Premenstrual Syndrome (PMS)

Premenstrual Syndrome (PMS)




සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකු අවුරුදු 12දී පමණ ප්‍රථම ඔසප් වීම/ වැඩිවියට පත්වීම සිදුවෙනවා. එතැන් පටන් ආසන්න දින 28කට වරක්, සාමාන්‍යයෙන් අපි කියනවා මාසයකට වරක් ඔසප් වීම සිදුවෙනවා. එය අපි හැමෝම දන්න කරුණක්. අද මම කතාකරන්න යන්නේ මාසික ඔසප් වීම (menstruation) ආශ්‍රිත තත්ත්වයක් ගැන. ඒ තමයි Premenstrual Syndrome (PMS).

සාමාන්‍යයෙන් මාසික ඔසප් වීම සිදුවන කාන්තාවන්ගෙන් 90%ක් පමණ මෙයට මුහුණ දෙනවා. ඒ වගේම වයස අවුරුදු 20- 40 අතර කාන්තාවන් තුළ මෙය වැඩි වශයෙන් තිබෙනවා. PMS නිසා ඔවුන්ගේ චිත්තාවේග වලට, චර්යාවන්ට සහ භෞතික ශරීරයටත් අහිතකර තත්ත්වයන් ඇතිවෙනවා.

අපි මුලින්ම බලමු මේ premenstrual syndrome තත්ත්වයේදී සිදුවන දේවල්, එහෙමත් නැත්නම් පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද කියලා.

චිත්තවේගීය සහ චර්යාත්මක ලක්ෂණ.
⁃ ආතතිය
⁃ කාංසාමය තත්ත්වයන් (anxiety)
⁃ මානසික අවපීඩනය (depression)
⁃ මනෝභාවයන් නිතර වෙනස් වීම (mood swings)
⁃ කෝපය සහ නුරුස්සන බව (irritability)
⁃ සමාජ සබඳතා වලින් දුරස් වීම
⁃ නින්ද නොයාම
⁃ ආහාර අරුචිය
⁃ දුර්වල අනුගතවීම්
⁃ නිතර දුක්මුසු බව
⁃ ලිංගික අශාව අඩුවීම

ශාරීරික ලක්ෂණ.
⁃ සංධි සහ මාංශපේෂි වේදනාව
⁃ හිසරදය
⁃ තෙහෙට්ටුව
⁃ උදරය කැක්කුම
⁃ මළබද්ධය හෝ පාචනය
⁃ පියයුරු වේදනාව
⁃ ක්ලාන්ත ස්වාභාවය

ඉහත සඳහන් කර තිබෙන චිත්තාවේග, චර්යාමය සහ කායික තත්ත්වයන් premenstrual syndrom හීදී ඇතිවෙනවා.
Premenstrual syndrome ඇතිවීමට නිශ්චිතව මෙය යැයි කිවහැකි හේතුවක් නැහැ. නමුත් හෝමෝන වෙනස් වීම, මොළයේ රසායන වෙනස් වීම්, වැනි හේතූන් බලපානු ලබනවා.
ඊට අමතරව පහත සඳහන් තත්ත්වයන් යටතේ premenstrual syndrome ඇතිවීමේ වැඩි අවධානමක් පවතිනවා.

⁃ depression පවතින අයට
⁃ Bipolar පවතින අයට
⁃ දැඩි ආතතිමය තත්ත්වයන් වල සිටින අය
⁃ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය
⁃ පවුලේ ඉතිහාසය තුළ presentation syndrome තිබෙන අය සිටිනවා නම්
⁃ පවුලේ ඉතිහාසය තුළ depression තිබෙන අය සිටිනවා නම්
⁃ චිත්තාවේගීය කම්පන තත්ත්වයන්
⁃ ගෘහස්ථ හිංසනය
එවැනි තත්ත්වයන් තුළ premenstrual syndrome තත්ත්වය පැවතීමට වැඩි අවධානමක් තිබෙනවා.

සාමාන්‍යයෙන් ඔසප් දිනට දින 10ක් වගේ ඇතුළතදී PMS ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔබට premenstrual syndrome තත්ත්වය පිළිබඳව තහවුරු කරගැනීමට, ඒ පිළිබඳව වාර්තාවක් පවත්වාගන්න. ඔසප් චක්‍රයේ එක් එක් දින වලදී ඔබට සිදුවන දේවල්, ඒවායේ පලපෑම, බරපතල බව යනාදිය සටහන් කරන්න. ඉන්පසුව එම ලක්ෂණ වලින් ඔබට දැඩි ලෙස බලපෑම් ඇතිවී හෝ එම ලක්ෂණ ඔසප් චක්‍ර 02ක් පුරාවට පවතින්නේ නම් වෛද්‍ය වරයෙකු මුණගැසෙන්න. එහිදී වෛද්‍යවරයා විසින් ඔබේ තත්ත්වය නිවැරදිව තහවුරු කරනු ඇති.
ඒ වගේම ඔබට දැනෙන චිත්තාවේග සහ චර්යාත්මක ගැටලු මගහරවා ගැනීමට මනෝ උපදේශනය වෙත යොමුවීම කරන්නත් පුලුවන්.

මම දැන් කරුණු කිහිපයක් කියන්නම් මොනවාද ඔබට premenstrual syndrome තත්ත්වය සමනය කරගැනීමට කරන්න පුලුවන් දේවල් කියලා.

⁃ වතුර වැඩියෙන් පානය කිරීම
⁃ සමබර පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම
⁃ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
⁃ Caffeine අඩංගු ආහාර පාන අවම කිරීම
⁃ ව්‍යායාම සිදුකිරීම ( මේ කාලයේදී බොහො කාන්තාවන් එක තැනකටම වී ඉන්නවා. එසේ නොකර ව්‍යායාම වැනි ක්‍රියාකාරී දේවල් කිරීම මඟින් වේදනාව අඩුකරගන්න පුලුවන්)
⁃ විනෝදාංශ වල නිරතවීම
⁃ උදරය ආශ්‍රිත ප්‍රදේශ උණුසුම්ව පවත්වාගැනීම.
⁃ එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම
⁃ අතිරේකව ඔබට ගතහැකි දේවල් (විටමින් B-6 අතිරේකය, කැල්සියම් අතිරේකය, මැග්නීසියම් අතිරේකය, විටමින් D අතිරේකය, සහ වේදනාව අඩුකර ගැනීමට ඇසිප්‍රින්)
⁃ ආහාර පාන වශයෙන් පහත දේවල් ඔබට ලබාගන්න පුලුවන්
( green tea, dark chocolate, කැල්සියම් වැඩි ආහාර, සැමන් වර්ග, ඉඟුරු , කොත්තමල්ලි , අලිපේර, පැපොල් , බෙරි වර්ග, කහ( turmeric)මිශ්‍ර දේවල්, කුරුඳු ආශ්‍රිත දේවල්,)

Premenstrual syndrome හි බරපතල තත්ත්වය, එහෙමත් නැත්නම් premenstrual syndrome උග්‍ර තත්ත්වයට පත්වූ විට එය Premenstrual Dysphoric Disorder (PMDD) ලෙස හඳුන්වනවා. එවැනි තත්ත්වයක ලක්ෂණ ඔබට පවතිනවා නම් හැකි ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම කළයුතුම වෙනවා.

ඒ වගේම තමයි කාන්තාවකට ඇතිවන menstruation ආශ්‍රිත තත්ත්වයන් ගැන අපි හැමෝමටම අවබෝධයක් තිබෙන්න ඕන. වැඩිහිටියන් පමණක් නොවෙයි, දරුවන්ට පවා ඒ ගැන යම් අවබෝධයක් තිබෙන්න ඕන. ඒ කාල සිමාව තුළ ඇයව දැනෙන කායික සහ මානසික අපහසුතාවයන් ගැන අපි දැනගන ඉන්න ඕන. විශේෂයෙන්ම ස්වාමිපුරුෂයන් මේ ගැන දැනුවත්ව සිටිය යුතුමයි. ඇයට දැනෙන අපහසුතාවයන් වලදී ඔබ ඇයට සහයෝගයක් වෙන්න ඕන.
මට ඇතැම් අවස්ථාවන් වල ගැටලු එනවා, මාසික ඔසප් කාල සීමාව තුළදීත් ලිංගික ක්‍රියාකාරකම් කිරීමට බලපෑම් කිරීම සහ එසෙ නොවුනොත් ගැටලු ඇතිකරගන්න ඇතැම් ස්වාමිපුරුෂයන් ඉන්න පවුල් ගැන. ඒ නිසා තමන් ඇත්තටම ඔබේ ආදරවන්තියට, භාර්‍යාවට ආදරය කරනවා නම්, menstruation කාලයේදී ඇයව අවැසි සහය ලබාදෙන්න.

Avishka Sathsara Piyumal

Report Page