Silent Love
Peppermint:)
Silent Love
#shortstory
#by peppermint:)
" ඇයි බං කොල්ලො එහෙම...? ආදරේ නම් කිව්ව කියලා කට ගෙවෙන්නෙ නෑනෙ..."
රත් පාටින් අහසයි කලු නිල් පාට සාගරයි ගෑවෙන ක්ෂිතිජය දිහා බලාගෙන ඉදිය මං ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුණ ගැහැණු ළමයෙක්ගෙ වචන වලට...
පෙනුමෙන් ටිකක් අහිංසක ගෑනු ලමයෙක් වුණ එයා එයාට පැත්තෙන් ඉන්න පිරිමි ලමයගෙ අත අල්ලගෙන අඩ අඩ අහන්නෙ වටේ පිටේ ගැන නොසැලකිලිමත්ව....
අවටින් එන මුහුදු ලවණ මිශ්‍ර සීතල හුළග මගෙ කොණ්ඩෙ අවුස්සලා දාද්දි මට මතක් වුණේ එයාව.....
" කොල්ලො එහෙම තමයි බං... මට තේරෙන්නෙ නෑ උඹට කොහොම ඒක පැහැදිලි කරන්නද කියලා..."
ඒ පිරිමි ළමයගෙ කට හඩ ඇහෙද්දි මං හෙමීට ඒ පැත්ත බලල ඉස්සරහ හැරිලා මතක් කළේ එයා එක්ක යාලු වුණ දවසෙ ඉදන් මේ වෙනකන් කරපු අවුරුදු 3ක චැට් එකේ කොහෙන්වත් ආදරෙයි කියලා වචනයක් කියලවත් නැති එකට....
කට කොනින් හිනා වුණ මං අතේ තිබුණ සිප්පි කටු ටිකෙන් මලක් හදලා තනියම හිනා වුණේ කටු කැරකෙන ඔරලෝසුව දිහා බලාගෙන..
හ්ම්ම්ම්ම්.... නොදැනීම සුසුවක් හෙළුණෙ දැනටමත් 5.45 වෙලා කියලා දැක්ක නිසා...
' ඇයි එයා එච්චර පරක්කු..' මං මගෙ හිතෙන් ම ප්‍රශ්න කළා....
' කරදරයක් ද දන්නෙ නෑ...'
ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හැදුවට ක්‍රියා විරහිතයි කියලා එන වොයිස් එක ඇරෙන්න මට වෙන මොනවත් දැනගන්න ලැබුණෙ නෑ..
මගෙ හිත තව කලබල වෙද්දී මං ආයෙම කෝල් කළා....
" ඔබ ඇමතූ ජංගම දුරකථනය ප්‍රතිචාරයක් නොමැත...කරුණාක................."
ලාවට කදුළු බිංදුවක් ඇස් වලට එද්දී බිම වැටෙන්න නොදී ඇහි පිල්ලම් ගගහා මං මුහුදු වැලි අතරෙ අතින් ලිව්වෙ එයාගෙ නමේ මුල් අකුර..
" A "
" අපරාදෙ....උඹ මගෙ කොල්ලා වුණා නම්...ලබන ආත්මෙදිවත් අරුට කලින් උබ මගෙන් අහපන් හරිද..."
එක පාරටම මං ඩිම් වුණේ අර ගෑනුළමයගෙ කතාවට...
මං හීයක වේගෙන් ඒ පැත්තට හැරිලා එයා එක්ක කතා කරපු කොල්ල දිහා බැලුවෙ එයාගෙ හැගීම වගේ ම ඒ ගෑනු ලමයගෙ ප්‍රශ්නෙට උත්තරේ බලාගන්න...
එයා බලාගෙන ඉදියෙ ඒ ගෑණු ලමයගෙ ඇස් දිහා විතරයි....හැබැයි ඒ ගෑණු ළමයගෙ ඇස් තිබුණෙ එයාලට එහා පැත්තෙන් ඉදිය තරුණ ජෝඩුවක් ගාව...
" මේ ආත්මෙට බැරි උනාට මං උබෙ යාලුවෙක් වගේ මැරෙනකන් ම ඉන්නවා බං... "
මං නොහිතුව වෙලාවක ඒ කොල්ලගෙන් කදුළක් වැටුණෙ මං ඇස් ලොකු කරගෙන ඒ දිහා බලන් ඉද්දි.. කොහොම උනත් ඒ ගෑණු ළමයා ඒක දැක්කෙවත් නෑ...මං හිතන්නෙ එයාට ඒ කිව්ව වචන ටික ඇහුණෙවත් නැතුව ඇති...
" ආදරේදි පිරිමිත් අඩනවා..."
එක පාරටම ම මං ගැස්සුණෙ මගෙ එහා පැත්තෙන් ඇහුණ එයාගෙ ගොරෝසු කටහඩට...
" අකේශ්...."
මං පැනපු ගමන් එයාව බදාගත්තෙ මෙච්චර වෙලා ගල් කරගෙන ඉදිය හිත කැඩිලා කදුලු එක්ක දුක පිට කරද්දී....
හැමදාමත් එයාගෙන් දැණෙන වෙල්වට් සුවද මං හදවතින් ම විදගද්දි එයා කළේ මගෙ විසිරුණු කෙහෙරැළි වගේම හුලග නිසා කලවා වෙනකන් නිරාවරණය වුණ මගෙ ගවුම හදද්දී....
" I love youuuuuu"
කිසිම ප්‍රතිචාරයක් නොවෙද්දි මං මගෙ ආදරේ කියාගෙන ම ගියේ පිස්සුවෙන් වගේ....
ඒත් එයා කළේ ම මගෙ නළලතින් උණුසුම් හාදුවක් තිව්ව එක විතරමයි.. මුහුදු හුළගට අපේ ඇගේ හිරිගඩු පිපෙද්දි මං කියවන්න ගත්තා...
" මං බය වුණා ආශ්....මං හුගාක් බය වුණා..."
එයා කළේ කට කොනින් හිනා වුණ එක...
" මං දැක්කා..."
මං මුහුදු වැලි අතර ලිව්ව එයාගෙ නමේ මුල් අකුර දිහා බලගෙන මාව තුරුළු කරගත්තෙ මං පොඩි එකෙක් වගේ ඒ තුරුළට යද්දි...
" ඒ කිව්වෙ..."
" මං ඔයා එන්නත් කලින් ම ආවා..."
මං ඇස් ලොකු කරගෙන එයා දිහා බලන් ඉදියා...
" ඔහොම බලන්නෙපා බං...මට ගිලින්න හිතෙනවා..."
ක්ශිතිජය දිහා බලාගෙන ම එයා කිව්වෙ මං දත් ටික පෙන්නල හිනා වෙද්දී....
ඒ කියන්නෙ එයා මං දිහා බලන් ඉන්නැතී....මගෙ හිත සතුටින් පිරෙද්දි ලොකු හුස්මක් ගත්තෙ ඒ දැනුණ අමුතු හැගීමට...
" ඇයි ෆෝන් එක ඔෆ් කරලා...?"
"මාස ගාණකට පස්සෙ දැක්කෙත්...ඉතින් තමුසෙ එක්ක ඉන්න කාලෙ මට කාගෙන්වත් disturb නොවෙන්න ඕෆ් කලා..."
මං තව ඒ උණුහුමට ගුලි වෙද්දි මතක් වුණේ අර පිරිමි ළමයා...
" එයා ඒ ගෑනුළමයට ආදරෙයි නේද...? "
මං වැල්ලෙ ඉන්න සෙල්ලම් බඩු විකුණන පිරිමි කෙනෙක්ගෙ අතේ තියෙන හුළගට කැරකෙන මලක් දිහා බලාගෙන එයාගෙන් එහෙම ඇහුවා...
ලාවට කට කොනින් හිනා වුණ එයා මගෙ කර වටින් අත දැම්ම...
" උගෙ පණ තරම්.."
" ඇයි එහෙනම් එයා ඒ ආදරේ කියන්නෙ නැත්තෙ..?? "
ඒ ගෑණු ළමයා එයාගෙ යාලුවගෙන් අහපු ප්‍රශ්නෙම මං එයාගෙන් ඇහුවෙ එයාගෙ රැවුල හෙමින් පිරිමදින ගමන්...
" පිරිමි එහෙම තමයි....
යෙතුම්යා ඔය කෝලම නවත්තන්න...අර පොඩි එවුන් බලාගෙන..."
අපේ ඉස්සරහින් වැල්ලෙ මාළිගා හදපු පොඩි සෙට් එක අපේ දිහා බලාගෙන ඉන්නව මං දැක්කෙ එයා කිව්වට පස්සෙ...
එයා එහෙම කිව්වට මං ආයෙම එයාගෙ රැවුල අල්ල අල්ල එකේක විකාර කරන්න ගත්තෙ පිස්සියක් වගේ හිනා වෙවී...
" බටු ඇටේ..!! "
එක පැත්තක තිබුණ නල දතත් එලියෙ දාගෙන හිනා වෙවී පුරුදු පරිදි එයාගෙ ස්වරූපෙට එද්දි මං යක්ශනි වෙන්න ගත්තෙ මං හෙමීට එයාගෙ කම්මුලට ගහද්දි...
" අව්හ්...බටු ඇටේ...!! "
" රිදුනද...හොද වැඩෙ තමුසෙට.."
" නෑ නෑ...රිදුණෙ නෑ...."
" යැයි යැයි තමයි..."
" බටු ඇටේ..!!"
" අකේශ්ශ්ශ්ශ්ශ්ශ්.....!!!!!!!!!"
මං කෑගහද්දි එයා වැල්ලෙ දිව්වෙ මාත් පොඩි එකෙක් වගේ එයාගෙ පස්සෙන් වැටෙද්දී....
" තව්සෙට මාව අල්ලන්න බෑ..."
" අකේශ් නවතිනවා.....!!!!!!"
" බටු ඇටේ......"
හති වැටෙනකන් දුවල දුවල අපි දෙන්නා දිව්වා වුණත් එයාට ආව කෝල් එකකින් සේරම හැගීම් දිය වෙලා ගියේ මං ඇස් අගිස්සට උනපු කදුළු එයාට නොපෙනෙන්න අහක බලාගද්දී....
" දැන් එන්න ඕනද...?? "
ඇගිලි තූඩින් ඇස් දෙකත් පිහිදාලා මං එයා දිහා බැලුවෙ එයා ඊගාවට දෙන උත්තරේ බලාගන්න..
එහෙමම හිටගෙන හිටපු මං ගලක් ගාවට ඇවිත් වාඩි වුණේ එයාලගෙ බිස්නස් මීටින් එක ගැන සාකච්ඡා වුණ නිසා...
" සුදූ...ම.............."
" කමන්නෑ ආශ් යන්න.....මං ටිකකින් ගෙදර යන්නම්..."
එකපාරට ම එයා කට කොනින් හිනා වෙලා සාක්කුවට අත් දාගෙන අහස දිහා බලන් හිටියා..
එයා ටිකක් උසයි.... මං වාඩි වෙලා ඉදිය නිසා හිටගෙන හිටිය එයාට සමහර විට මාව පොඩි එකෙක් ගානට පේනව ඇති...
" හ්ම්ම්ම්ම්..."
" ඔයා ප්‍රශ්නෙක ද ආශ්...??"
මං එක අතකින් එයාගෙ අතේ වෙලෙද්දි,
" තමුසෙව මෙතන තනි කරලා දාල යාවි කියලා කොහොම ද හිතුණෙ.."
එයා වේදනාවෙන් අහද්දි මට දෙන්න උත්තර නැති වුණා...
" තමුසෙට හිතුණෙ තමුසෙට වඩා බිස්නස් මීටින් එක ලොකු වෙයි කියලද..."
මාව එයාගෙ පැත්තට හරව ගෙන ඇස් වලට එබීගෙන ම අහද්දී මං එයාට තුරුළු වුණා...
" ඔයා ඉස්සර වගේ නෙවෙයි..."
හෙම්බිරිසාව හැදිච්ච පොඩි එකෙක් වගේ නහය උඩට අදින ගමන් මං එයාට කිව්වා...
" ඇයි ඔයාට මට එක පාරක්වත් ආදරේ කියන්න බැරි..?? ඉස්සර ඔයා එහෙම නොකිව්වට අඩුම මාව බලන්න ආව....ඒත් දැන් එහෙමත් නෑ....මාස ගාණක් තිස්සෙ ඉන්නෝන...ඔයා වෙනස්... "
ආයෙම මං එයාගෙ පපුවෙ අඩන්න ගත්තෙ එයා මාව තව තුරුළු කරගත්තා...මං දන්නවා එයා කැමති නෑ මං අඩනවා බලන්න....
" ඇති දැන්..."
" බෑ...මට ඕන අඩන්න..."
" අඩනවා එහෙනම්ම්..ආයෙ බෑ..."
කදුළු ඉවර වෙනකන් ම අඩල ඉවර වෙද්දි එයා ඇහුවෙ,
" ආදරෙයි කියන්නම ඕන ද බං ආදරේ පෙන්නන්න....."
" එයා මගෙන් ප්‍රශ්නයක්ද ඇහුවෙ...නැත්තං මගෙ ප්‍රශ්නෙට උත්තරයක් ද දුන්නෙ කියලා හිතාගන්න බැරුව මං ඔහේ හිටියා..
" මං දන්නෙ නෑ.... "
" එහෙනම් දැන් දැනගන්න.... "
අපි දෙන්නම වැල්ලෙ ඉදගත්තා....ටික වෙලාවකින් ආයෙම එයා නැගිටලා ගියේ මට අමතක වුණ එයාට මතක් වුණ දෙයක් ගන්න....
" පුදුමයි..."
අතේ තිබුණ අච්චාරු ශොපින් එක මට දෙන ගමන් ම එයා ඇහුවා......
" හී..."
ඒ එක්කම මං ආසම විදිහට එයා එක ඇහැක අහිබැමක් උඩට ඉස්සුවේ මං පිස්සු වැටෙද්දී.... ඇත්තටම ම මං දැකපු ලස්සන ම ඇස් දෙක තිබුණෙ එයාට.....
" ලා යූ..."
ශොපින් එකෙන් අච්චාරු ගන්න ගමන් මං එයාට තුරුළු වුණා....
" ඒක රසයී....ටිකක් සැරයි....ඔයත් කන්නකො..."
ඇස් දෙක හීනිකරන් මං දිහා බැලුව එයා එකපාරට ම මගෙ දෙතොලට බර වුණේ මගෙ අතින් එයාගෙ ශර්ට් එකේ කොනක් තදින් ඇල්ලෙද්දී....
" ඔව්...රසයි...චුට්ටක් ලුණු මදී ඒකෙ..ඒකයි සැර.."
මං ඇස් ලොකු කරන් බලන් ඉද්දි එයා මගේ නළලතින් හාද්දක් තිව්වා....
දැනටමත් 6.30 පහු වෙලා තිබුණ ඒ වෙලේ අපි දෙන්නම ආස කරපු ඒ රතු පාට පුංචි තරුව පායගෙන එන ගමන් තිබුණා...
හවස් වෙන්න හවස් වෙන්න වෙද්දි දැනෙන සීතල එක්ක මුහුදු සුළගත් තවත් සිසිල් වුණේ අපි දෙන්නම තව එකිනෙකට තුරුළු වෙද්දී...
" සීතල ද..."
" ටිකක්.."
" යමු ඔයා ලෙඩ වෙයි...."
" ඔයා ගාවින් ඉද්දි එහෙම වෙන්නෙ නෑ..."
තද රත් පාට කළුවර වෙන ගමන් එන අහස දිහාම බලන් එහෙම කියද්දි මං දැක්කෙ වෙන රතු තැඹිලි පාට තරුවක් ඇස් ගහනව වගේ දිලිසෙන ගමන් අපි දෙන්නට හිනා වෙනවා......
මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්‍රේමය
කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුබව
පොඳ වැස්සක් වැටුනාම
අපි තව ළං වෙනවාද
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
කදුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට
නුබට තුරුලුවූ විටදි දැනුනා සීතල
සදක් නොව නුබ ඉරක් වූවා මා හට
ඇත්තටම නුබයි දන්නේ මා ගැන
පොඳ වැස්සක් වැටුනාම
අපි තව ළං වෙනවාද
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
අදුරු නිම්නෙක එලිය වූවා නුබ මට
රිදුනු පපුවට සැනසුමක් නුබේ උණුහුම
මලක් නොව නුබ ගසක් වූවා දළුලන
ඇත්තම හරි ආදරෙන් ඉමි නුබ ළඟ
පොඳ වැස්සක් වැටුනාම
අපි තව ළං වෙනවාද
එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
____________________________________
Two in one වගේනේ.... එකක පොඩි ඒකපාර්ශ්වික love story එකක් එක්ක තව එකක්.... මේක මං නිකන් ලිව්වේ....මේ දවස් ටිකේම මොනවත් ලිව්වෙ නැති නිසා...අදහස් කියාගෙන යන්න... ඉක්මනින් ම white rose ගේන්නම්....
Story එකක් අවසානෙ සිංදු දාන එකත් පුරුද්දකට ගිහින් වගේ😪
Peppermint:)