Patronuses of the Wizarding World✨

Patronuses of the Wizarding World✨

Marcus


හායිම් යාලුවනේ..🌝👋

ගොඩ කාලෙකට පස්සේ ඔන්න අදත් මම ආව ඔයාලට තවත් අලුත් විස්තර ටිකක් අරගෙන🙂.අද මම කතා කරන්න යන්නේ ටිකක් වෙනස් පැත්තක් ගැන.යමුකෝ ආටිකල් එකට.🤓


Patronuses of the Wizarding World✨


ඔව්,මං අද කතා කරන්න යන්නේ patronus ල ගැන.🌚


මුලින්ම Patronus ගැන පොඩි හැදින්වීමක්...😮‍💨


patronus charm එක කියන්නේ මායා ලෝකේ තියන අමාරුම ආරක්ෂක මායා වලින් එකක්.🙁මේ මායාවේ අරමුණ වෙන්නේ සතෙක්ගේ ස්වරූපයක් ගන්න රිදී-සුදු ආරක්ෂකයෙක් මවා ගන්න එක.මේ ස්පෙල් එක හරියට කරනකන් තමන්ගේ patronus එකේ නියම ස්වරුපය එන්නේ නැහැ.🥴 මේ ස්පෙල් එක කලින් කිව්වා වගේ ආරක්ෂක මායාවක් හැටියටත්, පනිවිඩකරුවෙක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්😋. Dementors ලට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් මායා ලෝකේ තියන එකම ස්පෙල් එක patronus charm එක විතරයි🤧.ගොඩක් මායාකාරයන්ට සහ මායාකාරියන්ට මේ ස්පෙල් එක හරියට කරගන්න බැහැ😼. මේක හරියට කරන්න පුළුවන් කියන්නේ මායා ලෝකේ සාමාන්යෙන් උසස් ඉන්ද්‍රජාලික සලකුණක් විදිහට තමා හැදින්වෙන්නේ😌.


දැන් යමු ප්‍රධාන මාතෘකාවට..🙌


ඔයාල හැමෝම දන්නවනේ Wizarding World වෙබ් සයිට් එක ගැන.(Technically දන්නේ නැති අයව අපේ ගෘප් එකට ගන්නෙත් නෑනේ👽 ) ඉතින් මේ වෙබ්සයිට් එකෙන් තමයි අපිට ඇත්තටම අපේ හව්ස්, පැට්‍රොනස් සහ වොන්ඩ් ගැන දැනගන්න පුළුවන් වෙන්නේ💙. මම දැන් කියන්න යන්නේ Wizarding World එකේ patronusල වර්ග සහ එයාල එකිනෙකාට වෙනස් වෙන විදිහ ගැන😇. 


මේ වෙබ්සයිට් එකේදී අපිට ලැබෙන patronusus ඔක්කොම ගැන කියන්න ගියොත් මට මෙතන හැමදාම ටයිප් කර කර ඉන්න තමා වෙන්නේ🥴. ඒ නිසා මං basics ටිකක් විතරක් කියන්න තීරණේ කළා😉.


Wizarding World Web Site එක අපිට හම්බෙන පැට්‍රෝනස් ලව කොටස් තුනකට බෙදනවා🌝.ඒ කොටස් තමයි,

 

    🪶common patronuses 

    🪶unusual patronuses 

    🪶rare patronuses 

        කියන කොටස් තුන.


🍁Common Patronuses.


සාමාන්යෙන් Wizarding World පාවිච්චි කරන අපේ ගොඩක් සහෝදර මායාකාරයන්ට සහ මායාකාරියන්ට තියෙන්නේ මේ වර්ගයේ patronuses ල තමයි🌞.wizarding world එකේ තියන common patronuses ල ගාන නම් තාම කොහෙවත් සදහන් වෙලා නෑ🐽.හැබැයි මේ වර්ගයේ patronuses ල තමයි වැඩියෙන්ම ඉන්නේ කියලනම් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්.

මේ වගේ common patronus එකක් ලබාගන්න ඔයාල වෙබ්සයිට් එකෙන් අහන ප්‍රශ්න පහකට උත්තර දෙන්න ඕනේ5️⃣. මම පහලින් දාල තියෙන්නේ common patronus ලට උදාහරණ කීපයක්⬇️.


💥Aardvark

💥Badger

💥Calico Cat

💥Dolphin

💥Eagle 

💥Falcon 

💥Greyhound 

💥Husky 

💥Irish Wolfhound 

💥Kingfisher 

💥Magpie 

💥Nebelung Cat 

💥Orangutan (ඔව් ඔව් ඔයා තමා😜)

💥Pheasent 

💥Rat 

💥Salamandor 

💥Tonkinese Cat 

💥Vole 

💥Weasel 

  මේ වගේ තවත් ගොඩක් Common Patronuses ල ඔයාලට Wizarding World එකේ ලැබෙන්න ඉඩ තියනවා.😊


🍁Unusual patronuses.


unusual patronusses ල කියන්නේ wizarding world එකේ දෙවෙනි patronus කොට්ටාශය. සමහරවිට ඔයාලට තියෙන්නේ මේ වර්ගයේ patronus කෙනෙක් වෙන්නත් පුළුවන්🤭. මේ වර්ගයේ patronus කෙනෙක් ලබා ගන්න ඕනෙනම් ඔයාට wizarding world එකෙන් දෙන පස්වෙනි ප්‍රශ්නෙට වෙනකම් හරි පිළිවෙලට උත්තර දීලා හයවෙනි ප්‍රශ්නෙකටත් උත්තර දෙන්න වෙනවා6️⃣. ඔයා පස්වෙනි ප්‍රශ්නෙට වෙනකම් පිළිවෙලට හරියට උත්තර දුන්නොත් ඊලග ප්‍රශ්නෙට යන්න කලින් පහලින් දානවා ඔයාට unusual/uncommon patronus කෙනෙක් ලැබෙන්නයි යන්නේ කියලා😍.

Wizarding World එකේ Unusual patronuses ල හරියටම 30 දෙනෙක් ඉන්නවා🙂.පහලින් මම දාල තියෙන්නේ ඒ තිස්දෙනාව⬇️.


⚡Bat 

⚡Black bear 

⚡Brown owl 

⚡Buffalo 

⚡Cheetah 

⚡Doe 

⚡Eagle owl 

⚡Elephant 

⚡Great grey owl 

⚡Hyena 

⚡Impala 

⚡King Cobra 

⚡Leopard/ess 

⚡Lion/ess 

⚡Little owl 

⚡Lynx 

⚡Orca 

⚡Oryx

⚡Peacock

⚡Polar bear

⚡Python

⚡Raven

⚡Rhinoceros

⚡Scops owl 

⚡Seal 

⚡Shark 

⚡Snowy owl 

⚡Stag 

⚡Tiger/ess 

⚡Vulture 

  ඔන්න ඔය ටික තමයි Unusual Patronuses ගණයට අයිති වෙන්නේ.🌜



🍁Rare Patronuses


Wizarding World එකේ Patronuses ලගේ තුන්වෙනි කොටස තමයි Rare Patronuses ල කියන්නේ😮‍💨.මේ ගොල්ලොන්ගේ එක patronus කෙනෙක් ඉන්නවා කියන්නේ ඔයාගේ personality එක ඉහලම වර්ගයේ එකක් කියල තමයි සදහන් වෙන්නේ.😉

වෙබ් සයිට් එකෙන් Rare Patronus එකක් ගන්න ඕනෙනම් ඔයාලට කලින් කිව්ව unusual patronus ව ගන්න ඕනේ ප්‍රශ්න හයටයි තව අමතර ප්‍රශ්නෙකටයි හරියට උත්තර දෙන්න වෙනවා7️⃣.ඔයා හයවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නොත් rare patronus කෙනෙක් හම්බෙන්නයි යන්නේ කියල පහලින් දානවා😼.ඉතින් හත්වෙනි ප්‍රශ්නෙට දෙන උත්තරවලින් මොන උත්තරේ තෙරුවත් අනිවාර්යෙන්ම ඔයාට rare patronus කෙනෙක්ව ලබාගන්න පුළුවන්🙃. Rare Patronus ගණයට අයිති වෙන්නේ මායා සත්වයින් විතරයි.🦄

wizarding world එකේ rare patronuses ල 10ක් ඉන්නවා🔟.මම පහලින් දල තියෙන්නේ ඒ දහදෙනාව..⬇️


💫Abraxan winged horse 

💫Dragon 

💫Erumpent 

💫Fire Dwelling Salamander 

💫Granian winged horse (මට ඉන්නේ මේකෙක්)

💫Hippogriff 

💫Occamy 

💫Runespoor 

💫Thestral 

💫Unicorn 

  check කරලා බලන්න,සමහරවිට ඔයාලට ඉන්නෙත් rare patronus කෙනෙක් වෙන්න පුළුවන්😉.


ආටිකල් එක ඉවර කරන්න කලින් තවත් පුංචි දේවල් ටිකක් තියනවා කියන්න..🤥


🔥ඔයාට තියෙන්නේ common patronus එකක්ද, Unusual patronus එකක්ද, Rare patronus එකක්ද කියන එක අනුව patronus එකේ බලය වැඩි වීමක් හෝ අඩු වීමක් හෝ වෙන්නේ නෑ. personality එක වෙනස් වෙන එක විතරයි මේකෙන් වෙන්නේ. *හැම patronus එකකටම තියෙන්නේ එක සමාන බලයක්.*

🔥Albatross patronus එක rare ගණයට අයිති නොවුනත් දැනට wizarding world පාවිච්චි කරන අයගෙන් අඩුම ගානකට තියෙන්නේ albatross patronus එක.

🔥Phoenix patronus එක තියෙන්නේ ඇල්බස් ඩම්බල්ඩෝ ට විතරයි.ඒ නිසා වෙබ්සයිට් එකෙන් phoenix එකක් ලබාගන්න එකනම් කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්.(දුක තමා..ඌ laccanai🥲💔)


ඔන්න එහෙනම් අදට මගේ ආටිකල් එක මෙතනින් ඉවර කරනවා.අපි ආයෙත් පස්සේ දවසක හම්බවෙමු.මම Marcus Belby.🌚🙌

Report Page