Sky Meets Fire

Sky Meets Fire

Kiyera
ගින්නත් අහසත් අතර ආදර බැදීම


Part 02



මේ වෙලාවේ විද් අයියා ගැන මට හිතුනේ ආදරයක් නෙවේ මරන්න තරම් කේන්තියක්.... බාප්පලාගේ ගෙදර එක්කන් එනවා කියලා මූ මාව වෙන කොහෙද එක්කගෙන ඇවිල්ලා මගුල...



සෙටියේ තිබුන කොට්ටයක් අරන් මුගේ ඔලුවටම ගැහුවා මම... එතකොට තමා මනුස්සයා ඇස් ඇරියේ....



'' ඇයි... '' ලු.... ඒකත් අහන ලස්සන....


'' මේ කොහෙද... ''



'' මගේ ගෙදර... ''



'' බාප්පලගේ ගෙදර එක්කගෙන යනවා කියලා ඇයි මෙහෙ එක්කගෙන ආවේ... බොරු කියන එකෙයි බොරු කරන එකෙයි සීමාවක් තියාගන්න හලෝ... ''


''මරන්න එක්ක ආවේ නෑනේ ඒ නිසා කට පියන් ඉන්නවා... '' කියලා මූ මටත් ගස්සගෙන මම අර නිදන් හිටපු කාමරේට ගිහින් දොර වහගත්තා...


මුගේ ගෑස් යකෝ... මූ මේ දුරින් හරි ලගින් හරි අයියෙක් වෙන නිසයි මම මේ ඉවසන්නේ... අනික මොනවහරි උනොත් කිසිම අවුලක් නැතුව ගෙදරට උනත් කියන්න පුලුවන්නේ.. කෙසෙල්මල...



'' ආ.... ගිහින් වොශ් දාගන්න... '' කියලා ටීෂර්ට්එකකුයි ටවල් එකකුයි මගේ ඇගට දාලා මූ කිචන් එක පැත්තට ගියා...


වොශ් දාන්න...!!!!


මේක යකාගේ වැඩක්නේ... මොන මගුලටද වොශ් දාන්නේ... මනුස්සයෙක් වොශ් දැම්මේ නෑ කියලා මැරෙන්නේ නෑනේ...


දුන්න ඇදුම මම සෙටියට විසි කරලා මු පස්සෙන් කුස්සියට ගියා... ගිහිල්ලා මුගේ අතක් ඇදලා හරවගත්තා මගේ පැත්තට...



'' මේ... තව විනාඩි දහයක් ඇතුලට මාව බෝඩිමට ගිහින් දාන්න ඕනි... එහෙම නොවුනොත් බලාගමු... ''



'' මොනවද බලාගන්නේ.... '' කියලා මූ මගේ උරහිසෙන් අල්ලලා සින්ක්එක තියන බිත්තියට තද කරලා මූ මගේ ඉස්සරහට ආවා...


'' ම්..... කියන්න මොනවද බලාගන්නේ... මාවද... ''


හහ් !!!! මූව බලාගන්න මම...


'' එහාට වෙනවා... ''



'' බලාගන්න දේ කියනවා... ''



'' මං මොකටද ඒක තමුසෙට කියන්නේ... ''



'' කට....!! මාත් එක්ක වචන පාවිච්චි කරද්දි පරිස්සමට හරිද... ''



'' මං කියන්නේ මට ඕනි එක.... තමුසෙට බෑ මට නීති දාන්න... ''



'' ඇයි බැරි.... ''



'' බෑ !!!! බෑ කියනාන බැරි නිසා....!!! අනික මං කොහොමත් කැමති නෑ මට නීති දාන මිනිස්සුන්ට... ආදරේ උනත් මම කැමති නෑ.... ''


කෙලින්ම කියලා දැම්මා මගුල මම.... මට ඔය අරක එපා මේක එපා කියද්දි තමා නගින්නේ.... යක්ශයා....



'' fine.... ඒ කියන්න ඔයා මට ආදරෙයි... ''



'' මොකක්... ''



'' මට නීති දාන මිනිස්සුන්ට... ආදරේ උනත් මම කැමති නෑ කියලා කිව්වේ.... දැන් මෙතන ඔයාට නීති දැම්මෙත් මම ආදරෙයි කිව්වෙත් මම... ''



'' මං ආදරේ නෑ... ''



'' ශුවර්ද... ''



'' ඔව්.... මං ආදරේ නෑ.... අඩුම සහෝදරයෙක් විදිහටවත් නෑ.... නෑ කියන්නේ නෑමයි.... ''



'' ඉතින් මේ මැඩම් ඇයි මේ කලබල වෙන්නේ.... ''



'' එහාට යනවා...''



'' ඔයාගේ විනාඩි දහය ඉවරයි.... තව වැඩිපුර තත්පර දාහතකුත් ගිහින්... දැන් මොනවද කරන්නේ... ''



'' කරන්නෙද... බලාගන්නවා එහෙනම්.... '' කියලා මුගේ වැලමිටට උඩින් හව් ගාලා හැපුවා... නෑ තාම මේ හපාගෙන ඉන්නේ....



'' ආව්!!!! '' ඉවසපන් පුතේ ඉවසපන්....



'' රිදෙනවා යකෝ.... අතෑරපන්.... අමායා.... !!!!! ''


දැන් මටත් නිකන් ලේ රහක් වගේ එකක් දිවට දැනෙනවා දැනෙනවා වගේ.... ඒනිසාම ශේප් එකේ මම අත අතෑරලා එහාට උනා...


එහාට උනත් එක්කම මූ හපපු අත දිහා බැලුවා බලලා මගේ මූන දිහා බැලුවා...


එච්චරයි මතක.... මොකද මම ඊටපස්සේ ගල් උනා ගල් වෙලා හාට් එක බ්ලොක් උනා... නෑ එහෙමත් නෑ... අර වෙස්ටන් බෑන්ඩ් එකේ බේස් එකට තඩිබාද්දි නිකන් දෙදරලා යන්නේ අන්න ඒ වගේ හාට් එක ගැහෙනවා....


වෙන මොකුත් නිසා නෙවේ මේ මනුස්සයා මගේ මගේ ලිප්ස් අල්ලගත්තා...


මට තේරෙන්නේ නෑ ඒකට මම මොන විදිහට රිප්ලයි කරන්නද කියලා... ඒ නිසා ඒ විදිහටම මම හිටියා... හැබැයි තප්පර තිහක් හතලිහක් වගේ යද්දි ආපහු මගේ ලිප්ස්වලින් ඈත් උනා...


මං තාමත් ගල් ගිලලා වගේ බලාගෙන...



'' මට ආදරේ නැත්තම් මගේ ලේ ඔයාගේ ඇගේ ගෑවෙන්න ඕනිත් නෑ.... '' ලු....


මට තේරුනේ නෑ ඒ කියපු එක... තේරුම් ගන්නවත් මට සිහියක් නෑ....


'' කිස් කරද්දි ඒක රිජෙක්ට් කරන්න ඕනිනම් තල්ලුකරන්න ඕනි... එහෙම නැතුව මේ විදිහට පාට්නර්ගේ ටිශර්ට් එක පොඩිකරගෙන අල්ලගෙන ඉන්න එක නෙවෙයි.... '' කියලා එයාගේ මාපට ඇගිල්ලෙන් මගේ ලිප්ස් පිහදැම්මා....



එතකොට තමා මම පියවි සිහියට ආවේ...



'' ම...මට... '' මාව ගෙදර එක්කගෙන යන්න කියන්න ඕනි උනත් දැන් මට ඇඩෙනවා....



'' ශ්.... අඩන්න එපා... '' ලු....


කරන්න තියන ඔක්කොම කරලා දැන් අඩන්න එපාලු... මං කැමති නෑ කියලා කියද්දිමයි මෙයා මෙහෙම කලේ...



'' ඔයා මගේ අමායා... මම ඒක එදාමයි ඔයාට කිව්වේ... ඒ ඛියලා අවුරුදු දෙකක චාන්ස් එකක් දුන්නා... ඒ දීලත් තාමත් ඔයා සිංගල්... අඩුම ක්‍රශ් එකක් ඉන්නවද... හිටියද... නිකමට හරි කොල්ලෙක් එක්ක කතා කලාද... ම්... ඒ මොකුත් නෑ... හැබැයි එකම එක පාරක් ආදරෙයි කියපු එක අවුරුදු ගානක් ඔලුවේ තිබුනා ඔයාගේ.... මොකුත් නොවුන අවුරුදු ගානෙම ඔයා එක වචනයක් හරි බලාපොරොත්තු උනා... ඒකනෙ ඊයේ මගෙන් ඇහුවේ අවුරුදු දෙකකට පස්සෙද මාව මතක් උනේ කියලා...


එහෙම නේද... ''



'' නෑ.... !!! ''



'' මේ පාර මං අතාරින්නේ නෑ... ''


'' මට යන්න ඕනි... ''



'' ගිහින් ටිශර්ට් එක චේන්ජ්කරගන්න... අනිත් ඇදුම් මං ලග නෑ.... ''



මං ටග්ගාලා කාමරේට ඇවිත් දොරවහ ගත්තා....


අර තප්පරගාන ඇතුලේ මට එයාව රිජෙක්ට් කරන්න තිබුනා.... ඒත් එහෙම කරන්න ඕනි කියලා මට හිතුනේ නෑ... මට ඕනි උනෙත් නෑ....


අර කිව්වා වගේ ඒ තප්පර ගාන මං වින්දා... ඒකනේ එහෙම උනේ...


ඒක මට හිතාගන්න බැරි ෆීලින් එකක්....


දැන් එතකොට මං එයාට ආදරෙයිද...


නෑ!!!! එහෙම නෑ... එකපාරටම කිස් කරපු පලියට ආදරෙයි කියන්න බෑ... අනික ආදරෙත් නෑ...


හැමදේටම හොදම උත්තරේ කාලය....


මං ටග්ගාලා වොශ් එකක් දාගෙන විද් අයියා දුන්න ටිශර්ට් එක ඇදගෙන මං කලින් ඇදන් හිටපු ඩෙනිම් එකම දාගත්තා...


ලොකු අවුලක් නෑ පන තියන පබයෙක් වගේ... නෑ ඒත් නෑ අර දිලේකා වගේ....

කෝටු කකුල් දෙකට තඩී ඇගක් වගේ... මටම හිනා මාව දැක්කාම...



'' ඉවරනම් එන්න ගිහින්දාන්න... ''



වැඩි කතාවක් නැතුවම මම කාමරෙන් එලියට ඇවිත් මගේ ෆෝන් එක සාක්කුවට දාගත්තා...


ඒ දාගෙන හෙල්මට් එක ගන්න හදද්දි මූ හෙල්මට් එක දෙන්නේ නෑ...


'' මෙහෙ එනවා.... '' ලු... ඒ උනාට මං ගියේ නෑ... හැබැයි මගේ අතින් ඇද්දපාර මාව අඩියක් ඉස්සරහට වෙලා මෙයාගේ කකුලෙම හේත්තුවුනා...


පස්සේ හෙල්මට් එක මෙයාම මගේ ඔලුවට දාලා ක්ලිප් එකත් දැම්මා... ඒ දාලා මගේ අත්දෙකම එක අතකින් අල්ලගෙන ඇදන් ඉන්න ටිශර්ට් එක උස්සනවා...


අසහනකාරී සතෙක් මූ නම්... පිට පිට තුන්වෙනි වතාවටත් ඔප්පුවුනා ඒකත්...



'' පිස්සුද ඔයාට.... ''



'' ඉදගත්තාම ෆෝන් එක බිම... ඒකයි ගන්නේ නැත්තම් වෙන මගුලකට නෙවේ... '' ලු... එහෙම කියලා ෆෝන් එක අරන් මුගේ සාක්කුවටම දාගන්නවා...


පිස්සෙක් මහ....!!!



'' නගිනවද නැත්තම් වඩාගෙන තියන්නද... ''



බැරිවෙලාවත් උස්සලා තිබ්බොත් එහෙම හතරවිලි ලැජ්ජයි අනික මගේ නම්බුව බල්ලට යනවා... අනිත් හොදම දේ තමා මම නිකන් අර මොනවහරි නහයට අල්ලලා මත් කරලා වගේ එකකුත් වෙනවා...


මටමයි වෙන්නේ ඔය ඔක්කොම ඉතින් මං බයික් එකට නැග්ගා...



'' අල්ලගන්න කියලා වෙනම කියන්න ඕනිද... ''


මං බයික් වල ගිහින් නෑ කියලද දන්නේ නෑ මූ හිතන්නේ කෙසෙල්මල... මං නම් අල්ලගන්නේ නෑ... නෑ කිව්වොත් නෑම තමා... අනික මේක අල්ලගෙන යන්න තරම් මහලොකු බයික් එකකුත් නෙවේ... මේ සීටීහන්ඩ්රඩ් එකක්.. අපේ අප්පච්චිටත් ඕකක්මයි තියෙන්නේ...


මං අල්ලගත්තෙත් නෑ මූ ආය මොකුත් කීවෙත් නෑ... හැබැයි දැන් මේ බයික් එකේ යනගමන්...


කොහොමහරි ඇවිල්ලා අපේ බෝඩිම ඉස්සරහින් නැවැත්තුවා... නැවැත්තුවා කිව්වට නැවැත්තුවේ නෑ... මං තමා කීවේ මේ බොඩිම කියලා එතකොට නිකන් පොල්ලෙන් ගැහුවා වගේ එකපාරටම බ්‍රේක් කරලා බයික් එක නැවැත්තුවේ... මං පස්සට විසිවෙලා ඒශනික ආයම ඉස්සරහට විසිඋනා.... පපුවත් ගැහෙනවා බයවෙච්ච පාරට...



'' බහින්න... '' ලු....



මං කොහොමත් මුගේ බයික් එකට වෙලා ඉන්නේ නෑනේ... මං බැස්සා පටස්ගාලා... බැහැලා අඩියක් විතර පිටිපස්සට වෙලා හෙල්මට් එක ගලවලා මූට දුන්නා...



'' චේන්ජ් කරගෙන එන්න විනාඩි දහයකින්... '' කියලා මං දුන්න හෙල්මට් එකත් අරගෙන මූ අතුරුදහන් උනා...


අතුරුදහන් උනා කිව්වේ ඇත්තටම ජෙට් එකක් යනවා වගේ ගියා... මගේ ෆෝන් එකත් මූ ලග...


මහම මහ කපටියෙක්... දැන් මට කොහොමත් ෆෝන් එක ගන්න මූ ගාවට එන්න වෙනවනේ... ඒකයි මගේ ෆෝන් එකත් අරගෙන ගියේ...


හැබැයි විනාඩි දහයක් යද්දි මං බැල්කනි එකට වෙලා බලන් හිටියා මූ එනකන්... මට ෆෝන් එක මෙයා ලග තියෙන්නේ කියලා ඇත්තටම ඒ වෙලාවේ ගානක් නෑ... හැබැයි මං විද් අයියා එනකන් තමා මේ බලන් ඉන්නේ...


වෙන කවුරුවත් එනකන් බලන්න ඉදලා තේරුමක් නෑ මොකද වෙන එන්න කෙනෙකුත් නෑනේ... එනවනම් එන්නේ විද් අයියා විතරයි.... ඉතින් මං බලන් ඉන්නෙත් එයා එනකන් විතරයි...


පැය බාගයකට වගේ පස්සේ තමා මෙයා ආවේ.... අනේ මුගේ විනාඩි දහය...


බයික් එක ආපුගමන් මමත් ජෙට් එක වගේ බැල්කනි එකේ ඉදලා ගේට් එක ලගට ඇවිත් ඉවරයි...



'' ඇයි පරක්කු උනේ.... '' එයාගේ අතේ තියන හෙල්මට් එක ගන්න ගමන් මං ඇහුවේ...


එයාගේ අතේ තියන හෙල්මට් එක ගත්තේ මං මගේ ඔලුවට දාගන්න... ඒ උනාට මෙයා දාගෙන හිටපු හෙල්මට් එක ගලවලා


'' සෑහෙන්න වෙනස් වෙලා... කිස් එකේ පවර් එකටද... '' කියලා අහද්දි තමා මටත් මීටර් උනේ මං මෙච්චර වෙලා කරපු මෝඩවැඩ ටික...


මෝඩ වැඩ කියන්නත් බෑ... නිකන් අර අයිස් ගහලා වගේ ඉද්දි මං කරපු වැඩ ටික...


ලැජ්ජයි අමායා ලැජ්ජයි.... නම්බුව ලෙප්ට් රෙදි ඉල්ලේ....



'' මට...අ...මගේ...ෆෝන්එක දෙන්න.... ''



'' මේ පරන ෆෝන් එක එච්චරටම වටිනවද... ''



'' ඔව්....!!! '' වටිනවා දෙයියනේ මට ඕක තමා මුලින්ම මට අරන්දුන්න ෆෝන් එක... ඉතින්මට මෙමරිඑකක් ඒක...



'' බලමු කැම් එක ඔන් කරලා කොලිටිඑක... '' ලු...


ඒ කරලා සෙල්ෆි කැම් එක ඔන් කරලා කොනාඩේ හදනවා... කොන්ඩේ හද හද ඉදලා මාව ඇදලා අරන් සෙල්ෆි එකක් ගැහුවා...


මේව මේ මිලි තප්පර කාලයක් ඇතුලත වෙන ඒවා දෙයියනේ....



'' කොලිටි මදි... '' ලු... ඉතින් එයාට මදි උනාට මට ඇතිනේ මගුල... මං මගේ ෆෝන් එක උදුරලා ගන්න හැදුවේ... ඒ උනාට ගන්න බෑ... මූ ආපහු සාක්කුවට දාගත්තා ඒක....



'' ෆෝන් එක දෙන්න මට.... '' ඇහෙන්නේ නෑ වගේ එයාගේ සාක්කුවේ තියන පලතුරු කෑල්ල අරගෙන ඒකෙ කැම් එක ඔන් කරලා ආපහු මාව ඇදලා ගත්තා...



'' හිනාවෙන්න... '' ලු...


මං හිනා උනේ නෑ... ඒ උනාට එකපාරටම මුගේ මූන දිහා බැලුනා මට...



'' නයිස් පික් බබා... '' ලු... ෆොටෝ එක අරගෙනත් ඉවරයි මූ


'' මේක වෝල් පේපර් එකට දාපුවාම තමා තවත් ලස්සන '' කියලා වෝල්පේපර් එකටත් දාගත්තා....



'' පිස්සුද අනේ... ඕක අයින්කරන්න... ''



'' බෑ... ''



'' අයින්කරනවා මිනිහෝ.... කැමති ගෑනියෙක් එක්ක දාගන්න ඕනෙ මගුලක මගේ ඒවා දාන්න එපා... ''


දැන් මං මේ මෙයාගෙන් ෆෝන් එක උදුරනවා... ඕක කවුරුහරි දැක්කාම වැරදියට හිතනවනේ... මං කැමති නෑ එහෙම...



'' බයික් එක පෙරලෙයි දැන් දෙන්නගෙම ඇග උඩට... දගලන්නේ නැතුව ඉන්නවා... ''



'' බෑ අයින්කරන්න ඒක... ''



'' බෑ.... ''



'' මගේ ෆෝන් එක දෙනවා එහෙනම්... ''



ඒපාර මගේ ෆෝන් එක දුන්නා... දීලා මගේ කම්මුලකටත් කිස් එකක් දීලා හෙල්මට් එකත් දාගත්තා...


'' ඇතුලට යන්න... '' කියලා මූ ආපහු බයික් එක ස්ටාර්ට් කරගෙන ගියා... මම තාමත් හිටි පිලිමේ වගේ ගේට් එක ඉස්සරහා හිටගෙන...



'' ආමායා.... පැණිකුරුල්ලා රැන් ගාලා ගියා.... දැන් උඩට ආවනම්... ''


සැක්.... ලැජ්ජයි යකෝ ලැජ්ජයි....








හමුවෙමු ❤️


Report Page