SHORT NOTE - 108

SHORT NOTE - 108

2023 Chemistry Q & A (Charitha Dissanayake)

♻️ කාණ්ඩ විශ්ලේෂණය ♻️


කාණ්ඩ විශ්ලේෂණය


🔸 කාණ්ඩ විශ්ලේෂණයේදි කැටායන විවිධ තත්ත්ව යටතේ ක්ලෝරයිඩ, හයිඩ්‍රොක්සයිඩ හා කාබනේට විදිහට අවක්ෂේප කර ගන්නවා.


🔸 අවක්ෂේප වුණ තත්ත්ව වගේම අවක්ෂේපයේ පාටින් කැටායනය හඳුනා ගන්න පුළුවන්.


✔️ මේකෙදි ඉස්සෙල්ලම කැටායන මිශ්‍රණයට තනුක HCl යොදන්න ඕනෑ.


▪️ එතකොට AgCl , PbCl2 , Hg2Cl2 අවක්ෂේප වෙනවා.


🤍 මේවා සුදු පාට අවක්ෂේප


🔴 අපි මේකෙදි සාන්ද්‍ර HCl වැඩිපුර දැම්මොත් AgCl , PbCl2 දිය වෙනවා.


PbCl2(s) + HCl(aq) ➡️ [ PbCl4 ] 2–(aq)


AgCl (s) + HCl(aq) ➡️ [ AgCl2 ] 2–(aq)


😁 ඒ තමා 1 කාණ්ඩය


♦️ දැන් බලමු 2 කාණ්ඩය


✔️ අපි පලවෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන් කර ගත්තට පස්සේ ලැබෙන පෙරනයට H2S දානවා.


🟠 2 කාණ්ඩයේදි අවක්ෂේප වෙන්නේ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රනයකදී අවක්ෂේප වෙන කැටායන විතරයි.


🔘 ඒ කියන්නේ කුඩා Ksp අගයක් තියන සල්ෆයිඩ 😉


▪️ Ag2S කුඩා Ksp අගයක් තියන අවක්ෂේපයක්


▪️ හැබැයි 2 කාණ්ඩයේ දි Ag2S අවක්ෂේප වෙන්නේ නෑ.


▪️ ඒ 1 කාණ්ඩයේදි AgCl අවක්ෂේප වුණාම පෙරනයේ අඩු Ag+ සාන්ද්‍රනයක් තියන හින්දා


▪️ 2 කාණ්ඩයේදි PbS2 අවක්ෂේප වෙනවා.


🔸 ඒ 2 කාණ්ඩය.දැන් බලමු 3 වෙනි කාණ්ඩය


🟡 2 වෙනි කාණ්ඩයේ අවක්ෂේප පෙරලා වෙන් කරලා ගත්ත පෙරණය,


🔹 ඉස්සෙල්ලම නටවන්න ඕනේ


 ඒකෙන් ද්‍රාවණයේ තියෙන S 2– අයන H2S විදිහට අයින් කරන්න පුළුවන්.


🔹 ඊළගට HNO3 දාල නටවන්න ඕනේ


 මේකෙන් Fe 2+ අයන Fe 3+ බවට ඔක්සිකරණය කර ගන්න පුළුවන්.


එහෙම නැති වුණොත් Fe 2+ අවස්ථා කීපයකදි අවක්ෂේප වෙන්න පුළුවන්.


🔹 අන්තිමට NH4Cl හා NH4OH ද්‍රාවණයක් දාන්න ඕන.


මේකෙන් අඩු Ksp අගයක් තියන අඩු [OH–] අවක්ෂේප වෙන හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කර ගන්න පුළුවන්.


ඒ හින්දා තමා දුබල භෂ්මයක් දාන්නේ


🟢 ඊට පස්සේ අපි බලමු 4 වෙනි කාණ්ඩය ගැන


✔️ මේකෙදි 3 වෙනි පෙරණයට H2S යොදනවා.


▪️ මේ වෙලාවෙදි මාධ්‍යය භාෂ්මිකයි. මාධ්‍යයේ ඉහළ [S 2– ] සාන්ද්‍රණයක් තියනවා.


▪️ ඒ හින්දා 3 වෙනි කාණ්ඩයේ දි අවක්ෂේප වුණේ නැති සල්ෆයිඩ් 4 වෙනි කාණ්ඩයේ දි අවක්ෂේප වෙනවා.


✔️ 4 වෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන් කරල ගන්න පෙරණය,


🔹 ඉස්සෙල්ලම නටවන්න ඕනේ


🔹 ඊට පස්සේ NH4Cl හා NH4OH යොදල මාධ්‍යය භාෂ්මික කරල (NH4)2CO3 දාන්න ඕන.


ඒ තමා 5 වෙනි කාණ්ඩය.😁



✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️


🔹 Charitha Dissanayake

🔹 Chemistry Team



Thank you...


https://t.me/QnA2023CharithaDissanayake

Report Page