Spring is far away - 47

Spring is far away - 47

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 47   |  Her orders

Previous


"හාහ් 😨 ?"


පිටි පස්සෙන් ඇහුණ හූල්ලපු සද්දෙට එයයි මායි දෙන්නම ගැස්සිලා හැරුණේ දොර පැත්තට. දැක්ක දසුනින් අපි දෙන්නටම සේරම අමතක උනා. ඩිස්නි කටට අතකුත් ගහගෙන ඇසුත් ලොකු කරන් බලාගෙන ඉන්නවා.


මම ඉක්මනින් පැත්තකට උනේ හේෂානුත් පැත්තකට වෙද්දි. දැන් මෙතන තියන ප්‍රශ්නෙ මොකක් වත් නෙවෙයි. ඩිස්නි අපේ සම්බන්ධෙ ගැන දන්නෙ යාළුවො දෙන්නෙක් කියලා විතරයි. නැතුව මම හේෂාන්ගෙ Ex කියලා එයා දන්නෙ නෑ. එයා තියා යුවසිංහ පරම්පරාවෙ කවුරුත් දන්නෙ නෑ. ඒත් දැන්,


"දි..දිනුමි ?"


හේෂාන් ගල් පිලිමෙ වගේ බලන් ඉද්දි මං හිමිහිට ඩිස්නි ගාවට ගියා. ඉස්සෙල්ලා තිබුණ කුතුහලය දැන් ඒ මූණෙ නෑ. මාව දැක්කම එයා හිනා උනා.


"නෝනා කොයි වෙලේද ආවේ. මට නින්ද ගියානෙ බලන් ඉඳලා. මාමත් ඇහුවා ඔයා කෝල් එකක් ගත්තෙ නැද්ද කියලා. ඒත් නෝනගෙ ෆෝන් එක ඕෆ් කියලානෙ වැටුණේ."


"ඔයා දැක්කද ?"


හේෂාන් එහෙම ඇහුවා. මෙච්චර වෙලා හිනා උන ඩිස්නි ආයෙමත් බය වෙලා වගේ එයයි මායි දිහා මාරුවෙන් මාරුවට බලනවා.


"මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි මහත්තයා.."


"අපේ අම්මලට හරි රාදිතාට හරි කියලා තිබුණොත් මං තමුන් ගැන බලා ගන්නම්."


තර්ජනය කරනවා වගේ හේෂාන් කියද්දි මං එයාගෙ අත පහතට දැම්මා. කලින් ඇසිඩ් ගහපු මිනිහට මොනාද පාඩමක් උගන්නනවා කිව්වා. දැන් ඩිස්නිටත් තර්ජනය කලා..


"නෑ.. මං.. කියන්නෙ නෑ.. මහත්තයා.."


"මං යනවා මින්දි.. ගේ ඇතුලට ගිහින් දොරවල් වහගන්න. දැන් දොළහ පහුවෙලානේ."


"පරිස්සමින් යන්න හේෂාන්."


එයා මගෙ ඔළුව අත ගාලා කාර් එකට ගියා. එයා කාර් එකත් අරගෙන ඈතට යනකම්ම මං බලාගෙන ඉඳලා ඩිස්නිගෙ පැත්ත හැරුණා.


"සුදු අයියයි ඔයයි ආදරේ කරනවද 😧 ?"


ආයෙමත් පාරක් ඩිස්නි මං දිහා කන්ෆියුස් වෙච්චි මූණෙන් බලාගෙන. එයා නෙවෙයි මේ සිද්ධියට මූණ දුන්න මාත් තිගැස්සිලා ඉන්නේ. මොකද ඩිස්නි නැගිටලා ආවෙ නැත්නම් අපි දෙන්නා අතර තව මොන වගේ දේවල් වෙයිද දන්නෑ. ඒ මදිවට හෙට උදේ වෙද්දි ඩිස්නි යුවසිංහලටයි වීරසිංහලටයි ෆර්නැන්ඩස්ලටයි කෝල් කරලා කියලා තිබුණොත් එහෙම මොනවයින් මොනා වෙයිද දන්නෑ.


මට මුකුත් කියන්න හම්බුණේ නෑ. ඇස් නිලංකාර වෙලා ගිහින් මාව බිමට වැටිලා ඇස් දික පිය වුණා. ඒ එක්කම ඇඟට දැනුනේ වේදනාවක්.


අලුත් දවසක් 🌞☁️🍃..


ඩිස්නි උය උයා ඉද්දි හේෂාන්ගෙන් කෝල් එකක් ආපු නිසා කතා කලා. එයා ඊයෙ උන සිද්ධිය ගැනයි කතා කලේ. කියන්න ඕනි උන අතීතය හේෂාන් ඩිස්නිට අකමැත්තෙන් හරි කියලා දැම්මා.


"සොරි ඊයෙ අරෙහෙම කිව්වට. තමුසෙ බය උනේ නෑ නේද ?"


"අපෝ නෑ. මං කොහොමත් ඔයාගෙ කටට බය නෑනෙ."


"දැන් කොහෙද මින්දි.. නිදිද තාම ?"


"අයියෝ.. කතාවෙන් කතාව මට ඔයාට කියන්නත් බැරි උනානේ. ඔයා ගියපු ගමන්ම එයා කලන්තෙ දාලා දඩස් ගාලා ඉස්තෝප්පුවේ වැටුණා."


"මොකක් ?"


ඩිස්නිට තේරුණා ඒක කිව්වම හේෂාන් බය උන විත්තිය. ඒත් එහෙම නොවුණොත් ඒක ලෝක පුදුමයක් වෙන්න ඕනි කියලත් එයා හිතුවා.


"ඔව්.. මට හදිස්සියට අල්ල ගන්නවත් බැරි උනානේ."


"එයාට දැන් කොහොමද ඩිස්නි.. සිහිය ආවද ?"


"නෑ. සමහර විට නින්ද ගිහින් ඇති."


"එහෙනම් අද ඔෆිස් එවන්න එපා."


"හ්ම්.. මං කියලා බලන්නම්."


"කියලා බලන නෙවෙයි ඔෆිස් එවන්න එපා. එයාගෙ ඇඟටත් අමාරු ඇති."


උදේම ඇඟට ආපු වේදනාවත් එක්ක මං ඇඳ උඩ ඉඳ ගත්තා. දකුණු උරහිසයි අතයි කැඩුණු අල්ලයි ඉනයි සේරම රිදෙනවා. ටික වෙලාවක් යද්දි තමයි මට මතක් උනේ ඊයෙ රෑ උන දේ. මම හිතන්නෙ මම කලන්තෙ දාලා වැටුණා.


රිදෙන ඔළුවත් අතකින් අල්ලගෙනම මං බාත්රූම් එකට ගියේ අඩවන් ඇස් වලින්. කණ්නඩියෙන් පෙනුණ විදිහට මගෙ මූණ තාමත් ඉදිමිලා. ඇස් ඇරගන්නත් අමාරුයි වගේ. ඔෆිස් යන්න කලින් මේ ගතිය අඩු උනොත් තමයි හොඳ. නැත්තම් කට්ටිය බලයි ඇයි මේ කියලා.


බාත්රූම් එකෙන් එළියට ආපු මං කිචන් එක පැත්තට ගියේ ඩිස්නි උයලා ඇති කියලා හිතන්. ඒ යද්දි එයා කෝල් එකක. හැබැයි ඒ කටහඬ නම් අඳුනන්න වැඩි වෙලාවක් මට ගියෙ නෑ.


"ඒ උනාට මං ඊයෙ එකපාරටම ඔයාලා දෙන්නා ඒ විදිහට ඉන්නවා දැක්කම බය උනා අයියේ."


"බය වෙන්න තරම්ම ලොකු දෙයක් උනේ නෑනෙ එතන."


"මොකද නැත්තේ. අර කෙල්ලව වයින් කරලා වගේ කිස් කරන ගමන් නයිට් ඩ්‍රෙස් එක අස්සෙන්... නෑ මං කියන්නෙ නෑ ඒක. එයිටීන් ප්ලස් දර්ශනයක්නේ මම දැක්කේ."


දෙවියනේ එච්චර දෙයක් වෙලාද. මම ලැජ්ජාවට රතු වෙලා ගිහින්. මට එයා මගෙ කකුලෙන් අල්ලනවා දැනුණට එච්චර දෙයක් වෙලා කියලා දැනන් හිටියෙ නෑ. ඩිස්නි මගෙ මොනා දැක්කද දන්නෑ.


"සිල් අරගෙනද ලව් කරන්න කියන්නේ ?"


"ඒ උනාට.. බැරි වෙලාවත් මං එතනට නොආවනම් ඒ කෙල්ල ඉවරයි. පුදුමයි අවුරුදු 8 ක් එකට හිටියා කිව්වම."


"ඇයි අවුල්ද ?"


"අවුල්ද කියලත් අහනවා. හොඳ වෙලාවට වටේ මිනිස්සු නිදි. නැත්තම් හෙට උදේ වෙද්දි හොඳ ගොසිප් ටිකක් යනවා."


"මට මොකද මොන ගොසිප් එකක් ගියත්. මින්දි මගෙ Ex. එයා එක්ක එහෙම දෙයක් කරන එක අමුතු දෙයක් නෙවෙයිනේ."


"ඒ උනාට අයින් කරපු දේවල් ආයෙ යූස් කරන තමුන් වගේ බූරුවොත් ඉන්නවනේ."


"මින්දිව තාම හරියට කවුරුත්ම යූස් කරලා නෑ."


හපොයි දෙවියනේ මෙයාලා මොනවද මේ කියව ගන්නේ. මාව බඩුවකට සමාන කරන්නද හදන්නේ. මං ඉක්මනින් ගිහින් ඩිස්නිගෙ උරහිසට තට්ටුවක් දැම්මා. මාව දැකපු පාර කෙල්ලගෙ අතින් ෆෝන් එකත් අතෑරෙන්නයි ගියේ.


"සු.. සුදු අයියේ.. ම..මං ඔයාට පස්සෙ ගන්නම්."


"මොකද ඔය. කාපු එකක් හිර උනාද ?"


"ඔව් ඔව්.. තියන්නම්."


හිරවෙච්චි එකක් නෑ. හැබැයි දැන් මට හිතෙනවා ඩිස්නිගෙ කටට මෙතන තියන හැඳි ගෑරුප්පු ටික ඔබන්න. කිව්ව කතාව ඇහුනනේ. මම අයින් කරපු එකක්ලු, යූස් කරන්න එපාලු. මාව භාණ්ඩයක් වගේ පේනවද යුවසිංහලට.


"අහ්.. මං සුදු අයියට මුකුත් කිව්වෙ නෑ ඒ ගැන."


"මාව අයින් කරපු බඩුවක් කියලද කියන්නේ ?"


"න්..නෑ.. ම..මං විහිළුවට කිව්වේ."


"විහිළුවට හරි කිව්වනේ."


"ඔයාට දැන් සනීපද. ඇඟට අමාරුද ?"


මං මුකුත් නොකියා සීනි බෝතලේ ගාවට ගියා. මේ අහිංසක මට බඩුවක් කියද්දි මට ඉවසන්න පුළුවන් යෑ. ගත්තා සීනි බෝතලේ. මූඩිය ඇරලා හැලුවා බිමට. සීනි ටික විසිරිලා යද්දි මං බෝතලේ සින්ක් එකට දාලා ඩිස්නි දිහා රවලා බැලුවා. _(බඩුවක් Meaning = A Thing)_


"අයියෝ.."


හැලුවෙ නිකන් වැලි නෙවෙයි සීනි. එයාට අතු ගාලා මුලු කිචන් එකම අස් කරලා ආයෙ දෙතුන් පාරක් මොප් කරන්නත් වෙනවා. හිතකින් නොවුනත් මාව මෙච්චර කල් රවට්ටපු එකටයි දැන් අපහස කරපු එකටයි සේරටම දඬුවම් තමා මේ.


"මං ගෙදර එද්දි මේක ක්ලීන් වෙලා තියෙන්න ඕනි. අඩුම දහ පාරක් වත් මොප් කරන්න වෙයි. ඉක්මනින් පටන් ගන්න. නැත්තම් කූඹියි ඇඹලයොයි සේරම මෙතෙනට රැස් වෙයි."


එයා මං දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා. කවදාවත් මාව මේ විදිහට දැකලා නැතුව ඇති. මොනවා උනත් එයාලට අයිතියක් නෑ මට ඒ විදිහට කතා කරන්න.


"අනේ ඇයි මේ. මම ඔයාට අක්කා කෙනෙක්නේ. මං උදේම නැගිටලා උයලත් ඔයා මට මෙහෙමද සලකන්නේ."


"ඇයි සල්ලි හම්බවෙන්නෙ මේ ගේයි මාවයි බලා ගන්නවටනේ. ඉතින් මේකට ඔයාගෙ මහ ලොකු සුදු අයියට කියලා වැඩිපුර ඉල්ල ගන්න."


මං එහෙම කියලා කිචන් එකෙන් එළියට ආවා. ඒ යද්දිම එයා මගෙ ඇහුවා "කන්නෙ නැද්ද" කියලා. බඩිගිනි උනත් මට අවුල් ඊයෙ උන දේටයි එයාලා කතා වුන දේවල් වලටයි.


කළුපාට බ්ලේසර් එකට සුදු බ්ලවුස් එකක් ඇඳලා කොණ්ඩෙත් සයිඩ් එකට රෝල් කරලා ගෙඩියක් ගැහුවා. මූණ නම් තාමත් ජම්බෝලයක් වගේ. ඕනෑවට වඩා ඇඬුවම මට ඔහොම වෙනවා. කරන්න දෙයක් නෑ මගෙ ඇඬිල්ලට හේතුව හේෂාන් නිසා.


ඇඳුමට ගැලපෙන තද කොළ පාට කරාබු දෙකකුත් දාලා තද නිල් පාට දිළිසෙන හීල්ස් දෙකත් දාගෙන බෑග් එකත් අතට ගත්තා. ලැප් එක කාර් එකට දාගෙන මං ගේ ඇතුලට ගියේ වතුර බෝතලේ ගන්න. එතකොට ඩිස්නි බත් එකකුත් අතේ තියන් බලන් ඉන්නවා.


"මං එක්ක තරහා උනාට කමක් නෑ. බත් කාලා යන්න. ඊයෙ රෑට කෑවෙත් නෑනෙ."


"......."


බඩිගින්නෙ බඩ කෑ ගහනවා. බත් එක දැක්කම කන්නමයි හිතෙන්නෙ. ඒත් මම මෙහෙම විරසක වෙලා ඉද්දි.. නෑ නෑ කෑමට විරසක අදාල නෑ. ඊට පස්සෙ ඔෆිස් එකේදි හයියෙන් බඩ කෑ ගැහුවොත් එහෙම. මිනිස්සු හිතයි මට කන්න නෑ කියලා.


"මේසෙ උඩින් තියන්න."


"චොක්ලට් පුඩිනුත් තියනවා. මං කප් එකට දාලා වහලා තියන්නම්."


එහෙම කියලා එයා කෑම මේසෙට ගියා. අපරාදෙ ගාපු ලිප්ස්ටික් එකත් මැකෙනවා. කමක් නෑ කාලා ආයෙමත් ගාගන්න පුළුවන් කියලා හිතන් මං කන්න ගියා.


ඩිස්නි මං යද්දි සීනි ටික අතු ගානවා. පව් කියලත් හිතුණා. ඒත් හේෂාන්ට සුදු අයියා කියද්දි මට ඔළුවට එකක් අයින්න හිතෙනවා. හේෂාන් අද වෙනකම් මට එයාට එයාගෙ නම කියලා කතා කරනවා ඇරෙන්න ආදරේට කියන්න කිසිම දෙයක් කියන්න දුන්නෙ නෑ. එහෙම එකේ එයාට සුදු අයියා කියන්න තරම්. අයියා කමක් නෑ. ඒත්,


සුදු අයියා ??


උදේ 7:59 වෙද්දි මං ඔෆිස් එකේ. සැලෝමිගෙ කාර් එක නවත්තලා තිබුණා. දැන් මට පරක්කු උනා කියලා බැනුම් අහන්න වෙයිද දන්නෑ.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


ඒ අස්සෙන් දුල්නෙත්මිගෙන් කෝල් එකක්. අදත් සංජානා අතුරුදහන් වෙලාද කොහෙද මට කෝල් ගන්නේ.


"කියන්න දුල්."


"ගුඩ් මෝනින් ක්වීන්.. වැඩකද ?"


"මං මේ ඔෆිස් එකේ."


"ඔයාගෙන් උදව්වක් ඕනි."


"මොකක්ද ?"


"මූල්‍යමය උදව්වක්."


"කීයක්ද ?"


"එච්චර නෑ අනේ. විසි පහක්."


"ඒ මොකටද ඒ ?"


එච්චර නෑලු විසි පන්දහට. හිතන් ඇති මේ දෙන්නා මං හේෂාන් අපේ ගෙදර හිටෝලා ගියපු සල්ලි ගහෙන්, සල්ලි මල්ලකට කඩනවා කියලා.


"තාම පඩි හම්බුණේ නෑ. ගෙදර අයිතිකාර ගෑනි කුලී සල්ලි ඉල්ලනවා. පඩි හම්බෙන්නෙ අනිද්දට. මෙයා අද හවස් වෙද්දිම දෙන්නලු."


"හ්ම්.. මං අකවුන්ට් එකට දාන්නම්."


"තිහක්ම දාන්න."


"ඒ.. ඒ ඇයි ?"


"එළවළු ටිකක් ගන්න. අද උදේට පරිප්පු කෑවෙ."


"සල්ලි ඉතුරු කරන්න දැනගන්න. හැමදාම ඔහොම කරන්නද කල්පනාව ?"


"අනේ උබ එකතු කරන එකීනේ. හේෂාන් කොච්චර නම් දානවද සල්ලි. අපිට ඉතින් එහෙම සරණක් නෑනෙ 😪."


"හහ්.. හේෂාන් සල්ලි කඩන්නෙ ගස් වලින් කියලා හිතුවද ?"


ඉක්මනින් යන්න ඕනි නිසාම මං එලෙවේටර් එකට නැඟලා බට්න් එක එබුවා. ඒ එක්කම කොහෙවත් නැති අතක් ඇවිත් එලෙවේටර් එකේ දොරට අත තිබ්බා.


"හේෂාන් කොහොමත් සල්ලි කන්දක් නේ. එයා කොහෙන් හරි ගියත් ඇති මග දිගට සල්ලි හැලෙනවා."


"ඇයි එයා සල්ලි හම්බ කරන්නෙ නිකන් ඉඳලද. ඔයා දන්නෙ නෑ ඒ මනුස්සයා නින්දක් නැතුව......"


තවත් මුකුත් මට කියන්න බෑ. එලෙවේටර් එකේ දොරෙන් ඇතුලට ආවෙ වෙන කවුරුත් නෙවෙයි. ඊයෙ රෑ මාව කිස් කරපු, ඩිස්නි එක්ක මාව අපහසුතාවයට පත් කරපු කෙනා. හේෂාන් යුවසිංහ.


"ඇයි හේෂාන් රෑට නිදාගන්නෙ නැද්ද.. රෑට වෙන වැඩ කරනවද ?"


මං ඉක්මනින් ෆෝන් එකේ සද්දෙ අඩු කලේ දුල්නෙත්මි කිව්ව එක හේෂාන්ට ඇහෙන්න ඇති කියලා හිතන්. එලෙවේටර් එකේ දොර වැහෙද්දිම මං හිමිහිට එයාගෙ පැත්ත බැලුවා. එයා මගෙ ෆෝන් එක දිහා බලාගෙන ඉන්න විදිහෙන් හිතා ගන්න පුළුවන් ඇහිලා තියන විත්තිය.


"අහ් මේ.. ඇත්තටම එයා හොඳ පිරිමි ළමයෙක් නේද. ආයෙමත් ඒවිද ඔයාව බලන්න."


"මොනාද මේ තමුසෙ කියවන්නේ ?"


"මං කිව්වෙ හේෂාන් අයියා ගැන. එයා ඔයාට කැමති නිසානෙ ඔච්චර ඔයාගෙ පස්සෙන් එන්නේ. ඇත්තටම එයාගෙ අවුලක් නෑ. තව චුට්ටක් උස ගියා නම් ලස්සනයි."


මං එහෙම කියලා හේෂාන්ගෙ පැත්ත හොරෙන් බැලුවා. එයා ෆෝන් එකේ. හැබැයි පෙනුමෙන් පේනවා මං කියවන දේවල් අහන් ඉන්නවා කියලා. හොඳ වෙලාවට මට කතාව අනිත්පැත්ත ගහන්න අදහසක් මතක් උනේ.


"හේෂාන් අයියා.. ඒ මොකෙක්ද ඒ.. හේෂාන් කැමති තොට ගෑනියේ. වයර් මාරු වෙලාද. නැත්තම් එද්දි ඇක්සිඩන්ට් වෙලා ඔළුව වැදුණද ?"


"ඔව් ඔව්.. එයා මං එක්ක කිව්වා ඔයා ගැන. ඔයාට මාස ගාණක ඉඳලලු එයා කැමති. පව් අනේ. එයාට කැමැත්ත දුන්නොත් නරකද. අනික එයා චුට්ටක් මිටි උනාට ඔයාට වඩා මිටි නෑනෙ."


"මොන.. මං කියන්නෑ තමුසෙට මොකක්ද කව්ද මිටි කියලා."


එකපාරටම එලෙවේටර් එකේ දොර ඇරුණේ මට යන්න ඕනි ෆ්ලෝ එකෙන්. හේෂාන් උඩට යන නිසාම මං ඉක්මනින් එළියට පැනලා මගෙ රූම් එකට යන්නයි හැදුවේ. ඒත්,


"මින්දි.."


එලෙවේටර් එකේ දොර වැහිලා ඩිං ගාලා පල්ලෙහාට යද්දි මට ඇහුණේ හේෂාන් මට කතා කරන සද්දෙ. ඒ කියන්නෙ එයා බැස්සෙ නැද්ද ?


"මං තියන්නම් දුල්."


"ඔහොම හිටපිය......"


එහෙම කියලා දුල්නෙත්මි මට හොඳවයින් දෙසන්න යද්දි මං තත්පරයක් වත් පරක්කු නොකර හේෂාන් දිහා බැලුවෙ ඒ පැත්ත හැරෙන ගමන්. කළු පාට සූට් එකට තද නිල් ටයි එකක් දාලා එයා වෙනදාට වඩා අමුතුම ලස්සනකින් පේනවා.


"අහ්.. ගුඩ් මෝර්නින් සර්."


කියලා ඉවර උනාට පස්සෙ තමයි මතක් උනේ සයන්නයි හල් රයන්නයි හේෂාන්ට ඇල්ජික් කියලා. එයා දැන් මං දිහා වෙනදා වගේම Boss Mode ඔන් කරන් බලන් ඉන්නවා.


"සොරි.. ගුඩ් මෝර්නින්."


"ගුඩ් මෝර්නින්."


මගෙ වෙනස් වෙලා තියන මූණ දැකලා එයා මං දිහා එක දිගටම බලාගෙන හිටියේ මං බිම බලා ගද්දි. මට මතක් උනේ ඊයෙ රෑ අපි දෙන්නා අතර උන සිදුවීම.


එයා පිස්සුවෙන් වගේ මාව සිප ගත්තු හැටි, මගෙ ඇඟෙන් තදින් අල්ලපු හැටි මතක් වෙද්දි ආයෙමත් ඇඟම හිරි වැටිලා ගියා. අනික උදේම ඩිස්නි කියපුවා එක්ක ලැජ්ජාවෙ බෑ.


"සැලෝමි හොඳයි නේද ?"


සැලෝමි ගැන මං මුකුත්ම හේෂාන්ට කියන්න ගියෙ නෑ. එහෙම උනොත් මේ දැන්ම ගිහින් සැලෝමිගෙ පස්සට එකක් ගහලා උඩින් යවයි Bonk ගාලා වැටෙන්නම.


"හොඳයි. එයාගෙ වැඩ පිළිවෙලයි."


"හ්ම්.. එයාගෙ අම්මා අරුෂිට කලින් වැඩ කලා. ඒ කියන්නෙ අපේ තාත්තා කම්පැනි එකේ ඉන්න කාලේ. එයත් හොඳට එයාගෙ Position එක කරන් ගියා. මං හිතනවා සැලෝමිත් මේ දවස් ටිකට එහෙම කරයි කියලා."


"හ්ම්ම්.."


"මට දිනුමි උදේම කිව්වා. ඔයා ඊයෙ රෑ ෆේන්ට් වෙලා වැටුණා කියලා. දැන් කොහොමද ?"


"එහෙම අවුලක් නෑ. හොඳයි."


"ඇඟ රිදෙනවා ඇති. දිනුමිට අල්ලගන්න බැරි වෙලානේ."


ඒ කියන්නෙ එයා නූල් පොටක ඉඳන්ම විස්තරේ දන්නවා. ඩිස්නි සේරම කනේ තියන්න ඇති මං ඇත්ත දැනගත්තා කියන එක ඇරෙන්න.


"නෑ.. එහෙම නෑ."


"එහෙනම් කමක් නෑ."


එයා ඈත වීදුරුවෙන් පේන කහ පාට ඉර එළිය දිහා බලන්. ඒ ඇස් ඉස්සර වගේම ඉර එළියට අළු පාටට දිළිසෙනවා.


"ඊයෙ උන දේට Sorry මින්දි."


"ඒකට කමක් නෑ. එහෙම දෙයක් නොවුණොත් ඒක පුදුමයක්."


"ඇත්තටම එවෙලෙ......"


"You lost your control."


මං එහෙම කියද්දි එයා හිනා උනා. ඉතින් මං ඇත්තනෙ කිව්වේ. එයා හැමදාම කියන දේ තමා එවෙලෙත් උනේ. හැබැයි උදෙන්ම ඒ හිනාව දකින්න මං ගොඩක් වාසනාවන්තයි. නැත්නම් වෙනදට රවාගෙන නේ ඉන්නේ Boss Mode ඔන් කරන් නිසා.


සමහරවිට ඒ හිනාවට ඊයෙ උන දේ හේතුවක් වෙන්නත් බැරි නෑ. එයා දුකෙන් හිටියේ මට ගහන්න හදපු එකට. පාලනයෙන් තොරව උනත් එයාට අසනීප තියන නිසාම තරහා යන්න ඇති. ඒත් ඒ තරහා ඊට මොහොතකට පස්සෙ තිබුණෙ නෑනේ. ඊට පස්සෙ මං එක්ක හිටියේ මීට අවුරුදු ගාණකට කලින් මං එක්ක හිටපු ඒ ආදරණීය පිරිමියා. එයාට ඕනි වෙන්නත් ඇත්තෙ ඒක වෙන්න ඇති.


එහෙම හරි එයා සතුටින් නම් එච්චරයි. ඒත් මගෙ පපුව ගිනි ගන්නවා රාදිතා මේ ගැන දැනගනීවි කියලා. පෙරේදත් මාක් එකක් අල්ලගෙන උඩ පැන්නානේ.


"You're right."


මං හිනා උනා. ඊයෙ ඇති වෙනකම් ඇඬුවට පස්සෙ අද උදේයි මේ විදිහට හරි හිනා උනේ. ඒකත් හේෂාන් නිසා. ඊයෙ මම ඇඬුවෙත් එයා නිසා අද මං හිනා වෙන්නෙත් එයා නිසා. ඉතින් කියන්නෙ කොහොමද එයාගෙ මත්තෙ මම ජීවත් වෙන්නෙ නෑ කියලා ?


"මූණ තාමත් ඉදිමිලා. මල් දාපු වතුරෙන් හෝදන්න."


"හ්ම්.."


"මං යන්නම්."


"හරි.."


එයා ටික වෙලාවක් මං දිහා බලන් ඉඳලා ආයෙමත් එලෙවේටර් එකට ගියා. ඒ කියන්නෙ එයා උදේම මාව අල්ලන්න ඇවිත් තියෙන්නෙ. නැත්තම් මං එලෙවේටර් එකේ ඉද්දි අත තියලා නවත්තලා මේ ෆ්ලෝ එකෙනුත් බහින්නෙ නෑනේ.


එයා යනකම් ඉඳලා මං මගෙ රූම් එකට ගියා. ඒ ගියපු ගමන්ම මං දැක්කෙ මේසෙ උඩ අඩි දෙකක් විතර උසට තියන ෆයිල් ගොඩක්. බෑග් එකත් තියලා මං එතෙන්ට ගියේ මේ මොනාද බලන්න. ඒක උඩ ස්ටිකි නෝට් එකකුත් තිබිලා මං අතට අර ගත්තා.


"Check these and send them to me by 9:00 A.M"


මං නිකමට වෙලාව බැලුවා. 8:30 යි වෙලාව. මම එතකන් හේෂාන් එක්ක කතා කරලා. ඒත් කොහොමද මං පැය භාගෙකින් මේක ෆිනිශ් කරන්නේ. මට ඊයෙ වගේම බැනුම් අහන්න වෙයි.


පුළුවන් තරම් ඉක්මනින් ෆයිල් එකක් අතට අරගෙන මං බලන්න ගත්තා. මහපට ඇඟිල්ලෙ තරමට උස එක ෆයිල් එකක් බලන්නත් මට විනාඩි දහයකටත් වඩා ගියා. එහෙම එකේ මේ සේරම බලන්න බැරි බව මට තේරුණා. ඒත් බැනුම් අහන්න හිතාගෙන හරි පුළුවන් ටික බැලුවා.


අන්තිමට වෙලාව නවයයි. මට තව ෆයිල් එකක් ඉතුරු වෙලා. ඒත් අනිත් ඒවාගෙ කිසිම අවුලක් නැති නිසාම ඒ ටිකෙත් නැතුව ඇති කියලා හිතාගෙන මම සැලෝමි ගාවට ගියා. එයා ලා දුඹුරු පාට ටයිට් ඩ්‍රෙස් එකක් ඇඳලා ඒකෙ සාක්කු දෙකට අත් දෙක දාගෙන එළිය බලාගෙන ඉන්නවා.


"මැඩම්.. මේ ටික හරි."


"කීයටද ඔෆිස් එකට ආවේ ?"


එයා මූණ විතරක් හරෝලා මගෙ දිහා බැලුවා. ඒ රතුපාට දෙතොල්, දුඹුරු පාට කැරලි කොණ්ඩෙ සරාගී, නපුරු කාන්තාවකට සමානයි. ඒකට එයා ඉස්සරහා මං හා පැටියෙක් වගේ.


"හතයි පනස් නවයට."


"ඔයාගෙ රූම් එකට ගියෙ කීයටද ?"


"අට හමාරට."


"පැය භාගයක් මොකද කලේ ?"


එයා එකපාරටම අමුතුම ප්‍රශ්නයක් යොමු කරද්දි මං නිහඬ වුනේ පුදුමයක් එක්ක. මම කොහොම කියන්නද හේෂාන් හම්බවෙලා එයා එක්ක කතා කරා කියලා.


"මට ටිකක් අසනීපයි."


"එහෙනම් මොකටද ඔෆිස් ආවේ. ගෙදර ඉන්න තිබුණනේ."


"එහෙම එන්නෙ නැතුව ඉන්න බෑනෙ මැ......"


"ඔෆිස් එනවා නම්, වෙලාවට එන්න ඕනි."


මං මුකුත් කියන්නෙ නැතුව බලාගෙන හිටියා. සැලෝමි ඇවිත් එයාගෙ පුටුවෙන් ඉඳගත්තා. එහෙම්ම එයා මම නොබලපු ෆයිල් එකම තෝරලා අරගෙන මගෙ පැත්තට දික් කලා.


"ඔයා සේරම චෙක් කලා නේ ?"


"ඔව් මැඩම්."


"මේක අරගෙන වන් හන්ඩ්ර්ඩ් සෙවන්ටි සෙවන් පේජ් එක ගන්න."


................................................... 🖤 ...


මොකක්ද මේ සැලෝමි කරන්න යන්නේ 😨


මින්දි දැන් ටිකක් නපුරු වෙලා නේද (දිනුමිටත් ඉන්න බෑනේ එකේක ඒවා කියන්නේ සුදු අයියා එක්ක 😤)


Sachy Collins 

Report Page