Secret Invasion ( 2023) TV S01

Secret Invasion ( 2023) TV S01

CineSubz.com

O/L ඉවර කරාට පස්සේ අරගෙන එන පළවෙනි උපසිරසිය විදියට අරගෙන එන්නේ අලුතෙන්ම Disney Plus වෙත රිලීස් වුණු series එක; Secret Invasion. මේක තමයි Marvel Studios/Disney Plus එකමුතුවෙන් රිලීස් කරන 9 වෙනි සීරීස් එක. පහුගිය දවස්වල ආපු ෆිල්ම්ස් සහ සීරීස් එක්ක ෆෑන්ස්ලා මාවල් ගැන තිබුණු විශ්වාසය සෑහෙන්න අඩු වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ගොඩක් අය නම් කියන්නේ Endgame එකට පස්සෙ ආපු ඒවා ගන්න දෙයක් නෑ කියන එක තමයි. WandaVision, Falcon and the Winter Soldier, Wakanda Forever, Loki, GOTG Vol. 3 ආදී හොඳ ෆිල්ම් සහ සීරීස් ගණනාවක්ම ආවත් ළඟදි එක පිට පිට ආව Thor Love and Thunder, Ms. Marvel, She-Hulk, Quantumania වගේ ඒවා මේ මතය ඇති කරන්න දායක වෙලා තියෙන බවයි පේන්නේ. ෆෑන්ස්ලට ඕන වෙලා තියෙනවා “serious Marvel”, එහෙමත් නැත්නම් ප්‍රොජෙක්ට් විහිළුවට ගන්නෙ නැති, චරිතවලට සාධාරණයක් කරන, ප්‍රේක්ෂකයාට ඇත්තම හැඟීමක් දනවන මාවල් චිත්‍රපටි සහ සීරීස්. මේක Marvel එකත් තේරුම්ගත්ත බව පහුගිය දවස්වල එයාල කරපු වෙනස්කම්වලින් තේරෙනවනේ. ඉතින් ඕන්න ඔය අතරේ තමයි Secret Invasion එන්නේ. පළවෙනි එපිසෝඩ් එක විතරක් රිලීස් වෙලා තිබුණට, ගොඩක් ෆෑන්ස්ලා “පරණ මාවල් ආපහු ඇවිත්” කියන මතයට ගේන්න මේක සමත් වෙලා තියෙනවා. ඒ මේකෙ තියෙන සීරියස් බව නිසා.

ඉතින් සෑහෙන්න දිග හැඳින්වීමකට පස්සේ 🥲, අපි සීරීස් එක ගැන බලමු. මේක වර්ග කරලා තියෙන්නේ Spy Thriller යටතේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මාවල් එකේ ලොකුවට දැකලා නැති දෙයක්. කතාව එපිසෝඩ් 6කින් සමන්විතයි. දැනට මේකට IMDb 7.6ක අගයක් ලැබිලා තියෙනවා. සීරීස් එක අධ්‍යක්ෂණය කරන්නේ Ali Selim විසින්. Samuel L. Jackson (නික් ෆියුරි), Ben Mendelsohn (ටේලෝස්), Cobie Smulders (මරියා හිල්), Emilia Clarke (ගායා), Kingsley Ben-Adir (ග්‍රැවික්) ආදී නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒවගේම මේ සීරීස් එක මාවල් එකට විශේෂයි. මොකද මේකේ තමයි පළවෙනි වතාවට මාවල් කතාවක් තුළ සම්පූර්ණයෙන්ම AI-generated title sequence එකක් දකින්න ලැබෙන්නේ.


ඉතින් මේක පාදක වෙලා තියෙන්නේ Marvel Comics වල Secret Invasion නමින්ම තියෙන කතා මාලාව යටතෙයි. මේකේ issues 8ක් තියෙනවා. ඒවගේම මේක crossover event එකක් නිසා අපට show එකෙත් හුරුපුරුදු මූණු ටිකක් බලාගන්න පුළුවන් වෙයි.

මේ සැරේ මම හැමදාම කරන විදියට කතාව පැහැදිලි කරන්නේ නෑ කියලා තීරණය කළා. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කතාවේ තියෙන්නේ issues 8ක් විතරක් වුණාට කතාව පැහැදිලි කරන්න ගියොත් ඒකට සෑහෙන්න වෙලාවක් වගේම ඉඩක් යනවා. අනිත් හේතුව තමයි මේක කොමික්වලට වඩා වෙනස්ම කතාවක් වීම. MCU එක කොමික්, ෆිල්ම් විදියට හදනකොට වෙනස්කම් කරන බව ප්‍රසිද්ධයිනේ. ඒක නිසා මේ ලිපියේ කොමික් එක පැහැදිලි කළා කියලා වැඩක් වෙයි කියලා මං හිතන්නේ නෑ. කොහොම නමුත්, බයිස්කෝප් මංසලේ මම කොමික් එක පැහැදිලි කරලා ලිපියක් පළ කරන්නම්. කොමික් එකේ සිද්ධ වෙන දේවල් දැනගන්න කැමතියි නම් ඒක බලන්න. 😁

කොහොම නමුත් කතාවේ ප්‍රධාන සංකල්පය දෙකේම එකයි; ස්ක්‍රල්වරු මිනිස් වෙස් අරන් මිනිස්සු අතරේ ගැවසිලා පෘථිවිය අල්ලගන්න ආක්‍රමණයක් සැලසුම් කරනවා. අපි හැමෝම දන්නවනේ ස්ක්‍රල්වරුන්ට ඕනම කෙනෙක්ගේ රූපය අරගන්න පුළුවන් බව. ඉතින් මේ කතාවේදී කාවද විශ්වාස කරන්නේ කියලා අපිට හිතාගන්න බෑ. ඕනම කෙනෙක් ස්ක්‍රල් කෙනෙක් වෙන්න පුළුවන්. ඒවගේම ඕනම කෙනෙක් ඇත්තම මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. මේක තමයි කතාවේ රසවත්ම කොටස. ඒක නිසා ඉස්සරහට plot twist සෑහෙන්න බලාගන්න පුළුවන් වෙයි. ස්ක්‍රල්වරුන් මිනිස්සුන්ගෙන් වෙන් කරගෙන, ස්ක්‍රල්වරුන්ගේ සැලසුම ව්‍යර්ථ කරන වැඩේ පැවරෙන්නේ නික් ෆියුරිටයි. මේ ෂෝ එක එයාගේ චරිතයේ අපි මෙතෙක් කල් නුදුටු පැති ගණනාවක්ම අනාවරණය කරාවි.

එහෙම නම්, කතාව රසවිඳින්නකෝ. 


Report Page