SHORT NOTE - 21

SHORT NOTE - 21

2023 Chemistry Q & A (Charitha Dissanayake)
සම්ප්‍රයුක්ත ව්‍යූහ

https://t.me/QnA2023CharithaDissanayake


♻️ සම්ප්‍රයුක්ත ව්‍යූහ ♻️


සම්ප්‍රයුක්ත ව්‍යූහ ගැන සාරාංශයක් බලමු.......☺️


    🔹 යම් අණුවක, බහු පරමාණුක අයනයක සම්ප්‍රයුක්ත ව්‍යුහ ඔක්කොම එකිනෙකට සමාන නම් ඒවා ශක්තියෙන් වගේම ස්ථායිතාවයෙනුත් සමානයි.


  🔘🔘අපි උදාහරණයක් විදියට ඕසෝන් සලකද්දී මේ ව්‍යුහ එකිනෙකට සමාන හින්දා ඒවා සම්ප්‍රයුක්ත මුහුමට දායක වෙන්නේ සමානව.


    🔳🔳 හැබැයි යම් අණුවක සම්ප්‍රයුක්ත ව්‍යූහ එකිනෙකට වෙනස් නම් ඒවගෙන් ශක්තිය අඩු ස්ථායීතාව වැඩි ව්‍යුහය සම්ප්‍රයුක්ත මුහුමට වැඩිපුර දායක වෙනවා.


   🟢එතකොට කොහොමද මේ ශක්තියයි, ස්ථායීතාවයයි ගැන අදුර ගන්නේ??? 🤔


  එක් එක් පරමාණුව මත විධිමත් ආරෝපණය ශුන්‍ය හරි ශුන්‍යට ආසන්න වෙන ව්‍යුහ ➡️ ශක්තියෙන් අඩුයි. ස්ථායීතාවයෙන් වැඩිය.


 🖌 සම්ප්‍රයුක්ත මුහුම තමා සත්‍ය ව්‍යුහය විදියට සලකන්නේ.

ඒ සම්ප්‍රයුක්ත මුහුම ශක්තියෙන් අඩු ස්ථායීතාවයෙන් ඉහළ හින්දා.


🔹 සම්ප්‍රයුක්ත මුහුමයි සම්ප්‍රයුක්ත ව්‍යූහයයි අතර ශක්ති වෙනසට කියන්නේ සම්ප්‍රයුක්ත ශක්තිය කියල.


   අපි කොහොමද වඩාත් ස්ථායි ව්‍යුහය හදුන ගන්නේ.????


   🟥 පරමාණු මත විධිමත් ආරෝපණය අවම වෙන්න ඕන.ඒ කියන්නේ සහසංයුජ බන්ධන වැඩි ගණනක් තියෙද්දී 2 ශක්ති මට්ටමේ මූලද්‍රව්‍යයක් නම් පරමාණුවල අෂ්ඨකය නියමය තෘප්ත වන ව්‍යුහය ස්ථායීතාවයෙන් වැඩියි.


  🟧 එක ළග තියෙන පරමාණු මත සමාන ආරෝපණය තියෙනවා නම් ස්ථායීතාවයෙන් අඩුයි.


  🟨 යාබද පරමාණු මත ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙද්දී විද්‍යුත් සෘණතාවයෙන් වැඩි පරමාණුව මත (-)ආරෝපණය, විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණුව මත (+) ආරෝපණය තියෙන්න ඕන.


 🟩 O,F වගේ විද්‍යුත් සෘණතාවය වැඩි පරමාණු මත (+) ආරෝපණ තියෙද්දී අස්ථායි.


අපි දැන් බලමු සම්ප්‍රයුක්ත මුහුම ගොඩනඟද්දී සැලකිලිමත් වෙන්න ඕන මොන වගේ කරුණු ගැන ද ?? කියලා.


  🩷 සම්ප්‍රයුක්ත ව්‍යුහ වල තියෙන පරමාණුක සැකිල්ලම තමා සම්ප්‍රයුක්ත මුහුමෙත් තියෙන්නේ.


  ❤️ සම්ප්‍රයුක්ත ව්‍යුහය ඔක්කොගෙම තියෙන බන්ධන නම් ඒවා සම්ප්‍රයුක්ත මුහුමෙත් නිරූපණය කරනවා.


 🧡 හැබැයි සමහර සම්ප්‍රයුක්ත ව්‍යුහ වල විතරක් තියෙන බන්ධන කඩ ඉරි වලින් තමා නිරූපණය කරන්නේ.


 💛 අපි සම්ප්‍රයුක්ත මුහුම දක්වන්නේ සියලු සම්ප්‍රයුක්ත ව්‍යුහ වල තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල විතරයි.


 💚 සමහර සම්ප්‍රයුක්ත ව්‍යුහ වල විතරක් තියන එකසර ඉලෙක්ට්‍රෝන යුගල සම්ප්‍රයුක්ත මුහුම නිරූපණය කරන්නේ නෑ.


 🩵 ඒ වගේම සම්ප්‍රයුක්ත මුහුම නිර්මාණය කරද්දී සියලුම සම්ප්‍රයුක්ත ව්‍යුහ වල තියෙන ස්ථිර ආරෝපණ සම්ප්‍රයුක්ත මුහුමෙදි අදාල පරමාණුව මත දක්වන්න ඕන.


 💙 සමහර සම්ප්‍රයුක්ත ව්‍යුහය වල විතරක් තියෙන ආරෝපණවල එකතුව සම්ප්‍රයුක්ත ව්‍යුහ ගනෙන් බෙදලා පරමාණුව මත දක්වන්න ඕන.




✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️


🔹 Charitha Dissanayake

🔹 Chemistry Team


Thank you...

Report Page