Phone Booth Challange

Phone Booth Challange

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•




තාක්ශනෙ දියුනුව එක්ක Phone Booth නැති වෙලා ගිහින් වගෙම සමාජ ජාලා පහසුකම් නිසා විවිදාකාරයෙ චැලෙන්ජ් අපට දැකගන්නට පුලුවන්.. යුටියුබස්ල අතර අයිස් බකට් චැලෙන්ජ් එක.. එතකොට ෆේස්බුක් එකෙ කාලෙන් කාලෙට එන චැලෙන්ජ් වගෙම මෙ වෙනකොට ටික්ටොක් එකෙත් විවිද චැලෙන්ජ් අඔඅට බලාගන්නට පුලුවන්

ඉතින් කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපො මෙ සමාජ ජාලා තරුණ පරපුර නරක් කරලනෙ තියෙන්නෙ අපෙ කාලෙ ඔහොමද අපි වෙලෙ බැහැල මඩෙ ලැගල ජීවත් උනේ.. ගමට ෆෝන් එකයි තිබ්බෙ.. විස්තර බැලුවෙ පත්තරෙන්නෙ කියන්න පුලුවන්

ඇත්තම කතාව අපි අද ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නව වගේ ඒ කාලෙ මිනිස්සු පත්තර වලට ඇබ්බැහි වෙලා හිටියා. සරලවම මන් පොඩි කාලෙ විජය පත්තරෙ කියන්නෙ නිකන් කුඩු ගැහුව වගෙ තමා ඉතින් .. පිටසක්වල සිදුවිම් ගැන .. බලන්න යන්න සල්ලි නැතත් අලුතෙන් හෝල් එකට එන ෆිල්ම් ගැන එහෙම පත්තර පීර පීර හොයනව.. ඒ වගෙ පත්තර පිටු අරගන පොතක අලවලත් තිබ්බා මන්.. අන්න ඒ වගෙ තාක්ශනය දියුනු නොවුනට මිනිසුන්ගෙ පුරුදු එක වගෙම තියනව කියන එක අපි වටහාගන්න ඕන

අද මේ කියන්න යන දේත් අන්න ඒ වගෙ සිදුවීමක්.. (උඩ පොඩි හෑල්ලක් ලිව්වට සමා වෙන්න)

එන්ගලන්තය වැනි යුරෝපා රටවල් වල සුලබ වශයෙන් Phone Booth දැකගන්නට තිබුනා.. යුරෝපෙ විතරක් නෙමෙ ලොව පුරාම මේවා ඉදි කරල තිබුන කාලයක් තිබ්බ.. ඉතින් මෙ සිදුවීම 1950 දශකය දක්වා දිවෙනව.. ඒ කාලෙ මිනිසුන් අතර තිබුනා Phone Booth චැලෙන්ජ් එකක්.. මේකෙදි වෙන්නෙ මෙ කුඩා Phone Booth එක ඇතුලට එක්කෙනෙක්ට වඩා වැඩි පිරිසක් ඇතුලත් කිරිමයි.. මේ චැලෙන්ජ් එක නගරෙන් නගර්‍යට රටෙන් රටට පැතිරෙමින් ගියා ඒ කාලෙ.. ඉතින් පත්තර වලත් මෙ ගැන ලියවෙච්ච අවස්තා අනිවාරයෙන්ම ඇති

කොහොම හරි 15කට නොඅඩු සංක්‍යාවක් මේ Phone Booth එකක් ඇතුලට දන්න ඕන.. මේ රැල්ල කොයි තරම් ලොකුවට ව්‍යාප්ත උනාද කියනව නම් මේක තරගයක් වශයෙන් පවා කරන්න මිනිසුන් පෙලබුනා..

ඉතින් ඔය පහල තියන ෆොටො එක 1959දි ගත්ත ෆොටො එකක් .. බලන්න කී දෙනෙක් ඉන්නවද කියල ගනන් කරන්න පුලුවන්ද කියල..

©psychojaka
#phoneboothchallange

Report Page