Prop Gun

Prop Gun

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°


මේ දවස් වල හොලිවුඩය පුරා කතාවෙන අනතුර ගැන ඔයාලා මේ වෙද්දි දන්නව ඇති.

පහුගිය ඔක්තෝබර් 21 වෙනිදා Rust ෆිල්ම් එකෙ රූගත කිරීම් අතරතුර අවාසනාවන්ත විදිහට Prop Gun එකක් fire වෙලා චිත්‍රපටයෙ Cinematographer වන Halyna Hutchins ජීවිතක්ෂයට පත්වෙනව. 😭

මේ අවාසනාවන්ත අනතුර වුන චිත්‍රපටය ගැන කියනව නම් ඔයාලා දන්න කියන නළු නිළියන් කීප දෙනෙක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනව. 👇

🎬 ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Alec Baldwin විසින්. ඔහු ඔබ හොදින්ම අදුනන සම්මාන රැසක් දිනාගත් අතිදක්ෂ නළුවෙක්. The Departed, Mission Impossible, The Aviator වැනි චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක වී තියෙනව.

🎬 ඔස්කා සම්මාන රැසක් දිනාගත් Titanic, Unforgiven වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක වුන Frances Fisher නිළියත් මේ චිත්‍රපටයෙන් අපට බලාගන්න පුළුවන්.

🎬 ටීවි සීරීස් බලන කෙනෙක් නම් ඔයාලා කැමතිම නළුවො දෙන්නෙකුත් මේ චිත්‍රපටයෙ ඉන්නව. ඒ රැග්නා ලෝත්බ්‍රොක්ට පනපොවපු Travis Fimmel සහ ඩීන් වින්චෙස්ටර්ට පනපොවපු Jensen Ackles.

===================================

📌 අනතුර

දැනට දින හතරකට පහකට විතර උඩදි ඇමෙරිකාවේ නිව් මෙක්සිකො වලදි Rust චිත්‍රපටයෙ සුපුරුදු පරිදි රූගත කීරීම් වලට හැමෝම සූදානම් වුනා.

වෙඩිතියන දර්ශනයකට Prop Gun එකක් (Revolver) සහාය අධ්‍යක්ෂක වන Dave Halls විසින් ප්‍රධාන නළුවා වෙන Alec Baldwin ගෙ අතට දෙනවා. 🔫

(Prop Gun කියන්නෙ මොනවටද කියල ඉස්සරහට පැහැදිලි කරන්නම්)

කොහොම හරි Bradwin ට අත්වැරදීමකින් Revolver යෙ Trigger එක වදිනව. හරි නම් Prop Gun එකක් නිසා එ කියන්නෙ රිවොල්වරෙ තියෙන්නෙ හිස්පතොරම් නිසා කිසි කෙනෙක්ට කරදරයක් වෙන්න විදිහක් නෑ.

ඒත් මෙ වෙලාවෙ චිත්‍රපටයෙ Cinematographer Halyna Hutchins ගෙ පපුවට උණ්ඩයක් වැදෙනව. Halyna ට ළග හිටපු අධ්‍යක්ෂක Joel Souza ටත් සුළු තුවාල වෙනව. ඊට පස්සෙ තමයි හැමෝම දැනගන්නෙ රිවොල්වරෙ තිබුනෙ ඇත්තම ජීව උණ්ඩ කියල.

මේ අනතුරෙන් වයස අවුරුදු 42 ක් වූ Halyna Hutchins ජීවිතක්ෂයට පත් වනව. ඇය චිත්‍රපට 30 කට ආසන්න ප්‍රමාණයකට cinematographer ලෙස තම දායකත්වය ලබා දී තියෙනව. 🎥

මේ වෙද්දි අනතුර සම්බන්ධව පොලිස් විමර්ශන කටයුතු සිදුකරගෙන යනව . ඒ නිසා මේ ගැන හරියටම තහවුරු කළ විස්තර තාම මීඩියා වලට දීලා නෑ.

ඒත් දැනට IATSE (International Alliance of Theatrical Stage Employees) කියන විදිහට නම් එයාල තහවුරු කරනව ගන් එකේ Live Rounds තිබිල කියල.

===================================

📌️ මොකක්ද අර ඉස්සෙල්ලා කියපු Prop Gun කතාව ?

සිනමාවෙදි වෙඩි තියන දර්ශන වලට ගන්න තුවක්කු වලට අපි කියන්නෙ Prop Guns එහෙම නැත්නම් Prop Firearms කියල. 🔫

"Prop" කියන වචනෙ තේරුම Theatrical property කියන එක. එ කියන්නෙ චිත්‍රපටයක් රූගත කරද්දි සමස්ථයක් විදිහට ඒ දර්ශන තලයෙ තියෙන ඕනෙම වස්තුවකට Prop කියන වචනය භාවිත කරනව. චිත්‍රපටයක මේ Props භාරව ඉන්න කෙනාට කියන්නෙ Property master කියල.

සාමාන්‍යය Props අතරින් Props Guns, Prop knives, Prop swords, Prop bows වගේ ආයුධ වලට භාරව තවත් වෙනම කෙනෙක් ඉන්නව. එයාට අපි කියනව Weapons master කියල. 🏹

Prop Guns කිව්වම එක එක Prop Guns තියෙනව. අපි බලමු ඒ මොනාද කියල. 👇

===================================

01 වර්ගය - Real Guns
(ඇත්තම තුවක්කු හිස් පතොරම් එක්ක)

මේවා ඇත්තම තුවක්කු. වෙනසකට තියෙන්නෙ හිස් පතොරම් පාවිච්චි කරන එක. හොලිවුඩ් චිත්‍රපට වල බහුලව භාවිත වෙන්නෙ මේ ඇත්තම තුවක්කු. 🔫

මේවා භාවිත කරන එක හරිම අනතුරු දායකයි. වැරදිලා හරි හිස් පතොරමක් වෙනුවට ඇත්තම උණ්ඩයක් මාරු වුනොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන්.

එහෙම දෙයක් නිසා තමයි 21 වෙනිදා Halyna Hutchins ගෙ ජීවිතයත් නැතිවුනෙ. එ විතරක් නෙවේ බෲස් ලි ගේ පුතා බ්‍රැන්ඩන් ලී ගෙ මරණයට හේතුවත් මේ විදිහටම අත්වැරදීමක්. 😪

ඉතිං මෙච්චර භයානක කමක් තියාගෙන ඇය Prop Guns විදිහට ඇත්තම තුවක්කු පාවිච්චි කරන්නෙ ? 🤔

හේතු කිපයක තියෙනව.

අමතර බජට් එකක් එකතු වෙන්නෙ නෑ Visual Effects දාන්න. බොරු තුවක්කු ගත්ත නම් Visual Effects වලට අමතර බජට් එකක් එකතු වෙනව. ඊටත් වඩා මෙතනදි ලොකුම හේතුව තාත්වික බවක් දෙන එක.
බොරු තුවක්කුවකට Visual Effects දානවට වඩා මෙහෙම ඇත්තම තුවක්කුවක් පාවිච්චි කරාම ලැබෙන තාත්වික බව වැඩියි.

චිත්‍රපට වලදි අදාළ දර්ශනයෙදි මේ ඇත්තම තුවක්කුවට ඇත්ත උණ්ඩ වෙනුවට දාන්නෙ හිස් පතොරම්.

හිස් පතොරමකයි ජීව උණ්ඩයකයි තියෙන එකම වෙනස හිස් පතොරමේදි පතොරමෙන් උණ්ඩය අයින් කරල තියෙනව. ඒ කිව්වෙ අර ඉස්සරහම තියෙන උළ වගේ කෑල්ල. (Bullet/Projectile) හිස් පතොරමක ඒ කෑල්ල නෑ. එතැන Paper/ Wax Wadding එකකින් කවර් කරල තියෙන්නෙ. ඒ නිසා හිස් පතොරමක් දාලා ඔයා වෙඩි තිව්වොත් උණ්ඩයක් පිටවෙන්නෙ නැතිව හිස් පතොරම් කොපුව ඉවත් වෙනව. හැබැයි සාමාන්‍ය විදිහටම muzzle fire, recoil, sound, light, smoke එක එනව. 💥

එනිසා චිත්‍රපට වලදි වැඩිපුරම භාවිත වෙන්නෙත් මේ විදිහෙ Prop Gun.

හැබැයි මෙ විදිහෙ ඇත්තම තුවක්කුවක හිස් පතොරම් තිබ්බ කියලත් සීයට සීයක් ආරක්ෂිතයි කියල කියන්න බෑ. 💫

හිතන්න ඔයා හිස් පතොරමක් දාලා වෙඩි තියනව. උණ්ඩයක් නෑ. ඒක ඇත්ත. ඒත් වෙඩි තියද්දි පතොරම් අඩියෙ තියෙන Primer එකට වැදිලා පතොරමෙ තියෙන වෙඩි බෙහෙත් ටික පුපුරපු ගමන් අධි පීඩනයෙ තියෙන උණුසුම් වායු දහරාවක් තුවක්කු බටෙ (Barrel) අධි වේගෙන් ගමන් කරනව.

හිතන්න බැරල් එක ඇතුලෙ පොඩි යකඩ කෑල්ලක් වගෙ මොනා හරි දෙයක් තිබුනා කියල. කුඩා ස්කනධයක් වුනාට වැඩි ප්‍රවේගයක් ලැබෙන නිසා විශාල ගම්‍යතාවයක් මෙතනදි ඇති වෙනව. එනිසා ළග ඉදල වෙඩි තිබ්බොත් ඕක වැදිලා මාරාන්තික වෙන්න පුළුවන්.

හරි එහෙම බැරල් එක ඇතුලෙත් මොනා හරි නෑ කියමුකො.

ඒත් භයානක වෙන්න පුළුවන් ගොඩක් ළග තියල වෙඩි තිබ්බොත්. එ අර කියපු අධික පීඩනය එක්ක ඇතිවෙන ඝට්ටනය නිසා. ඔලුව ළගටම කරල වෙඩි තිව්වොත් මිටියකින් වැරෙන් පහරක් ගහනව වගේ ඝට්ටනයක් ඇති වෙනවා. යොදාගන්න විවිධ පතොරම් වල වෙඩි බෙහෙත් ප්‍රමාණය මත මේ ඝට්ටනයෙ ප්‍රබලතාවය වෙනස් වෙනව.

මේ වගේ දේකින් ඇත්තටම 1984 දි Jon Erik Hexum කියන නළුවා මරණයට පත් වෙලා තියෙනව. එයා චිත්‍රපට දර්ශනයකට හිස් පතොරම් තියෙන තුවක්කුව එයාගෙ ඔලුව ලගට තියල වෙඩි තියල තියෙනව. එතකොට අර කියපු විදිහට ඝට්ටනය නිසා මෙයාගෙ හිස් කබලට මාරන්තික ලෙස හානි වෙලා ජීවිතක්ෂයට පත් වෙනව. 🔫

ඒ නිසා ඇත්තම තුවක්කු වුනත් හිස් පතොරම් දාලා චිත්‍රපටයක Close Up Shots ගන්නෙ නැ.

වාසි -
✴️ ඇත්තම තුවක්කු නිසා දර්ශනයට තාත්වික බවක් එකතු වේ.
✴️ තාත්වික රංගනයක් ඉදිරිපත් කර හැක.
අමතර දෘෂ්‍ය ප්‍රයෝග අවශ්‍ය නැත.

අවාසි -
✴️ ජීවිත හානි සිදු විය හැක.

===================================

02 වර්ගය - Blank firing Guns
(හිස් පතොරම් තුවක්කු)

මේක ඇත්තම තුවක්කු වල හැඩයටම සමාන හිස් පතොරම් වලින් විතරක් වෙඩි තියන්න පුළුවන් තුවක්කුවක්. සාමාන්‍ය තුවක්කු වල භාවිත කරන උණ්ඩ මේකට හරියන්නෙ නෑ. එවගේම මේ තුවක්කුවට ම කියල විශේෂ හිස් පතොරම් වර්ග තියෙනව.

මේ තුවක්කුව ඇතුලෙ බැරල් එක එහෙම නැත්නම් තුවක්කු බටේට බාධකයක් එකතු කරල තියෙනව. ඒ නිසා වැරදිලාවත් බැරල් එක ඇතුලෙ මොනා හරි තීබුනත් ඒක මේ තුවක්කුවෙන් වෙඩි වදින්නේ නැ.

හැබැයි ඇත්තම තුවක්කුවක හිස් පතොරම් වලින් වෙඩි තියද්දි දකින්න ලැබෙන Muzzle Flash, Light එක එහෙම මේ තුවක්කුවෙන් ගන්න බෑ. 💥

ප්‍රධානවම මේ තුවක්කුවෙන් කරන්නෙ වෙඩි තියන සද්දෙ ගන්න එක. වැඩි ශබ්දයක් ගන්න වෙඩි බෙහෙත් වැඩිපුර දාල හදන හිස් පතොරම් විශේෂ යොදාගන්නව.

වාසි -
✴️ ජීවිත හානි සිදු විය නොහැක.
ඇත්තම තුවක්කු වලට සමාන ශබ්දයක් නිකුත් වේ.
✴️ ඇත්තම තුවක්කු වල මෙන් හිස් කොපු ඉවත් වේ.

අවාසී -
✴️ ඇත්තම තුවක්කුවක මෙන් Muzzle Fire, Light නැත.

===================================

03 වර්ගය - Gun Replicas
(ආදේශක තුවක්කු)

මේ ආදේශක තුවක්කුත් ඇත්තම තුවක්කු හැඩයට සමානව බලාගන්න පුළුවන්. ආදේශක තුවක්කු විවිධ වර්ගයෙන් තියෙනව.

මේව හරියට සෙල්ලම් තුවක්කු වගේ. ඒත් ඇත්තම තුවක්කුවක දකින්න පුළුවන් හැම දෙයක්ම වගෙ මේකෙන් බලාගන්න පුළුවන්.

කලින් කතාකරපු Blank Firearms වල දකින්න බැරි වුන Muzzle fire, lights වුනත් මේ තුවක්කුවෙ තියනව.

මේකට වෙඩි බෙහෙත් පුරවපු සාමාන්‍ය පතොරම් ගන්නෙත් නෑ. ඒ නිසා ආරක්ෂාව අතින් මේ තුවක්කුව ඉස්සරහින්ම තියෙනව. මේ තුවක්කුවෙ ශබ්දය ගන්න squib පාවිච්චි කරනව.

එතකොට Muzzle Fire, Lights, Smoke ඔය වගේ දේවල් වෙන්නෙ තුවක්කුවෙ තියෙන සර්කිට් එකකින්. සර්කිට් එක වැඩ කරන්නෙ බැටරි වලින්. Trigger එක ඇද්දම Squib වලින් සද්දය එන අතරෙ සර්කිට් එකෙන් ඉතිරි දේවල් වෙනව. හැබැයි ඇත්තම තුවක්කුවක යාන්ත්‍රණය මෙකෙදි බලාගන්න බෑ.

වාසි -
✴️ ජීවිත හානි නැත. වඩා ආරක්ෂිතයි.
ඇත්තම තුවක්කුවක දකින්න ලැබෙන්න Muzzle Fire, Light, smoke, sound දකින්න පුළුවන්.
✴️ අමතර දෘෂ්‍ය ප්‍රයෝග යෙදිම අවශ්‍ය නැත.

අවාසි -
✴️ ඇත්තම තුවක්කුවක යාන්ත්‍රණය නැත.
ඇත්තම තුවක්කුවක මෙන් හිස් කොපු ඉවත් නොවේ.
✴️ Recoil නැත.

===================================

04 වර්ග - Dummy/Toy Guns (බොරු තුවක්කු)

මේවා ගැන දන්නවනෙ ඉතිං. ඇත්තම තුවක්කු වලටම සමාන පෙනුමක් තියෙන විදිහට ලී, ප්ලාස්ටික්, ලෝහ තුනෙන්ම තියෙනව. මේවට අනිවාර්යයෙන් දෘෂ්‍ය ප්‍රයෝග එකතු වෙනව. එහෙම වුනත් තාත්වික බව ගොඩක් අඩුයි.

හැබැයි චිත්‍රපට වල සමහර වෙලාවට තුවක්කු වල දර්ශන තිබුනට එවා වෙඩි තියෙන්නෙ නැති අවස්ථාවලුත් තියෙනවනෙ... අන්න ඒවගේ දර්ශන වලට මේ වගේ Prop Guns ගොඩක් පාවිච්චි වෙනව.

===================================

හොලිවුඩ් මූවිස් වල නිතරම වගේ පාවිච්චි වෙන්නෙ මුලින්ම කියපු ඇත්තම තුවක්කු. ඒත් ඒවා භාවිත කරන එක අනතුරුදායක නැද්ද?

අනතුරු දායකයි. ඒනීසා තමයි Weapon master විශේෂිත කාර්ය මණ්ඩලයක් යොදවල තියෙන්නෙ. එයාලගෙ රාජකාරිය තමයි එවගෙන් සිදුවන අනතුරු වළක්වා ගන්න එක. 🤵

මොකක්ද Weapon Master ගෙ රාජකාරිය ?
කොහොමද ඇත්තම තුවක්කු පාවිච්චි කරද්දි අනතුරු වළක්වා ගන්නෙ ?

✳️ සෑම දර්ශනයකට පෙර සහ පසු තුවක්කුවෙ තිබෙන්නෙ ජීව උණ්ඩද නැත්නම් හිස් පතොරම් ද යන්න පරික්ෂා කළ බැලිය යුතුය.

✳️ භාවිතයෙන් පසුව Prop Guns සාමාන්‍ය භාව්විතයට ගන්නා තුවක්කු වලින් බැහැරව සුරක්ෂිත තැනක ගබඩා කළ යුතුය.

✳️ දිනපතා අදාළ තුවක්කු වල කොටස් හොදින් පිරිසිදු කර යුතුය. එයින් තුවක්කුව භාවිත කරන නළුවාට හො නිළියට Jammed වීමකින් සිදුවන හානි අවම කර ගත හැක.

✳️ පතොරම් පිරවූ පසු දර්ශන වාරයන් නොවන කිසිම අවස්ථාවකදි කිසිම කෙනෙකු එල්ලයේ තිබෙන පරීදි තුවක්කුව තබා සිටිය නොහැක.

✳️ තුවක්කුව කැමරාව එක එල්ලේ වෙඩිතබන දර්ශනයක් නම් කැමරාව පිටුපස සිටින කාර්ය මණ්ඩලය Plexiglas ආවරණයකින් ආරක්ෂා විය යුතුය.

✳️ නළුවාට හො නිළියට තුවක්කුව ළබා දිය යුත්තේ Weapon Master හෝ ඔහුගෙන් ඊට අවසර ලත් කාර්යමණ්ඩලයේ කෙනෙකුට පමණි.

✳️ තුවක්කුව භාවිත වන සෑම අවස්ථාවකම Weapon Master හෝ ඒ සම්බන්ධව සිටින කාර්‍යමණ්ඩලයෙ කෙනෙකු සෑම විටම දර්ශන තලයේ සිටිය යුතුය.

යම් කිසි විදිහකින් Prop Gun එකකින් අනතුරක සිදුවෙනව නම් එක්කො මේ කියපු උපදෙස් පිළිපදින්නෙ නැතිව නොසැලිකිලිමත්ව වැඩ කරලා. නැත්නම් කවුරුන් හෝ සිතා මතා කුමන්ත්‍රණකාරිව සැලසුම් කළ දෙයක් වෙන්න ඕන. 😳

චිත්‍රපට දර්ශන වලදි බෲස් ලීට එහෙම මේ වගේ බොහොමයක් කුමන්ත්‍රණ වැඩ තිබිලා තියෙනව ඒත් ඔහු එවගෙන් ගැළවුනා.

බෲස් ලිගෙ පුතු බ්‍රැන්ඩන් ලීගෙ අනතුර නම් නොසැලකිලිමත් බව නිසාද නැත්නම් කුමන්ත්‍රණයක් ද කියල කිසිම කෙනෙක් හරියටම දන්නෙ නෑ. ඒත් ගොඩක් දෙනෙක් නම් විශ්වාස කරන්නෙ තාත්තට කරපු දේම පුතාටත් කරන්න ඇති කියල. 🤔

Halyna Hutchins ගෙ අනතුර ගැන මේ වෙද්දි පොලිසිය විමර්ශන කටයුතු කරනව. තවම තහවුරු කරපු තොරතුරු කිසිවක් මාධ්‍ය හමුවෙ ප්‍ර්‍රකාශ කරල නෑ. ඒත් ගොඩක් දෙනෙක් අතර කසුකුසුවක් නම් යනව මේක කුමන්ත්‍රණ කාරි වැඩක් වෙන්නත් පුළුවන් කියල. මොකද මේ චිත්‍රපටයෙ කාර්යමණ්ඩලය අතර පොඩි පොඩි ආරවුල් තිබිල තියෙනව කියල සමහර මාධ්‍ය වාර්තා කරල තිබුනා. ඒත් හරියටම එහෙමම යි කියල අපිට දැන්ම කියන්න බෑ. විමර්ශන කටයුතු අවසානයෙ බලාගන්න පුළුවන් ඇත්තටම මොකද වුනෙ කියල.

දැනට පොලිසියෙ පරික්ෂණ වලට අනුව වෙඩි තියපු Alec Baldwin වත් Baldwin ට තුවක්කුව දීපු සහාය අධ්‍යක්ෂකවත් තුවක්කුවෙ ඇත්තම ජිව උණ්ඩ තියෙනව කියල දැනගෙන ඉදල නෑ. 😔

මේ අවාසනාවන්ත සිදුවිම පිළිබදව හොලිවුඩ් තරු ගොඩක් ඔවුන්ගෙ බලවත් කණගාටුව පළකරල තියෙනව.

මේ අනතුර නිසා මීඩියා වල දැන් Halyna Hutchins ගෙ නමත් එක්කම Brandon Lee ගෙ නමත් හැමෝම කතා වෙන්න පටන් අරන්. මොකද දෙකම එක වගේ අනතුරු නිසා.

බ්‍රැන්ඩන් ලී ගෙ සොහොයුරිය ෂැනොන් ලී මේ අනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හමුවෙ ඇයගෙ කණගාටුව ප්‍රකාශ කරල තිබුනෙ මේ ආකරයට 👇

Our hearts go out to the family of Halyna Hutchins and to Joel Souza and all involved in the incident on "Rust".

No one should ever be killed by a gun on a film set. Period. 💔

මොකක්ද බ්‍රැන්ඩන් ලී ට වුනෙ ?

Halyna Hutchins ට වගේම අවාසනාවන්ත සිදුවීමක් ජනප්‍රිය නළු Brandon Lee ට ත් මීට අවුරුදු 27 කට කලින් සිදුවුනා. හැබැයි ඒ සිදුවීමෙදි ඇත්තටම මොකද වුනෙ කියන එක් තාමත් අභිරහසක්.

බෲස් ලී ට වගේම එයාගෙ පුතා බ්‍රැන්ඩන් ලීටත් අභිරහස් මරණයක් උරුම වීම බොහො දෙනෙක් විමතියට පත්කරපු කාරණාවක්. සමහර අය කියනව ඒ මරණ දෙකම ස්වාභාවික මරණයක් / අනතුරක් කියල. ඒත් සමහර අය එය ඝාතනයක් කියලත් කියනව.

මේ අනතුර වෙන්නෙ බ්‍රැන්ඩන් ලී රංගනයෙන් දායක වන The Crow (1994) චිත්‍රපටයෙ රූගත කිරීම් අතරතුර.

බ්‍රැන්ඩන් ලී Crow ,චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වන එරික්ට පනපොවනව. මේ චිත්‍රපටයෙ එරික්ව වෙඩිතබා ඝාතනය කරන දර්ශනයක් තියෙනව.

මේ දර්ශනයෙදි භාවිත කළේ හිස් පතොරම් දැමු ඇත්තම 44 Magnum Smith & Wesson 629 වර්ගයෙ රිවොල්වරයක්. 🔫

තුවක්කුවට හිස් පතොරම් නිසා සාමාන්‍යයෙන් කිසි හානියක් වෙන්නෙ නෑ. ඒත් මේ වෙඩි තැබිමෙ දර්ශනයෙන් පස්සෙ බ්‍රැන්ඩන් ලී ආයෙ නැගිට්ටෙ නැහැ.😥

චිත්‍රපට කාර්‍යමණ්ඩලය හිතුවෙ බ්‍රැන්ඩන් ලී විහිළුවක් කරනව කියල. ඒත් පස්සෙ ඔහුගෙ ළගට ගියාම තමයි දැනගන්නෙ බ්‍රැන්ඩන්ට ඇත්තටම වෙඩි වැදි තියෙනව කියල. පස්සෙ ඔහුව රෝහලට රැගෙන යනව ඒත් වෛද්‍යවරුන්ට ඔහුගෙ ජීවිතය බේරාගන්න බැරි වෙනව. 🏥🚑

මේ දර්ශනය රූගත කරන්නෙ අනෙක් දර්ශන බොහෝමයක් රූගත කරල අවසානයෙ. ඒ නිසා චිත්‍රපටයෙ බ්‍රැන්ඩන් ලීගෙ මරණයෙන් පස්සෙ ආදේශ කළ නළුව ඉන්නෙ චිත්‍රපයෙ දර්ශන වාර සීමිත ප්‍රමාණයකට පමණයි.


No one should ever be killed by a gun on a film set Period 💔

#RIP #HalynaHutchins
#tsml

Copied by tsml fb

Report Page