මොනවද මේ 'අයිස්' ? - ලංකාවම රත් කරපු අයිස් ගැන මේ තොරතුරු ඔබ දැනගෙන හිටියද ?

මොනවද මේ 'අයිස්' ? - ලංකාවම රත් කරපු අයිස් ගැන මේ තොරතුරු ඔබ දැනගෙන හිටියද ?

Nethuli

අයිස්... මේ වචනේ දකිද්දී ඔයාලට තේරුම් යනවා මේ කියන්නේ නිකන් ම අයිස් ගැන නෙවෙයි. අයිස් කියන මත්ද්‍රව්‍ය ගැන කියලා. ඔයාට ඒක ඒ විදියට දැනෙන්නේ පහුගිය දින කිහිපය පුරාවට ම හැමතැන ම පැතිරුන මාතෘකාව අයිස් නිසා.

ඉතින් මේ අයිස් ගැන විස්තරයකුයි සංහිඳ අපි අද ගෙනාවේ. අයිස් කියන්නේ මත්ද්‍රව්‍යක්. ඒක නිකන් ම මත්ද්‍රව්‍යක් නෙවෙයි උත්තේජක මත්ද්‍රව්‍යක්. අයිස් ආකාර කිහිපයකින් ම දකින්න පුළුවන්. ඒකෙන් ප්‍රධාන ම ආකාරය තමයි ස්ඵටික ආකාරයෙන් දකින්න ලැබීම.පළිඟුවක හැඩ ගන්නා කුට්ටියක් වගේ හැඩයකින් මේ මත්ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේ ම සුදු , දුඹුරු කුඩක් විදියටත් දකින්න පුළුවන්.

අයිස් භාවිතය වර්තමානයේ දී වේගයෙන් ප්‍රචලිත වන්නේ තරුණ පිරිස අතරයි. එයට අනාගතය භාර ගැනීමට සිටින කුඩා ළමුන්ව ද යොදාගෙන ඇති අයුරු බොහෝ සේ දකින්නට මෙන් ම අසන්නටත් ලැබෙනවා. මෙය දවසේ පැය 12 ක් පමණ වෙලාවක් රුධිරයේ පවතින නිසා දිගින් දිගට ම අවශ්‍ය ව ගතහොත් එයට ඇබ්බැහි වීමක් ඇති වෙනවා.

අයිස් පමණක් නොව අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ද සමාජයේ දී හඳුනා ගැනීමට අපට හැකි වෙනවා. ඒ ඔවුන් තුළ ඇති අසමාන ලක්ෂණ නිසා යි.

  • දැඩි ලෙස තරහ යාම.
  • අසාමාන්‍ය ලෙස දහදිය දැමීම.
  • ශරීරය අධික ලෙස වෙව්ලීම.
  • ඇස් යට ගිලී තිබීම.
  • අධික ලෙස එක් වර ම ශරීර ප්‍රමාණය කෙට්ටු වීම.
  • මුඛය වේලීම.
  • අයිස් නැති වුවහොත් ඒ ගැන මනස විකෘති වීම.
  • අයිස් භාවිත කරන්නන් වෙනදට වඩා කේන්ති ගැනීම.

අයිස් භාවිත කරන්නන්ට දැනෙන තාවකාලික සතුට නිසා ම එය වැඩි වැඩියෙන් ප්‍රචලිතව ඇති බව පෙනී යයි.ඒ නිසා ඔවුන්ට පහත දේවල් දැනේ.

  • සිරුර පාවෙන බවක්
  • තාවකාලික සතුටක්
  • සිතට දැනෙන සුවයක්
  • අධික කාය බලයක් 

තව ද ඔවුන්ගේ යටි සිත තුළ තැන්පත් ව ඇති වේදනකාරී මෙන් ම සතුටුදායක මතකයන් ඔවුන්ට මතක් වීමෙන් විවිධ වූ දර්ශන පෙනී යයි. එහි දී දැඩි කෝපයක් හෝ මානසික සතුටක් ඔවුන්ට ඇති වෙයි. දිගු කලක් නොව කෙටි කලක් හෝ අයිස් භාවිතයේ දී මතුවෙන ගැටලු රැසක් තිබේ.

ඉන් කිහිපයක් මා ඔබ වෙත ගෙනෙමි.

  • ශ්වන මාර්ගය ආශ්‍රිත අපහසුතා.
  • හෘදය සම්බන්ධ අපහසුතා.
  • සිරුරේ පටක විනාශය.
  • ආහාර අරුචිය.
  • වෙනදාට වඩා අයිස් භාවිත කළ යුතු වීම.
  • ශරීරය වෙව්ලීම.
  • දත් හා ඇටකටු දිරා යාම.
  • අවයව විකෘති වීම.
  • විශාදය ඇති වීම.
  • මානසික රෝග ඇති වීම.
  • දිවි නසා ගැනීමට සිතීම.

ඉතින් මේ පුද්ගලයන්ව අයිස් භාවිතයෙන් මුදවා ගන්න ඔවුන්ටත් වඩා ඔවුන්ගේ පවුල් වල පිරිස කැමැත්තක් දක්වනවා.

  • අයිස් භාවිත කළ කාලය ?
  • ඒ කාලය තුළ කොපමණ භාවිත කළේ ද ?
  • ඔහු කොතරම් ඇබ්බැහි වී ඇත් ද ?
  • අයිස් නොමැති ව කොපමණ කාලයක් ගත කළ හැකි ද ? 

වැනි කරුණු මඟින් එම පුද්ගලයාව ඉන් මුදවාගැනීමට ඇති හැකියාව එකිනෙකාට වෙනස් වෙනවා.

ලොව භයානක ම අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ මිල ගණන් ලෙස සඳහන් වන්නේ 1g ක් රුපියල් 10,000 ක් ලෙසිනි. රාත්‍රී සමාජ ශාලා, බීච් පාටි, හොටෙල් හා පාසල් අසළ මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන බව සඳහන් වෙනවා.

අයිස් භාවිතය , ළඟ තබා ගැනීම හෝ අලෙවිය කිරීම ඇප ලබා ගත නොහැකි වරදක් වන අතර වසර 12- 15 දක්වා සිරගත කළ හැකි අයුරේ වරදකි. ඇබ්බැහි වූවෙකුට ඉන් මිදීමට අවශ්‍ය නම් වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම සුදුසු යි. නොමැති නම් සිරුර විකෘති වී මිය යාමට සිදු වේ.

අයිස් මත්ද්‍රව්‍ය අද වන විට ජාත්‍යන්තර පාසල් පමණක් නොව රජයේ පාසල් මෙන් ම ටියුෂන් අසළ ද අලෙවි කරමින් සිටින්නේ තාරුණ්‍ය පරපුර මෙන් ම ළමා පරපුර ද ඒ සඳහා ඇද ගනිමින්. අතීතයේ මෙන් ටොෆි, චුයින්ගම්, අයිස් පැකට්, බීම බෝතල් තුළ නොව වත්මනේ දී පෑන්, පැන්සල් ලෙසින් ද මේ අයිස් ඔබ හමුවට පැමිණිය හැක. එනිසා ඔබ බුද්ධිමත්ව මනසින් සිතන්න. සිහියෙන් සිටින්න. බුද්ධිමත් දෙමව්පියන් ලෙසින් ඔබේ දරුවා ඉන් රැකීම කළ යුත්තේ ඔවුන්ට තේරෙන ලෙසින් එය පහදා දෙමිනි.

බුද්ධිමත් ලෙස ඔබ ද සිතන්න !

තාවකාලික ඉතා කුඩා සතුටක් විඳ විකෘතිකයෙන් ලෙසින් අකාලයේ ම මිය යනවා ද නැතිනම් අයිස් භාවිත නොකර හෝ භාවිතය නවතා තවත් කලක් සමාජයේ හොඳින් ජීවත් වනවා ද කියා.


© https://t.me/SanhindaLK

Report Page