Sky Meets Fire

Sky Meets Fire

Kiyera
ගින්නත් අහසත් අතර ආදර බැදීම


Part 01


අවුරුදු විසි දෙකක ලමයෙක් ප්‍රථම ප්‍රේමය විදලා නෑ කිව්වොත් පිලිගන්නවද...


පිලිගන්න අනේ බොරු කියලා මං තෑගි ගන්නයෑ... හැබැයි පස්සෙන් කොල්ලොනම් ඇවිත් තියනවා... ආ තව එකක් අවුරුදු තුනක හතරක ඉදලා එකෙක් පස්සෙනුත් එනවා...


ඌට ට්‍රැක්... ඌ මගේ කසින් කෙනෙක්... අපේ අප්පච්චිගේ මල්ලිගේ නෝනගේ ලොකු අයියාගේ පුතා විද් විරංග... උගේ 

වාසගම මට කියවගන්න බෑ දිවටැපලෙනවා... අන්න ඌ තමා පස්සෙන් බඩගාන්නේ මගේ...


ඒක එහෙමම කියන්නත් බෑ අප්පා උගේ මහ පඩ ලයින්... අපිට නෙවේ පිට උන්ට... ඒත් මට සෙට්වෙන්නෙ නෑ.... සෙට් වෙන්නෙ නෑත් නෙවේ අනේ මන්ද අප්පා....


මූ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්... කොහොමහරි මූට කොවිඩ් හැදිලා ඒලෙවල් එක්සෑම් කරන්න බැරිඋනා ඊටපස්සේ තමා කලේ ඒ කරලා එයාගේ තාත්තගේ එහෙම නැත්තම් මගේ බාප්පගේ ( නෑදෑකම් අදාල නෑ මට මම කියන්නේ එහෙම ) වාහන බිස්නස් එකට සප් එකක් දීගෙන ඉන්නවා... ගෙදරින් බැනුම් අහගෙන ඉන්නවා... මූ ඩිග්‍රි එකක්වත් මොකුත් නෑ... අධ්‍යාපන සුදුසුකම ඒලෙවල් විතරයි


මූ එතනින් එහාට ඉගෙනගන්නේ නෑලු... දැන් මොකද පුතේ කරන්න හිතාගෙන ඉන්නෙ කියලා අහපුවාම බලමුකෝ කියල කියනවා... ඔහොම බලමු බලමු කියලා තමා මූ මට ආතල් එකක් දුන්නේ...


මට දවස් මතක නෑ හැබැයි ටික කාලෙකට කලින් ඇවුරුදු දවස්වල අපි මගේ රියල් බාප්පගේ ගෙදර ගිහින් ඉද්දි මෙයාලත් ඇවිත් හිටියා... ඊටපස්සේ තමා සීන් එක පටන්ගත්තේ...



'' මේපර ඒලෙවල් කරන්වනවනම් මෙහෙම රවුම් ගහල හරියනවද.... ''


'' එහෙමයි කියලා ඒලෙවල් වෙනුවෙන්ම ජීවිතේ කැපකරන්න බෑ අනේ... '' මම කිව්වා


'' ම්ම් ඒකෙත් වැරැද්දක් කියන්න බෑ... ඒලෙවල් කරන්නකෝ මුලින්ම... '' ඔබ ඔබ හිටපු ෆෝන් එක පැත්තකින් තියලා කකුක්දෙකත් පුටුව උඩට අරගෙන මු කියනවා... සැදී පැහැදී කකෞලුත් උඩට අරන් ඉදගත්තේ ඕපදූපයක් කියවන්නම වෙන්න ඕනී... නැත්නම් මොකටද ඉරියව්ව වෙනස් කරන්නේ....


'' ඊටපස්සේ... '' මු ඉදගන්න විදිහ ගැන හිත හිත ඉද්දි මට ඉබේටම ඕක කියවුනා... ඒලෙවල් කලාට පස්සෙ තව ඉස්සරට කරන්න 

දේවල් නැතුව නෙවේනේ... ඒකයි ඉතින් කියවුනේ මට... වැරැද්දක් කියන්නත් බෑනේ ඒ වචනේ


'' ඊටපස්සෙ කියන්නෙ මොනවද.... ඒලෙවල් කරලා රිසාල්ට් අවාම කැම්පස් යනව ඊටපස්සෙ කොල්ලෙක් හොයාගෙන ලව් කරනවා... ''


'' මට කොල්ලෝ එප... '' එතකොට මූ කටකොනින් හිනාවෙනවා... මොන මගුලක්ද....


'' කෙල්ලොද ඕනී... ''


'' සැක් නෑ අප්ප... මම කීවේ මම හොයන ජාතියේ කොල්ලෝ නෑනේ ඒ නිසා මට කොල්ලෝ එපා කියලා....''


'' මොන ජාතියේ කොල්ලොද දැන් ඕනි... ''


'' මුලින්ම ඒලෙවල්... ඉටපස්සේ ඩිග්‍රී එක ඊටත් පස්සේ ජොබ්

එක ඊටත් පස්සේ කුරුල්ලෙක් වගේ පියාඹනවා මම... මට 

කොල්ලෝ එපා... '' මම ඉතින් කෙලින්ම ඕක කියලා දැම්මා.... මොකද මම හොයන ජාතිය කියන්න ගිහින් මූ අපෙ අම්මට එහෙම කීවොත් ආන්ටී මේ නංගිට මේ විදිහේ කොල්ලෙක් ඕනි කිව කියලා.... වසල හමාරයි මම.....


'' මටනම් කෙල්ලෙක් ඉන්නවා... '' මට පාන්ද ඉතින්....


'' ඔය වයසට කෙල්ලෙක් නැත්නම් වැඩක්ද අනේ ''


'' වැඩක් නෑ අනේ මම කැමති කෙල්ලට කොල්ලො එපලු.... ''


'' හෑයියා ඒ මොකද ඒ... ඔයට ශුවර්ද විද් අයියේ ඒ 

කෙල්ලෙක්මයි කියලා... '' ඒ කෙල්ලෙක් වෙන්න බෑනේ ඉතින් 


'' තමුසෙට ශුවර් නැද්ද තමුසේ කෙල්ලෙක් කියලා.... ''


'' මොකක්.... යකෝ මම මේ ගවුමක් ඇදන් ඉන්නවා ගවුම් 

අදින්නේ ගෑනුලමයි... ගුලිකාලද අනේ ඉන්නේ ඔයා... දැන් ඔය කෙල්ල මොනද කියන්නේ ඔයාට ''


'' මම කැමති ඔයාට... '' නිකන් පොල්ලෙන් දමලා ගැහුවා වගේ මූ මගේ මූන දිහා බලන් ඉන්න්වා... අනික දැන් මේ මූ කියපු එකත් එක්ක මාව ඩිම් වෙලා ගියා...


'' මොකක්... '' කෝකටත් කියලා මම ආපහු ඇහුවා...


'' මම කැමති එහෙම නැත්නම් මම ආදරේ කරන්නේ ඔයාට... තේරුනාද ''


'' පිස්සුද අයියේ... මං යන්වා යන්න... '' ගහෙන් ගෙඩි එන්නා වගෙ මූ මට ලව් කරනවා කිව්වාම මම කොහොමද 

තවත් මූත් එක්ක තනියම සාලෙට වෙලා ඉන්නේ මම ආවා කුස්සියට අම්මලා ඉන්න තැනට...


ඒ උනාට දැන් මගේ හිත එහෙම නැත්නම් මොලේ පිස්සු විකාර කරනවා.... අරූ අරහෙම එකක් කීවේ ඇත්තටමද බොරුවටද.... ඌ සිරාවටම මටද ආදරේ... එතකොට මම එයාට කැමති උනොත් ගෙදරින් කේස් දායිද.... ඔන්න ඔය වගේ මගුල් කෝටියක් මගේ ඔලුවේ පිරිලා තිබුනේ ඒ දවස් ගානම... මට නිකන් බාප්පලාගේ ගෙදර අයට මූන දෙන්නත් බෑ වගේ එකක් තිබුනේ... කොහොම හරි සතියකට පස්සේ විද් අයියා කියලා සේව් කරලා තිබුන නම්බර් එකෙන් වොයිස් මැසේජ් එකක් ආවා... අපි පවුලේ ලමයි ටික එකතුවෙලා ගෲප් එකක් හදාගෙනනේ තියෙන්නේ ඒකෙන් තමා මම දැනගත්තේ මූ ටයිප් කරන්න මාර කම්මැලී කියලා.... කෝල් කරන්න බැරි වෙලාවකනම් මූ වොයිස් මැසේජ් එවල තියන්වා...


'' මම ආදරෙයි කියලා කිව්වේ ඇත්තටම හරිද... ඔයා ඒකෙන් අවුල් ගන්න එපා මම ඔයාට කරදරයක් වෙන්නේ නෑ අමායා... ඒ නිසා බැක් ටු ඔයාගේ වර්ශන් එකෙන් ඉන්න... ''


එච්චරයි.... හැබැයි ඒ මැසේජ් එකෙන් පස්සේ ආය එයාව හම්බුනේම නෑ... හම්බවෙන්න වැඩක් යෙදුනා හැබැයි එයා ඒකට ආවේ නෑ... මට අහන්න හිතුනා මන් නිසාද ආවෙ නැත්තේ කියලා හැබැයි එයා ඒකට මං නිසා නෙවෙයි එයාගේ හේතුවක් නිසා කියන එක හේතුත් එක්ක එයාම අපිට පැහැදිලි කලා.... ඒනිසා මාත් එහෙම්මම හිටියා ආය මොකුත් හොයන්නේ බලන්නේ නැතුව


හරිම ඉක්මනට දවස් ගිහින් මම ඒලෙවල් එක්සෑම් ලියලා ඒලෙවල් රිසාල්ට් එන්න ඔන්න මෙන්න තියෙද්දි අම්මලා මාව ප්‍රයිවට් කැම්පස් දැම්මා.... හැබැයි මම දැන් රෙජිස්ටර් වෙලා ඉන්න කැම්පස් එකේම මටවඩා එක බැජ් එකක් සීනියර් විද් අයියා... අර මට ආදරෙයි කියලා කියපු අවුරුද්දට පස්සේ අවුරුද්දෙත් අපි හම්බුනා... එදා නම් අරවගේ මොකුත්ම දෙයක් කීවේ නෑ හැබැයි මන් දැක්කා එයා මන් දිහා බලනවා.... අපි යන්න කලින් එදා එයා ගියා එතකොට නිකන් වැරදිල වගේ ද හැමෝටමත් පේන්නත් එක්කමද කොහොමද කියන්න දන්නේ නෑ මගේ ඔලුවට තට්ටුවක් දාලා තමයි ගියේ... එක්සෑම් දවසේනම් වොයිස් එකක් එවලා විශ් කරලත් තිබුනා මට... මම ඒකට ස්ටිකර් එකක් දාලා නිකන් හිටියා....


කොහොමහරි ඒලෙවල් රිසාල්ට්සුත් ආවා.... එදා නම් අර වල්වැදිලා වගේ තිබුන විද් අයියගේ නම්බර් එකෙන් මට මැසේජ් එකක් දාලාතිබුනා කන්ග්‍රැජුලේශන්ස් අමායා කියලා එච්චරමයි... ඔහොම දවස් ගෙවෙද්දි මගේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක ඉවර උනා.... අරයගේ ෆස්ට් ඉයර් එකම ඉවරයි... අපි කැම්පස් එකේදිනම් හම්බවෙනවා හැබැයි එහෙමයි කියලා ලොකූ සේන් එකක් නෑ.... ලව් සීන් එකත් නෑ... ඒ උනාට ඒක මගේ හිතේනම් තියන්වා...


ඔය දවස් වලම අපේ කැම්පස් එකේ හොදම ගෙට් එක තියනවා සින්තටික්ස් එක.... මට දැන් ඕකට යන්න ඕනි... ඒ උනාට බෝඩිමේ ඇන්ටි 10න් පස්සේ බෝඩිමට ගන්නේ නෑ... අනිත් ම්ගේ යාලුවොනම් උන්ගේ කොල්ලගේ බෝඩිමට යනවා අනම් මනම් උන්ට ඕක ඉවරවෙලා කරගන්න දෙයක් තියනවා... හැබැයි මට නෑ...


'' කොල්ලා අවුලක් නෑ කිවා බන් උබ යමන් මාත් එක්ක... ''


'' බෑ බෑ සන්ජුලා ඒක හරියන්නේ නෑ... ''


'' එහෙනම් උබ 10 වෙද්දි බෝඩිමට යන්න... ''


'' බලමුකෝ.... ''


'' ඕකේ හොදම හරිය පටන්ගන්නේ 10ට තමා එතකන් නිකන් අපේ උන්නෙ පෆෝම් කරන්නේ.... ''


'' එක්කෝ මම එන්නේ නෑ බන්... ''


'' උබ බන් අපේ මනුස්සයගේ බෝඩිමේ හිටියා කියල කවුරුත් දැනගන්නේ නෑනේ ඒ නිසා යමන් .... ''


'' බෑ බන් මං එහෙම ඉන්න ආසා නෑ...''


'' එහෙන්ම් ඉතින් 10 වෙද්දි බෝඩිමට යන්න.... ''


'' හ්ම්....''


10 ට මම බෝඩිමට එනවා කියලා හිතාගෙන කොහොමහරි ගෙට් එකට ගියා... අපි ඉතින් පිස්සු හැදිලා වගේ ඔය තියන සින්දුවලට නට නට හිටියා... සැරින් සැරේ මගේ ගවුමේ සාක්කුවේ තිබුන ෆෝන් එක වයිබ්‍රේට් වෙන නිසා එලියට අරන් බලපුවාම විද් අයියා...


ඒ කෝල් එක දකිද්දිනම් මාවසීතල වෙලා ගියා... මොනවගේමරාලයක් පාත්වෙයිද දන්නේ නෑ කියන බය නිසා... මූ ඔය දෙවනි වතාව මට කෝල් එකක් ගත්ත... හැබැයි මේ වෙද්දි එයාගෙන් කෝල් 10කට වඩා වැඩියෙන් මට මිස් වෙලා...


'' මේ‍ර අපේ අයියා කෙනෙක් කතාකරන්වා හලෝ මොකක් හරි කේස් එකක්ද දන්නේ නෑ.... ''


'' යමන්කෝ අරහෙට.... ''අපි ඊටපස්සේ සෙනග ටිකක් අඩු තැනකට ආවා...


'' මොකක්ද කේස් එක... ''


'' දන්නේ නෑ... අම්මලා දන්නවා බන් ආවා කියලා ඒ උනාම මෙයා කෝල් කරන්නේ මොකක් හරි වෙලා නිසා... අනික මෙච්චර කෝල් කරන්නෙත් නෑනේ... ''


'' කෝල් බැක් කරපන්කො... ''


'' අනේ බයයි හලෝ... ''


'' පිස්සුද යකෝ බැන්නොත් හරි මොකක් හරි උනොත් බලගන්න බැරියෑ අනික තාම නවයයි කාලයි.... ගනින්කෝ කෝල් එකක්... ''


මං ඊට පස්සේ විද් අයියා කියන නම්බර් එකට කෝල් බැක් කලා... පලවෙනි රින් එකෙන්ම කෝල් එක ආන්ස්වර් උනා... 


'' හෙලෝ.... ''


'' කොහෙද ඉන්නේ.... '' ඒක තමා අනිත්පැත්තෙන් ආපු රිප්ලයි එක.... 


'' ගෙට් එකට ඇවිත් ඉන්නෙ අම්................. '' එච්චරයි කියාගන්න පුලුවන් උනේ


'' ඒක මන් දන්නවා... කැන්ටීන් එක ගාවට එන්න ඉක්මනට... '' කියලා කෝල් එක කට් කලා...


'' මොකද කියන්නේ..... ''


'' කැන්ටින් එක ගාවට එන්නලු.... ''


'' යමන්කෝ....''


'' අනේ මම බෝඩිමට යන්නම්කෝ.... ''


'' කුනුහරුප අහගන්නෙ නැතුව වරෙන් යන්න..'' 


අපි කොහොමහරි කට්ටියම කැන්ටින් එක ගාවට යද්දි විද් අයියා ඉන්නවා තව සෙට් එකක් එක්ක.... මාව දැකපු ශනික මූ ටග්ගාලා මගේ අතින් අල්ලගෙන එයාගේ ලගට ඇදලා ගත්තා


'' මාත් එක්ක යන්... ''


'' කොහෙද.... ''


'' බෝඩිමට යනවනම් 10ට කලින් යන්න ඕනිනේ... ඒ නිසා බාප්පලා ගෙදරට ගිහින් දාන්නම් මේක ඉවර උනාම... ''


'' එතකොට... ''


'' එතකොට කියන්නේ ඉතින් හෙට සෙනෙත්මිගේ ඇදුමක් ඇදගෙන කැම්පස් එන්න එච්චරයි... ''


'' අම්මලට කීවේ නෑ.... ''


'' ඒක අවුලක් නෑ... ''


'' එහෙනම් අයියේ අපි කැපෙන්නද ඔයා අමායාව තියගන්නවනේ... '' කියලා සන්ජුලා ඇහුවා.... ඒකි මහ නක්කලේට වගේ හිනාවෙලාමයි මෙයාගෙන් ඕක ඇහුවේ... මහ ඕන්නේ නෑ මුන් ඔක්කොම


'' ඔව් ඔයාලා යන්න... '' ලු.... 


'' අනේ මට බෑ... '' මම කෙලින්ම මුගේ අත ගලවගන්න හදනගමන් කිවේ... මූත් එක්ක මොන ගෙට්ද අනේ... 


'' උබ අයියත් එක්ක ඉදලා වරෙන් බන්... දැන් බෝඩිමට යන්න ඕනිත් නෑනේ...'' එහෙම කියලා සන්ජුලාලා ගියා... දැන් මම මෙයත් එක්කද ඉන්න ඕනී එතකොට


'' ඔයාලා යන්න...'' ලු....


'' අනේ මට බෑ... ''

එහෙම කිව්වට වැඩක් උනේ නෑ අරුන් සෙට් එක මාව දාලා ගියා... 


'' මම බෝඩිමට යන්නම්.... ''


'' ගෙට් එකට ආව එකේ තේරුමකුත් නෑ දැන්ම ගියාම... අනික මෙතන ඉන්නෙත් ලමයි ඔයාව මොකෙක්වත් කන්නෙ නෑ... ''


'' ඒ උනාට... ''


'' හරි යන් එහෙනම් කොහොමත් ඔයා දැන්ම නොගියොත් බෝඩිමට යන්නත් බැරිවෙනවනේ... '' මාව බෝඩිමට ගිහින් දැම්මොත් කියන සාදාරන බය දැන්නම් ආවා.... හිත කියනදේත් පොඩ්ඩ ඇත්නම් වෙනස්වෙනවනේ අනේ....


'' බාප්පලා ගෙදර යන්නේ කොහොමද කියන්නකෝ... ''


'' බයික් එකේ... ''


'' හෙල්මට් එකක්... ''


'' තියනවා... ''


'' එහෙ යද්දි පාන්දර වෙනවනේ... එතකොට බැනුම් අහන්න වෙනවා... ''


'' පිස්සුද කටවහන් මෙන්න මෙතනින් ඉදගන්න...'' කියලා මෙයාගේ එහාපැත්තේ බංකුවට තට්ටුවක් දැම්මා... මාත් ඉතින් මොකද කියලා ඉදගෙන කෝකටත් කියලා අම්මට මැසේජ් එකක් දාලා ඔලුව උස්සද්දි ම්ගෙ ඉස්සරහ සන් ක්‍රශ් එකක්... 


'' ඕක ඔබලා ඉවරනම් මේක බොන්න දැන් ආටිස්ට්ලා එයි.... ''


'' මේක බිබී යන්න බැරිද... ''


'' යන්... ''


මන් ෆෝන් එකත් සාක්කුවට දාගෙන විද් අයියා කඩලා දුන්න සන් ක්‍රශ් එකත් අරගෙන නැගිට්ටා... එතකොට ඉතින් අනිත් කොල්ලො සෙට් එකත් නැගිට්ටා... එයලා හැමෝටම කෙල්ලෝ ඉන්නවා මෙයාට විතරයි කෙල්ලෙක් නැත්තේ... ඒ නිසාද දන්නේ නෑ මාව ගෙන්නගත්තේ... මූ මට ලව් කියලත් කිව්වනේ... ඒ උනට ඕක අහන්නත් මොකක්ද වගෙ නිසා මාත් හිටියා....


'' විරංග අයියේ... මම මේ ඔයාව හෙව්වා... '' එකපාරටම කෙල්ලෙක් දුවගෙන ඇවිල්ල කතා කරද්දි මම බැලුවේ මොකාද විරංග අයියා කියන්නේ කියලයි කතා කරපු කෙල්ලවයි.... මොකද නිකන් ඒ කෙල්ල කතාකරපු විදිහ මහ සෙල්ලක්කාරම ටයිප්


'' අමායා.... හායි... ''


'' හායි...'' ඔව් මම නිකන් හායි කියලා නොකියා බැරිකමට හායි කිව්වේ... ඔය විරංග අයියෙක්ව හොයන් ආවේ සෙව්මිනී... අපෙ ඉස්කෝලේ ඉන්ග්ලිශ් මීඩියම් කරපු ලමයෙක්... මටන්ම් පෙන්න බෑ හෙන ලයින්...


'' ඔයත් මෙහේ කැම්පස්ද ආවේ දැන් මොන ඉයර් එකේද... ''


'' වන් ටූ... ''


'' අහ්හ් අලුතින් ද ආවේ... මම දැන් ටූ ටූ... ''


'' ම්ම්... '' කියලා මම පොඩ්ඩක් තොල් ඈත්කරලා හිනාඋනා...


'' ඔයා මොකද මෙයාලා එක්ක කරන්නේ... ''


'' එයා ආවේ මාත් එක්ක... '' කියලා විද් අයියා මගේ අතකිනුත් අල්ලගත්තා.... මට පේන විදිහට විද් අයියත් මෙයාට කැමති නෑ.... 


'' විරංග අයියා මෙයාව දන්නේ කොහොමද... ''


'' දෙදාස් හතරේ හතයි දොලොස් වෙනිදා ඉදලා අමායාව මම දන්නවා... '' යකෝ ඒ මම ඉපදුන දවසනේ


'' ඔයාගේ නන්ගිද මේ.... ඒ උනාට ඔයාගෙම කියලා නංගි කෙනෙක් නෑනේ... ''


'' කසින්.... ''


'' ආ... හරි එහෙනම් අපි යමුකෝ ශෝ එක පටන්ගන්න හදන්නේ... ''


'' ඔයා මෙයත් එක්ක යන්න සෙව්මිනී මම මෙයාව බෝඩිමට දාලා එන්නම්... ''


'' හරි විරංග අයියා.... බායි ලෙනාදි... ''


'' බායි.... ''


මාව තියාගන්නවා කියලා දැන් මාව ඇදගෙන ගේට් එක පැත්තට යනවා... මුගේ කෙල්ල වෙන්න ඇති... එකනෙ අර විරංග අයියා කියාගෙන ආවේ... අනික මේතකහනියේ මාව දැන් බෝඩිමට දාන්න යන්න... යකෝ මූවගේ එකෙක්... මම යන්නේ නෑමයි බෝඩිමට මගුල


'' මට බෝඩිමට යන්න බෑ... ''


'' ඇයි කලින් කීවේ යන්න ඕනි කියලා.... '' මොන කුනුහරුපයක්ද ඒ කියන්නේ...

මට මලපැන්න මගුල... ගෑනි ආවාම වෙස් පෙරගෙන දැන් කොහෙ බෝඩිමට යන්නද මම.... අරුන් ටිකත් ගියා... උන්ගෙ කෑලි හොයන්නත් බෑ දැන්නම් මගුල... අතේ තිබ්බ සක්‍රශ් එකෙ මේ ම්නුස්සගෙ අගේ ගැහුවා මම...


'' මට තනියම යන්න පුලුවන්... ඔයා එන්න ඕනි නෑ.... '' කියලා මම ආපහු අර කලින් හිටපු තැනට ඇවිත් හිටගත්තා.... අදුරන මොකෙක්වත් නෑ අරුන් හොයාගන්න්ත් නෑ අසරන වෙනවා ලෙසටම... ඒ අස්සේ ඇඩෙනවත් එක්ක... බීලා නටන මිනිස්සු මැද්දේ අවිදගෙන ඇවිදගෙන ආවා වල ලගට... මේක කැම්පස් ඉවෙන්ට් එකක්නේ ඉතින් සේෆ්ටි එක සාමාන්‍යයෙන් සීයට අසූවක් විතරම තියනවා ඔය පිට තැන්වලට වඩා...


'' මොන මගුලක්ද යකෝ කරන්නේ කන් ඇහෙන්නෙත් නෑ ගාල කඩාගත්ත හරකා වගේ යන්වා.... '' මට බැනගෙන ඔන්න ඇවිල්ලා....


'' මොකද පස්සෙන් එන්නෙ... ''


'' තමුසෙව දැන් මමනෙ තියගන්නව කීවේ අන්තිමට හරකා වගේ ගිහින් මොන හ‍රි කරගත්තොත් මම එපැයි වගකියන්න... එනවා යන්න.... ''


'' මට බෑ ඔයාට ඕනිනම් යන්න... ''


'' පිස්සු නටන්නේ නැතුව එන්න... ''


'' පිස්සු නටන්නේ නෑ මේ මෙතන ඉදගෙන ඉන්නේ... '' ඒ පාර මූත් මගේ එහාපැත්තෙන් ඉදගත්තා... 


'' අර මගුලගෙන් ගැලවෙන්න ඕනි නිසා අරහෙම කීවේ නැතුව බෝඩිමට ගිහින් දාන්න ඕනිකමට නෙවෙයි... ''


'' මං ඇහුවේ නෑනේ... ''


'' ඇහුවෙ නැති උනාට කියපු එක අහගෙන හිටියනේ.... ''


'' මොකක්ද... ''


'' ලොකු අප්පච්චි සැර උනට මොකද හිතුවක්කාරකම අඩුකරන්න බැරිවෙලා.... '' එහෙමතමයි... මම වැරදි වැඩ කරන්නේ නෑනේ හිතුවක්කර උනා කියලා බනින්නේ නෑ ඉතින් මට


'' අනේ මේ ඔයා යන්න අර සෙව්මිනී එක්ක... මං ඉන්නවා මෙතන... ''


'' එනවා යන්න... ''


'' බෑ... ''


'' සෙව්මිනි කියන්නේ අපෙ සෙට් එකම ටෝක් කරපු කෙල්ලෙක්... එතනින් එහට ඔයා දැනගන්න ඕනි නෑ... අනික ඒකි මගේ කෙල්ල නෙවේ... ''


'' ඉතින් මට මොකද... ''


'' එනවා යන්න... ''


'' බෑ කිව්වනේ... ''


'' ඔය හිතුවක්කාරකම ඉවසන්නේ හේතු දෙකක් නිසා.... පලවෙනි එක තාමත් ඉස්සරට වඩා ආදරේ නිසා අනිත් එක මේක කැම්පස් එක... අයියා නංගිට ගැහුවා කියලා කතාවක් හදාගන්නත් ඔනී නෑ කොල්ලා කෙල්ලට ගැහුවා කියලා කතාවක් හදාගන්නත් ඔනි නෑ එකයි...''


'' අනේ ඔයාගේ ආදරේ... '' 


'' ඇයි.... '' 


'' මොකුත් නෑ.... ''


'' තමුසෙට ඒක දැනෙන්නේ නෑ කියලා මට කරන්න දෙයක් නෑ.... හැබැයි මම ආදරෙයි එච්චරයි.... '' කියලා මූ මගේ අත ඇදලා මාව නැගිට්ටුවා... 


'' අවුරුදු දෙකකට පස්සේනේ ආපහු ආදරෙයි කීවේ නිකන් ඔ‍යාට මතක්වෙන මතක් වෙන වෙලාවට ආදරෙයි කියනවා වගේ... ''


'' එකම මගුල මන්තරේ වගේ ජපකරන්න ඕනි නැති නිසයි නොකීවේ... හැබැයි අද ඉදලා මතුරන්න ගන්නම් එතකොට හරිනේ.... '' කියලා ම්ගේ අතේ තිබුන ෆෝන් එකත් සාක්කුවට දාගෙන මාවත් ඇදගෙන ස්ටේජ් එක කිට්ටුවටම ගියා... 


ආය ඉතින් අපි කතා කරන ඒවා කොහේ ඇහෙන්නද පිස්සෙක් වගේ හොදට නට නට ගෙට් එකම එන්ජෝයි කලා... පාන්දර එක වගේ වෙද්දි නම් ඉවරයි... ඊටපස්සේ තියෙන්නේ පොඩි පොඩි වලි කෑලි... ඒවා බලන්න දෙන්නේ නැතුව මූ මාව එක්කන් ඇවිත් තඩි හෙල්මට් එකක් දැම්මා ඔලුවට... 


'' නිදිමත නෑනේ... ''


'' නිදිමතයි... මම නිශාචර කියලා හිතුවද නිදිමත නැතිවෙන්න.... ''


'' සිහියෙන් ඉන්න හොදේ... '' කියලා මූත් හෙල්මට් එක දාගෙන බයික් එකට නැග්ගා... 

සිහියෙන් ඉන්නවා උනාට මට නිදිමතයි අනේ... ඕනි මගුලක් වෙන්න කියලා මම ඇස් පියගත්තා.... 


'' ඒ... නිදි නේද ඔය.... නැගිටින්න.... '' මට මොනා ඇහෙන්නද... ඇහෙන්වා ඒ උනාට උත්තර දෙන්න සිහියක් නෑ මට.... හැබැයි කොහොමහරි මම පනපිටින් තුවාලයක්වත් වෙන්නේ නැතුව බාප්පලාගේ ගෙදර...


'' ඒයි ලමයා.... බහින්න අපි ගෙදර ආවා.... අමායා..... ''


'' හ්ම්... '' එච්චරයි මම නම් බැස්සේ නෑ... විද් අයියම බැහැලා මගේ හෙල්මට් එකත් ගලවලා එක්කන් ගියා ඊටපස්සේ ඇදට වැටුනා මම නිදි... උම්මා එකකුත් දුන්නද කොහෙද මට නිකන් රස්නෙ හුලගක් මගේ නලලට වැදුනා... 



ආය මට පියවි සිහියට ආවේ ඊලග දවසේ උදේ.... ගෙදර කිසි කලබලයක් නම් නෑ වගේ.... බාප්පලාගෙදරනේ ඉන්නේ... පොඩ්ඩක් ඇදෙන් එහෙට මෙහෙට වෙලා වෙලාව බලපුවාම අටයි විස්සයි... පුන්චිඅම්මා ඉස්කෝලේ යනවනේ එතකොට මෙයාල නිවාඩු දාලා ගෙදර හිටියවත්ද මම නිසා... මං සට පට ගාලා නැගිටලා කොන්ඩෙත් හදාගෙන වටපිට බලපුවාම මේක වෙනම කාමරයක්.... මෙහෙම කාමරයක් බාප්පලගේ ගෙදර තිබුනේ නෑනේ... මම පොඩ්ඩක් දොර ඇරලා එලියට ආවා... එලියට ආපුගමන් දැක්කේ සෙටි එකේ මුනින් අතට නිදාගෙන ඉන්න විද් අයියා....


මේ වෙලාවේ විද් අයියා ගැන මට හිතුනේ ආදරයක් නෙවේ මරන්න තරම් කේන්තියක්.... බාප්පලාගේ ගෙදර එක්කන් එනවා කියලා මූ මාව වෙන කොහෙද එක්කගෙන ඇවිල්ලා මගුල... 




හමුවෙමු

Report Page