Spring is far away - 48
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 48 | Azaleas
"මේක අරගෙන වන් හන්ඩ්ර්ඩ් සෙවන්ටි සෙවන් පේජ් එක ගන්න."
එයා කියන නිසාම මං ඒකෙන් ඒ පේජ් එක තෝරලා ගත්තා. සැලෝමි මං දිහා බලන් ඉන්නෙ හරි අමුතු විදිහට. හරියට නිකන් මම වැරැද්දක් කරලා අහුවෙලා වගේ. කොහොමත් මේවා ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් කරන වැඩ නෙවෙයි. අරුෂි මැඩම් එක්ක ඉද්දි මං මීට වඩා එයාගෙ වැඩ වලට උදව් කලා. ඒත් මේ සැලෝමි ස්වාධීන වෙන්න හදනවා. එතකොට මම මගෙ රූම් එකට වෙලා නිකන් ඉන්න ඕනිද.
සැලෝමි කිව්ව පේජ් එක අරගෙන මං එයා දිහා බැලුවා. ඒ සෘජු ඇහිබැම්, සිහින් ඇස්, ඕවලාකාර මූණ මට පෙන්නුවේ තරහව මුසු වුණ පෙනුමක්.
"ඕකෙ ටුවෙන්ටි ෆයිව් ලයින් එකේ හත්වෙනි වචනේ. ඔයාට පේනවද එතන වැරැද්ද ?"
ඔව් මට පේනවා. ඒත් මම නොකරන්න ඕනි වැඩක් මේක. එහෙව් එකේ මෙහෙම වැරදි හොය හොය මාව අපහසුතාවයට පත් කරන එක වැරදියි.
"Sorry මැඩම්. මං ඒක එච්චර දැක්කෙ නෑ."
"දැක්කෙ නැද්ද නැත්තම්.. බැලන්න වෙලාව තිබ්බෙ නැද්ද ?"
එයා ඇත්ත කතාව කියද්දි මං කොලේ ලාවට මිරික ගත්තා. දැන් මං එයාගෙ ඇනුම් පද අහගෙන මෙතෙනට වෙලා විනාඩි ගාණක් හිටන් ඉන්න වෙනවා.
"අහ්.. මැඩම් මේ......"
"එහෙම නෙවෙයිද ?"
එයා මට කිසිම දෙයක් හරියට කියන්න දෙන්නෙ නෑ. හැම එකක්ම මැදින් පැනලා අහනවා. ඉතින් මට තර්ක කරන්නත් බෑ සැලෝමි එක්ක.
"ඔව්."
"හහ්.."
එයා ලොකු හුස්මක් පිට කරලා මං දිහා එක දිගට බලාගෙන හිටියා.
"මං කලිනුත් කිව්වා මං පොඩි බබාලා එක්ක වැඩ කරන්න ආස නෑ කියලා."
"Sorry මැඩම් මං.."
"මට අදාල නෑ ඔයා ඔෆිස් එකට එන්න පරක්කු උනේ ඇයි කියලා. ඒත් මේක එක දිගටම සිද්ධ වුණොත් තමා ප්‍රශ්නේ."
එයා මට මොන වගේ ඇක්ශන් එක්ක් ගනීවිද මං දන්නෙ නෑ. හැබැයි එයා මම පරක්කු වෙලා එනවා කියලා දැනගෙනමද මංදා එච්චර ගොඩක් පැය භාගයක් ඇතුලට බලන්න බාර දුන්නේ.
"සර්ට කිව්වට වැඩක් නෑනෙ. ඔයාගෙ හිතවත් කෙනෙක්නේ. ඔයාව හරියට ඉන්ටර්විව් කරන්නෙ නැතුව මෙතෙනට ගත්තු එක සාධාරණයි එහෙම බැලුවම."
"මගෙ අතින් ආයෙ මේ වැරැද්ද වෙන්නෙ නෑ මැඩම්."
උදේ පාන්දර පහට හරි ඇවිත් මං යුවසිංහ ගෲප් එකට එනවා. ඊට පස්සෙ කරන්න ඕනි හැම දෙයක්ම කරලා තියනවා. එතකොට මේ ප්‍රශ්න නෑනේ.
"ඔයා හැමදාම ඕක කියයි."
"නෑ මැඩම්. මං ආයෙ ඒක කරන්නෙ නෑ. ඕනි නම් ප්‍රොමිස් වෙන්නම්."
"මේ අහන්න මිස් අමේලියා. ඔයා කලින් අරුෂි ගාව වැඩ කලා වගේ මං ගාව හුරතල් වෙන්න එන්න එපා. මීට වැඩිය හොඳයි මං මගෙ වැඩ ටික තනියම කරගත්තා නම්."
"අනේ එහෙම කරන්න එපා මැඩම්."
මං මෙච්චර වැඳ වැටෙන්නේ මට නිකන් රූම් එකට වෙලා ඉන්න බැරි නිසා. මං සැලරි එක ගත්තේ අරුෂිගෙ උදව්කාරයා වෙලා. ඒක සාධාරණයි. ඒත් සැලෝමි ස්වාධීන වෙලා වැඩ කළොත් එහෙම මට නිකමෙක් වගේ රූම් එකට වෙලා ඔහේ ඉන්න වෙනවා. ඒක් ගෲප් එකේ අනිත් මහන්සි වෙලා වැඩ කරන Workers ලාටත් අසාධාරණයක්.
දැනමුතුකම් වලටවත් හිතවත්කම් වලටවත් මම නිකන් සල්ලි හොයන්න ආස නෑ. මොකද එදා ඉඳන්ම මං කාටවත් අසාධාරණයක් නොකරපු කෙල්ලෙක් නිසා.
"Get out.. මම තනියම මේක කරගන්නම්. ඔයාට දැන් පුළුවන් ඔයාගෙ පාඩුවේ ඉන්න."
අතේ තිබ්බ කොලේ තව ටිකක් ඇඟිලි වලට තද වෙද්දි මම හිතපු දේම සැලෝමිගෙන් මට ඇහුණා. මේක මෙහෙම ගියොත් ප්‍රශ්නයක් වෙනවා ඉදිරියට.
"අනේ එහෙම කරන්න එපා සැලෝමි මැඩම්. මම මැඩම්ට උදව් කරන්න නම් මොන විදිහකින් හරි. ප්ලීස් මට පුළුවන් දෙයක් කියන්න මං කරලා දෙන්නම්. ඒත් මාව මේ විදිහට මැනලා පහතට දාන්න එපා."
"ඔයාට මොනවද මේවාට අමතරව කරන්න පුළුවන්."
"ඕනිම දෙයක්. මට නිකමෙක් වගේ මගෙ රූම් එකට වෙලා සැලරි එක ගන්න බෑ මැඩම්. ඒක මටත් හොඳ නෑ, මැඩම්ටත් හොඳ නෑ."
මම එහෙම කිව්වා. ඒත් තාමත් සැලෝමි මගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන. දැන් නම් මට හිතෙනව මෙයා මගෙ ගිය ආත්මෙ තරහා කාරයෙක් කියලා. මම මෙච්චර දෙකට නැවිලා නෑ කවදාවත්ම, ඕෆනේජ් එකෙන් අයින් වෙලා ආවට පස්සෙ.
ඒ කාලෙ නම් මං ඕනි තරම් මිනිස්සුන්ට බැගෑපත් වෙලා තියනවා. ඉස්සර ඇන්ඩෲස් රාදිතාව එක්කගෙන එහෙ එද්දි මං එයාලට යටහත් පහත්ව කතා කරලා තියනවා. ඒත් හේෂාන් එක්ක ආවට පස්සෙ මං කවදාවත් මේ විදිහට ඉල්ලීම් කරලා නෑ.
"එහෙනම්.. මගෙ හීල්ස් දෙක ගලවන්න."
"හහ් ?"
සැලෝමි කිව්ව දේ නිසා මං නිකන්ම උඩ ගියා වගේ. එයාට මාව සර්වන්ට් කෙනෙක් වගේ පේනවද දන්නෙ නෑ එහෙම කිව්වේ.
"ඔයාට ගැලපෙන්නෙ ඒ වගේ වැඩ තමයි."
එහෙම කියලා එයා එයාගෙ කකුල් දෙක පෙන්නුවේ මං ඒක කරනවදෝ නොකරනවාදෝ කියලා හිත හිත ඉද්දි. ඒත් මං මේක නොකළොත් එයා මට තර්ජනය කරයි මෙතනින් යනවා කියලා. ඊට පස්සෙ ඒක යුවසිංහ ගෲප් එකට ප්‍රශ්නයක්. මැනේජර් කෙනෙක් අඩු උනොත් ප්‍රශ්නයක් වෙන නිසානෙ හේෂාන් මෙතෙනට වෙන කෙනෙක් ගෙන්නුවේ. එහෙව් එකේ එයාත් ගියොත් පාඩුව යුවසිංහලාට. ඒකත් හේෂාන්ට.
"හ්ම්ම්.."
එයාගෙයි කම්පැනි එකෙයි යහපතටම මට එහෙම කරලා හරි සැලෝමිට උදව් කරන්න වෙනවා. එයාට ඒ තරම්ම නපුරු හිතක් කොහෙන් ආවද මම දන්නෙ නෑ. ඒත් මට දරාගන්න අමාරුයි මං මේ වගේ පහත් තත්වෙකට වැටුණා කිව්වම.
මං හිමිහිට සැලෝමි ගාවට ගිහින් නැවිලා එයාගෙ තැඹිලි පාට හීල්ස් දෙකේ බෙල්ට් එක ගැලෙව්වා. මම එයා දිහා ඔළුව උස්සලා නොබැලුවත් මට පේනවා ඒ මූණෙ තියන අහංකාර හිනාව.
"Ouch.. It hurts so bad."
හීල්ස් දෙක ගැලෙව්වමයි මං දැක්කේ. එයාගෙ සුදු පාට කකුල් හීල් එකේ කොන් වලට අහු වෙලා රතු වෙලා ගිහින්. ඒ මදිවට එයාගෙ ඇඟිලි පවා රෝස පාටට හැරිලා.
"මගෙ කකුල් දෙක මසාජ් කරන්නකො ටිකක්."
දැන් නම් මට නැවිලා බිම බලාගෙන ඉඳලා කලන්තෙ වගේ. ඒත් මොන තත්වෙ හිටියත් මං මේක කරන්නම ඕනිනේ.
"......"
සැලෝමි මේසෙ උඩ ඉඳන් එයාගෙ වැඩේ කරද්දි මං විනාඩියක් දෙකක් විතර එයාගෙ කකුල් දෙක මසාජ් කලා. ඇයි මං මේවා කරන්නෙ කියලා මටවත් එකපාරටම හිතාගන්න අමාරුයි.
මම ඕෆනේජ් එකක හැදුණත්, මම දෙමව්පියන් අතෑරලා ගියපු අනාතයෙක් උනත් මේ විදිහට වැඩකාරියක් වගේ දේවල් කරන්න ඕනි නෑ. ඇස් වලට නිකන්ම කඳුළු පිරිලා තියෙද්දි මං කල්පනා කරා මම මේ වහලියක් වගේ ගෙවන ජීවිතේ ගැන.
"Thank you.. දැන් වත් මට වද නොදී ඔය ෆයිල් ටික අරගෙන ගිහින් ආයෙමත් චෙක් කරනවා."
එයා මං දිහා බලලා රවලා වගේ එහෙම කියද්දි මං ඔළුව ලාවට නවලා එතන විසිරුණ කොල ටිකත් අහුලගෙන ෆයිල් වලට දාගත්තා. ආයෙමත් මේ ටික බලද්දි මට වොමිට් නොවුනොත් තමයි පුදුමේ.
"මං යන්නම් මැඩම්. මැඩම්ට මොනවා හරි ඕනි නම් මට කියන්න."
"මෙතන වැඩ කරන කෙනෙක්ට කියලා හරි මට කැපචිනෝ එකක් එවන්න."
"හරි."
ෆයිල් ටිකත් බරට බරේ උස්සගෙන ගියපු මං නැවතුණේ මගෙ රූම් එකේ. මේසෙ උඩින් ෆයිල්ස් ටික තියපු මං ඉක්මනින් වොශ් රූම් එකට ගිහින් අත් දෙක හෝදගත්තා. මට ලැජ්ජයි මං සැලෝමි වගේ කෙනෙක්ගෙ කකුල් මසාජ් කරන තත්වෙට වැටුණට. ඒත් මේ සේරම යුවසිංහ ගෲප් එකේම හොඳටයි මං කලේ.
ටික වෙලාවක් ගියා. ලන්ච් ටයිම් එක එද්දි මං සේරම ඉවර කරලා පිළිවෙළට හදලා ආයෙමත් සැලෝමිගෙ ඔෆිස් එක ගාවට ගියා.
"Oh sorry."
එකපාරටම ඇතුලෙන් දොර ඇරගෙන ආපු ගෑනු ළමයා මගෙ ඇඟේ වැදුණා. එයා මට සොරි කියලා හිනා වෙලාම යන්න ගියා. ඒ හින්දා මං දොරත් ඇරගෙන ඇතුලට යන්නයි ගියේ.
"ඔයාම මට වැඩේ සෙට් කරලා දීලා දැන් කෝල් එක ආන්ස්වර් කරන්නෙත් නෑ නේද ?"
සැලෝමි කවුරු හරි එක්ක කතා කරනවා ඇහිලා මං දොර ගාව නැවතුණේ දොර සෙන්ටිමීටර දෙක විතර ගාණට ඇරිලා තියෙද්දි.
"මං කිව්ව විදිහටම කරා. කෙල්ල මගෙ කකුල් දෙක ගාව වැටිලා මගෙ හීල්ස් දෙක ගලෝපු විදිහ දැක්කා නම් ඔයාට දවසම හිනා වෙවී හිටියැහැකි. ඉන්නකො මං ඊලඟ දවසෙ අනිවාර්යයෙන් ෆොටෝ එකක් ගන්නම්."
ඒ කියන්නෙ සැලෝමි මේ හැම දෙයක්ම කරන්නෙ කාගෙ හරි කීමකට. ඒත් කව්ද මේ වගේ දෙයක් කරලා සතුටු වෙන කෙනා ?
"කෙල්ලව පුළුවන් තරම්ම නැති කරලයි මං මේක ඉවර කරන්නෙ. ඔයා වොරි වෙන්න එපා රාදී."
රාදිතා ?
සැලෝමි රාදී කිව්වෙ මං දන්න රාදිතා ෆර්නැන්ඩස් ටද, හේෂාන්ව මගෙන් ඈත් කරපු කෙනාටද. මං කටට අත තද කරගත්තේ මේ කනට ඇහෙන දේවල් විශ්වාස කරන්න බැරි නිසා. සැලෝමි මාව මේ තරම් මහන්සි කරවන්නේ, වද දෙන්නේ රාදිතා දුන්න ඕඩර් එකකටද ?
ඒත් ඇයි රාදිතා මෙහෙම දේවල් කරලා සතුටු වෙන්නේ, කොහොමද රාදිතාට සැලෝමිව හම්බුණේ. කලින් මැනේජර් කෙනෙක්ගෙ දුවෙක් කියලා සැලෝමිව උසි ගන්නලා මෙතෙනට එවලා මට වද දෙනවා බලන් ඉන්න තරම් රාදිතා මෙහෙම පහත් තත්වෙකට වැටුණේ එයාගෙ තාත්තා ඇන්ඩෲස්ගෙ ක්‍රියාපටිපාටිය නිසා වෙන්න ඇති.
"දවසින් දවස මං කෙල්ලව නැත්තටම නැති කරලා දාන්නම්. එයාට යුවසිංහ ගෲප් එක එපා වෙන්නම වැඩ කරවන්නම් මම."
රාදිතා කිව්වා වගේම, එයාගෙ තාත්තා කිව්වා වගේම එයාලට ඕනි මාව මෙතනින් එලවලා දාන්න. මට මතකයි අද වගේ එදා පාර්ටි එක දවසෙ ඇන්ඩෲස් කියපු එක,
❝ පුළුවන් ඉක්මනින් යුවසිංහ ගෲප් එකෙන් තොරොන්චි උනොත් හොඳයි. ඔයා අපේ බිස්නස් වලට අත නොදා ඉන්න එකත් ඇඟට ගුණයි ❞
මං හේෂාන්ගෙ Ex නිසා ආයෙමත් පාරක් මං එයාව අල්ලගනීවී කියලා එයාලා බය ඇති. එහෙම උනොත් මේ සල්ලියි, යුවසිංහ ගෲප් එකයි එයාලා දෙන්නට නැතුව යනවනේ.
"මගෙන් වෙන්න ඕනි දේවල් සේරම වෙනවා රාදිතා. ඔයා ඒ ගැන කලබල වෙන්න ඕනි නෑ. ඒත් ඔයාට අරුෂිව සම්පූර්ණයෙන්ම වරදකාරී කරන්නම වෙනවා මෙතනින් එයාව අයින් කරන්න නම්."
දෙවියනේ.. එතකොට මෙයාලා තමයි අරුෂිවත් මෙච්චර දේකට පටලලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නෙත් අරුෂි අයින් උනාම මාත් නිකන්ම අයින් කරලා දාන්න.
"I call you later රාදි. ඔයා ඉක්මනින් ඒ කිව්ව ඩිරෙක්ටර්ට ඉතුරු ගාණත් දීලා අරුෂිව හේෂාන් විසින්ම අයින් කරලා දාන තත්වෙටම එවිඩන්ස් හදන්න. මින්දි ගැන මං බලා ගන්නම්. ඔයා වද වෙන්න ඕනි නෑ රාදි. God bless you."
එයා ෆෝන් එක මේසෙ උඩින් තියනවාත් එක්කම මං සැක නොහිතෙන විදිහට රූම් එක ඇතුලට ගියා. මොනවා උනත් මෙයාලා දෙන්නා මාව අයින් කරන්න හිතන් අරුෂිව බොරුවකට පටලපු එක වැරදියි. එයලාට කෙලින්ම මාව අයින් කරලා දාන්න මේක මගෙ පිටට දාන්න තිබුණා.
"සේරම හරිද ?"
"ඔව් මැඩම්."
"මෙතනින් තියන්න."
කිලෝ ගාණක් විතර බර ෆයිල් ටික මං වමතට බර කරන් හිටියේ. මොකද රාදිතා මගෙ දකුණු අත කඩලා දැම්ම නිසා. දැන් ඉස්සර වගේ දකුණෙන් මට බර උස්සන්න බෑ. හරි කැක්කුමයි.
"දැන් යන්න පුළුවන්."
එයා කිව්ව නිසාම මං හැරිලා ආයෙමත් මගෙ රූම් එකට ගියා. ඇත්තටම මට පුළුවන් නම් මෙයාලා කතා කරපු මේ කෝල් එකේ රෙකෝඩ් එකක් ගන්න, ඒක හේෂාන්ගෙ අතටම දීලා මට අරුෂි වැරදි නෑ කියලා ඔප්පු කරන්න තිබුණා. ඒත් මං දැන් ඒකට පරක්කු වැඩියි.
එළියට ගිහින් දොර වහලා මං අත් දෙකත් එකට එකතු කරලා ජේසුස් වහන්සේ මතක් කරගත්තා. අනේ මට එක අවස්ථාවක් දෙන්න ඔබ වහන්සේ. එහෙම උනොත් මට පුළුවනි මේ වෙන්න යන අසාධාරණය නවත්තලා දාන්න..
හවස් උනා 🦊🍂🧡..
"ඔන්න මං සල්ලි ටික දැම්මා. පනහක්ම දාලයි තියෙන්නේ. ඕනෑවට වඩා වියදම් කරන්නෙ නැතුව පරිස්සමින් වියදම් කරනවා.. හරිද ?"
"තැන්කියු මින්දියෝ.. උම්මා.."
කෝල් එක කට් කරලා මං ඉක්මනින් කාර් එකෙන් එළියට බැස්සා. බෑන්ක් එක ලඟම තියන නිසාම මං පාක් එකටත් ගිහින් ගෙදර යන්න බැලුවේ. ඇත්තටම මට මෙවෙලෙ උවමනා උනා හිරුෂාන්ව හම්බවෙන්න. මොකද මම ඔෆිස් එකේ හිටියේ ගිණි ජංජාලයක නිසා.
"එක්ස්කියුස් මී අංකල්."
එතන කොනකට වෙන්න වැඩ කර කර හිටපු වයසක පිරිමි කෙනාට මං කතා කලා. එයත් මං කතා කරන කොටම හැරිලා බැලුවා.
"ඔව් ?"
"අර.. හිරුෂාන් කියලා වැඩ කරන පිරිමි ළමයෙක් ඉන්නෙ. ආන්න එයා කොහෙද ?"
"ආ.. එයා මෙවෙලෙ ඇත්තෙ ගඟ අයිනෙ වෙන්න ඇති. තණකොල කපනවා මයෙ හිතේ."
"හරි.. තැන්කියු."
මං හැරිලා යන දිහා විනාඩියක් දෙකක් බලාගෙන හිටපු ඒ වයසක කෙනා ආයෙමත් වැඩ පටන් ගත්තා. එදා ගඟ අයිනෙ ඉද්දි හිරුෂාන් මට ඉස්සෙල්ලාම මලක් දික් කරපු දවසත් අද වගේම මට මතකයි. මෙවෙලෙ මගෙ හිත නිවාගන්න පුළුවන් එයාට කියලා තමයි.
මං යද්දි හිරුෂාන් මං දිහා හැරිලා බැලුවා. එයා හිතන්න නැතුව ඇති මං ආයෙමත් එයාව බලන්න එයි කියලා.
"මිස්.."
"මට බනීවිද දන්නෑ ඔයාට කතාවට අල්ලගෙන මෙතන වැඩ පාඩු කරා කියලා."
"අපෝ නෑ මිස්. කොහොමත් මං මෙහෙනේ ඉන්නේ."
එයා තණකොල කපන මැෂින් එකත් තල්ලු කරලා පැත්තකින් තියලා මගෙ ගාවට ආවා. අපරාදෙ එයාට මං හදන කප් කේක්ස් දෙකක් වත් ගෙනවිත් දෙන්න බැරි උනා.
"මිස් වැඩකටද ආවේ ?"
"නෑ.. ඔයාව හම්බවෙන්න."
"මේ මාව ?"
එයා පුදුමෙන් වගේ එහෙම අහද්දි මං එයා දිහා බලාගෙන ඔළුව වැනුවා. ඒ එක්කම ඒ දෙතොල් වල ඇදුනේ හරි ලස්සන හිනාවක්. මට හිරුෂාන් දැක්කම මතක් වෙන්නෙම හේෂාන්ව. ලස්සන සුදු පිරිමි ළමයෙක් දැක්කම, එයාගෙ හැඩ හුරුකම් වලට සමාන පිරිමි ළමයෙක් දැක්කම මට කොහොමත් එයාව මතක් වෙනවා.
"ඉඳගන්න මිස්."
ළඟ තියන තද රෝස පාට ඇසේලියා පඳුර ගාවම තියන බෙන්ච් එක පෙන්නලා එයා ඉඳගත්තා. මාත් පසුබට නොවීම ඉඳගත්තා.
"කොහොමද ඉතින් සැප සනීප ?"
"හොඳින් ඉන්නවා මිස්.. මිස්ට කොහොමද ?"
"මටත් එහෙම අවුලක් නෑ."
මං එහෙම කියලා ඈත තියන කාර් එක දිහා බලාගෙන ඉද්දි එයා මගෙ මූණ දිහා ඇහිපිය නොහෙළා බලන් හිටියා. හිරුෂාන්ට තේරෙනවා මං ප්‍රශ්නෙක ඉන්නවා නම්.
"මැඩම් ඉන්නෙ මොකක් හරි අවුලක."
"අනේ නෑ."
"බොරු කියන්න එපා. අදත් ඔයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ් ඔයාගෙ හිත රිදෙන්න මොනවා හරි කිව්වද ?"
මොන දේ උනත් මනුස්සයෙකුට ගින්දරක් දෙන්න බැරි ගතියක් එදා ඉඳන්ම මට තිබුණා. හැමදාම මට වෙන අසාධාරණකම්, වේදනාත්මක දේවල් මම ම දරා ගත්තා.
"අහ්.. හේෂාන්ද.. එයා එහෙම මුකුත් කියන්නෙ නෑ. ඒත් එයා කියන, කරන සමහර දේවල් වලට මගෙ හිත හරියට රිදෙනවා."
"මිස්ගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ගෙ නම හේෂාන්ද ?"
"හ්ම්.. ඔයා කිව්වොත් පුදුම වෙයි."
"ඇයි ?"
"මගෙ Ex හේෂාන් යුවසිංහ කිව්වම."
"මොකක් 😨 ?"
හිරුෂාන් පුදුමෙන් එහෙම කිව්වා. එයාට මම මේ ඇත්ත ගැන කියනවා කියලා හිතාගත්තේ එයා එක දවසකින්ම මගෙ හිතට දැනුණ මනුස්සයෙක් නිසා. කොහොමත් සමහර මිනිස්සු යූ ටියුබ් එකෙන් දැකලා, දන්නවනේ මම හේෂාන්ගෙ කලින් බෙස්ටි කියලා.
"ඔව්.. මං ඇත්ත කිව්වෙ ඔයාට විතරයි. මේක දන්න පිට කෙනා ඔයා විතරමයි. අනික මට ඔයාට මේක කියන්න ඕනි උනා."
"ඒ කියන්නෙ ඔයා මින්දි අමේලියා. යුවසිංහ ගෲප් එකේ CEO ගෙ හොඳම යාළුවා කියලා යූ ටියුබ් එකේ ඒ දවස් වල ගිහින් තිබුණේ."
මං එයා දිහා බලද්දි එයා මොනවා හරි මතක් කරනවා වගේ බලන් හිටියා. සමහරවිට ඒ පැතිරුණ ගොසිප් එයා දන්නවා ඇති.
"ඔයා හරි."
"එයා දැන් රාදිතාද කව්ද නේ මැරි කරන්න ඉන්නේ ?"
"ඔව්."
"මට විශ්වාස කරන්න බෑ මං හේෂාන් සර්ගෙ Ex එක්ක කතා කරා කියලා."
................................................... 🖤 ...
Sorry for late ළමයි. එපිසෝඩ් දෙන්න පරක්කු වෙන්නෙ මට වැඩ වැඩි නිසයි වැඩ කරලා ඉවර වෙලා එඩිට් කරනවා කියලා හිතුවට නිදිමත එන නිසායි.
කියවන හැමෝම රියැක්ට් එකක් දාන් යමු 🌷..
Sachy Collins