Whatsapp status
#Society

අපි මුලින්ම කතා කරමු අපි හැමෝටම ළඟම දෙයක් වෙන whatsapp status ගැන. මොකද චැට් නොකලත් අපි status හරි බලනව යාලුවො සීයකගෙ විතර. මේක තමයි අපිට එකිනෙකා ගැන අවබෝධයක් ගන්න පුලුවන් හොඳම තැන. එහෙනං බහිමු වැඩේට.
whatsapp status සෙක්ශන් එක කියන්නෙ ඔයාගෙ whatsapp account එකේ ඔයාගෙ number එකට අයිති ඔයාගෙ දෙයක්. කොටින්ම කිව්වොත් මේ whatsapp status කියන්නෙ ඔයා ගැන හෝ ඔයාගෙ හැසිරීම් ගැන ලෝකයා දැකගන්න හොඳම විදිහක්. status දාන හැම එකක්ම දාන්නෙ ඔයාට ඕනෙ නිසා. ඔයාගෙ acc එක නිසා. ඒකට අනං මනං කියන්න කාටවත් බෑ. මොකද අපි අපේ acc එකෙන් වෙන අයට ඕනෙ දේවල් හෝ වෙන උන් ආස දේවල් දාන්නෙ අපි පිස්සො නෙවේනෙ නේ.
ගොඩක් අය හිතන් ඉන්නෙ එහෙමනෙ බං නේ. මං කියනව ඒක වැරදී. fb වගේ නෙවේ බං whatsapp. fb/telegram යාලුවො කියන්නෙ අපිට හම්බෙන්නෙවත් නැති කෙලින්ම විද්‍යුත් මාධය්‍යටම සිමා උනු අය. whatsapp කියන්නෙ උඹට නිතිපතා හම්බෙන කතා බහ කරන කොටින්ම උඹව දන්න අය ඉන්න තැනක්. ඉතින් උඹට ඕනි නං පුලුවන් වැදෙන එකෙක්ට වැදියන් කියල ඔනෙ status එකක් දාන්න. ඒ උනාට ඒ දාන status එක තව කාටද වදින්නෙ. ඒ status එක නිසා අනිත් උන් උඹ ගැන හිතන්නෙ මොනාද කියන එක ගැන උඹ හිතන්නෑ.
අමෝ අමෝ මොල , මෙන්න මේ අංගලවිකල ජීවිත වගේ දේවල් දැකල ඇතිනෙ status වල. සමහරවිට උඹත් දාල ඇති කාටහරි වදින්න හිතාගෙන. ඒ උනාට උඹ දන්නවද. උඹ ඒ දාන status එකෙන් උඹේ ළඟම කීපදෙනෙක්ගෙ හිත් උනත් රිදෙන්න පුලුවන්.
ඒව ඔක්කොක පැත්තක දාමුකො. අනික අපි මොකටද බං කාගෙවත් දේකට හිනා වෙන්නෙ. අපි මොකටද කාගෙවත් අඩු පාඩුවට කාගෙවත් වැරැද්දකට හිනා වෙන්නෙ.
උඹල කියයි අයියෝ ආතල් එකට බං. මීම්ස් බං මීම්ස් කියල. මේ මීම්ස් තමා අපේ මනුස්සකම බලු කරන්න හේතු වන ප්‍රධානම දේ.
ඇයි බං ඉතින් අපේ මනුස්සකම් මේ වගේ දෙයක් නිසා බලු කරන්නෙ. අපිට වැරදුනේ මෙතන. අපි හැමදෙයින්ම ආතල් ගත්ත. එකෙක්ට හිනා වෙලා ආතල් ගත්ත. එකෙක්ව නෝන්ඩි කරල ආතල් ගත්ත. එකෙක්ට වරදිනකං ඉඳල ආතල් ගත්ත. මෙන්න අපේ වැරැදි. whatsapp status කියන තැනින් අපි මේ ඔක්කොම ආතල් අරන් මනුස්සකම බලු කලා. අපේකම පජාත කලා.
දැන් මේ දවස් වල යන සීන් ටික බලමුකො. වැලි සීන් එක ගම්මු උදාහරණයක් විදිහට. කට්ටියක් විහිලු පෝස්ට් ශෙයාර් කරනව රැල්ලට වගේ වැලි මීම්ස්. උන් ඉතින් ආතල් එකට ශෙයාර් කරනව status වල.
ඔන්න ඕක දකිනව ඒ රැලි වලට යන්නැති හෙන නිදහස් චින්තකයො සෙට් එකක්. උන් ඉන්නෙ නිකං උන් තමා මොලේ තියෙන්නෙ. උන් තමා පරිණත ලයින් එකේ. උන් දානව status එකක් අර හැමෝටම වදින්න "අංගවිකල වැලි ජීවිත" කියල. උට ගානක් නෑ ඒකෙන් රිදෙන්නෙ කාටද කියල. උගෙ හොඳම යාලුවන්ට ඌව එපා වෙන්නැති. උට ගානක් නෑ.
හැබැයි පස්සෙ අරුන්ව මූණට හම්බුනාම ඌ එක්ක කතා කරන්න එකෙක් නෑ. මොකද ඉන්න තරමක් හැමෝටම කින්ඩි දාල නෝන්ඩි කරල කතා කරල අන්තිමට සැබෑ ලෝකෙදි උට යන එන මං නැති වෙනව.
මම අහන්නෙ මේකයි ඉතින්. කාව හරි චාටර් කරල දාන මීම් එකකින් හෝ පෝස්ට් එකකින් , මොකක්ද හම්බෙන සතුට. ඒක සතුටක් උනත් මහ තිරිසන් සතුටක්. උඹලම හිතපං කාට හරි උදව් කරල කාගෙන් හරි ස්තූතී කියල අහගත්තම හම්බෙන සතුට ඒ වගේ නෝන්ඩි කරල ගන්න පුලුවන්ද කියල.
ඒ නිසා මෙන්න අපේ වැරැද්ද. අපි පොඩ්ඩක් වෙනස් වෙමු. කාගෙවත් අඩුපාඩු ගනන් නොගෙන ඉමු. අනිත් අය දාන status එකට කැමති නැත්තං අපි එයාව මියුට් කරල දාමු. ආතල් ගන්න ඕනෙ තරන් විධි තියෙනව. අපි මේ කැත පුරුද්ද හිමීට අඩු කරගෙන අනිත් අයටත් කියල දෙමු. status එකක් උනත් දාන කොට පොඩ්ඩක් සැලකිල්ලෙන් දාමු. පොඩ්ඩ පොඩ්ඩ අපේ මේ තියෙන කැත ගති අයින් කරගමු. නිකංම අපිව එකමුතු වෙනව. හිතල බලන්න එක පාරක්.
හැමෝටම ජය වේවා !