Punkha Wallah (Fan Guy)
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
ලංකාව අධිරාජ්‍යවාදින්ට යටත් වෙලා හිටපු කාලයක් තිබ්බනෙ. ඉතින් ලංකාව විතරක් නෙමෙ ඉංග්‍රීසි පාලනයට ඉන්දියාවද යටත් වී සිටියා.
ඉංග්‍රීසින් පාලනය කරන කාලයෙදි ඔවුන් අපෙ රටවල් වලින් වටිනා කියන දේ අරගන ගියා වගේම අපෙ රටවල් වල ඉන්න මිනිස්සුන්ව ඔවුන්ගෙ සේවකයන් බවට පත් කරගත්තා. අද කියලත් ඉතින් වෙනසක් නැහැ අපෙ රටවල් ඔවුන්ගෙ පාලනයෙම තමා තියෙන්නෙ. හේතුව තමා ඉතින් ලංකාවෙ බොහොමයක් යුරෝපියන් වගෙ ජීවත් වෙන්න පට්ට ආසයිනෙ
ඉතින් ඔය ඉංග්‍රීසි මෙ රට යටත් කරගන ඉන්නකොට ඒ අයට ලෙසියෙන්ම ඉන්න ලැබුනෙ නැහැ. මොකද ඒ අයට පුරුදු කාල්ගුණයක් තිබුනෙ ලංකාවෙ නම් නුවර එලියෙ විතරයි. ඉන්දියාවෙත් කඳු ආශ්‍රිත ප්‍රදේශ පමණයි. ඉතින් එතනින් එලියට ආවම ඒ අයට සෑහෙන රශ්ණයක් දැනෙන්න ගත්තා. එයාලට විතරක් නෙමෙ ටිකක් පෑයුවම අපිට උනත් ඉන්න අමාරුනෙ.
ඕකට එයාලා අපුරු පිලියමක් යෙදෙව්වා. එ තමා අද තියන ෆෑන් එකෙ විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට පෙර අවදියෙ සැකැස්ම.
මේක වෙන්නෙ මෙහෙමයි. මුලින්ම සිවිලිමෙ හෝ වහලයෙ නිවසෙ පලලට හරියන්න ලී පටියක් ගහල ඒකට යට පැත්තෙන් රෙදි අල්ලනව. මට ඒක් වැඩිය් පැහදිලි කරන්න තෙරෙන්නෙ නැහැ.නොතෙරනම කෙනෙක් ඉන්නව නම් පලවෙනි කමෙන්ට් එක බලන්න
ඉතින් ඔය විදියට සකස් කරගත්ත ලී පෙත්තෙ එක කොනක ලනුගැට ගහලා එහා බිත්තියෙන් එලියට දානවා බරට හිටින්න යකඩ ගොඩක් හෝ ගලක් එල්ලලා. අනිත් පැත්තෙ ගැට ගහ්න ලනු ටික අනික් බිත්තියෙන් එලියට දානවා ඒ පැත්තෙ කිසිම බරක් එල්ලන්නෙ නැ ලනුව විතරයි තියෙන්නෙ. හැබැයි ඒ ලනුව විතරක් තියන පැත්තෙ ගල වෙනුවට ඉන්නෙ මනුස්සයෙක්. එයා ඔය තියන ලනුව මේ පැත්තට අදිනකොට නිවසෙ වහලයෙ තියන ලී පෙත්ත මේ පැත්තට ඇදෙනවා. අත ඇරියම එහා කොනෙ තියන ගල පහලට යනව එක්කම ලී පෙත්ත අනික් පැත්තට චලනය වෙනවා.
ඉතින් අන්න ඒ විදියට වහලෙ එල්ලලා තියන ලි පෙත්තවල් තුනක් ක්‍රියාත්මක කරන මිනිසුන් තුන් දෙනෙක් තමා ඔය පහල ෆොටො එකෙ ඉන්නෙ. මෙ ෆොටො එක 1900ට වගෙ අයිති එකක්
ඉන්දියාවෙ අය නම් මේ ෆෑන් එක ක්‍රියා කරන කෙනාට කිව්වෙ punkha wallah (Fan guy) කියලා
(ඉතින් මේක ලංකාවෙදිත් භාවිත උනා කියන එක අනිවාරයෙන්ම කියන්න ඕන.)
#psychojaka
