Sky Meets Fire
Kiyera
Part 03
මේ ගෙවෙන දවස්වල විශේෂ දේවල් වෙනවද ඇහුවොත් මගේ උත්තරේ ඔව් !!!
විශේෂ දේවල් කෙසේවෙතත් මගේ නෝමල් රූටින් එක සීයට අසූහාරදාහක්ම පිට පැනලා තියෙන්නේ...
දින වකවානු මතක් කරන්න ගියොත් මට මතක්වෙන්නේ රෙදි නැතිවෙන්න නෝන්ඩි උන අවස්ථා...
විශේෂයෙන්ම ඔය දේවල් වෙන්නේ විද් අයියා ඉස්සරහා....
එයා දෙන් තර්ඩ් ඉයර් එකේ... ඒ කියන්නේ ටොපප් එක... මේ මාස හය ගෙවිලා ගියාම එයා ආය එන්නේ නෑ මේ කැම්පස් එකට...
සතුටුයි....
මට සෑහෙන්න සතුටුයි.... මොකද එහෙම වෙනවා කියන්නේ මම නමට එයාගේ ගර්ල් වෙන එක නවතිනවා.... අනිත් එක ආය අපි අතර සම්බන්ධයක් නැතිවෙනවා... කැම්පස් අවුරුදු දෙකහමාරට කලින් වගේ වෙනවා...
එතකොට මගේ ජීවිතේ ඇතුලේ ආය ආදරේ හොයන්න ආදරේ ඉල්ලන්න කෙනෙක් නැතුව යනවා... ඉතින් මට සතුටුයි...
ඒත් මට සමහර තැන් තියනවා කියන්න බය... එහෙම නැත්තම් මං පිලිගන්න අකමැතිවෙන...
විද් අයියා මගේ ආදරේ හොයන්නේ නැති එකට මට සතුටුයි තමයි ඒත් මට ඕනි කොමන් රූම් එකේ ඉද්දි සැර පර්ෆියුම් සුවදත් එක්ක තිත්තම තිත්ත කෝපි එකක් අරගෙන බලෙන්ම මාව එහාට තල්ලුකරලා මගේ එහැපැත්තෙන් ඉදගන්න මනුස්සයව බලන්න.... කොහෙ හරි යන්න ඕනි උනාම කෝල් එකක් අරන් එක්කන් යන්න එන්න කියන්න...
ඒත් ඊටත් වඩා... ඊටත් වඩා මට දැනෙන දෙයක් තියනවා....
මං හිතුවක්කාර වැඩි උනාම තප්පර ගානක් ඇතුලත ශනිකව දෙන කිස් එක විදගන්න... ඒක දැනෙන විදිහ කියන්න දන්නෙම නෑ... හැබැයි ඒ තප්පර ගානට මං ලෝබයි... වෙලාව ගෙවෙන්නේ නැත්තම් කියලා හිතෙන තරමටම මං ලෝබයි... ඒ නිසාමයි ඒ තප්පර ගාන ඇතුලත මගේ අත්දෙකත් ඒ ශර්ට් එක පොඩිවෙන්න අල්ලගන්නේ...
ඊටත්වඩා අතුරුදහන් වෙන මාව හොයාගන්න එකට මං ඇබ්බැහි වෙලා...
මං දන්නේ නෑ ඇයි කියන්න... හැබැයි මං අතුරුදහන් වෙනවා... මාසයක් දෙකක් යාලුවෝ පවුලේ අය වැඩ ඔය හැම දෙයක් එක්කම බිසීවෙද්දි මට එනවා මාව දරාගන්න බැරි වෙලාවක්... ඒ වෙලාවට මට කේන්තියනවා... මොනතරම් කේන්තියනවද කිව්වොත් මට මාව පාලනය කරගන්න බැරිතරමට කේන්තියනවා...
ඉතින් මං ඒ දවස්වලට ෆෝන් පාවිච්චිය අයින්කරනවා මිනිස්සු එක්ක කතාකරන එක නතරකරනවා මං තනියම ඉන්නවා ආපහු මං නෝමල් වෙනකන්...
ඔය දවස්වලට මාව ආපහු පරන මනුස්සය කරන්න විද් අයියා මං එක්ක ඉන්නවා... මට දැනෙනවා එහෙම කෙනෙක් ඉන්න එක මට හයියක් කියලා... ඒත් මං ඒ තැනට මේවෙනකන් කිසි කෙනෙක්ට එන්න දීලා නෑ... හැබැයි විද් අයියා එනවා...
එයාව නතර කරන්න මට බෑ... බෑ නෙවේ ඕනි නෑ කියලා හිතෙනවා...
ඒ ඇයි.... ඒ ඇයි කියලා මං තාම හොයනවා....
'' අමායෝ.... බුක්ෆයා යන් මේ ඉරිදා... ''
'' යන් යන්... කව්ද යන්නේ... ''
'' දුකින් උනත් කියන්න වෙනවා මගේ මනුස්සයා මාව තනියම යවන්නේ නෑ.... ''
'' එතකොට මං තනියම.... එහෙනම් මට බෑ... ''
'' උබ විද් අයියට එන්න කියපන්කෝ එතකොට හරිනේ.... ''
'' ඉන්නකෝ මං එයාගෙන් අහන්න... '' කියලා ෆෝන් එක අරන් මං මැසේජ් එකක් දැම්මා
' Me ' කියලා ... එතකොට එයා වැඩ නැතිවෙලාවක කෝල් කරනවා... අපේ චැට් එකේ වැඩිපුරම තියෙන්නේ මම ' me ' කියලා දාපු මැසේජ්ම තමා....
'' ආමයා.... ''
'' ඕ යෑස්... ''
'' විද් අයියා උබේ කව්ද... ''
'' කසින්... ''
'' එතනින් එහාට මොකුත්ම නෑ.... ''
'' එයා මට කැමති... ඒත් මං එයාට කැමති නෑ.... ''
'' උබෙත් බං බොරුව තියෙන්නේ හොදටම... උබ ඌට කැමති නැත්තම් ඌ උබට කැමතී කියලා දන්නවනම් උබ මොන මගුලකටද බං ඌත් එක්කම ඉන්නේ.... ''
''..... '' ඔය ප්රශ්න වලට මං නිහඩයි.... මොකද මංවත් දන්නේ නෑ මං ඇයි එහෙම කරන්නේ කියලා...
'' උබත් බං ඌට ආදරෙයි... උබේ හිතේ එහෙම එකක් නැත්තම් අරූ පාරක් අයිනේ එහෙමත් නැත්තම් මිනිස්සු ගොඩක් ඉන්න තැනක උබව කිස් කරද්දි උබ බබා වගේ ඉන්නේ මොකද...
අනික ඒ වෙලාවට ඌමතමා උබේ අත්දෙක උගේ ශර්ට් එකෙන් ගලවගෙන යන්නේ...
දැන් අවුරුදු දෙකක් බං... උබ ඔහොම ඉන්නේ.... ඌට උත්තරක් දීපන්... කටින් කියන්න ඕනි නෑ අඩුම උබ දැනෙන්න දීපන්කෝ ඌට.... ''
ඇත්ත.... සිතුමිනි කියපු කතාව සහතික ඇත්ත...
මගේ හිතේ ආදරක් නැත්තම් ඇයි මං විද් අයියව හොයන්නේ....
ෆීලින්ස් වලට බයවෙලා ජීවත්වෙන්න බෑ...
මං එහෙම හිත හිත ඉද්දිම විද් අයියා කෝල් කරනවා....
'' කාලද.... '' හෙලෝ කියන්නත් කලින් ඕක තමා අහන්නේ... නෑ කිව්වොත් මූ බත් එකක් උස්සගෙන ඇවිත් කවනවා... අත්දුටුයි ප්රත්යක්ශයි....
'' ඕ.... ''
'' මොකක්ද දැන් කේස් එක ඔය ලමයට... ''
'' මේ ඉරිදා බුක්ෆෙයා යන්න ඕනි.... ''
'' ම්..... '' දැන් එයා කල්පනාවක... බෑ කියයිද දන්නේ නෑ...
'' කොයිවෙලේද යන්නේ.... ''
'' දහයට වගේ වැඩිවෙලා ඉන්නේ නෑ... ''
'' හරි එහෙනම් මං එක්කන්යන්න එන්නම් බෝඩිමට දහය වෙද්දි... හැබැයි බබා මට කලින් එන්නවෙනවා හවස පාටි එකක් තියනවා... ''
'' ම්... ''
'' හතරට වගේ මං එන්න ඕනි... බලමුකෝ ඒවෙලාවට... ''
'' හ්ම්... ''
'' මේ වීක් එකෙත් ගෙදර යන්න කල්පනාවක් නෑ වගේ නේද මැඩම්ට... ''
'' අප්පච්චි ඇවිත් කෑම දීලා ගියා... ''
'' අංකලුයි ආන්ටී සෑහෙන්න හුරතල් කරනවා''
'' ඉතින් ඔයාට ඊරිසියයිද.... ''
'' නෑ... මං ඇයි ඊරිසියා කරන්නේ... තව ටිකදවසකින් මගේ ලගට ගන්නනේ ඉන්නේ... එතකොට උදේ ඉදලා රෑවෙනකන් හුරතල් කරකර ඉන්නම් මං... ''
'' මං තියනවා... ''
'' මං තාත්තට කියනවා... ''
'' හා....!!!! මං තිබ්බා බායි.... ''
කියලා මං කට්කලා කෝල්එක...
ඊටත් විනාඩි තුන හතරකට පස්සෙ ආපහු මෑන්ස්ගෙන් වීඩියෝකෝල්...
ලැජ්ජානැති මං ඒක ආන්ස්වර් කරලා ෆෝන් එක බිත්තියට හේත්තුකරලා දැන් ඒක දිහා බලාගෙන....
හැමදාම නැති උනත් සමහර දවස්වලට මේ කෝල්එක එනවා.... ඒ එන්නේ නැතිදවස්වලට මං ෆෝන්එක දිහාම බලාගෙන නිදි....
දැනුත් ඉතින් වෙනසක් නෑ... හැබැයි මට එයාව බලන්න ඕනි වගේ හිතුනොත් මං බොරු කියලා ගෙන්නගන්නවා...
බලන්නම නෙවේ ලෝබ හිතුනොත් වගේ...
'' මං තාත්තට කිව්වා... ''
'' මොනවද... ''
'' මට මගේ කසින්ව දැනුනා කියලා... ''
'' පිස්සු... ''
'' මං ගැන පොඩ්ඩක්වත් ආදරේ හිතෙන්නේ නැති නපුරු කෙල්ලෙක්ට මං තනියම ආදරේ කරන එකත් පිස්සුවක් තමා අමායා... ''
'' අංගොඩ යන්න... ''
'' යන්... '' ලු... මූට ඇත්තටම පිස්සු...
'' මේ... අපි ඇ.... '' එච්චරයි කියන්න උනේ කව්ද අයියා කෙනෙක් කතා කලා මූ කෝල් එක කට්කරලා ගියා...
ඔහොම තමා හැමදාම... වෙනසක් නෑ....
බුක්ෆෙයා යන දවසෙනම් ගානට දහය වෙද්දි බෝඩිම ඉස්සරහ... මාත් ඉතින් හෙල්මට් එක දාගෙන සුපුරුදු විදිහට මෙයාට මගේ ෆෝන් එකත් දීලා බයික් එකට නැගලා ආවා...
බයික් එකත් පාක්එකට දාලා අපි දෙන්නා අනිත් අය එක්ක එකට සෙට් උනා... ඒත් එහෙම යන්න බෑ අප්පා අමාරුයි... ඒ නිසා අපි ආය කැඩුනා...
'' මට බඩගිනී.... ''
'' මොනවද කන්න ඕනි.... ''
'' කොත්තු මී.... ''
ගෙදරහදන කොත්තුමීවගේ නෙවේ අනේ කඩේ හදන කොත්තුමී පට්ටම රසයි.... අනික මේවගේ බඩගිනිත් වැඩි වෙලාවට කොත්තුමී එකක් කනවා කියන්නේ සුපිරියක්....
'' මට ඇති... ''
'' ඔය පොඩ්ඩ කාලා ඇතිද.... කනවා ඕක ඉවරවෙන්න.... ''
'' බෑ බෑ ඇති... ඔයාගේ එකට දාන්නද ඉතුරුටික... ''
'' ඔහොම තියාගන්න.... '' ලු...
'' ඇයි මං කාපු එක කන්න අප්පිරියයිද.... මහලොකුවට ආදරෙයි කියනවා ආදරෙයි කිව්වට මං කාපු එකක් කන්න් බෑ... ''
'' කට කට.... කට වහන් ඉන්නවා... '' ලු...
මහ ඕන්නේ නෑ... මං අර කප්එකත් තියාගෙන බැම්මෙන් වාඩි උනා...
'' ඔරවන්න එපා බං.... '' ලු... තව ටිකක් එරෙව්වා මම...
ඒ පාර හිනාවෙලා අර මිනිස්සු ගොඩක් මැද්දේ මගේ කම්මෝලකට තොල් තද කරලා එයාගේ හිස් නෞඩ්ල්ස් කප් එක මගේ අතින් තියලා මගේ අතේ තිබුන එක එයා ඇදලා අරන් කනවා...
ඒ කියන්නේ මෙයා මට ආදරෙයි....!!!
'' යමු... '' ආයෙත් අපිදෙන්නා පොරකකා ඔය ස්ටේශනරි අයිටම්ස් තිය හෝල් එකකට රිංගුවා
මං හිතන්නේ මේ හෝල්වල සෙනග වැඩී අනිත් හෝල්වලට වඩා...
'' සෙනගනේ... ''
'' මං ඉන්නවනේ... '' ලු...
හිටියා උනාට පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් මිසින්වෙනවනේ....
මං ඒ නිසා මෙයා පැත්ත හැරිලා ටීශර්ට් එකෙන් අල්ලගත්තා....
ඒපාර මෙයත් මගේ ඉනවටේ අතක් දාගෙන අල්ලගත්තා...
අන්තිමට කොහොමහරි මේ මනුස්සයට කෝල් එකක් ඇවිත් මාවත් ඇදගෙන ආපහු බෝඩිමට ඇවිල්ලා මාව දාලා අර තප්පර ගානක් ඇතුලත දෙන කිස් එක දුන්නා...
ඒ කියන්නේ එයා යන්න හදන්නේ.... ඒත් මට යන්න දෙන්න ඕනිකමක් නෑ... මට මෙයත් එක්ක ඉන්න ඕනි...
ඒ නිසා මං මෙයාගේ ටීශර්ට් එක තව ටිකක් තද කරලා අල්ලගත්තා....
'' මං යන්න ඕනි නේ.... ''
'' එපා... ''
'' හෙට එන්නම් හාද... ''
'' එපා... ''
ඒ උනාට මගේ ඇස් දිහා බලාගෙනම එයා බයික් එක හරවලා අරන් ඇස්වලින් ඇතුලට යන්න කියලා එයා ගියා...
මං ආදරේ නෑ.... මෙහෙම දාලා යනවනම් මං ආදරේ කරන්නේ කොහොමද....
මාව දාලා යන්නේ නැත්තම් විතරයි මං ආදරේ....!!
මං ඉතින් මූනත් අවුල්කරගෙන බෝඩිමට ආවා... ඒ ආවට පස්සේ තමා මතක් උනේ මගේ ෆෝන් එක විද් අයියා ලග කියලා
අම්මලට කියලා තියෙන්නේ විද් අයියලයි අපියි තමා එක ටීම් එකක් විදිහට ඉන්නේ කියලා... ඒ නිසා මං ඔය විද් අයියා එක්ක රවුම් ගහන්න යන ඒවාට ගෙදරින් ලොකු අවුලක් නෑ...
මොකද විද් අයියා මගේ කසින්... එහෙම නැතුව මගේ කොල්ලා නෙවේ...
එදා දවසේ මං නිදාගන්නේ නැතුව රෑ එලිවෙනකන්ම ඇහැරලා.... මොකද විද් අයියා එයි කියලා ඒත් නෑ... විද් අයියගේ ෆෝන් එකත් ඕෆ් මගේ එකත් ඕෆ්...
ඉතින් ඊට පහුවදා බොහොම අමාරුවෙන් විද් අයියගේ තාත්තා ඒ කියන්නේ බාප්පාව කන්ටෑක් කරගෙන තමා මේ මනුස්සයාගෙන් ෆෝන් එක ගන්න හැදුවේ... ඒත් හරියන්නේ නෑ මෙයාලගේ ෆෝන් වැඩ නෑනේ... අන්තිමට බාප්පා ආවා මගේ බෝඩිම ලගට...
දැන් මේ බාප්පා එක්ක මම විද් අයියගේ බෝඩිමට යනගමන්... අර කලින් මාව එක්කගෙන ගියපු ගෙදර නෙවේ මේ යන්නේ බෝඩිමකට...
අපේ බෝඩිමේ ඉදලා වැඩි දුරක් නෑ හැබැයි...
බෝඩිමට යද්දි ගෙදර දොර බාගෙට වහලා... මට නිකන් මොකක්ද මොකක්දත් වගේ ඒක බාප්පට තේරුන නිසාම බාප්පා මගේ අතින් අල්ලගෙන ගේ ඇතුලට ආවා...
දොරෙන් ඇතුල්වෙනවත් එක්කම පොඩි කාමරයක්... මං ඇයි මේ බෝඩිමට ආවේ....
මට පලවෙනියටම හිතුනේ ඒක... එතකොට විද් අයියත් මේ විදිහමද... ඊටපස්සේ මට හිතුනේ ඒක...
අර කාමරේ එක අයියා කෙනෙක් සිහියක් නැතුව වගේ කෙල්ලෙක්කේ පපුව උරනවා... ඒ අයියා අනිත් අතෙන් තව කෙල්ලෙක්ගේ පපුව අදිනවා...
එකපාරටම අර පපුර උරන්න දීපු කෙල්ල අපි දිහා බැලුවා... ඔව් ඒ හිටියේ වෙන කවුරුත් නෙවේ සෙව්මිනී....
මගේ විද් අයියා පස්සෙන් එන සෙව්මිනි... උඩු කය නිරුවත්ව අර කොල්ලට පපුව උරන්න දිදී හිටියේ....
'' තමුන් මෙහෙ ආවේ මොකද... '' සෙව්මිනී කිසිම ලැජ්ජාවක් නැතුව බ්රා එක ඇද ඇද අපි ඉස්සරහට ඇවිත් මගෙන් අහනවා...
බාප්පා එයාව ගනන් ගන්නේ නැතුව මාව ඇදගෙන තවත් ඉස්සරහට ගියා...
තව අයියලා දෙන්නෙක් තවත් කෙල්ලො කට්ටියක් තියාගෙන...
තනිකරම ප්රෝන් ශූට් එකක්වගේ මේ බෝඩිම... ඒත් එතනත් විද් අයියා නෑ...
'' විද්.... '' ඊලගට ගියපු කාමරේ මගේ විද් අයියා ඉන්නවා..
අර කලින් කාමරවල දැකපු දේවල් මේ කාමරෙත් දකින්න තියනවා... හැබැයි ඒ හිටපු කෙල්ල ඇදුම් ඇදගෙන හිටියේ...
ඒත් මගේ විද් අයියට එහෙම කරන්න බෑ... එයා මට විතරයි ආදරේ කරන්න ඕනි... කිස් කරනවනම් ඒකත් මාව විතරයි... මෙහෙම කෙල්ලෙක් එක්ක ඉද්දි මං කොහොමද ඉවසන්නේ... මං කොහොමද මේ දිහා බලන්නේ...
'' විද්... '' දෙවනි පාරත් බාප්පා කතාකරද්දි තමා විද් අයියා ඔලුව ඉස්සුවේ... විද් අයියා එක්ක තව අයියෙක් හිටියා... ඒ රංජුල අයියා දෙන්නම බාප්පගේ කටහඩට ගැස්සිලා මේ පැත්ත බැලුවා...
එතකොට තමා විද් අයියා මාව දැක්කේ... මේ වෙද්දි මගේ ඇස්වලින් කදුලු පෝලිම් ගානේ පල්ලම් බහිනවා...
'' තාත්තා.... !! ''
'' විද් මේක බෝඩිමක්ද ගුබ්බෑයමක්ද... ''
'' තාත්තා !! ''
'' විද් රංජුල තමුසෙලා දෙන්නා අද රෑ වෙද්දි එපාට්මන්ට් එකේ ඉන්න ඕනි... ආය මේ ගුබ්බෑයමට අඩිය තියන්න බෑ.... ''
'' අංකල් මේ රිෆානි.. මගේ... ''
'' මං දන්නවා රංජුල... රිෆානිව මං බලාගන්නවා... ''
කව්ද රිෆානි කියන්නේ... ටීශර්ට් එකක් නැතුව ඉන්න මගේ විද් අයියගේ ඇගේ නියපොතුපාරවල් ... රිෆානි බැරිනම් ඕනි එකියක් මට වැඩක් නෑ... හැබැයි මගේ විද් අයියව අල්ලන්න එයාට බෑ... එයාට නෙවේ වෙන කාටවත්ම බෑ...
'' තාත්තා ඇයි අමායව එක්කගෙන ආවේ... ''
දැන් මං මේ දේවල් දැකපු එකද වැරදි... මේවා මගෙන් හංගගෙන ඉන්නද ඕනි....
'' මගේ ෆෝන් එක දෙනවා... '' බාප්පගෙන් අතත් ගලවගෙන මං කිව්වාම විද් අයියා එකපාරටම ගැස්සුනා...
ගැස්සිලා ආය වටපිට බලලා ආය ඇදන් ඉන්න කලිසමට අත දාලා ෆෝන් එක අරන් මට දුන්නා...
ෆෝන් එක ගත්ත ශනික මං හැරිලා ආවා...
'' අමායා...!! ඉන්න... මට කතාකරන්න දෙන්න... ''
'' තමුසේ මගේ දෑහට පේන්න එන්න එපා...!! ''
'' ඔයා හිතන දෙයක් එතන උනේ නෑ... ''
'' හිතන දෙයක් උනේ නෑ තමයි... හැබැයි ඇස් දෙකට දැක්කා මම රෙදි ගලවගෙන ගෑනු එක්ක ඔයාලා නටන නාඩගම... ඔක්කොමත් හරි අර අර සෙව්මිනි... එයත් ඉන්නවා නේද... එයා ඔයාට ආදරෙයි නේද... එහෙම දැනගෙන ඔයා ඇයි එයාව ගෙන්නගන්නේ...
මං ඔයාට ආදරේ නැද්ද විද් අයියේ... ඔයා මෙහෙම ඉන්නවා මං ඇස් දෙකට දැක්කාම මට මොනවා හිතෙන්න ඇද්ද.... ''
'' සෙව්මිනියෙක් මං දන්නේ නෑ... අර හිටි...''
'' දන්නේ නැතිවෙන්නේ කොහොමද ඒකි හිටියේ ඔයාගේ බෝඩිමේ... ''
'' කෑගහන්න එපා දරුවෝ... '' කියලා මගේ අත්දෙක විද් අයියා අල්ලගත්තා...
'' අතාරිනවා මට තමුසෙව එපා... '' කියලා මං දුවගෙන මගේ බෝඩිමට ආවා...
අද කැම්පස් යන්නත් තියනවා මං ඛොහොමද යන්නේ... මං කලේ බෝඩිමට වෙලා අඩපු එක... ඇයි එයා එහෙම කලේ...
කොච්චර දවස් ගෙවිලා ගියාද කියන්න දන්නේ නෑ මං... හැබැයි අද මගේ ග්රැජුවේශන් එක...
මෙච්චර කාලෙකද විද් කියන මනුස්සයා මගේ ඇස් ඉස්සරහට එන්නේ නැතුව හිටියා කියලා හිතනවද...
නෑ...
හැමදාම හැම වෙලේම කලේ එයා මගේ ඇස් ඉස්සරහට ආව එක... ඒ ඇවිත් මට කතාකරන්න දෙන්න කියන එක...
ඒ වෙලාවට මම විද් කියලා මනුස්සයෙක් දන්නේ නෑ වගේ හැසිරෙන්නේ....
'' අමායා මට කතාකරන්න දෙන්න දරුවෝ... ''
'' මිස්ටර් විද් එහාට යනවද... ''
'' එදා මගේ අතින් ඔයා හිතන විදිහේ දෙයක් උනේ නෑ... ඒ හිටපු කෙල්ලට සිහිය නැතුව හිටියේ... ''
'' සිහිය නැතිවෙනකන් මොනවහරි කරන්න ඇතිනේ.... ''
'' ඒ ලමයට අසනීපයි... ''
'' මට වැඩක් නෑ... ''
එච්චරයි මං සෙරමනි එක ඉවරකරලා ගෙදර ආවා...
හෙට මං ආයම කටාර් යනවා...
තර්ඩ් ඉයර් එක ඉවරකරලා මං කෙලින්ම කටාර් කැබින් කෲව් එකට ජොයින් උනා... හරියටම ගත්තොත් අවුරුදු විසිහතරක් වෙද්දි මං ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්....
එතකොට විද් අයියා...
එයා එයාගෙන්ම පලිගන්න ෆයර් සර්විස් එකකට බැදිලා...
මට වැඩක් නෑ!!! හැබැයි එයාට එහෙම නොකර ඉන්න තිබුනා...
කැම්පස් එකේ අවුරුදු දෙකම මම එයාගේ ආදරෙත් ඉක්ක වින්දා... ඒත් දෙවියෝ මට පෙන්නුවා ඇත්තටම විද් කියන්නේ කව්ද කියලා....
'' පුතේ හෙට ෆ්ලයිට් එකේ මගේ යාලුවෙකුත් යනවලු පොඩ්ඩක් බලනවද... ''
'' කව්ද අම්මේ... ''
'' ඔයා දන්නේ නෑ ඉස්කෝලේ මිස් කෙනෙක් මං ඔයාට කතාකරන්න කියන්නම් එතකොට පොඩ්ඩක් බලන්න .... ''
'' හා හා... ''
හමුවෙමු..
තව කොටසකින් කතාව ඉවරවෙයි❤️