Part IV
හොල්මන් 🔆කතා⚠️⚠️⚠️
ඌ මුලින්ම ලයිටරේ පත්තු කරල දුන්න වෙලාවෙ ඉඳලා වංගු දෙක තුනක් යනකම් ඔය විදිහටම ඒ යකා ඉඳලා තියෙනවා. පහුකරන හැමවෙලේම ඌ අපි දිහා බලලත් තියෙනවා. කඩෙන් නතර කරාට පස්සෙත් මූ අරුන් එනකම් පාර බලන් ඉද්දි ඔය මිනිහම පයින් පයින් එනවා දැකලා තියෙනවා. එතකොටම අපේ උන් දෙන්නත් ඇවිත් නිසා නැතිවෙලා ගිහින් තියෙනවා..
තේක බීලා යන්න ලෑස්ති වෙලා අරූ ෆොටෝ ගන්න ගියපු වෙලාවෙ මුන් දෙන්නා ඉද්දි අර යකා එකපාරට එතන මතුවුනා වගේ සීන් එකක් වෙලා තියෙන්නේ. මල්ලි මල්ලි කියනකොට ලු මුන් දෙන්නා දැක්කෙ ඌව.
මූට ෂොක් උන පාර තමයි බයික් එක අනිත් එකාට ගන්න කියලා ඌ වීඩියෝ කරගෙන ඇවිත් තියෙන්නේ.. මොකද අපි ඌව විශ්වාස කරන එකක් නෑ කියලා..
වීඩියෝ කරන් එද්දි අරූ හෝන් ගහනවත් දැකලා තියෙනවා, අර යකා පාරෙ ඉන්නවත් දැකලා තියෙනවා..
නාගසලං වෙන සීන් එක තමයි ඊටපස්සේ කිව්වෙ..
අපිව පාස් කරන් මුං ඉස්සරහට යන හැම වතාවකම අපේ බයික් එකේ මට පිටිපස්සෙන් අර යකා ඉඳන් ඉන්නවාලු.. ආයෙ අරූට කියලා ස්ලෝ කරලා බලද්දි මොකෙක්වත් නෑලු..
දැන් ෂුවර් එකටම බඩු පත්තුවෙලා තියෙන්නේ 🙂
ප්රශ්න ගොඩයි..
1. මුලින්ම හම්බෙනකොට පන්මලු පොර අපි ආපු පැත්තට යන ගමන් ඉඳලා තියෙන්නේ..අනික බයිසිකලේක..
2. කඩේ ලඟදිත් මිනිහා මට හම්බෙනකොට ඒ පැත්තටම යන ගමන් හිටියෙ. (සල්ලි අරන් කඩේට ගියාට. කඩේ ඇතුලට කවුරුත් ඇවිත් නෑ. ඒ කඩේ බීඩි, සිගරට් මොකුත් ඇත්තෙත් නෑ. අපෙ උන් අහලා තියෙනවා) අනික කෝ බයිසිකලේ??
3. අරූ හෝන් එක ගහනකොට මිනිහා අපි යන පැත්තටම යමින් ඉඳලා තියෙන්නේ..
4. බයික් එකේ අපිත් එක්කම.. 🙂👍
මොන කුණුහර්පයක්ද??
එදා එළිවෙනකම් ඇහැරලා.. අලියා ගැහුවත් කමක් නෑ.. යකෙක් ගහලා මැරෙන්න බය ජීවිතේ පලවෙනි වතාවට ඇවිත් තිබුන..යන්තම් එලිය වැටෙද්දි ආපහු අකුලගෙන ආවා. ආව නෙමෙයි එවුනා..
ඇවිත් පැය දෙකක් විතර මඟ එනකොට තුන්දෙනාටම උණ, ඔළුව උස්සගන්න බෑ ගල් පටවලා වගේ..
දවස් තුනක් හතරක් ඇඳේමයි!
අරූට කිසි හෙනයක් නෑ..
ඊටපස්සේ හිතේ බය සෑහෙන්න තිබුනත් අපිට ඕක ඇත්ත නැත්ත දැනගන්න වත් ක්රමයක් තිබුණෙ නෑ. මාස ගානකට පස්සෙ අලුත් ජුන්නොන්ගෙ බකට් එකේදි සූරියකන්දෙ එකෙක් සෙට් උනාම මං ඕක නිකං අහලා බැලුවා..
මල්ලි , ඔය පැත්තෙ හොල්මන් සීන් එහෙම තියෙනවා ද මඟ පාරෙ එහෙම??
අයියෙ, බීඩිවත් අරන් දුන්නද?? ඌ ඇහුවෙ එච්චරයි.. මාව කැරකෙන්න වගේ ආවා..
පස්සෙ අරුන්වත් ගෙන්නලා බෝඩිමේ කතාව අහගත්තා.
ඉස්සර කලබල කාලේ ඔය සූරියකන්ද වදකාගාර සීන් එක සැරටම ගියාලුනෙ. ඔය අපි පලවෙනියෙන් නැවතුන වංගු හරියෙ ඉඳන් ඉස්සරහට එනකම් වංගුවල , වංගුවෙන් වංගුවට කොල්ලො, කෙල්ලො මරලා දාලා තිබ්බලු. සැරයක් ඔය වත්තක කොල්ලෙකුයි එයාගේ බඳින්න හිටපු කෙල්ලයි යාළුවො දෙන්නෙකු යි අර කොල්ලගෙ මල්ලියි අරන් ගිහින් තියෙනවා. වද දීලා දීලා ජිප් එකේ දාගෙන ඇවිත් අර හෝන් ගහපු බෝක්කුව ලඟ වංගුවෙ කොල්ලව බස්සලා දුවපන් කියලා තියෙනවා.. පට්ට කොල්ලෙක් කියන්නෙ ඌ කියලා තියෙනවා කෙල්ලො තුන්දෙනාව අතාරින්න , මං එතකන් ඉන්නවා කියලා..
ඒ පාර කොල්ලව බැඳලා පාරදිගෙ දෙවනි වංගුවට ඇදගෙන ඇවිත් එතනින් කෙල්ලව බස්සලා දුවපන් කියලා තියෙනවා දෙන්නට. අර ගෑනු ළමයාව දුවන්න නෙමෙයි හිටගන්නවත් බැරිවෙන්න රේප් කරලා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නේ. ඊටපස්සේ ආයෙමත් ගෑනු ළමයවත් බැඳලා අර කඩේ තියෙන තැනට ඇදගෙන ඇවිත් අනිත් තුන්දෙනා වත් බස්සලා එතන තියලා ඔළුවලට එකපාර වෙඩි තියලා තියෙනවා පෝලිමට තියලා..
ඒ කොල්ලගේ තාත්තා තමයි අර කඩේ සීයා..
ඒ මනුස්සයා එදා ඉඳල අවුරුදු ගානක් අපි යනකනුත් හැමදාම කඩයක් දාල එතන ඉන්නවාලු. පුතාව ජීවත්වෙලා ඉද්දි පරිස්සම් කරගන්න බැරිවුනා. ඒ වෙනුවට ජීවත්වෙලා ඉන්න ළමයි කවුරුහරි පරිස්සම් කරගන්න ඕනේ කියලා එයා ඉන්නවලු. එයා මැරිලා නෑ.. (මේ වෙද්දි කොහොමද දන්නෑ)
එතකොට අර පන්මල්ල අරන් එන කෙනා, ගෑනුලමයගෙ මාමෙක්ලු. එයා තමයි හදාගෙන තියෙන්නේ ඒ දුවව.. අර මරලා දාලා හිටපු විදිහට දුක වාවගන්න බැරිව එයාත් මැරිලා තියෙනවා.. එදා ඉඳල තරුණ කොල්ලො, කෙල්ලො යන එන වෙලාවට එයාව හම්බෙනවලු. මඟදි කරදරයක් වෙයි කියලා ගමන යනකම් එයාත් යනවා කියලා ලු ගමේ කියන්නෙ.
ඒ වගේම බීඩී බොන්න හරි ආසයිලු. ගිනිපෙට්ටියකින් පත්තු කරලා දුන්නොත් ගිනි කූරු ඉවරවෙනකම්ම එයා එනවලු සැරින් සැරේ, ගිනි පෙට්ටිය දීලා දැම්මම කරදරයක් නෑලු. අර සීයා අපිට ඒකයි ගිනිපෙට්ටියක් දෙන්න හදලා තියෙන්නේ..
මරණය සමහරවිට අපිට සැනසීමක් උනාට අපි වෙනුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට මාර ෂොක් එකක් වෙන්න පුළුවන්..
හොල්මන් , අද්භූත මරණීය අත්දැකීමක් ම නෙමෙයි අතිශය සංවේදී කතන්දරත් හැංගිලා තියෙන්න පුළුවන් 💔🥃
End ✊
වචන භාවිතය අවුල්ද දන්නෑ, ඒ විදිහටම ලියල දැම්මා.. සමහර අවුල්සහගත වචන ඇති ඒවට කමත්වා 🤝