Silence wave

Silence wave

Niwi9696
wake me up... call my name and save me from the dark...
fifth wave

“පිස්සු තද වෙලාද? අර පොඩි එකා ඉස්සරහා ඔව්වා පෙන්නන්නේ...”


“ආයිශ්, මාමාණ්ඩි... ඔයාගේ සුදු මැණික දැන් ලොකුයි. හරි... හරි... දැන් මොනවද අපෙන් වෙන්න ඕන?”


මාමා? ෂේඩ්ස්?


මම හිමින් දොර ගාවට කිට්ටු වෙලා, හැංගිලාම එයාලා කියන දේ අහන් හිටියා.


ෂේඩ්ස් හිටියේ බිත්තියට හේත්තු වෙලා. ඒයා සිගරට් එකක් පත්තු කරගන්න ගමන් හිටියේ.


“කොහෙද මේවා තිබුණේ?”


මාමා එහෙම කියන ගමන් කුඩු තිබුණු පොඩි මල්ල මේසය මතට දැම්මා.


“ඒකනෙ මං කිව්වේ... වයසින් පොඩි වුණාට කොල්ලා වැඩ්ඩා කියලා. මීටර් තිහ හතළිහක් යනකල්ම දිගටම ඔය කුඩු වැටිලා තිබුණා.”


ෂේඩ්ස් එහෙම කිව්වේ දුම් වලාවක් පිට කරන ගමන්.


“ඔව්... ඔව්... කොල්ලා දක්ෂයා.”


ඒ කතාව ඇහෙනවත් එක්කම මාමාගේ මූණේ ප්‍රංචි හිනාවක් ඇඳිලා... ඊළඟ මොහොතේම මැකිලා ගියා.


“ආ... මේ බෑග් එක පොඩ්ඩක් කැලේ ඇතුළට වෙන්න වැටිලා තිබුණා. ෆුට් ප්‍රින්ට් මුකුත්ම පේන්න තිබුණේ නෑ. බඩු වගයක් ලෑස්ති කරගන්නත් තියෙනවා. එහෙනම් මාමණ්ඩි, මං ගියා. හෙට උදේට හම්බෙමු.”


බෑග් එක දිහා මොහොතක් බලාගෙන හිටපු මාමාත් කාමරයෙන් පිටතට ගියා.


එයා යනකල් බලන් හිටපු මං හිමින් කාමරේ ඇතුළට ගිහින් බෑග් එක චෙක් කළා.


වැඩක් නෑ...

කැඩිච්ච ඔරලෝසුවකුයි, තවත් වැඩක් නැති කැඩිච්ච බඩු ටිකකුයි විතරයි.


“ඈහ්හ්...!”


මං ඒහෙම්ම මගේ අත් දෙකෙන් කට වහගත්තා.


මළ මගුලයි!

මාමාට ඇහුණද දන්නෑ!


මං ඉක්මනටම කාමරෙන් එළියට ආවා.


බෑග් එකේ තැනින් තැන තිබුණු ඒ තද පාට පැල්ලම් දැක්කාම මගේ හුස්මත් මොහොතකට නතර වුණා.

ඒ... ලේද?


මගේ ඇඟිලි ටිකක් වෙව්ලනවා.

නෑ...ලේ වෙන්න බෑ.


ඒත් ඒ පැල්ලම් දිහා බලන තරමටම මගේ හිත කිව්වේ ඒක එහෙම නොවෙන්නත් පුළුවන් කියලා.

මං ඉක්මනට බෑග් එක ආයෙත් තිබුණු විදිහටම තියලා කාමරෙන් එළියට ආවා.


ෂේඩ්ස්? මොනවද එළියට වෙලා කරන්නේ?

දැන් රෑ හතටත් ළඟයි.

එයාට මං එන සද්දෙ ඇහුණාද නැද්ද කියලා මට තේරුණේ නෑ.

ඒත් එයා එකපාරටම පිටිපස්ස හැරුණා.


“හායි!”

මං එයා ගාවට ගියේ අතත් වනලා.


සමහර විට මෙයාගෙන් මොනාහරි දැනගන්න පුළුවන් වෙයි.


“ආ... සුදු මැණිකේ... මොකෝ මොකෝ මේ දුප්පත් අපිව මතක් වෙලා?”


පුහ්! දුප්පත් මේ... මෙයා!


එයා දුප්පත් නම් අපි හිඟන්නු වෙන්න එපැයි දෙයියනේ.

මෙයත් හරි හරි විහිළු තමා කරන්නේ.


“මේ, අර කුඩු මොනාද අනේ? ෂෝයි අප්පා... රෑට දිලිසෙනවා කිව්වනේ.”


මං එහෙම කියන ගමන් ෂේඩ්ස්ගේ අතට ඇඟිල්ලෙන් ඇන්නා.


“හේ... හේ... සුදු මැණිකේ මොනවාදෝ අහනවා. ඒත් බලන්න, පැට්ටෝ... මේ රමණීය සුන්දරත්වය! කෙතරම් මනරම්ද? මොන කුඩ්ඩක්ද මැණිකේ? ඉමුද අපි රෝමියෝ, ජැක් වගේ?”

මොන පිස්සෙක්ද මේ!


“රෝමියෝ ජුලියට්! අන්කල්, එන්න එපා ඔව්වට. මං ආස නෑ.”


සැබෑම ගල් ආඳෙක් තමා. අර මාමා කිව්වත් වගේ.


“ටික්... ටීක්... කොහෙද මිනිහෝ ඉන්නේ? මේ දැන්ම මෙතනට වරෙන්.”


වෝකි ටෝකියක් නේ! බලන් ගියාම මට විතරනේ එකක් නැත්තේ.


“එහෙනම් පැට්ටෝ, අයියට යන්න වෙනවා. බායි.”


කවුද පැට්ටා?

මං කියන්නෑ ඉතින්... ඇයි යකෝ? මේක මාර නාඩගමක් වුණානේ.




කතෘ මානයෙන්


වැදගත් තීරණයක් ගැනීමට අවශ්‍ය පිරිස ඒ වන විටත් එක් ස්ථානයකට රැස්ව සිටියහ.


මේසය මත තිබූ කෝපි කෝප්පවලින් තවමත් සිහින් දුමක් නැඟෙමින් තිබුණද, ඒවා ගැන කිසිවකුගේ අවධානයක් යොමු වී තිබුණේ නැත.


සෙනේගේ කැඳවීමට අනුව ෂේඩ්ස් එහි පැමිණෙන විටත්, රැස්වීම ආරම්භ වී මඳ වේලාවක් ගත වී තිබිණි.


“එතකොට මෙන්න මෙතන තමයි අපි ඉන්න කබානා එක තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මින්සි කිව්ව ඇළ පාර වෙන්න ඕනේ. ෂේඩ්ස්ගේ ටීම් එක හොයාගත්ත දිලිසෙන කුඩු පාර වැටිලා තියෙන්නේ මේ අඩි පාර දිගේ.”


සෙනේ එක හුස්මටම තමන් ළඟ තිබූ සිතියම අනෙක් අයට පැහැදිලි කළේ, වැදගත් ස්ථාන රතු පැහැයෙන් සලකුණු කරමිනි.


ඔහුගේ ඇඟිල්ල කුඩු පාර දිගේ සෙමින් ඉදිරියට ගියේය. ඊට පස්සේ...

ඔහු නතර විය.

කාමරයේ සිටි කිසිවකුත් කතා කළේ නැත. සෙනේගේ බැල්ම සිතියමෙන් ඉහළට එසවිණි.

ෂේඩ්ස්ගේ දෑස් ඔහු සමඟ මුණගැසුණි.


එක් තත්පරයක්...


දෙකක්...


කිසිවකුත් කතා කළේ නැත.


අවසානයේ ෂේඩ්ස්ගේ මුවේ තිබූ සිනහව තවත් මඳක් පුළුල් විය. නමුත් ඒ සිනහවෙහි විහිළුවක් තිබුණේ නැත.


“අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්කෝ අපි දුවනවා... නැත්තන් හෙමින් යනවා. කොහොම වුණත්... දිනෙව්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙයි.”

ෂේඩ්ස්ගේ මූණෙහි වූයේ සුපුරුදු සංසුන් සිනහවකි. කිසිදු කලබලයක් නැත. කිසිදු බියක්ද නැත.


නමුත් ඒ සංසුන් සිනහව පිටුපස...

සැලැස්මක් ඒ වන විටත් සූදානම් වෙමින් තිබිණි.


“හරි. හෙට උදේ අට වෙනකොට පිටත් වෙනවා. කාටහරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් දැන් අහන්න පුළුවන්."


කාමරයම මීයට පිම්බා සේ නිහඬ විය. කිසිවකුගෙන් කිසිදු ප්‍රශ්නයක් නැඟුණේ නැත.

එකින් එක පුටු පසුපසට ඇදිණි. අවසානයේ සියල්ලෝම කාමරයෙන් පිටත්ව ගියහ.


සෙනේ පමණක් එහි තනි විය.

දොර වැසෙන හඬත් සමඟම කාමරය නැවතත් නිශ්ශබ්ද විය. ඉටිපන්දම් එළිය ඔහුගේ මුහුණ මත වැටී තිබුණි. ඒ මුහුණේ කිසිදු හැඟීමක් නොවීය.

සෙනේ නැවතත් මේසය මත තිබූ සිතියම දෙස බැලීය.


මොහොතක් එය නිහඬව බලා සිටි ඔහු, සෙමින් තම සාක්කුවට අත යැවීය. ඊළඟ මොහොතේ ඔහු පිටතට ගත්තේ ආධ්‍යා විසින් මාරු කළ සිතියමයි.


එය ඔහුගේ ඇඟිලි අතර මොහොතක් නිසලව තිබුණි.


සෙනේ එහි සලකුණු කළ මාර්ග දෙස අවසන් වරට බැලීය.

ඔහුගේ මුවේ ඉතා සිහින් සිනහවක් ඇඳිණි. ඊළඟ මොහොතේ...


ඔහු සිතියම ඉටිපන්දම් දැල්ලට ළං කළේය.


කඩදාසියේ කොනක් දැල්ලට හසු විය. ගිනිදැල් සෙමින් ඉහළට පැතිර යද්දී, සිතියමේ සලකුණු කළ මාර්ගද එකින් එක කළු අළු බවට පත්වෙමින් තිබුණි.


සෙනේගේ මුහුණෙහි කිසිදු හැඟීමක් නොවීය.


අවසානයේ සිතියම සම්පූර්ණයෙන්ම දැවී අළු බවට පත්විය.


සෙනේ ඉතිරි වූ අළු දෙස මොහොතක් බලා සිටියේය.


ආධ්‍යා මාරු කළ සිතියම... දැන් තවදුරටත් කිසිවකුට අවශ්‍ය නොවීය.


💭 WHO STOLE YOUR HEART SO FAR? 👀

Okayyy, now that you’ve met a few of them… I need to know! 😂❤️

Which character do you like the MOST so far? 👇

1)🖤 MINSI — our little troublemaker 🥹

2)🔥 DINEW — chaotic bestie energy 😂

3)🕶️ SHADES — walking red flag or secretly a sweetheart? 👀

4)🌑 HOOD — says nothing, yet somehow has everyone curious 😶‍🌫️

Vote carefully… because I’m watching. 👀😂

And if your favourite isn't here, tell me in the comments!

I want to know why you chose them too. ❤️


click the button below for fastest release and support me

at wattpad


i am niwi


as judge by your respond i doubt are you really is reading my story. if not there no reason me to publish this on telegrame anymore. so i dicide to stop publish this on telegrame


so good bye


Report Page