Short Notes 📝
දිසාපාමොක් 😁
Attention❗️👇
මෙතන ඉදන් මං කියන්න යන්නෙ short note එකක් කියන එකෙන් මොකක්ද වෙන්නෙ, කොහොමද ඒකක් හදාගන්නෙ? ආදී දේවල් ගැන මම දරන පෞද්ගලික මතය විතරයි...☝️🏻
ඒකෙන් කියවෙන්නෙ නෑ "මේක තමා short note එකක් හදන හරි විදිහ",,, "ඔයාත් මේ විදිහටමයි කරන්න ඕන කියන එක"😅 මේ ඔයාලට අදහසක් දීලා විතරයි තියෙන්නෙ 🙈
ඔයාලා හිතලා බලලා ඔයාට ගැලපෙන දෙයක් කරන්න 🤓👍
Short Note එකක් කියන්නෙ ඔයාගෙ theory note එකම චූටි අකුරුවලින් ලියපු එකක් නෙමේ🙁
ඒකෙ ලියන්නෙ අතවශ්‍යම දේවල් ටික විතරයි... ඉක්මනට අමතක වෙයි කියල හිතෙන ඒවා...
Theory එහෙම් පිටින්ම ලියන්න එපා ඒකෙ...😬
සමීකරණ තියෙනවනම් ඒ ටික ලියන්න. හැබැයි ඒ සමීකරණෙ තියෙන පද විස්තර කරන්න යන්න එපා.. සමීකරණය බලලා ඒකෙ තියෙන ඉංග්‍රීසි අකුරු😁වලින් කියන්නෙ මොකක්ද කියන එක මතක් කරන්න ඕන කියන එකයි මගෙ මතය😌
Theory පොත පාඩම් කරන්න තියෙන කම්මැලිකමට short note එකට ආස වෙන්නෙ එපා🙊
ඒකෙ ලියන්නෙ ඔයාට අමතක වෙන ඒවා ටිකයි, ගොඩක්ම වැදගත් දෙවල් ටික විතරයි.....
Short note එක විතරක් පාඩම් කරන්න එපා.. ඔයා theory note එක පාඩම් කරන්න ඕන.. ඒක මතක තියාගන්නත් ඕන. ඊට පස්සෙයි ඒකෙන් short note එකක් ගහන්නෙ😁
Short Note එක ඔයාගෙ note එක කරගන්න එපා😁❌
හරි......අපි දැන් shortnote එකක් ගහමු😜😋
මෙහෙම හිතන්නකො.
Theory note එක පෙරලගත්තා ඕං😁
මුලින්ම හැඳින්වීම තියෙනව 🙈
ඒක ඕනෙ නෑනෙ😐 ඒක මොකටද short note එකට🙄 (හැඳින්වීම සරලව ඔයාගෙ භාශාවෙන් ඔලුවට දාගන්න.🤫)
සර් මොන මොනාහරි ඡේද පිටින් ලියන්න දීලා ඇති🤭 ඒ ටික හොඳට කියවන්න.. වැදගත් මොනාහරි තිබ්බොත් shortnote එකට දාගමු.. ඒ ඡේදවල තියෙන ඒවා දාද්දිත් මුලු වාක්‍යයක්ම ලියන්නෙ නෑ.
🛑 වාක්‍යයෙ පොඩි කෑල්ලක් ලියන්න හෝ මුළු වාක්‍යයම මතක් වෙන වචන දෙක තුනක් විතරක් ලියන්න...
මෙහෙම හිතමු 🤔
ඔන්න ඔයා දැන් යාන්ත්‍ර විද්‍යාවට shortnote එකක් ගහන ඉන්නෙ. බ'නියුලි සමීකරණය කොටස ...
සර් නෝට් එකේ දීලා තියෙනව මෙහෙම👇👇👇👇....

ඔයා දැන් ඕකෙ කියල තියෙන ඔක්කොම shortnote එකට copy paste කරන්නද යන්නෙ😱
නෑ නෑ🤓 මේ විදිහට ඒ ටික ලියාගන්න..👇👇👇👇👇

සංකේත ටික ඔයා මතක තියාගන්න ඕන..
රතු පාටින් ඉරි ගහල තියෙද්දි ඔයාට highlight වෙලා පේනව වැඩියි😁
අමතක නම් theory පොතෙන් බලන්න..🤷
Shortnote එකට ඔය ඔක්කොම හෑලි ඕන්නෑ😌
ඔය විදිහට short note එක හදන එකේ ප්‍රයෝජන 2 යි...
🔰 පාඩමේ තියෙන දේවල් ගැන දළ අවබෝධයක් ගන්න පුළුවන්
🔰 shortnote එකෙන් theory මතක් කරන්නත් පුළුවන්..
හරි...දැන් මෙහෙම හිතමු🤔
මොකක්හරි මාතෘකා දෙකක් සංසන්දනය කරලා තියෙනවනම්, ඒ ටික කොහොමද short note එකකට දාගන්නෙ, 😋
ඔය පහළින් තියෙන්නෙ සර් ඔයාට දීලා තියෙන theory note එක කියල හිතමු😁

දැන් ඔක්කොම දාන්න ඕනෙ නෑ🥺
සර් ඔය ටික ඔහොම දුන්නට අපිට පුළුවන් වෙනස් විදිහකට ඕක හදාගන්න 😊
දැන් මට ඔය ටික shortnote එකට දාගන්න උනොත් මං කරන්මෙ මෙහෙම😁👇👇

ඔයාලා theory note එක පාඩම් කරල, ඒකෙ හුගක් දේවල් මතකෙ තියාගෙන නේ short note එක පාවිච්චි කරන්නෙ.. ඒක නිසා short note එක ඔහොම තිබ්බට කමක් නැහ්😌
🛑 පුළුවන් තරම් වචන අඩු කරලා සංකේත භාවිත කරන්න 🤓
ඒක තමා වැදගත්ම දේ,👆🏻
ගොඩක් ප්‍රතික්‍රියා එහෙම තියෙන පාඩමක් නම් Organic , Inorganic වගේ 🤓
ඒ ටික වෙන වෙනම පහලට ලියන් යන්නැතුව මේ👇 විදිහට හදාගන්න..
පාට ගොඩක් use කරලා ඕක ලස්සනට හදාගන්න තරමට බලන්න ලේසියි ඕක, සහ ආස හිතෙනව.. හැඩතලත් භාවිතා කරන්න🙊

කැමති නම් ඔය ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල ලියන්නැතුව ඉන්නත් පුළුවන්🤷 එතකොට ඔයාට ප්‍රතික්‍රියකයයි, ප්‍රතික්‍රියා අවස්ථාවයි තියෙන නිසා ඵලය මතක් කරන්න පුළුවන් 😋😋😋
කැමැත්තක් ඉතින් 😁
ඔය shortnote එක හදන්නෙ ඔයාට නේ.. එතකොට ඒක හදන්න ඕන ඔයාට ඕන විදිහට කියන එකත් මතක තියාගන්න 😊
ඔයාට ඒකෙ තියෙන දේවල් හොයාගන්න පුළුවන් උනාම ඇති🙌🏻
හැම තැනම ඉරිකෑලි ඇඳලා, හැඩතල දාලා, පාට පාටින් ඇඳලා ඔය shortnote එක හදන තරමට ඒක බලන්න හිතෙයි..
කොහොමත් shortnote එක මතම යැපෙන්න එපා..
ඒක ඔයාගෙ note එක නෙමේ🤓
Shortnote පාඩම් කරලා හරියන්නෑ
අනික short note එකක් ගහන්න මුලු පාඩමම ඉගෙනගෙන තියෙන්න ඕන... මුලු පාඩම ගැනම සරල අදහසක් තියෙන්න ඕන, 😍
පාඩම තේරෙන්නෙ නැතුව shortnote ගහන්න යන්න එපා
එහෙම උනොත් ඔයා theory note එකේ තියෙන එක එහෙම්මම කෙටි කරලා ලියයි😂
නංගි කෙනෙක් එවපු shortnote ටිකක් පහළින් දාන්නම්. ඒකෙන් දළ අදහසක් ගන්න😌😊
Copy කරන්න යන්න එපා..😁
ඒ නංගි short note එක හදල තියෙන විදිහ ඔයාට ගැළපෙනැති වෙන්න පුළුවන් නෙ🙊
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇






ඔන්න ඔහොමයි short note හදන්නෙ😁 ඔය ටික බැලුවහමයි සහ මම කියපු එව්වයි හොඳට තේරුන් අරගෙනයි ,,
ඔයාට shortnote එකක් හදාගන්න බැරිවුණොත් බැරිවෙන්නෙ ඔයාගෙ කම්මැලිකමයි ඔයාගෙ වුවමනාවක් නැතිකමයි නිසා තමා ඉතින් 😉
🎈කව්රුහරි short note එකක් ගහලා දෙනවානම් පට්ට ආතල් තමා🤭
ඒත ඔයාගෙ short note එක ඔයාටම ගහගන්න බැරිනම් ඔයා ඒලෙවල් ලියන එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න වෙයි😒
🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️
FAQ:
~ එතකොට හැම පාඩමකටම short note ගහන්න ඕනද?🤔
• නෑ🤷 ඔයාට පාඩමේ තියෙන සමීකරණ ටික සහ වැදගත් දේවල් ටික අමතකම වෙනවනම් විතරක් short note එකක් ගහන්න.. ඒවා මතකයිනම් ඉතින් බොරුවට short note ගහන්නෙ ඇයි 🙆
FAQ : එතකොට ඔයා හැමපාඩමකටම short note ගැහුවෙ නැද්ද? 🙄

Short Notes ගැන කියල ඉවරයි එහෙනම්😍👋👋
හොඳට වැඩ ටික කරන් යන්න එහෙනම්..
~ දිසාපාමොක් 🖤🥀
චැනල් එකේ දැනට කතා කරලා තියෙන වැදගත් දේවල් ටික ඔක්කොම botට දාලා තියෙන්නෙ.. ඒවා ඔක්කොම බලන්න....🤗
Article ටික වෙනම ලේසියෙන්ම හොයාගන්න පුළුවන්...🙌🏻
චැනල් එකේ link එකත් තියෙනව..🙌🏻
මාව contact කරගන්න විදිහත් තියෙනව👍🏻
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️