Resolution & Rip Formats ගැන සරලව දැනගනිමු.

Resolution & Rip Formats ගැන සරලව දැනගනිමු.

@CloudUpdateslk

අපි Film එකක් Tv series එකක් download කරන්ඩ යද්දි ගොඩක්ම බලන්නෙ Resolution එක සහ Rip එක..ඒ අනුව Resolution එක සහ Rip එක පහත ආකාරයට අඩු එකේ සිට වැඩි එක දක්වා පෙළගැස්විය හැක.

Resolution එක නම් :

480p 

720p 

1080p 

2160p 


Rip Format එක නම් :

CAMRip 

HDTS 

HDTC 

DVDScr 

DVDRip 

HDTV 

WEB-DL 

WEBRip 

BRRip

මේ පිලිවෙලට තමයි Quality එක අනුව එක එකක් Formats සාමාන්‍යයෙන් නිකුත් වෙන්නෙ.දැන් එම එක එකක් Rip Format ගැන වෙන වෙනම හැදිනගනිමු..


CAMRip 

මේවා සිනමාහලේදී සාමාන්‍ය වීඩියෝ කැම්කෝඩර් එකකින් වීඩියෝ කරන්නේ. ශබ්ධ පටිගත කරනුයේ කැමරාවේ ඇති මයික්‍රෆෝනයෙනි. බාහිර ශබ්ධ සහ රූප පටිගත වේ. එම නිසා සිනමා ශාලාවේ සිටින මිනුසුන්ගේ හඩ සහ සෙවනැලි පටිගත වේ. කැමරාවේ ඇති ස්වයංක්‍රීය ආලෝක පාළන (auto exposure) විධික්‍රම වල ඇති පමාවන් නිසා සමහර රූපරාමු පැහැදිලිව නොපෙනීමට පුලුවන්. නොගැලපෙන බාහිර උපසිරස ගොනු භාවිතා කරනවානම් නැවත sync කිරීම අපහසුයි. එකම වාසිය නම් චිත්‍රපට නිකුත් වූ වහාම camrip එකද නිකුත් වීමයි.

Quality Suggestion : යන්තම් නැරඹිය හැකිය.


HDTS

HDTS එහෙම නැත්තම් High Definition Tele Sync කියන්නෙ උඩ අපි කතා කරපු CamRip එකේම තරමක Upgraded Version එකක් කිව්වොත් නිවැරදියි. ඒකියන්නෙ හොඳ Stabilized Professional කැමරා එකක් යොදාගෙන තමයි මේක Capture කරන්නෙ. මේකේ Audio එක ගන්නෙ කෙලින්ම External mic එකක් ආධාරයෙන් නම් නෙවෙයි. Directly Jack එකක් මාර්ගයෙන් තමයි Camera එකට සම්බන්ධ වෙන්නෙ, ඒක නිසාම Audio එකේ ගුණාත්මක භාවය ඉතා ඉහලයි. ඒක කොහොමද වෙන්නෙ කියල පැහැදිලි කරොත් විදේශීය රටවල ඇසීම අඩු අයට තමන්ගෙ Headphone එකක් සම්බන්ධකරගන්න තැනක් තියෙනවා ඒ මාර්ගයෙන් තමයි Audio Input එක ගන්නෙ. CamRip එකට වඩා තරමක් හොඳ උනත් සෑහීමකට පත්වෙන්න නම් බෑ. නමුත් අර ඉස්සෙල්ල කිව්ව වගේම කාටත් කලින් Film එක බලන්න ඕනනම් මේක තමයි CamRip එකට වඩා හොඳ.

Quality Suggestion : නැරඹිය හැකි.


HDTC

HDTC ගැන දැනගන්න කලින් අපි බලමු මොකක්ද මේ Telecine එහෙම නැත්තම් TK කියන්නෙ මොකක්ද කියල. Telecine කියන්නෙ සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන Reels ඩිජිටල් පිටපත් ඒ කියන්නෙ Video බවට පත් කරන ක්‍රමයක්.

ඉතින් HDTC කියන්නෙ High Definition TeleCine කියන එකට. Video quality එකයි Audio එකෙයි Quality එක ගොඩක් දුරට හොඳයි. නමුත් මේ කාර්ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත් නිසා බොහෝ අවස්ථා වල දැකගන්න බෑ මේ HDTC පිටපත්.

Quality Suggestion : නැරඹිය හැකි.


DVDScr

DVDScr එහෙම නැත්තම් DVD Screener කියන්නෙ චිත්‍රපටයක් නිකුත් වෙන්න කලින් Government officials ලට එහෙමත් නැත්තම් Awarding programs වල ජූරියට Check කරන්න යවන පිටපත්. ගොඩක් වෙලාවට මෙතන Government officials ලා Final release එකට කලින් Adults contents, Disturbing contents check කරලා ඉවත් කරන්න ඕන දේවල් ඉවත් කරන එක තමයි කරන්නෙ. DVD Copy එකට සමාන උනත් මේක Personal usage එකට දෙන පිටපතක් නිසා ගොඩක් වෙලාවට Watermarks, logos වගේ දේවල් චිත්‍රපටය පුරාම දකින්න පුලුවන්.

Quality Suggestion : හොඳයි 


DVDRip

ජනප්‍රියම පිටපත් ක්‍රමය කිව්වොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළදී ගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් තමයි මේ පිටපත් නිර්මාණය වෙන්නෙ. Audio & VIdeo ගුණාත්මක භාවය ඉහලයි. ඒකට හේතුව තමයි මේකට භාවිත කරන්නෙ Xvid codec එක (DivX) සහ Audio එකට Mp3/AC3 Codec භාවිතා වෙන එක.DVDRip එකක Output එක එන්නෙ ගොඩක් වෙලාවට AVI format එකෙන්. නමුත් සමහර වෙලාවට DVDRip සාධනීය මට්ටමට නෑ. ඒකට හේතුව ගොඩක් වෙලාවට DVDRip එකේ Quality එක Uploader මත Depend වෙනවා. කෙටියෙන් කිව්වොත් Uploader ගෙන් Uploader කෙනෙක්ට Quality එක වෙනස් වෙන්න පුලුවන්. මේකේ ප්‍රධාන අවාසියක් තමයි මේ පිටපත එන්න ගොඩක් කාලයක් වැය වෙන එක.

Quality Suggestion : හොඳයි 


HDTV

Streaming Service වලින් (Netflix,Hulu) TV Channels(HBO) වලින් පිටපත් කරගන්න පිටපත් තමයි HDTV කියන්නෙ. HDTV හා WEBRip බොහෝ සෙයින් සමානයි. ඒත් TV එකෙන් පිටපත් කරන සමහර පිටපත් වල 18+ එහෙම නැත්තම් Adults only scenes නම් දකින්න ලැබෙන්නෙ නෑ. නමුත් Streaming services වලින් ගත්තම නම් ඒක වෙනස්. HDTV අපිට 720p/1080p යන Resolution දෙවර්ගෙන්ම ලබාගන්න පුලුවන්. මේකත් WEBRip වගේ බහුලව Download කරන පිටපතක්.

Quality Suggestion : විශිෂ්ටයි


WEB-DL

Online Movie/Video Distribution site එකකින් Download කරගතපු පිටපත් ( WEB Downloaded = WEB - DL) තමයි මේ. මේකේ අනිත් පිටපත් වගේ Re-Encode කිරීමක් වෙන්නෙ නෑ. Video (H.264) සහ Audio (AC3/AAC) එක ගොඩක් වෙලාවට Extract කරගන්නෙ Itunes files වලින්. ඊට පස්සෙ ඒක MKV File එකක් විදියට Convert කරනවා Quality loss එකක් වෙන්නෙ නැතුව. මෙ පිටපත් වල තියෙන විශේෂත්වෙ තමයි කිසිම විදියක Watermark එකක්, Logo එකක් නෑ. BluRay පිටපත් එක්ක මේකේ වෙනසක් හොයන්න අමාරුයි. මේක තමයි එකම පිටපත කිසිම විදියක Promotional material එකක් අඩංගු නැති. ඒ නිසාම මේක අනිත් පිටපත් අතරේ එකම Untouched පිටපත කිව්වොත් වැරදි නෑ.

Quality Suggestion : අති විශිෂ්ටයි


WEBRip

මේක තමයි අන්තර්ජාලයෙ බහුලව දකින්න ලැබෙන සහ බහුලව Download කරන පිටපත. මේවා පිටපත් කරන්නෙ Netflix, Hulu වගේ Streaming services වලින්. ගුණාත්මක බව ඉතා ඉහලයි. වෙනත් පිටපත් වලට වඩා ගොඩක් ජනප්‍රියයි. 720p/1080p යන දෙකෙන්ම පිටපත් ලබාගන්න පුලුවන්. කොතනක හරි WEBRip එකක් Trusted & Legit Uploader කෙනෙක් Upload කරල තිබ්බොත් ආපහු හිත හිත ඉන්න දෙයක් නෑ කෙලින්ම Download කරගන්න.

Quality Suggestion : අති විශිෂ්ටයි


BRRip

BluRay Rip එහෙමත් නැත්තම් BDRip පිටපත් එන්නෙ චිත්‍රපටයක් අවසානයේ නිකුත් වන BluRay පිටපත් වලින්. 20GB BluRay තැටියකින් Quality එකට හානි වෙන්නෙ නැති වෙන්න 1GB ප්‍රමාණයක් වෙනකම් Rip කරගන්න පුලුවන්. ඉහල ගුණාත්මක භාවයකින් යුක්තයි. මේ පිටපත් වර්ගය ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි DVD players, PlayStations, Xbox වගේ Devices වලට කිසිම අවුලක් නැතිව Support කරන එක. මේ පිටපත් එන්නෙ .mkv නැමැති Format එකෙන්. BRRip එක DVDRip වල Upgraded Version එකක් කියල කියන්න පුලුවන්. මේකේ තියෙන එකම අවාසිය තමයි Resolution එක වැඩි වෙන්න වැඩිවෙන්න File size එකත් ලොකු ප්‍රමාණෙකින් වැඩි වෙන එක.

Quality Suggestion : අති විශිෂ්ටයි


Credits :

techulk.com - shrvan das

androidwedakarayo.com - Tharidu jayasanka


Excerpted and edited by , @CloudUpdateslk



Report Page