SHORT NOTE - 19

SHORT NOTE - 19

Q&A short notes

⭕️

Short Note - 19


♻️ අන්තර් අණුක ආකර්ෂණ බල ♻️


🔅PART - 3

🔅



4️⃣ අයන-ද්විධ්‍රැව


◼️අයනික සංයෝගයක් ජලයේ දියවෙද්දී අයනික සංයෝගයක් ධන හා ඍණ අයන ජල අණුවල ධ්‍රැවීය අන්ත සමඟ ආකර්ෂණ බල ඇති කරගන්නවා. ඒ බල වර්ගය මෙලෙස හදුන්වනවා


🔅මේ බල වර්ගය බොහෝවිට හයිඩ්‍රජන් බන්ධනවලට වඩා ප්‍රබලයි


මේ බලවල ප්‍රබලතාවයට බලපාන සාධක 3යි🙃

     🔹 ද්විධ්‍රැවයේ ප්‍රබලතාවය

     🔹අයනයේ ආරෝපණය

     🔹අයනයේ අරය


▫️ ද්විධ්‍රැවයේ ප්‍රබලතාව

    ධ්‍රැවීය අණුවේ ධ්‍රැවීකරණය ප්‍රබල වෙද්දි අයන සමඟ ඇති කරගන්නා ආකර්ෂණ බල ප්‍රබලතාව වැඩි වෙනවා


▫️ අයනයේ අරෝපණය

    අයනයේ අරෝපණය වැඩිවෙද්දි ඒකෙ ආරෝපණ ඝනත්වය වැඩිවන නිසා බල ප්‍රබලතාවය ඉහළ යනවා


▫️ අයනයේ අරය

     අයනයේ අරය විශාල වෙද්දි ආරෝපණ ඝනත්වය අඩුවන නිසා බල ප්‍රබලතාවය අඩු වෙනවා.


5️⃣ අයන-ප්‍රේරිත ද්විධ්‍රැව


◼️අයනයක් නිර්ධ්‍රැවීය අණුවක ප්‍රේරිත ධ්‍රැවයක් සමඟ ඇති කරගන්නා ආකර්ෂණ බල වේ.


මෙම බල ප්‍රබලතාවයට බලපාන සාධකද 3කි.

     

     🔹 ප්‍රේරිත ද්විධ්‍රැවයේ ප්‍රබලතාවය

     🔹අයනයේ ආරෝපණය

     🔹අයනයේ අරය


මෙම සාධකවල හැසිරීමද ඉහත ආකාරයටම වේ.


✳️මෙම බල වර්ගය සදහා උදහරණයක් පහත දැක්විය හැකියි.


▫️අයඩින් (I2) ජලයේ දියවීම අසාර්ථකයි.

▫️එනිසා පළමුව KI වැනි සංයෝගයක් දිය කර I- ද්‍රාවණයක් සාදාගනියි.

▫️එවිට නිර්ධ්‍රැවීය I2 I- සමඟ ආකර්ෂණ බල ඇති කරගනියි.



✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️


🔹 Charitha Dissanayake

🔹 Chemistry Team



Thank you...
❣



https://t.me/CDshortnotes

Report Page