Part II
හොල්මන් 🔆කතා⚠️⚠️
කියලා ඇහුවට කාටවත් ලොකුවට ගානක් ගියෙ නෑ, මූ ආතල් දෙනවා වෙන්නැති කියලා ආයෙම ජෝක් එකක් කරලා ඒක එහෙම්මම අතෑරිලා ගියා. ඒ අස්සෙ එකෙක් අරූට බනිනවා තියෙන්නෙත් එක ලයිටරයයි තෝ ඕක එක එකාට දුන්නම ඇම්ට දෙක ගහලද පත්තු කරන්නෙ කියලා 💔
ගැම්මට ගියාට අවංකවම හිත ඇතුලෙන් ඒ උනාට පොඩි එකක් තිබිලා තියෙනවා හැමෝටම ඒ වෙලාවෙ, මොකද අපිව පාස් කරන් සයිකලයක් තියා මෙලෝ රෙද්දක් ගියේ නෑ..
ඉතින් අතනින් පිටත් වෙලා තව වංගු දෙක තුනක් අරන් මීටර් 600 වගේ යන්න ඇති, දෙයියනේ කියලා කඩයක් තියෙනවා..
අපි අර හීන මවන, පොඩි ලන්තෑරුම් තියෙන , රොටියයි ප්ලේන්ටියයි ගහලා ජීවිතේ විඳින්න තියෙන ලෙවල් එකේ කඩයක්. කඩයක් නෙමෙයි ඇත්තටම පොඩි පැලයක් වගේ.. මොකක් උනත් කමක් නෑ දැන් ඕකට නිකම්ම යැවිලා ඉවරයි අපේ බයික් එක. අරුන් දෙන්නත් පස්සෙන් එන නිසා මගේ යාළුවා පාරට වෙලා ඉන්න අතරෙ මම ඇතුලට ගියා..
වයසක අංකල් කෙනෙක් ඉන්නවා. සීයෙක් තමයි අවුරුදු 65-70 වගේ වයස ඇති..
බලද්දි රොටී තියෙනවා.. අර පරණ බොයිලේරුවක් තියෙන්නෙ, වතුර පැහෙනවා. ආයෙ ඉතින් සුපිරි වෙලාවෙ හැටියට!
රොටි ටිකක් ගමු සීයෙ කියලා අරුන්ව බලන්න එලියට යන්න හදද්දි උනුත් ඇවිත්. හරි කාපල්ලකො කියලා උණු උණුවෙ රොටි ටික බඩට දාගෙන කයියක් ගහගෙන ඉන්නවා අපි. තාම අරූ ලයිටරේ දුන්න එක, ඌව බයිට් කරනවා තොට 🚬 එකට වැදුනද , කයියනම් කොහොමද කියලා..
අරූ හත්පොළේ දිවුරනවා අපේ ආච්චිලගෙ ඉඳන් pago මං කියන්නෙ ඇත්ත කියලා..
ඔන්න දෙවනි සීන් එක..
සාමාන්‍යයෙන් රොටි සැරට කාලා ප්ලේන්ටියක් එක්ක ඉතිං දිව්‍යලෝක රසනෙ, ඉතිං ඕක නිදහසේ රසවිඳින්න කලින් චූ බරක් තිබුන නිසා ඒක නිදහස් කරගන්න මං ආවා කඩෙන් එලියට. චුට්ටක් එහාපැත්තට ගිහින් වැඩෙත් කරලා , වටපිටාව පොඩ්ඩක් බලනකොට තේරුනෙ අපි යන්න ඕනෙ උඩට කියලා. ඒ කියන්නේ අර වංගු කැරකි කැරකි ගියාට හරියට බැලුවොත් කෙලින්ම උඩ තමයි පාරෙ කෙලවර තියෙන්නේ.. තව ප්‍රධාන පාරක් ඇති නෙ කියලා හිතුනා මොකද ලයිට් ටිකක් වදිනවා, හරි එලියයි උඩ හරිය..
ඕක දිහා බලන් ඉද්දි මට "මල්ලි මල්ලි " කියලා කවුරුහරි කතාකරා. බලද්දි දෙමළ කෙනෙක් වගේ, පොඩි මල්ලකුත් අරන් කඩේ පැත්තකින් පාර පැත්තට වෙලා ඉන්නවා. මල්ලිලා ගමනක් යනවද? එහෙම අහලා හොඳට කතාබහ කරලා මල්ලි ලඟ තියෙනවනම් මට රුපියල් පනහක් දෙනවද, බස් එක මඟෑරැනා මල්ලි. තනියම යන ගමන් බීඩියක්වත් ගන්න ඕනෙ ඒකයි කියලා..
කන බොන මිනිස්සුන්ට ඉතින් අපි Anything for you සුද්දනෙ 😌
පනහට සීයක් දුන්නා මම. මනුස්සයත් ඒක අරන් කඩේ අස්සට ගියා, මම ඉතින් තව ටිකක් හිටියා එළියට වෙලා. මාර ලස්සනයි ඒ scenario එක..
ටිකකින් තේ ටික අරන් අරුනුත් එලියට ආවා.. මං අර සීන් එක කියන්න ගියෙත් නෑ, මට ගානකුත් නෑ ලොකුවට අර මනුස්සයා යන්න ඇතිනේ කියලා අපි එතන වැඩ ඉවර කරගෙන යන්න ලෑස්ති උනා.
සල්ලි තිබ්බෙ මං ලඟ නිසා ගෙවන්න යද්දි අර සීයා අපි ගියත් හරි පලවෙනි වතාවට කතාකරා මාත් එක්ක,
"මහත්තයලා සූරියකන්දට යනවද??"
"ඕ මාමේ, තව චුට්ටයි නේද??"
"මහත්තයලා සිගරට් එහෙම බොනවාද??"
"ඈ??"
"නෑ මහත්තයලා ලඟ ගින්දර එහෙම තියෙනවා ද??"
මොන ලබ්බකට එහෙම ඇහුවද මන්දා..අනික ගින්දර ගැනම මොකටද?? මට ඕක ටිකක් ඔළුවට වැදුන..
"නෑ මහත්තයලා පින්නෙ ගිහින් ගිනිපෙට්ටි සීතල වෙයි, ෂොපින් එකකවත් ඔතන් යන්න ඕවා" කියලා එයාම ආපහු කිව්වා..
"ආ නෑ මාමේ, ලයිටර් තියෙනවා. අවුලක් නෑ.. අපි ගිහින් එන්නම්කො"
අපි ආවා එන්න. මං එලියට එද්දි අරුන් තවත් එකෙක්ව බයිට් එකක් පටන් අරන් නිසා ඒකත් එහෙම්මම අතෑරිලා ගියා..
අපි ආයෙ පටන්ගත්තා ගමන එන්න. දැන් බයික් මාරු උනා, මාත් එක්ක ආපු එකා අනිත් එකේ , ඒකෙ ආපු එකා මගේ එකේ. අපි දැන් කතාකර කර යනවා..
ටික දුරක් යද්දි පාර අයිනෙ බෝක්කු කැටයක් තියෙන හරියකදී අරූ හෝන් එක ගහන් අත් වනාගෙන යනවා. මට ට්‍රැක.. කාටද මූ අත වැනුවෙ??
Continue from Part III ⚠️⚠️⚠️