල අය හැමෝම වගේ නිදි. අනික එහෙම කවුරුත් හිටියා නම් ලයිට් එකේ එලියට පේන්න ඕනි."
වැටේත් කණුවක් පාසා ගහලා තියෙන ලාම්පු හැඩයේ ලයිට් පාරම එළිය කරනවා. ඉතින් කොහොමද එතන කවුරු හරි හිටියා නම් මට එවෙලෙ නොපෙනුනේ.
"ඔව්. මට හිතෙන්නේ මේක කවුරු හරි ප්ලෑන් කරලා Perfectly වැඩේ දීලා තියනවා. ඒකත් ඇන්ඩෲස්ගෙ මනුස්සයෙක් වෙන්න ඕනි. දැන් රාදිතාට වඩා ඔයා එක්ක ඇරියස් තියෙන්නෙ ඇන්ඩෲස්ට."
"ඔව්. එයානේ මට ඇසිඩ් ගහන්නත් හැදුවේ."
"අයියට මීට කලින් ඇන්ඩෲස් තර්ජනය කරලා තියනවා ඔයා එක්ක සම්බන්ධකම් නවත්තන්න කියලා. ඒකෙන් අයියා ඇන්ඩෲස් එක්ක ඉන්නෙ තරහින්. මේ වෙන දේවල් එක්ක එයාට තවත් තරහා යනවා."
"එහෙමත් කිව්වද 😨 ?"
"හ්ම්ම්.. එයාගෙ දුවගෙ සතුට මැද්දට කවුරු හරි පනින්න ආවොත් ඒ කෙනාව හොඳින් හරි නරකින් හරි අයින් කරනවා කිව්වා. එදා එයා ඔයාට තර්ජනය කරලා ගියානේ. ඉතින් අද එයා බලන් ඉන්නේ මේක නරකින් හරි විසඳන්න."
"ඔයා කිව්වනේ ඇන්ඩෲස් මනුස්සයෙකුත් මරලා තියනවා කියලා."
"එක්කෙනෙක් නෙවෙයි මින්දි. සමහරු කියනවා එයා තවත් රහසින් ගොඩාක් මිනිස්සු මරලා තියනවා කියලා. ඒකත් හැබැයි වෙන මිනිස්සු දම්මලා."
"මට එහෙම කියද්දි බයයි වගේ."
"බය වෙන්න එපා අපි ඉන්නකම්. අපි ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ. මාත් මේ දේවල් දැනගත්තේ අපේ අයියගෙ යාළුවෙක්ගෙන්. මහීක කියලා. අපේ අයියා මට වඩා ගොඩක් දේවල් දන්නවා ඇන්ඩෲස් ගැන. ඒත් එයා මට හැම දෙයක්ම.තෝරලා බේරලා කියන්නෙ. ඉතින් මං මහලොකුවට දන්නෙ නෑ ඒ ගැන."
"හ්ම්ම්.. එයා බය ඇති ඔයාවත් මේ දේවල් වලට පැටලෙනවට."
"එහෙම ඇති."
"ඒක නෙවෙයි.. ඔයා ඇයි පාර්ක් එකට ආවේ ?"
ඇත්තටම ඇයි මේ වගේ තැනකට තේෂාන්ට එන්න තියෙන හේතුව. වෙනදට කවදාවත් මං එයාව මෙතන දැකලා නෑ.
"මං ඔයාට කෝල් එකක් ගත්තා. ආන්ස්වර් කලේ නෑනේ. දැන් හොස්පිටල් එකේ ඉඳලා එද්දි තමයි දැක්කේ ඔයාගෙ කාර් එක අතන තියනවා. ඒකයි පාර්ක් එකට ඇවිත් ඔයා එක්ක කතා කරන්න හිතුවේ."
"මොකක් හරි හදිස්සියක්ද ?"
"හදිස්සිමත් නෑ. මගෙ යාළුවෙක් ඉන්නවා. එයාලගෙ ගෙදර එන්න කියලා මට බේරුමක් නෑ. ඉස්සර අම්මා එක්කගෙන මං මේවට යන්නෙ. ඒත් දැන් අම්මත් අසනීපෙන් නේ. අයියට කිව්වට බෑ එයා කොහෙවත් නැති පගාවක් ඉල්ලනවා 😑."
"අහ්.. මොනවද එයා ඉල්ලන්නේ ?"
"මෙහෙට ගෙන්නන්නෙ නැති චොකලට් එකක් ගෙනවිත් දෙන්නලු එදාට. කොහොමද මං එච්චර ඉක්මනින් මෙහෙ නැති එකක් ගෙනවිත් දෙන්නේ."
"හේෂාන් ඔය වගේ ඒවා තමයි මගෙනුත් ඒ කාලෙ ඉල්ලුවේ."
"මට දැන් හිතෙනවා."
"අහ් 😄."
හිනා වෙද්දි තොල ඇදෙද්දි පැළුනු තැන හරියට රිදුම් දෙනවා. මට හැමදාම රාදිතා නිසා හිත් තැළුමක් හරි අනිවාර්යයෙන්ම උරුම වෙනවා. ඒක සහතිකයි.
"අහන්නකෝ.. ඔයාට පුළුවන්ද මං එක්ක ඒ ගමන යන්න ?"
"Sunday ද යන්නෙ ?"
"ඔව්. උදේ ගිහින් හවස එන්න වෙන්නේ. ඔයා අකමැති නම් කමක් නෑ."
"එහෙම නෑ. ඒත් කොහෙද යන්නෙ ?"
"නුවර.. එයාලා නුවරඑළියේ ඉන්නේ."
නුවර කියද්දිම මට මතක් උනේ මං අවුරුදු 18 ක්ම ඔහියෙ හිටපු කාලේ. අනේ මට බැරි උනා රට ගිහින් ආවට පස්සෙ සිස්ටර්ස්ලා බලන්න යන්න. සමහරවිට මම මේ ගමන යන්න ආවොත් එයා මාව චර්ච් එකටත් එක්ක යයිද.
"මං එන්නම්.. ඒත් මට උදව්වක් කරනවද ?"
"මොකක්ද ?"
"මාව ඉදල්ගස්හින්නට එක්ක යන්න පුළුවන්ද ?"
"ආ.. ඕපනේජ් එකටද ?"
"ඔව්.. මට සිඩ්නි වල ඉඳන් ආවට පස්සෙ එයාලව බලන්න යන්න හම්බුණේම නෑ. කෝල් කරලා බැලුවට නම්බර්ස් චේන්ජ් කරලා."
"එහෙනම් අපිට හවස යද්දි බලලා යන්න පුළුවන් නේ."
"ඔයාට එක්ක යන්න පුළුවන්ද ?"
"ඉතින් යමු."
"එහෙනම් මං එන්නම්."
"Thank you තේෂාන්."
ඇත්තටම මට සතුටු හිතුණා එයා ඒකට කැමති උන එකට. සිස්ටර්ලා මං ආපු නැති එක ගැන මොනවා හිතනවද දන්නෑ. ඒ නිසාම මං එයාලව බලලා එන්න අනිවාර්යයෙන්ම යන්න ඕනි.
"දැන් ඔයාගෙ තුවාලෙට මොකද කරන්නේ. අපි යද්දි බේත් දාගෙන යමුද ?"
"නෑ.. මං ගෙදර ගිහින් දාගන්නම්."
"හ්ම්.. මං අයියට කියන්නම්කෝ මෙයා ඇවිත් ඔයාට නිකරුණේ ගැහැව්වා කියලා. ඊට පස්සෙ එයා බලාගනී ලොකු ලේලි ගැන."
"එපා.. හේෂාන්ට තරහා ගියොත් රාදිතාට මොනා කරයිද දන්නෑ."
"ඒක තමයි මං අවුස්සන්න හදන්නේ. අපේ අයියගෙ අතින් කනට එකක් අලව ගත්තම හරි, හොඳවයින් අහගත්තම හරි තේරෙයි."
ඊට පස්සෙ තමන්ගෙ දුවට ගැහුවා කියලා ඇන්ඩෲස් ඇවිත් හේෂාන්ට හරි තේෂාන්ට හරි මොනාහරි කරන්න හදයිද දන්නෑ. ඒකයි මට තියන එකම බය.
"ඒත් පරිස්සමින්. දන්නවනේ ඇන්ඩෲස්ගෙ හැටි."
"අපේ අයියා ඇන්ඩෲස්ට බයත් නෑ. මම බයත් නෑ. අපේ තාත්තා බයත් නැති එකේ මොකට අපි බය වෙන්නද."
"......"
කියනවා වගේ අයියත් වෙලාවකට හෙන චණ්ඩියා. ඒ කාලෙ කොල්ලො තුන් දෙනෙක්ට ගහලා නහයත් කඩලා තිබුණා. තේෂාන්ටත් ඒ වගේ ගතිගුණ තියනවා ඇති බාල සහෝදරයා නිසා.
"මට දැන් ගෙදර යන්නත් ඕනි මින්දි. හෙට උදේම සර්ජරි එකක් තියනවා. ඔයාව ඇරලවන්න ඕනිද ?"
"නෑ එපා. ඔයා යන්න එහෙනම්. මං තනියම යන්නම්."
"කමක් නැද්ද. දැන් කරුවල වැටිලා."
"කමක් නෑ. ඔයා යන්න තේෂාන්."
"හ්ම්ම්.. එහෙනම් මං යන්නම්. ඔයා පරිස්සමින් ගෙදර යන්න."
"ඔයත්."
පරිසරයම අඳුරු වෙලා. තේෂාන් බෙන්ච් එකෙන් නැගිටලා එයාගෙ කාර් එක් පැත්තට ගියා. ඒ එක්කම මාත් මගෙ කාර් එකට ගියේ ගෙදර යන්න හිතන්..
මම හිතේ ප්‍රශ්න ගොඩක් ගොඩ ගහන් ඉන්නෙ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මම හේෂාන්ගෙ Ex නිසා මට කොහොමටත් රාදිතා තර්ජනයක් උනා. ඒත් දැන් එයාගෙ මිනීමරු තාත්තා මට කෙලින්ම තර්ජනයත් කලා. එහෙව් එකේ මට මගෙ හෙට දවස වත් ශුවර් නැතුවයි ජීවිතේ ගෙවන්න වෙන්නේ.
❝ හොඳින් කියන්නම් දුව. හේෂාන් කියන්නෙ මගෙ දුව මැරි කරන්න ඉන්න කෙනා. මට ආරංචි උනා මේ දවස් ටිකේම එයා එක්ක කියලා. කරුණාකරලා එයාගෙන් ඈත් වෙලා ඉන්න. මම අකමැතියි නරක මනුස්සයෙක් වෙන්න ❞
❝ පුළුවන් ඉක්මනින් යුවසිංහ ගෲප් එකෙන් තොරොන්චි උනොත් හොඳයි. ඔයා අපේ බිස්නස් වලට අත නොදා ඉන්න එකත් ඇඟට ගුණයි ❞
මේ වචන ටික මනස ඇතුලෙන් ඇහෙද්දි මගෙ ඇඟ අමුතුම සීතලකින් වෙලා ගන්නවා. ඒ මදිවට ඇගේ රෝමකූප පවා කෙලින් වෙන්නෙ එවෙලෙ ඇන්ඩෲස්ගෙ ඇස් තරහින් ගිලිලා තිබුණා කියලා මතක් වෙද්දි.
"මින්දි.."
ඉස්තෝප්පුවේ පුටුවකින් ඉඳගත්තු මං ඔහේ කල්පනා කරනවා දැකලද කොහෙද ඩිස්නි මට කතා කලා දොර ගාව ඉඳන්.
"ඔයා කෑවෙ නැත්තෙ ඇයි.. තුවාලෙ නිසා කන්න බැයිද ?"
"ඔයා කන්න. මට බඩිගිනි නෑ."
මං එහෙම කියලා ගේට්ටුව පැත්ත බලාගත්තා. ඩිස්නි මට කන්න කියලා දෙතුන් පාරක්ම කිව්වත් තොලේ පැල්ම දැවිල්ල අල්ලයි කියලා මට බය හිතුණා.
"මං කවන්නද ?"
"මං කිව්වනෙ ඔයාට.. ඔයා ගිහින් කන්න."
ප්‍රශ්න අමතක කරලා ඉන්න හදනකොට එක ප්‍රශ්නයක් ආවත් ඇති පරණ හැම දෙයක්ම ඇවිස්සෙන්න. ඉතින් මං තාමත් ලංකාවට ආපු දවසෙ ඉඳන්ම මට උන දේවල් කල්පනා කරනවා.
"හහ්.. සුදු අයියා."
ඩිස්නි එකපාරටම එහෙම කියද්දි මං බැලුවේ ගේට්ටුව දිහා. හේෂාන්ගෙ කළුපාට BMW කාර් එක ඇරලා තියන ගේට්ටුවෙන් ගාඩ්න් එකට දැම්මේ මං පුටුවෙන් කෙලින් වෙද්දි. කාර් එක නවත්තලා එයා බැහැලා ඉස්තෝප්පුවට ආවේ අඩි දෙක තුනට.
"හේෂාන්.."
එයා මුකුත් නොකියාම මගෙ නිකටෙන් අල්ලලා රාදිතාගෙ ඇඟිලි පහම හිටලා තියන කම්මුල එයාගෙ පැත්තට හරව ගත්තා.
................................................... 🖤 ...
Sorry ළමයි පරක්කු උනාට. අපි පොඩ්ඩක් ඉවසමු මේ ටිකේ 🌸
ඇත්තටම රාදිතා හේෂාන්ට ආදරේ ඇත්ද දැන් ?
Sachy Collins