Spaced Repetition

මතකය කියන්නේ අපේ මනසේ, දීර්ඝකාලීනව වගේම ක්‍රමානුකූලව සිදුවන සංකීර්ණ කියාවලියක්.අපි මුලින්ම "මතකය" කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කතා කරමු.
තොරතුරු ,
1. ලබා ගැනිම,
2. ගබඩා කිරීම සහ
3. අවශ්‍ය වූවිට නැවත ලබා ගැනීමේ හැකියාව යන ක්‍රම 3ම, විද්‍යාත්මකව මතකය ලෙස හඳුන්වනවා.
නමුත් මතකය කියලා සරලවම කියන්නේ,
• ඇස, කණ, නාසය, දිව, ශරීරය යන අවයව වලට ලැබෙන උත්තේජන වලට අනූරූපව ඒ ඒ ස්ථානවල
පවතින ස්නායු අග්‍ර වලදී විද්‍යුත් ආවේග බවට පත්කර සංවේදන ස්නායු ඔස්සේ මොළය වෙත ගෙන ඒමයි.
මතකය කියන කියාවලිය සංකීර්ණ කියාවලියක් වන අතර, මතකය ගබඩා කරන අවස්ථාවන් 3 ක් තියෙනවා.
ඒවානම්,
1. සංවේදන මතකය (Sensory Memory)
2. කෙටිකාලීන මතකය (Short Term Memory)
3. දීර්ඝකාලීන මතකය ( Long Term Memory)
සංවේදන මතකය
ඇස, කණ, නාසය, දිව, ශරීරය යන ස්ථානවල පිහිටි ස්නායු අග්‍ර වෙත ලැබෙන උත්තේජ වලට අනුරූපව මොහොතක් තුළදී විශාල ස්නායු ආවේග ප්‍රමාණයක් මොළය වෙත සම්ප්‍රේෂණය කරනු ලබනවා. මේ විදිහට ලැබෙන තොරතුරු වලට අනුරූපව ආවේග ඉතා සුළු ප්‍රමාණයක් සංවේදන මතකය ලෙස ස්නායු උපාගමය තුළ තත්පර 0.5ට වඩා අඩු කාලයක් ගබඩා කර ගැනීම සිදුවෙනවා.
කෙටිකාලීන මතකය
සංවේදන මතකය ලෙස ස්නායු උපාගමයක් තුළ ගබඩා කළ තොරතුරු වලින්, අවධානයෙන් යුතුව සිටින තොරතුරු පමණක් කෙටි කාලීන මතකයට තෝරා ගනු ලබනවා. අප ඒ මොහොතේ අවධානයෙන් නොසිටින්නේනම් තත්පර 0.5 ඇතුළත සියලුම තොරතුරු සංවේදන මතකයෙන් ඉවත්ව යනවා.එවිට ඒ කිසිම තොරතුරක් කෙටිකාලීන මතකය වෙත සම්ප්‍රේෂණ වෙන්නේ නෑ. මෙම කෙටි කාලීන මතකයේ වරකට තොරතුරු 7කට ආසන්න ප්‍රමාණයක් ගබඩා වී පවතිනවා.
දීර්ඝ කාලීන මතකය
දීර්ඝකාලීන මතකය කියන්නේ තත්පර 15ට වඩා , ජීවිත කාලය පුරාවටම පවතින මතකයටයි. කෙටී කාලීන මතකයේ රැදෙන කරුණු වලින් කිහිපයක් දීර්ඝකාලීන මතකයේ තෝරාගනු ලබනවා.
මෙසේ තෝරාගැනීම සඳහා නිර්ණායක ලෙස ,
1. පෙර ඉගෙන ගත් දේවල් සමඟ සම්බන්ධ තොරතුරු
2. තේරුමක් සහිතව ලැබුනු තොරතුරු
3. උද්‍යෝගයෙන් යුතුව ලබාගත් තොරතුරු
4. නැවත නැවත ලබාදෙන තොරතුරකට අදාළ තොරතුරු දීර්ඝකාලීන මතකයට තෝරා ගනු ලබනවා.
ස්නායු දෙකක් අතර සම්බන්ධ කරන ව්‍යුහය උපාගමය කියලා කියනවා. මෙම උපාගමයන් තුළ ස්නායු අග්‍ර දෙකක් පිහිටන අතර එම අග්‍ර අතර ආවේග හුවමාරුව සිදුකරනු ලබන්නේ රසායනික ස්නායු
සම්ප්‍රේක්ෂක (neurotransmitter) නම් රසායනික සංයෝගයක් මඟින්.
මතකය දීර්ඝකාලීන වගේම ක්‍රමානුකූලව සිදුවන කියාවලියක්. එය encoding,consolidation ලෙස පියවර දෙකකින් යුක්තව ඔබේ මොළය තුළ සිදුවන සංකීර්ණය කියාවලියක් වෙනවා.එම නිසා හොඳ මතකයක් ලබාගැනීමට හොඳින් වැඩුණු , හොඳින් ක්‍රියාකරන උපාගමයන් තිබීමට අවශ්‍ය වෙනවා.
විද්‍යානුකූලව ඔබේ මොළයට හොඳම මතක හැකියාවක් තිබෙන්නේ හොද ඔක්‌සිජන්, පෝෂක සහ ශක්ති ප්‍රමාණයක් ලැබෙනකොටයි. මෙහිදී හොඳ රුධිර සැපයුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණක්. විද්‍යාත්මකව සොයාගෙන තිබෙන කාරණා අනුව මොළයේ ක්‍රියාකාරිත්වය 100% ක්ම පවතින්නේ උදේ, 4-6 වෙලාවේදී.
හොඳ රුධිර සැපයුමක් මොළයට ලබාගැනීමට නම්, හොඳින් ස්වායු ව්‍යායාමවල දිනකට විනාඩි 20-30 පමණ නිරත වීම කළ යුතුයි.මීට අමතරව හොඳ මතකයක් සඳහා ඔබට කළහැකී දේ තවත් බොහෝමයක් තියෙනවා.
-දිනකට විනාඩි 10 ක් පමණ භාවනා කිරීම
-උද්‍යෝගයයෙන් යුතුව පාඩන් වැඩකටයුතු වල නිරත වීම
-නැවත නැවත පාඩම් කළ කරුණු මතක් කිරීම
-රාත්‍රයේදී පැය 6-7 පමණ ගැඹුරු නින්දක් ලබාගැනීම සිදු කළ හැකිය.
නමුත් ඔබ කොතෙක් පාඩම් කළත්, සාමාන්‍යයෙන් පාඩම් කරන කාලයෙන්, පැයක් තුළදී 50% කුත්,පැය 24 ක කාලයක් තුළදී 70% කුත් අමතක වෙනවා.ඒ වගේම, ඉතිරි 30 % ප්‍රමාණයෙනුත් විශාල ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළ අමතකව යනවා.
මේ විදිහට අමතක වෙලා යන කරුණු මතක යේ තියාගන්නේ කොහොමද?
මේ විදිහට අධ්‍යාපනික කරුණු අමතක වෙන්නේ නැතිව අපේ මතකයේ තියාගන්නේ කොහොමද කියලා පර්යේෂණ කටයුතු කරපු විද්‍යඥවරුන් විසින් සොයාගෙන තිබෙන්නේ, එම කරුණු නැවත නැවත මතක් කිරීම මඟින් හොඳින් මතකයේ තියාගන්නට පුළුවන් කියලයි. ඔවුන් එය Spaced Repetition ලෙසින් නම් කර තිබෙනවා.
මෙහිදි නියම්ත කාල පරතරයකින් නැවත නැවත මතක් කිරීම මඟින් ඔබගේ මතකයෙන් ස්වභාවිකවම වියැකී යන කරුණු එලෙසින්ම මතකයේ තබාගන්නට පුළුවන්කම ලැබෙනවා.
ඒ අනුව ඔවුන් හොඳ මතකයක් ලබාගැනීම සඳහා අප විසින් අධ්‍යාපනික කරුණු නැවත නැවත මතක් කිරීම කළයුතු කාල සීමාවන් පහත ආකාරයට බෙදා වර්ගීකරණය කර තිබෙනවා.
ඒ අනුව,
1. එදිනම සවස නින්දට පෙර
2. 3 වන දින
3. 10 වන දින
4. 30 වන දින
5. 60 වන දින
6. 120 වන දින
විදිහට ඔබ විසින් මෙම කරුණු නැවත නැවතත් මතක් කළ යුතුයි.
ඉතින් ඔබට හොඳ දීර්ඝකාලීන මතකයක් ලබාගැනීමට අවශ්‍යනම් මෙන්න මේ ඉහළින් අපි සඳහන් කරපු කාල සීමාවන් වලදී , ඔබ අධ්‍යාපනික කරුණු නැවත නැවතත් මතක් කරන්නට උවමනායි.
පල්ලෙහා තියෙන apps වලින් ඔයාලට ඒ පාඩම් නැවත නැවත මතක් කරන්නොනි කාලපරාස මතක් කරල දෙනවා.
උඩ තියෙන්නෙ මට හම්බුනු apps දෙකක් playstor එකේ එහෙම තව apps තියේ ඔයාල හොයල බලල අපිටත් කියන්න.
පල්ලෙහයින් දාල තියෙන්නෙ මේ spaced repetition ක්‍රමය ගැන youtube වීඩියෝ ලින්ක් ටිකක් ඒවත් බලන්න.
මේ ක්‍රමය ගැන ඔයාල දන්න දේවල් comment box එකේ comment කරන් යන්න..
මේ වගේ ආටිකල් බලන්න එකතු වෙන්න අපිත් එක්ක 👇👇
@Littlesecret

Resources
Facebook
Youtube
Google
Articles
©first owners