Part III
හොල්මන් 🔆කතා⚠️⚠️⚠️
"ඕයි, තෝ කාටද අර වැනුවෙ?? කලින් කෑල්ලවත් හිටියද පාරට වෙලා?? " මං ආතල් එකටත් එක්ක ඇහුවා..
"ඇයි බං අර උඹ කඩේ ඉද්දි පොරක් ආවනෙ බයික් ලඟට, අපි අරූව චාටර් කර කර ඉද්දි. ඌ ගින්දරත් ඉල්ලන් බීඩියකුත් පත්තු කරන් ගියේ , ඒ උනාට මං මේ කල්පනා කරා ඌට එච්චර වේගෙන් එන්න බෑනෙ යකො මේ හරියට.."
"එච්චර හයියක් නෙමෙයි යකො, එතන මොන pacecවත් හිටියෙ නෑ.. "
"ආතල් නොදී මට කියපන් සිරාවට මොකද උනේ කියලා.. "
මං මුගෙන් ඇහුවා.. අනික හිටියනම් මමත් දකින්න එපැයි.. මූ කියනවා හිටියමලු. බයික් එකේ එලියට මූ දැක්කෙ පාර මැද වගේ ගිහින් , අයිනට උනාලු. ඒ පාරලු මූ අත වැනුවෙ අඳුනගත්ත නිසා...
කොහෙද යකො එහෙම එකෙක්??
දැන් අපි දෙන්නට හොඳටම ෂුවර් මොකක්හරි මඟුලක් වෙන්න පටන් අරගෙන තමයි කියලා.. හැබැයි අනිකා බයවෙයි කියලා ඌ මට කියලත් නෑ, මං ඌට කියලත් නෑ. කෑම්ප් කරන තැනට යනකම් යමුකො කියලා හිතේ තියන් ඉඳලා.. ඔය වෙද්දි වෙලාව හරියටම 10.23 .
මොකද මම වෙලාව බැලුවා අරූ සොනික් වගේ ඇවිත් ද බලන්න..
ඒ කියන්නේ අපි දැන් පැය තුනක් විතර ගමනේ! මැප් එකේ තිබ්බෙත් පැය දෙකයි ගානකින් යන්න පුළුවන් කියලා.. කමක් නෑ කියලා දැන් අපිට ඇත්තටම ඕනෙ එකම දේ මේ බයික් එකේ ගමන පුළුවන් ඉක්මනට නවත්තන්න. ඉඩ තිබ්බොත් පාර අයිනෙ හරි ටෙන්ට් එක ගහන්න තරම් මට හිතිලා තිබ්බෙ සිරාවට 💔
අපි ටික ටික වංගු වංගු එක්ක උඩට නගින්න අරන් කියලා තේරුණත් , ලොකුවට වටපිටාව පේන්න තිබ්බෙ නෑ. දෙපැත්තෙම කැලේ නිසා, අපි ඔන්න සූරියකන්ද ගල්පාරටම ආවා..
ගියපු උන් දන්නවා පාරෙ හැටි..
බයික් එකේ යනවට වඩා ගොඩක් තැන්වල බැහැලා ගියේ.. ඔහොම බැහැ බැහැ නැග නැග ඉන්න බෑ කියලා, පදින උන් දෙන්නට බයික් දෙක අරන් උඩටම අරන් යමන් කියලා මායි අනිත් එකයි (මූට තාම ඔය එකෙක්වත් පෙනිලත් නෑ, ඌ තමයි සිද්ධියට අදාල නැති හතරවෙනි එකා) පයින් හෙමීට උඩට ගියා..
මූ මගෙන් යන ගමන් අහනවා..
"අරුන් දෙන්නා අපිට හොරෙන් මොනවහරි කරලා වගේ, මන් ෆොටෝ ටිකක් ගහන් එන්න එහාපැත්තට ගිහින් එද්දි මුන් දෙන්නා කතාකරනවා කියපන්කෝ තනියම 😂 ඒ මදිවට කොටා අරූට ලයිටරේ පත්තු කරන විදිහත් පෙන්නනවා අතින් වහ වහා .. "
Wtf??
මං මොකුත් කියන්න ගියෙත් නෑ, ඕකුන්ට පිස්සුනෙ බං කියලා නිකං හිටිය..
"ඒ මදිවට අරූ හයියෙන් යන්න ගත්තම ස්ලෝ කරන්න ස්ලෝ කරන්න කියනවා. මටනම් එපා වෙලා හිටියෙ උඹලගේ පස්සෙන් ඇවිත්ම රෙද්ද" ඌ එහෙම කතාවකුත් කිව්වා..
හැබැයි කඩේ ලඟින් ආවත් හරි අර මුලින්ම ලයිටර් සීන් එක සෙට්වුන මාත් එක්ක බයික් එකේ ආපු එකා කතාබහ අඩුවුනා. පයින් යන්න ඌට කම්මැලි නිසා මෙතනදි බයික් එක ගත්තට එතකන් ඌ පිටිපස්සට වෙලා ෆෝන් එක ඉස්සරහට ගහගෙන වීඩියෝ කරගෙනමයි ආවෙත්..
කොහොම හරි අපි කෑම්ප් කරන තැනට ගියා.. දොළහයි නවයයි වෙලාව අපි බඩුටික අස්කරන්න ගද්දි. උඩ පොලීසියෙ සෙට් එකත් ඇවිත් ඒ අස්සෙ කියනවා මෙතනින් අලියා යනවලු.. පිඹිනවා ඇහුනොත් උඩට දුවන් එන්නලු. පල්ලෙහා ට එපාලු.. 🙂
රත්වෙලා ඉන්න වෙලාවට තවත් අලියෙකුත් මතක් උනාම සෝක්,
මොකක්හරි කියලා කෑම්ප් එකත් ගහලා සින්දුවක් කියලා, සාකච්ඡා ආරම්භකරාට පස්සෙ අපි ඉතින් හෙමීට හෙමීට ලයිටර් සීන් එකටත් ආවා..
මාත් එක්ක ආපු , මුලින්ම ලයිටර් සීන් පොර එකපාරට කිව්වා ඌ පත්තු කරාට බීඩිය පත්තු උනෙත් නෑ බං, හැබැයි දුම ගියා. මාත් එහෙම්මම අරන් ආවා. දැන් මතක් උනේ කියලා..
අනිකා කියනවා (හෝන් ගහපු එකා) අඩෝ කඩේ ලඟ එකාගෙත් cri දුමක්නම් ගියා.. උගෙ පන්මල්ල ගිනිඅරන් කියලා මං හිතුවෙ කියලා..
මං එකපාරට ඩිම් උනා.. යකො පන්මල්ලක්??
මගෙන් සල්ලි ඉල්ලපු එකාත් පන්මල්ලක් අරන්නෙ හිටියෙ..
මං එකපාරට ඇහුවා කොළ සරම් කාරයෙක්ද කියලා.. රතු තිලකයක් තියලා හිටපු..
අර ලයිටර් සීන් එකා කියනවා "යකො, කළු ඉරි ඉරි ෂර්ට් එකනෙ. එහෙනම් තොපි දැක්කෙ නෑ කිව්වෙ ලබ්බක්ද pgo" කියලා..
හෝන් ගහපු එකා මගෙන් අහනවා , එතකොට බෝක්කුව ලඟ හිටපු එකා උඹ දැක්කෙ නැත්තෙ ඇයි කියලා??
එතකන් ඒක නොදැන හිටපු ලයිටර් පොර කිව්ව කතාවෙන් තමයි අම්මටසිරි උනේ අපිට..
Continue from part IV ⚠️⚠️⚠️