Sex and gender

Sex and gender

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

සාමාන්‍ය කරුණක් වුනත් බොහෝ දෙනෙක් නොදන්න සහ පටලවාගන ඉන්න දෙයක් ගැන තමයි මම මෙහිදී පැහැදිලි කිරීමක් කරන්න යන්නේ.

මුලින්ම අපි බලමු "sex" කියන සංකල්පය ගැන.
ජීව විද්‍යාත්මක වශයෙන් ලිංගිකත්වය වර්ග කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ. ඒ අනුව Male & Female කියලා ප්‍රධාන වර්ග දෙකකට sex වර්ග කරනවා. සිංහලෙන් පුරුෂ ලිංගික සහ ස්ත්‍රී ලිංගික ලෙස දක්වන්න පුලුවන්. ප්‍රජනන පද්ධතිය, හෝමෝන, වර්ණදේහ, වැනි සාධක තමයි Male & Female ලෙස Sex වර්ග වීමට හේතු වන්නේ.

සරළව කියනවා නම් කෙනෙක් මෙලොවට එන විට එයාට ජීව විද්‍යාත්මක ලෙස මොන ලිංගික පද්ධතියක්ද තිබෙන්නේ යන්න තමයි මෙහිදී සළකා බලන්නේ. ( ඉතාමත් විරළ ලෙස ලිංගික පද්ධති දෙකෙහිම ලක්ෂණ සහිතව දරුවෙක් බිහි වෙන්න පුලුවන්.)

මෙලෙස ජීවි විද්‍යාත්මක ලෙස පෙන්නුම් කරන ලක්ෂණද Primary sex characteristics & Secondary sex characteristics ලෙස වර්ග කරන්නත් පුලුවන්. ඒ කියන්නේ අදාළ ලිංගික ඛාණ්ඩයට අනුව උපතින්ම ගෙන එන ලක්ෂණ ( ශිෂ්ණය, ගර්භාෂය, වෘෂණ, වැනි දේවල්) primary sex characteristics ලෙසද, කෙනෙකු වර්ධනය වීමත් සමඟ වැඩිවියට පත්වීම ආශ්‍රිතව සිදුවන වෙනස්වීම් වීම්, secondary sex characteristics ලෙසද හඳුන්වනවා.

ඊළඟට අපි බලමු "Gender" සංකල්පය ගැන.
Gender කියන්නේ සමාජමය ඉගෙනුමක්. මෙය Man & Women ලෙස ප්‍රධාන වශයෙන් වර්ග කරනවා. සමාජයේ කටයුතු කරන ආකාරය, කතාකරන ආකාරය, ඇදුම් පැළඳුම්, වැනි දේවල් මීට පදනම් වෙනවා. ඒවා gender roles කියලා හඳුන්වනවා.
අපි කියන්නේ, කාන්තාවක් වුණාම මෙහෙම ඉන්න ඕන, පිරිමි වුණාම මෙහෙම ඉන්න ඕන, gender යටතේ වර්ග කිරීමේදී තමයි අන්න ඒ වගේ දේවල් කියන්නේ.
Gender කියන්නේ ඒ ඒ සංස්කෘතිය, සම්ප්‍රදායන්, සමාජ සම්මත, ප්‍රාදේශීය සාධක වැනි දේවල් gender තීරණය වීමේදී බලපානවා. Gender කියන්නේ සමාජමය ඉගෙනුමක් නිසා තමයි එක් එක් රටවල් වල කාන්තාවන් සහ පිරිමින් කරන කියන දේවල්, හැසිරීම්, එකිනෙකට වෙනස් වෙන්නේ.

Gender සංකල්පය සමඟ සම්බන්ධ වන තවත් සංකල්පයක් තමයි "gender identity" කියන්නේ.
පුද්ගලයකු මේ ලෝකයට යම් ලිංගික ඛාණ්ඩයක් යටතේ බිහිවෙලා, මේ ලෝකය තුළ තමන් මොන ආකාරයටද ජීවිත වන්නේ කියලා තමන්ට කැමති විදිහට තීරණය කරන එක තමයි මින් අදහස් වන්නේ. ඒ කියන්නේ තමන් කාන්තාවක් විදිහටද, පිරිමි කෙනෙක් විදිහටද, ගත කරන්නේ කියලා තමන්ට හැඟෙන අයුරින් තීරණය කරනවා.

ජීව විද්‍යාත්මක වශයෙන් තමන්ට ලැබී තිබෙන ලිංගික ඛාණ්ඩයට එකඟ වෙමින් ඊට අදාළව සමාජ ඉගැන්වීම්, ඒ කියන්නේ gender එක අනුව ජීවිතය ගතකරන අය තමයි ලොකයේ බහුතරයක් ඉන්නේ.
නමුත් තමන්ට ජීව විද්‍යාත්මක ලෙස ලැබෙන ලිංගික ඛාණ්ඩයට අනුව සහ ඊට අදාළව පවතින gender එක යටතේ ජීවිත වීමට අකමැති අයත් මේ ලෝකයට බිහි වෙනවා. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක ලෙස ලැබෙන ලිංගික ඛාණ්ඩය යටතේ ඊට අදාළව තිබෙන සමාජ ඉගැන්වීම් වලට මානසික වශයෙන් එකඟ නොවන අය. ඒ යටතේ තමයි transgender සහ transsexual අය එන්නේ.(ඒ ගැන මම ඊළග ලිපියෙන් කරුණු ගේන්නම්.)

මට මෙතනදී කියන්න අවශ්‍යම වුණු දෙය තමයි, කෙනෙකු ජීව විද්‍යාත්මක වශයෙන් මෙලොවට එන ලිංගික ඛාණ්ඩය ඒ කියන්නේ sex සහ සමාජමය වශයෙන් හැසිරෙන ආකාරය ඒ කියන්නේ gender කියන්නේ එකිනෙකට වෙනස් කාරණා 02ක්.

Avishka Sathsara Piyumal

Report Page