SHORT NOTE - 02
Q&A short notes⭕️
Short Note No - 02
♻️ පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය ♻️
🔹 පරමාණුක ක්‍රමාංකය අපිට ප්‍රෝටෝන ගණන හෝ ඉලෙක්ට්‍රෝන ගණන කියලා මතක තියාගන්න පුළුවන් ☺️
හැබැයි පරමාණුක ක්‍රමාංකය කියන්නේ න්‍යෂ්ටික ආරෝපණය එහෙමත් නැත්නම් ප්‍රෝටෝන ගණන කියලා මතක තියාගන්න එක තමා ගොඩක් හොද.
📚 සමස්ථානික කියන්නේ මොනවාද කියලා බලමු.
🟥 එකිනෙකට වෙනස් ස්කන්ධ සහිත එකම මූලද්‍රව්‍ය පරමාණු.
J.J. තොම්සන් හා F.W.ඇස්ටන් තමා සමස්ථානික හොයා ගත්තේ.
🔻 සමස්ථානිකවල තියන ප්‍රෝටෝන ගණන සමානයි නම් කොහොමද ස්කන්ධය වෙනස් වෙන්නේ?
🤔 ඒ නියුට්‍රෝන ගණන වෙනස් වෙලා.
⭕ සමස්ථානික වල භෞතික ගුණ වෙනස්. ඒ වුණාට රසායනික ගුණ සමානයි.
🔸 ස්කන්ධය අඩු සමස්ථානික ස්ථායි
🔸 අස්ථායි සමස්ථානික වලට කියන්නේ විකිරණශීලී සමස්ථානික කියලා.
🔆 ස්කන්ධ ක්‍රමාංකය=
ප්‍රෝටෝන ගණන + නියුට්‍රෝන ගණන
මූලද්‍රව්‍ය පරමාණුවක් නිරූපණයේදී වම් පැත්තේ උඩින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය වම් පැත්තේ පහළින් තමා පරමාණුක ක්‍රමාංකය ලියන්නේ 😁
✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
Thank you...