SHORT NOTE - 01

SHORT NOTE - 01

Q&A short notes
විකිරණශීලීතාවය

Short Note No - 01


♻️ විකිරණශීලීතාවය ♻️


🛑 විකිරණශීලීතාවය හොයාගත්තෙ "හෙන්රි බෙකරල්"...


🔆 විකිරණ කියලා කියන්නේ වායුන් අයනීකරණය කරන්න පුලුවන් සහ ද්‍රව්‍ය විනිවිද යාමේ හැකියාවෙන් යුක්ත කිරණවලට..


ඒ වගේ විකිරණ වර්ග තුනක් තියෙන්වා. ඒවා තමයි


           1) ඇල්ෆා

          2) බීටා

          3) ගැමා


ඇල්ෆා ගැන පොඩ්ඩක් කතා කරමු


ඇල්ෆා කියලා කියන්නෙ He න්‍යෂ්ටියකටයි.. ඒ නිසා ඇල්ෆා කිරණ ධන(+) ආරෝපිතයි කියල සලකන්නෙ..


❗මේ කිරණ වර්ගයෙ අයනීකරණය ගැනයි විනිවිද යෑමේ හැකියාව ගැන බලද්දි මෙහෙම මතක තියාගත්තොත් ලේසි වෙයි 😌


ඇල්ෆා කිව්වම අලි සයි‍ස් කියලා මතක තියාගන්න..🤓 එතකොට අලි සයිස් හින්දා වායුවක ගැටුනම ඉලෙක්ට්‍රෝන ගැලවිලා ලේසියෙන් අයනීකරණය වෙනවා.. ඒ කියන්නෙ අයනීකරණය වීමේ හැකියාව ඉතා ඉහලයි.. ඒ වගේම ද්‍රව්‍ය විනිවිද යෑමේ හැකියාව දුර්වලයි 😓


⭕ ඊලග වර්ගෙ බීටා


බීටා කිරණ කියලා කියන්නෙ ඉලෙක්ට්‍රෝනයි.. ඒ නිසා මේ කිරණ ඍණ ආරෝපිතයි (-).


බීටා කිරණ කියන්නෙ ඉලෙක්ට්‍රෝන නිසා වායු අයනීකරණය කිරීමේ හැකියාවෙන් ඇල්ෆා කිරණවලට වඩා දුර්වලයි 😓


නමුත් පොඩි සයිස් නිසා (🤪) ද්‍රව්‍ය විනිවිද යෑමේ හැකියාවෙන් ඇල්ෆාට වඩා ප්‍රභලයි 😏


⭕ අනිත් කිරණ වර්ගය ගැමා කිරණ


ගැමා කියන්නෙ විද්‍යුත් චුම්භක තරංග වර්ගයක්. ඒ නිසා මේ කිරණ ආලෝකයේ වේගයෙන් තමයි ගමන් කරන්නෙ... ඒ කියන්නෙ 3 × 10^8 ms^-1


අනිත් වර්ග දෙකටම ආරෝපණයක් තිබුනට ගැමා අනාරෝපිතයි😛


❗විද්‍යුත් චුම්භක තරංගයක් හින්දා විනිවිද යෑමේ හැකියාවෙන් ගොඩක් ඉහළයි😌 නමුත් ස්කන්ධය කුඩා නිසා වායු අයනීකරණය කිරීමේ හැකියාවෙන් දුර්වලයි 😓


❌ මේ කිරණ විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍රවලදි හැසිරෙන විදිහ චුට්ටක් බලමු😁


♨️විද්‍යුත් ක්ෂේත්‍ර


🔸 ඇල්ෆා ධන ආරෝපිත නිසා ඍණ අග්‍රයට තමයි ආකර්ශනය වෙන්නෙ..


🔸 බීටා ඍණ නිසා ධන අග්‍රයට ආකර්ශනය වෙනවා


🔸ගැමා අනාරෝපිත නිසා අපගමනයක් නෑ.🙉


♨️ චුම්භක ක්ෂේත්‍ර


🔹 ඇල්ෆා සහ බීටා චුම්භක ක්ෂේත්‍රයේ දිශාවට ලම්භක දිශාවට තමයි අපගමනය වෙන්නෙ..


නමුත් ඇල්ෆායි බීටායි ප්‍රතිවිරුද්ධ ආරෝපණ නිසා අපගමනය වෙන්නෙත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලම්භක දිශාවලට😌


🔹 ගැමා අනාරෝපිත නිසා මේකෙදිත් අපගමනයක් නැහැ..🙉



✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️


🔹 Charitha Dissanayake

🔹 Chemistry Team



Thank you...



https://t.me/CDshortnotes

Report Page