SHORT NOTE - 60

SHORT NOTE - 60

2023 Chemistry Q & A (Charitha Dissanayake)
අකාබනික රසායනය - S ගොනුව

♻️ Inorganic - S ගොනුව ♻️


🧪පළමු කාණ්ඩය


🔺අන්තිමට පිරෙන ඉලෙක්ට්‍රොන s උපශක්ති මට්ටමකට පිරෙනවා නම් ඒවා s ගොනුවේ මූලද්‍රව්‍ය කියලා හදුන්වනවා


ඒ කියන්නෙ s¹ , s² වින්‍යාසයන්ගෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසන් වෙන මූලද්‍රව්‍යයි


S block elements


▫️මේවා අතරින් s¹ වින්‍යාසයෙන් අවසන් වෙනවා නම් ඒවා පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයි.


⭐️ ඒවා ක්ෂාර ලෝහ කියලා හදුන්වනවා


🔵 පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යවල අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නෙ එක ඉලෙක්ට්‍රෝනයක් හින්දා ඒක ඉවත් කරලා ධන අයන හදන්න වැඩි නැඹුරුවක් දක්වනවා.


ඒ නිසා මේවා විද්‍යුත් ධන මූලද්‍රව්‍ය කියලා හදුන්වනවා


🖌කාණ්ඩයක් දිගේ පහළට යද්දි ශක්ති මට්ටම් ගාණ වැඩිවෙන හින්දා පරමාණුක අරය වැඩි වෙනවා.


▪️ඒ නිසා න්‍යෂ්ටියේ ඉදලා අවසන් ශක්ති මට්ටමට තියෙන දුර වැඩි හින්දා න්‍යෂ්ටියෙන් දක්වන ආකර්ෂණය අඩු වෙලා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා.


▪️ඒ කියන්නෙ අයනීකරණ ශක්තිය අඩු වෙනවා.


▪️එහෙම ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ලේසි වෙන හින්දා කාණ්ඩයක් දිගේ පහළට ධන අයන සෑදීමේ හැකියාව ඉහළ යනවා.


▪️ඒ කියන්නෙ ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ යනවා


🟩 එහෙම කාණ්ඩ දිගේ පහළට යනකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව වැඩි වෙන හින්දා ඔක්සිකරණය වීමේ හැකියාව ඉහළ යනවා.


ඒ කියන්නෙ ඔක්සිහාරක ගුණය වැඩි වෙනවා.


☑️හැබැයි කාණ්ඩය දිගේ පහළට යද්දි ශක්ති මට්ටම් ගාණ වැඩි වෙන හින්දා කැටායනය විශාල වෙලා ලෝහක දැලිසේ ප්‍රබලතාව අඩුවෙනවා.


☢ඒ හින්දා කාණ්ඩය දිගේ පහළට යද්දි ද්‍රවාංක තාපාංක හා දෘඪතාවය අඩුවෙනවා.


සාරාංශය



✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️


🔹 Charitha Dissanayake

🔹 Chemistry Team



Thank you...


https://t.me/QnA2023CharithaDissanayake


Report Page