Simulation theory 

Simulation theory 




" මෙහෙම හිතන්න...

ඔන්න දැන් ඔයා එලියට ගිහින් පොලොව හාරනවා , එතකොට මොනාද වෙන්නෙ ?

පස් හම්බෙනව නේ. ඔයාට තව ඇතුලට හාරන්න පුළුවන් , ‍ඒත් ඔයාට පස් හම්බ වේවි.

ඒ කිසිම දෙයක් ඔයා පොලව හාරනකන් තිබ්බෙ නැත්තන් ??

ඒ හැමදේම නිර්මාණය වෙන්නෙ ඔයා පොලොව හාරපු නිසා නම්.

ඔයා මේ මොහොතේ වාඩි වෙලා ඉන්න පුටුව හෝ ඔයා ඉන්න ඇඳ හෝ පිටට ඒ විදියට පෙනුනට , ඇතුල හිස් නම් ???

ඔයා ඒ ඇඳේ / පුටුවෙ කකුලක් කඩල බලනකම්ම ඒකෙ ඇතුල හිස්, ඔයා ඒක නිරීක්ෂණය කරන මොහෙතෙදි අන්න ඔයාට පේනව , ඒක හැදිල තියෙන්නෙ ලී වලින් , ඒක පිරිල තියෙන්නේ ලී වලින් කියල.

ක්ෂුද්‍ර ජීවින් ගැන මොකෝ කියන්නෙ ?

ඇත්තටම අපිට උන්ගෙන් වැඩකුත් නෑ නේ 🥱

ඔයා අන්වීක්ෂයෙන් බැලුවම විතරයි නම් උන් මැවෙන්නෙ. එතකන් එහෙම දෙයක් නැත්තන් ??

ආලෝකයේ වේගය ගැන හිතන්න 3×10^8 යිනේ.

ඊට වඩා කිසිම දෙයක් වේගෙන් යන්න බෑ 😑. එහෙම වෙලත් අපිට ලඟම තියන Galaxy එකට යන්න අවුරුදු 749,000,000 යනවා.

ඒ කියන්නෙ අපේ ලොකෙ කිසි යම් ලිමිට් එකක් තියනව. ඈත තියන ගැලක්සීස් , තරු එහෙම හරියට ගේම් එකක තියන අහසක් වගේ.

ඒ කියන්නෙ කවදාවත් ලඟා වෙන්න බෑ 🥱 . ඒවා අනික ඇත්තටම තියන දේවලුත් නෙවෙයි. ඒවා රියලිස්ටික් ගතිය වැඩි කරන්න දාපු දේවල් 🤯 "

⛔ ටිකක් Mind blowing දෙයක් ගැන තමා අද කතා කරන්න යන්නෙ. ඒ තමයි සිමියුලේශන් තියරි .

හිතන්න ,

මේ හැමදේම බොරුනම්,

ඔයාගෙ පවුලෙ අය,

ඔයාගෙ යාලුවො ,

ඔයා පාවිච්චි කරන හැමදේම ,

ඔයා දන්න කියන හැමදේම මොකක් හරි කම්පියුටර් එකක හදපු දෙයක් නම්.

මේ මුලු විශ්වයම මොකක් හරි ගොඩක් පවර්ෆුල් පරිඝණකයකින් නිර්මාණය කරවපු දෙයක් නම්,

1. එහෙම වෙන්න පුළුවන්ද ?

එහෙම වෙන්න පුළුවන් නම් ඒ කොහොමද ?

2. ඇයි එහෙම වෙන්න පුළුවන් කියල කියන්නේ.තියන සාක්ෂි මොනවද ?

කාටද පුළුවන් ට්‍රිලියන ගානක් වෙන මන්දාකිනි එක්ක මහ විශාල විශ්වයක් මවන්න ?? ඇත්තටම කාටවත් බෑ. ඇත්තටම එහෙම අවශ්‍යතාවයකුත් නෑ නේද ??

මොකද ඕන වෙන්නෙ මිනිස්සුන්ව ගොනාට අන්දන්න පුළුවන් තරමේ පරිසරයක් විතරයි 😂

බිලියන ට්‍රිලියන ගනන් මන්දාකිනි ඕන වෙන්නෙ නෑනේ එහෙම මිනිස්සුන්ව රවට්ටන්න.

ඕන කරන්නේ මිනිස් සංහතියට ගවේශනය කරන්න බැරි තරන් ලොකු අවකාශයක් විතරයි .

මේ සිමියුලේශන් තියරිය ඉස්සෙල්ලම එලියට අරන් ආපු Nick Bostrom මහත්තයා කියන විදියට නම් , මේ තියරිය වැඩ කරන්න නම් දේවල් උපකල්පන පහක් සම්පූර්ණ වෙන්නෝනේ .

1. විඥානය කියන එක මැවීම

විඥානය කියන්නෙ මොකක්ද ?

කවුරුත් හරියටම දන්නෑ ඉතිම් 😒👍

ඒත් විඥානය තියෙන්නේ මොලයේ නම් , මොලය සිමියුලේට් කරපු ගමන් අපිට විඥානයත් සිමියුලේට් වෙනවා .

මිනිස් මොලේක තප්පරයකට 1× 10^17ක් විතර වැඩ වෙනවා

ඒත් අපි හිතමු විඥානයේ තප්පරයක් තුල වැඩ 1× 10^20 විතර වෙනව කියල !!!

ඒ එක මිනිහෙක්ගේ එක තප්පරයක් විතරයි හරී !!!

කාටද ඕන එක මිනිහෙක්ව සිමියුලේට් කරන්න 🥱. අපිට ඕන මෙච්චර කාලයක් මේ ලෝකෙ ජීවත් වෙච්චි හැම මිනිහවම සිමියුලේට් කරන්න 😒👍

මිනිස් සංහතියම ගත්තොත් බිලියන 200 විතර ජීවත් වෙලා තියනෝනේ.

ඉතිම් ඒ බිලියන 200 අයගෙ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 50 කියල ගත්තොත් ,

එක අවුරුද්දකට තප්පර මිලියන 30යි.

අවුරුදු 50 කට මිලියන 1500 ඒක වැඩි කරන්නෝනෙ බිලියන 200න් 🤯

ඊටපස්සෙ ඒකත් වැඩි කරන්නෝනෙ 1×10^20 න්.

එතකොට මේන් මේක එනවලු = 3e+40 .

මේ වෙනකන් නම් එච්චර ලොකු ප්‍රොසෙස් ගොඩක් එක පාර කරන්න පුළුවන් කම්පියුටර් එකක් හදල නෑ.

ඒත් කවදහරි හැදෙන්න පුළුවන් .

මේකෙන්ම එනව අපේ 2 නි කරුණට

2. තාක්ෂණය දියුණු වීම දැන්මම නවතින්නෙ නෑ

ගල් යුගේ ඉදන්ම අද වෙනකන් වෙලා තියෙන්නේ තාක්ෂණේ දියුණු වෙන එකනේ . ඒ නිසා ඒක දැන්ම නතර වෙන්නෙ නම් නැති වෙයි .

ඉතිම් කොහෙ හරි තැනක ඉන්න පුළුවන් තාක්ෂණ දියුණුව උපරිමේටම ලඟා කරගත්තු ජීවිනුත් නේ ??

හරියට අන්ලිමිටඩ් කම්පියුටින් පවර් එකක් වගේ දෙයක් 🤯

මිලියන බිලියන ට්‍රිලියන ගානක කම්පියුටර් පවර් එකක් තියන කම්පියුටර් එකක් කියන්නෙ කවදාවත් හදන්න බැරි දෙයක් වගේ පෙනුනට සමහර concept තියනව මේ වගේ කම්පියුටර් ගැන.

එයින් එකක් තමයි The Matrioshka Brain කියල කියන්නේ.

ඒකෙ ෆොටෝ එකක් දාන්නම් පහලින්.

මේ කම්පියුටර් එකට පුළුවන් මේ වගේ පවර් එකක් හැන්ඩ්ල් කරන්න. මීටත් වඩා පවර්ෆුල් දේවල් කරන්න පුළුවන් . ඒ කියන්නෙ එක සිමියුලේශන් එකක් නෙවෙයි, සිමියුලේශන් මිලියන ගානක්. ඒ කියන්නේ පෘථිවියවල් මිලියන ගානක් ඒකෙ මිනිස්සු එකක්ම හදන්න පුළුවන් .

මේක ඉතිම් තාම හදල නැති උනත් , දැනට තියන ක්වොන්ටම් කම්පියුටර් එකකින් පුළුවන් තරමක් ලොකු නගරයක්ම සිමියුලේට් කරන්න .

3. අතිශය දියුණු වෙච්ච ශිෂ්ටාචාර කිසිම එකක් එයාල විසින්ම විනාශ උනේ නෑ.

මේ විශ්වයේ කොච්චර ඒලියන්ලා ඉන්න පුළුවන් උනත් අපිට එකෙක් වත් හම්බවුනා කියල අහන්න ලැබිල නෑ නේ.

ඒ එක්කො එයාලගෙ ශිෂ්ටාචාරය විනාස කරපු නිසා . නැත්තන් විනාශ උන නිසා.

මේ ගැන වෙනම කතා කරමු ඈ 👍

4. සුපිරියටම දියුණු ශිෂ්ටාචාරයක අයට ඕන සිමියුලේශන් එකක් රන් කරවන්න.

ඇත්තටම මෙහෙම පට්ටම දියුණු ශිෂ්ටාචාරයක ජීවින් ඉන්නවනන් අපිට තේරෙන එකක් නෑ ඇයි එයාලට එහෙම කරන්න ඕන කියල 😑

හිතනවකෝ පට්ටම ජීනියස් කූඹියෙක් මිනිස් ලෝකේ කානිවල් එකක් දැක්ක කියල 😂

කොච්චර ජීනියස් උනත් ඌට තේරෙන්නෙ නෑනෙ ඇයි අපි පෝලින් ගැහිලා රෝලකෝස්ටර් එහෙම පදින්නෙ කියල .

මොකද ඌ ගත කරන කූඹි ජීවිතේ එක්ක ඒක ඌට තේරෙන්නෙම නෑ.

අර වගේ දියුණු ශිෂ්ටාචාරයක් ගත්තොත් එහෙම අපිත් නිකන් කූඹි සෙට් එකක් වගේ තමා.

එයාලා සිමියුලේශන් කරවන්නේ ආතල් එකටද මොන රෙද්දකටද කියල අපිට තේරෙන එකක් නෑ 😒👍

5. මේ ඔක්කොම උපකල්පන ඇත්ත නම් , ඔයා ඉන්නෙත් සිමියුලේශන් එකක වෙන්න පුළුවන් 🤯

එහෙම සුපිරි ජිවින් ඉන්නවනම් එයාලට අන්ලිමිටඩ් කම්පියුටින් පවර් එකකට ඇක්සස් තියනව 😾

එහෙම පවර් එකක් තියනව නම් තව මිලියන ගානක් සිමියුලේශන් තියනව 😾

එහෙම මිලියන ගානක්ම තියනව නම් අපි ඉන්නෙත් එහෙම එකක වෙන්න පුළුවන් 😑

මේ උපකල්පන හැම එකක්ම තාමත් අපිට ටෙස්ට් කරල බලන්න බෑ. ඒ නිසා ගොඩක් විද්‍යාඥයෝ මේ සිමියුලේශන් තියරිය පිලිගන්නෙ නෑ

ඉතිම් ඒ නිසා ග්ලිචස් ඇති වෙනවද බලන්න ගෙදර ගිනි තියාගන්න එහෙම එපා 😒👍.

Copied

Report Page