Sky Meets Fire

Sky Meets Fire

Kiyera
ගින්නත් අහසත් අතර ආදර බැදීම


Part 04



මං දැන් ෆ්ලයිට් එකේ ඉදගෙන අපේ අම්මගේ යාලුවව හොයනවා... කෑම සර්ව් කරලාම අම්මට කතාකරනවා කියලා හිතුවට අම්මා කියපු අම්මා අදුරන වෙන කෙනෙක් මගේ අතින් අල්ගත්තා...


ඔව් ඒ විද් අයියා...



'' සර් මොනවද ඕනි... ''



'' ඒ රංජුලගේ කෙල්ල.... ඒ කෙල්ලට ෆිට් එක තියනවා... ''



'' සර් මට සර්ගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ... ''



'' මං තමුසෙව අතාරින්නේ නෑ අමායා.... මං වැරැද්දක් නොකර මං තමුසෙට යන්න දෙන්නේ නෑ මගෙන් ඈතට..... ''


කියලා මගේ අත අතෑරියා...


මගේ ඔලුව සම්පූර්ණයෙන්ම අවුල්වෙලා දැන්... ඒත් රස්සාව හරියට කරන්න ඕනි නිසා මං ඒ ගැන හිතන්නේ නැතුව වැඩේ කලා...



ෆ්ලයිට් එකෙන් පස්සේ දවස් හතරක් කොරියා වල ඉන්න පුලුවන් ඊලග ෆ්ලයිට් එක වෙනකන්...


ඒ නිසා මං මගේ හොටෙල් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා රෑ වෙලා ඇවිදිනවා කියලා හිතාගෙන... මොකද හෙට අපේ කට්ටියම ශොපින් යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ...


මං රෑ වෙලා හොටෙල් එකෙන් එලියට එද්දි විද් අයියා හොටෙල් එක ඉස්සරහ හිටගෙන ඉන්නවා... මං ටග්ගාලා රූම් එකට යන්න හැරිලා ඉක්මනට ලිෆ්ට් එකට නැග්ගා... නිකන් කවුරුවත් දිහා බලන්න ඕනි නැති නිසාම ෆෝන් එක ඔන් කරගෙන එෆ්බී පැත්තට යද්දිම ෆෝන් එක අතෙන් කවුරුහරි උදුරලා ගත්තා...


වෙන කවුරුත් නෙවේ විද් අයියා ඒ....



'' මං කියන දේ අහලා කැමති දෙයක් කරන්න පුලුවන්... ''



'' මගේ ෆෝන් එක දෙනවා...!!! ''



'' ඇපල් එකකටම මාරුවෙලා නේද... ''



'' මිනිස්සුන්ව හිනස්සන්නේ නැතුව මගේ ෆෝන් එක දෙනවා.... ''



'' කෝ පරණ ෆෝන් එක... ''



'' මොකටද ඒක තමුසෙට... ''



'' මං කියලා තියනවා හරියට කතා කරන්න කියලා... ''



'' තමුසෙ කියන දේවල් අහන්න මං කව්ද තමුසෙගේ... ''



'' තමුසේ මගේ කෙල්ල... ''



'' ඇයි සෙව්මිනීව මදි වෙලාද...

මටත් පිස්සුනේ විකාර අහන්නේ... සෙව්මිනීව මදි උන නිසානේ මමයි තව අර යාලුවගේ කෙල්ලවයි ගත්තේ... ''



'' මටත් ඉවසීමේ සීමාවක් තියනවා අමායා... ''



'' සීමාවේ ඉන්නවා එහෙනම්... !! '' කියලා මං මගේ රූම් එක ඇතුලට ආවා... කාඩ් එකෙන් ඩෝ එක ඕපන් කරද්දි මාවත් තල්ලුකරගෙන මේ මනුස්සයා මගේ රූම් එක ඇතුලේ...



'' මොකක්ද මේකේ තේරුම... මට පාඩුවේ ඉන්න දීලා යන්න විද් අයියේ ඔයා... ''



'' මාව ඔයාව විශ්වාස නැද්ද... ''



'' මට මතක් කරන්න එපා ඒ දවස... මට මතක්වෙද්දිත් වමනෙයන්න එනවා... ''



'' පාටි එකක් තිබුනාම ඕක අපේ බෝඩිමේ සාමාන්‍ය දෙයක් අමායා... සෙව්මිනී එනවා තව අපේ කැම්පස් එකේ කෙල්ලො එනවා වෙන වෙන ඒවගේ කෙල්ලො එනවා ඒක සාමාන්‍ය දෙයක්... ''



'' ඒක සාමාන්‍ය දෙයක් උනාට ඒක ආදරේ කරන අනිත් මනුස්සයට දරාගන්න බෑ කියලා තේරෙන්නේ නැද්ද ඔයාලට... ''



'' මං දන්නේ බං උන් ගැන... මං දන්නේ මං ගැනයි රංජුලයා ගැනයි විතරයි... ''



'' මට වැඩක් නෑ... ''



'' ඒ හිටියේ රංජුලගේ කෙල්ල... ''



'' මට වැඩක් නෑ... ''



'' වැඩක් නැත්තම් මොකද මාව මගාරින්නේ... ''



'' මට ඕනි නිසා... ''



'' අහන්න අමායා... මං මේ අන්තිම වතාවට කියන්නේ ඒ කෙල්ලට අසනීපයි බෙහෙත් විදලා ටිකක් කන්ට්රෝල් වෙනකන් අල්ලගෙන ඉන්නේ එහෙම අල්ලද්දි තමයි මගේ ඇග තුවාල උනේ... එහෙම නැතුව වෙන මගුලක් උනේ නෑ බං...


අනිත් උන් ඔයා දැකපු විදිහට හිටියා... උන් අදටත් එහෙම ඉන්නවා ඒත් අමායා මගේ ජීවිතේට මං එහෙම ඉදලා නෑ... මං කෙල්ලෙක්ට ලං උනානම් ලං උනේ උබට විතරයි.... ''



'' හා... ''



'' එච්චරද... ඔයාට කියන්න තියෙන්නේ... ''



'' ඔව්... ''



'' මට එක චාන්ස් එකක් දෙන්න ප්ලීස්... ''



'' මොකටද... ''



'' ආපහු ලංවෙන්න... ''



'' ආපහු ලංවෙන්න කියන්න මීට කලිනුත් ඔයා මට ලං උනා කියන එකනේ... ඒවෙලාවෙදි මං ඔයාට හා කිව්වද...


මං ඒවෙලාවෙදි ඔයාට හා කිව්වද විද් අයියේ... ඒ වෙලාවෙදි ඔයාට මගෙන් උත්තරයක් ඕනි උනාද විද් අයියේ....


ඔයාට ඒ වෙලාවෙදි මගෙන් උත්තරයක් ඕනි උනේ නෑනේ... ඉතින් එහෙනම් දැන් මොකටද මගෙන් උත්තරයක්... ''



'' දැනුත් මට ඔයාගෙන් උත්තරයක් ඕනි නෑ... හැබැයි දැන් මං මැරෙන්න ලෑස්තිවෙලා ඉන්නේ... ඉතින් එතකොට උත්තරයක් ඕනි... ''



'' එතකොට මං... මමත් ඔයාවගේම නෙවේද.... ''



'' නිවාඩු කියලා ගෙදර ඉන්න දවසටත් කෝල් එකක් ආවොත් මං ගියාට කමක් නැද්ද....


වෙන මොකටවත් නෙවේ මැරෙන්න.... ''



'' ඇයි මගෙන් දැන් ඕක අහන්නේ... ''



'' අමායා හිතුවක්කාර වෙන්න එපා ඔහොම... ''



'' ඔයා වෙනස්වෙලා.... !! ඔයා ශෙනස් වෙලා විද් අයියේ... ඔයා පරන හිටපු මගේ විද් අයියා නෙවේ... '' මට ඇඩුනා....


වචනවලින් මාව අල්ලගන්න හදන විද් අයියව දැකලා... ඉස්සර එයා එහෙම නෙවේ...



'' පරන හිටපු විද් අයියා ඔයාගෙද අමායා... ''



''.... '' හැම වෙලාවකම වගේ මං ගොලුයි ඔයවගේ දෙයක් අහපුවාම...



'' ඇයි මොකුත් කියන්නේ නැත්තේ ආ.... ''



'' මගේ තමයි... යන්න එපා කිව්වාම ආපහු යන්න එපා කොහෙවත්....''



'' දැන් මට යන්න වෙනවනේ.... ''



'' ඒත් යන්න එපා... ''



'' හිතින් එදා ගියෙත් නෑ අද යන්නෙත් නෑ අමායා... ''



'' හ්ම්.... ''



'' ඇයි හ්ම් විතරක්... ''


අහන ගමන් ටිකෙන් ටික මගේ ලගට එනවා.... මට පිටිපස්සට යනන පුලුවන් සැහෙන දුරක්... ඒත් මං කලින් හිටන් ඉන්න තැනමයි...



'' ලිෆ්ට් එකේදි මට තමුසේ කියලා කිව්වා නේද තුන්පාරක්ම.... ''



'' තමුසේ....!!! ''



'' හතරයි... ''



'' තමුසේ තමුසේ තමුසේ තමුසේ..... !!! ''



'' ආය කියපන් බලන්න.... '' කියලා මගේ ඉනවටේ අත දාලා ලගට ඇදලා ගත්තා...



'' තමුසේ...!! ''



'' හිතුවක්කාරකම.... '' කියලා මගේ ඉනවටේ දාගෙන හිටපු අත අයින් කරලා මෙයා ගිහින් ඇදෙන් ඉදගත්තා...


ඒකරලා මගේ ෆෝන් එක අරන් පාස්වර්ට් එක හයයෙන් කියවනවා...



'' බින්දුවයි බින්දුවයි බින්දුවයි බින්දුයි බින්දුවයි බින්දුව....


හරි....!! ''



මං තාමත් එතනමයි...



'' ම්.... නයිස් වෝල්පේපර් බබා... '' ලු...


ඔව් ඉතින් නයිස් තමා... මෙයයි මමයි ගත්ත පලවෙනි ෆොටෝ එකනේ...


'' ඕක දෙන්න මෙහෙට... ''



'' මාව අප්පිරියයි කියලා කිව්වා නේද.... ''



'' ඕක දෙන්න විද් අයියේ... ''



'' මාව තාමත් අප්පිරියයිද බං... ''



....



'' කටවහන් ඉන්නේ නැතුව කියපන්කෝ... ''



'' ඕක දෙන්න... ''



'' හ්ම්... '' කියලා ස්ක්‍රීන්එක ඕෆ් කරලා ඇදේ පැත්කින් තිබ්බා... පත්තකින් තියලා ඇදන් හිටපු ජැකට් එක ගලවලා ඇදට පැනලා කොට්ටයක් බදාගෙන ඇස් පියාගත්තා....



'' මං ටිකකින් යනවා... එකදිගටම හරියට නිදාගත්තේ නැති නිසා විනාඩි දහයක් ඇහැ පියාගන්නවා අමායා... ස්ටාෆ් එකෙන් ඇවිත් බෙඩ්ශීට් චේන්ජ්කරයි වැඩිය හිතන්න එපා... එක්කෝ මං වෙන රූම් එකක් අරන්දෙන්නම්... '' ලු...



ඔයා කියන්නේ මං වැරදී කියලද විද් අයියේ... එදා ඒ විදිහේ දෙයක් දකිද්දි මං ඉවසන්නේ කොහොමද අයියේ... මට හිතුනා මං ආදරේ කරපු කෙනා වැරදී කියලා ඒත් මං ඔයාට ආදරේ කලා විද් අයියේ...


එදා ඉදලා අදවෙනකන්ම ඔය හිතට තමා මං ආදරේ කලේ... ආදරේ කරන්නෙත්...


ඉතින් මට ඔයාව අප්පිරියා නෑ විද් අයියේ...


ඔරලෝසුවේ කටු කැරකෙන වගේගෙ දිහා සෑහෙන වෙලාවක් බලන් ඉදලා මෙච්ර වෙලා මට ඕනි වෙලා තිබුන තප්පර ගානක හාදුව විද් අයියගෙන් ලැබුනේ නැති නිසා මමත් ඇදන් හිටපු ජැකට් එකයි සපත්තුදෙකයි ගලවලා විද් අයියගේ අත් අස්සට රිංගගත්තා... හැබැයි එයා නිදි...



'' මං ආදරෙයි විද් අයියේ... මට ඔයාව අප්පිරියා නෑ... ''



මමත් ඒ පපුවට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා... හැබැයි ආපහු ඇහැරුනේ විද් අයියට ආපු කෝල් එකට... මං හිතන්නේ එයත් ඇහැහැරුනේ ඒ කෝල් එකට...


ඒකනිසාමයි මං දිහා බය වෙලා වගේ බලන් ඉන්නේ...



'' ඕක ආන්සර් කරන්නකෝ විද් අයියේ... ''


ඒපාර සාක්කුවට අත දාලා ෆෝන් එක අරගෙන නැගිටලා යන්න හදනවා... මං එයාට නැගිටලා යන්න දෙන්නේ නැතුව අත්දෙකම එයාගේ ඇග වටේ ඔතාගෙන පපුවෙන් ඔලුව තියාගත්තා...



'' යන්නෙ නැතුව මෙතන ඉදලා ආන්සර් කරන්න... ''


ඒ උනාට ඒ කෝල් එක කට්වෙලා ගියා... ඒත් ආයෙත් වදිනවා...



'' යන්න නම් දෙන්නේ නෑ... !! '' කියලා මං කිව්වා... එකපාර ආන්සර් කරන්නේ නැති උනාම ආපහු ආපහු ගන්නේ එයාට යන්න වෙන නිසා වෙන්න ඕනි... ඒත් මං එයාට අද යන්න දෙන්නේ නෑ....


එයා කෝල් එක ආනාසර් කරලා කනේ තියාගත්තා... එහාපැත්තෙන් කියන දේවල්නම් මට ඇහෙන්නේ නෑ... හැබැයි මෙයා කියන දේවල්නම් මට ඇහැනවා....



'' ඉන්නවා... ''


'' ඔව්... ''


'' ඒක එයාගෙන් අහන්න... ''


'' මොකුත් කීවේ නෑ... ''


'' මෙතන..''


'' ඔව්... ''


'' ගෙදර එන්නේ නෑ... ස්ටේශන් එකේ ඉන්නේ... ''


'' තියන්න අම්මා!! මට එන්න කියන්න එපා... !! '' කියලා මූ කෝල් එක කට් කලා...



'' ඇයි අම්මට එහෙම කතා කරන්නේ... ''



'' නිකන්... ''



'' ඇයි ගෙදර යන්නේ නැත්තේ... ''



'' ගිහින් තේරුමක් නෑ... මං දැන් යන්න ඕනි... ''



'' එපා...!!! මං යන්න කිව්වොත් විතරයි ඔයාට යන්න පුලුවන්... ''



'' මට ඕනි උනේ ඔයාගේ හිතේ තියන වැරදි වැටහීම නැති කරන්න විතරයි අමායා... ඒක මං කලා... ''



'' එතකොට.... එච්චරද... !!!


ආ... කතාකරන්න විද් අයියේ ඔයාට මාව එපාද... ඔයා මට ආදරේ නැද්ද... කියන්න විද් අයියේ... ''



'' මං ද ඕවට උත්තර දෙන්න ඕනි අමායා.... ''



'' මාව දාලා යන්න එපා විද් අයියේ.... මං ආදරෙයි... මට ඔයාව අප්පිරියා නෑ... යන්න එපා... ''



'' හ්ම්... '' කියලා එයා මගේ පිට අතගානවා...



'' කන්න යමු... දැනටමත් බුෆේ එක වහලා ඇත්තේ... ''



'' මං ඔයාව කන්නද විද් අයියේ... ''



'' තවත් මගේ කන්න දෙයක් ඉතුරුවෙලා තියනවද මේ මැඩම්ට... ''



'' ඕ.... ''


මං ඔව් කිව්වට මොකද මාව කන්නගත්තේ විද් අයියා...


ඒක අර තප්පර ගානක් ඇතුලත දෙන හාදුව වගේ නෙවේ ...


ඒත් විද් අයියා දෙන ඕනිම වර්ගයේ හාදුවකට මම මත්වෙනවා....


මං මත්වෙන එකම ඩ්‍රග් එක මගේ විද් අයියා.... !!!!











කොටස් කීපයක කෙටි කතාවක්... හුග කාලෙකින් ලිව්වේ... අදහසක් කියාගෙන යන්න කතාව ගැන...


මම කියේරා 🩷

Report Page