Rain & Pain

Rain & Pain

Majesty 🌼🦁
🖤🖤🖤

#Short_Story


උදේ ම වහින්න පටන් ගත්ත ම මට නං මුලු දවස ම හෙන මූසලයි.


වතුර බැහැල යන්නැති තැන් වල බෝට්ටු පදින්නත් පුලුවන් වෙන සයිස් එකට වතුර පිරිලා තියෙද්දී, කොච්චර පරිස්සමින් අඩිය තිබ්බත් සපත්තුව ඇතුලට වතුර ගිහින් හෙන අප්පිරිය විදියට මේස් දෙකත් තෙමිලා තියෙද්දී,


ඇයි ඒ මදිවට

කුලප්පු වෙච්ච මීහරක් වගේ වාහන යනකොට ඒවයින් මඩ පාරවල් ඇදුමට ඉහෙද්දී ඒ දැනෙන සතුට. සා වාව් මට වචන මදි ඒක විස්තර කරන්න.


වැස්ස හොදයි බෙඩ්ශීට් එකත් ඔතාගෙන, ජනේලෙන් එලිය බලං, හීතල හුලගත් එක්ක ඒ එන හිරිපොද වලට තෙමි තෙමී, තේ එකක් බොන වෙලාවට නං.


මං මේ ගබඩ වීදියෙන් බැහැලා ඉස්කෝලෙට යනගමං. දැන් මං ඉන්නෙ හුණු කොටුව හන්දිය ගාව. බෝ ගහේ අලුතෙන් දලු දාලා මාරම ලස්සනයි


ම්ම්ම් දැං කීයට විතර ඇති ද ? මං හිතන්නෙ දැන් හතට කිට්ටු ඇති.


ඊයෙ දවස් ගානකට පස්සෙ King of Mafia වල update එකක් දීලා තිබ්බා. අරුන් ටික ඒක කියෙව්ව ද දන්නෑ.


කොහෙද ඉතිං අහන්න විදියකුත් නෑ නේ. උන් තුන් දෙනා මගෙ ඉස්සරහින් මගෙ කුඩේ ඇතුලෙ ගුලි වෙලා යනවා.


ඔව්, ඒ තනි කලු පාට ලොකු කුඩේ මගේ.


උන්ගෙන් එකෙක් විතරයි කුඩයක් ගෙනත් තිබ්බේ. අනිත් උන් ඉතිං ඕපපාතික ඈයො නේ.


තුන් දෙනා ම බස් හෝල්ට් එක ගවදී ඒ චූටි කුඩේ අස්සට රිංගලා යන්තං ඔලුව විතරක් බේර ගෙන යන්න හදද්දී මං එකෙක්ට මගේ එකට එන්න කිව්වා.


ඒත් උන් මගේ ලොකු කුඩේ අරං උන්ගෙ පොඩි කුඩේ මට දීල යන්න ගියා.


මං දැන් ( හැමදාමත් වගේ ) මගේ උදාන වාක්‍ය *නරි රංචු පිටින් හිටියට සිංහයා ඉන්නෙ තනියෙන් නෙ* කියලා හිත හදා ගෙන ඔහේ යනවා.


අර මැද ඉන්න අවලං සතාව පේනවා නේ. ඌ-ඌ තමා කලින් මගෙ හොදම යාලුවා. ඌයි මායි කොච්චර නං මේ පාරේ ම මේ වගේ වැස්ස දවස් වල එක කුඩේ බෙදං ගිහින් ඇද්ද ?


හහ් ඌට මට වඩා අරුන් හොදයි කියලා හිතෙන්නැති. ඌත් මාව කොන් කරනවා වගේ දැනෙද්දී හිත රිදෙන්නැත්තෙ ම නෑ.


උන් හෙන ම ආතල් එකේ, ඉන්නෙ පාරෙ කියලත් මතක නැති ගානට හිනා වෙවී යනවා.


පිස්සො රැලක් මහ....


එකෙක් මඩ වලක් චොස් ගාලා තලද්දී අනිත් දෙන්න උට පලු යන්න බනිනවා. උට නං ගානක් නෑ ඌ තව මඩවලකට පැන්නේ මං බලං ඉද්දිමයි.


මටත් ආසයි මේ කුඩේ පැත්තකට විසි කරලා ඒ කුඩේට ම රිංගන්න.


ඒත් මට උන්ට වාතයක් වෙන්න ඕනෙ නැහැ. උන්ගෙ පුංචි පුංචි ඉගි මට හොදට තේරෙනවා.


මං තනියෙන් ඉන්න බය නෑ. ඒත් තනිකම ගොඩක් වේදනාකාරියි.


හිතේ තෙරපෙන දේවල් දාස් ගනං තියෙද්දී ඒව අහං ඉන්න එකෙක් නැති උනා ම, ඒවත් වතුර නැතුව පර උන මල් මිටියක් වගේ නිකං ම නැති වෙලා යනවා.


ගිය ගිය තැන යාලුවො නං ගොඩක් ඉන්නවා. ඔය ඉස්සරහින් යන්නෙත් යාලුවො තුන්දෙනෙක් නේ. ඒත් මට දැනෙන්නේ මං තනි වෙලා වගේ.


මම ෆ්‍රී වෙලාවට කතා කරන්න ඕනෙ උනා ම යන්නෙ රොත්තක් ඉන්න තැනකට නෙමෙයි. තනියෙන් ඉන්න එකෙක් ගාවට.


මොකද මං දන්නවා තනි වෙන එකේ වේදනාව. මං කැමති නෑ කාවවත් තනි කරන්න. කවුරුවත් තනි වෙනවා දකින්න.


අරුන් දැන් කාටදෝ බයිනවා මහ සද්දෙන්. මිනිස්සුන්ට මුන් කියන ඒවා ඇහුනොත් ගල් ගහලා මරන්නේ


වටපිට බල බල යද්දි මං දැක්කේ වහලා තියන බේකරි එක ඉස්සරහ යන්න කුඩයක් නැතුව ඉන්න තේනුවා ව. ඌත් ඉතිං මං වගෙ කිව්වොත් හරි.


" ආ තේනු වරෙං මාත් එක්ක යං "


මං එයාට කතා කරා. කුඩේ පොඩි උනාට අපි දෙන්නට මේකෙන් යන්න පුලුවන් නේ. අනික වැස්ස නං තව පැයකටවත් නවතින පාටක් නෑ.


" තැන්ක් යූ දේෂ්. මං දැන් සෑහෙන වෙලා ඉදං මෙතන. කාටවත් ඉතිං අපිව පේන්නෑ නේ බං "


ඒ කටහඩේ ලාවට දුකක් තිබුනා. ඔව් මට ඒක දැනුනා.


___________________________________


කම්මැලියි අප්පා 🤧


මොනවහරි කියං යනවද....🙃

Report Page