Spring is far away - 14 (Part 2)
Sachy Collins
කොහොම හරි තේෂාන් මින්දිව හොයන් ඒ ගෙදරට ගියා. යද්දි පියසීලි මාමත් ඉන්නවා දොර ගාව කැරකි කැරකි. හැබැයි ගෙදර දොර වහලා. කොල්ලා ඉක්මනින් කාර් එකෙන් බැහැලා මාමා ගාවට ගියේ මින්දි කෝ කියලා අහන්න.
"අංකල්.."
"චූටි බේබී.."
"මින්දි කොහෙද ?"
"මාත් මේ දැන් ආවෙ චූටි බේබි.. ගෙදර දොර වහලා.. නෝනා ඒ ටිකට කොහෙ හරි ගිහිල්ලද මංදා."
"ඔයා මින්දිව එක්කන් ආවද ?"
"ඔව් චූටි බේබි. දැන් ගොඩක් වෙලා. නෝනා මට ගෙදර යන්න කිව්වා. ආයෙ එන්නත් කිව්වා හන්දියට යන්න. දැන් දොර වහලා."
තේෂාන් බැලුවෙ දොර දිහා. මින්දි පියසීලි මාමා එක්ක මිසක කොහෙවත් තනියම ගමන් බිමන් යැවෙනවා අඩුයි. කොහොමත් හවසට එයා තනියම යන්නෙ නෑ. මෙහෙ පාරවල් අඳුරු නිසා.
"බස් එකේ කොහෙ හරි ගියාවත්ද ?"
"නෝනා ගොඩ කාලෙකින් බස් වල ගියෙ නෑනේ. ඉතින් දැන් යන්නෙත් නෑ අමාරුයි කියලා."
"එයා ගෙදර ඉද්දි දොර වහන්ද ඉන්නේ ?"
"නෑ චූටි බේබි. රෑ වෙනකම්ම දොර ඇරන් ඉන්නේ. නෝනා බයයි දොරවල් වහන් ඉන්න."
"එහෙනම් මොකද මේ 😦 ?"
තේෂාන්ගෙ හිතට දැනෙනවා කෙල්ල ගේ ඇතුලේ ඉන්නවා කියලා. ඒත් මෙහෙම වහන් ඉන්න හේතුවක් එපැයි. එයා කල්පනා කරේ මොකක් හරි ප්‍රශ්නයක් වත් වෙලාද කියලා. ඊට හපන් එයා බය උනා..
'දෙවියනේ.. රාදිතා ඇවිත් මින්දිට මොනා හරි කරලා ගිහින්ද දන්නෙ නෑ'
තේෂාන්ගෙ හිතට ආපු සිතුවිල්ලත් එක්ක එයා තවත් ගැස්සුනා. මේ හදිස්සියේ මුකුත් අයියට කියන්නත් බෑ එයාට. අනික එයාට මේ දොර අරින්නයි හිත කඩලා හරිම..
"අංකල්.. අපි මේ දොර කඩමු."
"චූටි බේබී 😨 ?"
"මං හිතන්නෙ මින්දි ඇතුළෙ ඉන්නවා. එක්කො එයාට නින්ද ගිහින්. නැත්තම් මොකක් හරි කරදරයක් වෙලා."
"හරි හරි.. බේබි විගහට මේක තල්ලු කරන්නකෝ. මාත් උදව් කරන්න."
පියසීලි මාමගේ උදව් ඇතුව තේෂාන් කොහොම හරි කරලා දොර ඇරගෙන ඇතුලට ගියා. ගෙදර සාලෙ සෝෆා එකක පූසා නිදි. එයා දන්නෙ නෑනෙ පූසෙක් මේ ගෙදර ඉන්නවා කියලා. ඉතින් එයා ඒ දිහාත් සැකෙන් බැලුවා.
"බළලෙක් කොහෙන්ද මෙහෙට ?"
"ආහ්.. නෝනා ඔය අතරමං වෙච්ච පූසෙක් හදනවා. දැන් දවස් ගාණකට කලින් හම්බුණේ."
"මින්දිගෙ කාමරේ කොහෙද ?"
"ඔතනින් වමට ගිහාම තියෙන්නෙ. ආන්න ඒ කාමරේ චූටි බේබි."
තේෂාන් අඩියෙන් අඩිය මින්දිගෙ කාමරේට ලං උනා. ගෙදර කිසිම සද්දයක් බද්දයක් නෑ. පියසීලි මාමා හිතන් ඉන්නෙ මින්දි එයාට හොරෙන් කොහේ හරි ගිහින්ද කියලා. කොල්ලට ඒක විශ්වාස නෑ.
"චූටි බේබි.. නෝනා බෑග් එක එල්ලන්නේ මෙතන. දැන් ඒක නෑ. මං හිතන්නෙ කොහෙ හරි ගිහින්ම තමයි."
"ශුවර්ද."
"ඔව්.. නෝනා හැමවෙලේම ගෙනියන අර තැඹිලි පාට බෑග් එක. ඒක නෑ කියන්නෙ කොහෙ හරි ගිහින්. සමහරවිට බස් එකේ මං නැතුව හංදියට ගියාද දන්නෙ නෑනේ. නෝනා ආස නෑ හැම වෙලේම මට කතා කරන්න. මට කරදරයි කියලා."
තේෂාන් දන්නවා. පියසීලි මාමා තරම් දැන් මින්දි ගැන දන්න කෙනෙක් නෑ කියලා. ඉතින් එයාගෙ එකම තේරීම පියසීලි මාමා විශ්වාස කරලා මින්දි කොහේ හරි ගිහින් ඇති කියලා හිතන එක.
........................................................ 🖤 ...
මින්දි කොහෙ ගිහින්ද මෙවෙලෙ 🥺
රියැක්ට්, කමෙන්ට් ඕනී අද එපියට 💖
Sachy Collins