😲 Overthinkng 😲
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
ඉස්සර මට තිබුන ගැටලුවක් තමයි overthinkng කරන එක..විශේෂයෙන්ම AL වලට පාඩම් කරන වෙලාවට තමයි මේක උනේ..තනියම ඉන්න වෙලාවට ගොඩක් හිත රිදෙන දේවල් තමයි මතක් උනේ...ඒක දිගේ තව තවත් හිතන එක නවත්තන්න බැරි උනා...
❤️ඒත් මගෙ හිත දන්නවා කොහොමහරි පාඩම් කරන්න ඕනෙ කියල ...මම පස්සෙ යාලුවෙක් එක්ක එකතුවෙලා පාඩම් කරන්න ගත්තා....ඒ දවස්වල overthinkng ගැන මුකුත්ම දෙයක් මන් දැනගෙන හිටියෙ නෑ...
පස්සෙ මන් දැන ගත්තා මේක මට වගේම තවත් අයට වෙන දෙයක් කියල....පහුවෙද්දි මන් ඒ ගැන තව දේවල් හොයල බැලුවා..
මනස කියන්නෙ අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන දෙයක්...ඉතින් ඒ ගැන ඉගෙන ගන්නත් මට ආසාවක් ආවා...මගෙ මූලික උපාධියට අමතරව මනස ගැන ඉගෙන ගන්නත් මන් තීරණය කලා...කාලයත් ඒක්ක overthinkng පාලනය කර ගන්නත් මට පුළුවන් උනා..
Overthinkng පාලනය කරන්න පුළුවන් වෙන්නෙ ඔයාටමයි...
❤️Overthinkng කියන්නෙ ගොඩක් වෙලාවට අපේ අතීතයෙ අමිහිරි මතක ගැන මතක් කරනවා වගේම අනාගතයෙ වෙන්න පුළුවන් නරක දේවල් ගැන මතකයට එන එකනෙ...
අතීතය කියන්නෙ සම්පුර්ණයෙන්ම සිදු වෙලා අවසන් දෙයක්...ඒ ගැන කිසිසේත්ම මතක් කරල වැඩක් නෑ....අනාගතය කියන්නෙ තාම වෙලා නැති දෙයක්...ඒ ගැන නරක දේවල් මතක් කරන්න කරන්න ඔයාට තවත් නරක දේවල්මයි ඔයාගෙ ඔලුවට එන්නෙ...
❤️අපේ අවට තියන හැම දෙයක්ම හැදිලා තියෙන්නෙ ශක්තියකින්...හැම දේකටම ශක්තියක් තියනවා ...සිතුවිලි වලටත් ශක්තියක් තියනවා ..ඔයා රින දේවල් හිතන්න හිතන්න ඔයාට තව තවත් ආකර්ෂණය වෙන්නෙ රින දේවල් විතරයි ....ඒ වගේම ඔයා සතුටු හිතෙන දේවල් හිතන්න හිතන්න ඔයාට ආකර්ෂණය වෙන්නෙ සතුටු දේවල් පමණයි ....ඔයා මේ දේ දන්න කෙනෙක්නම් නරක ඔයාට වෙන්න පුළුවන් නරක දේවල් හීනෙකින්වත් හිතන එකක් නෑ...ඒක ඔයාටම වල කපා ගන්නවා වගේ වැඩක්...
ඉතින් ඔයා overthinkng කරන කෙනෙක්නම් ඔයාගෙ අනාගතය ගැන හීන ඇතිනෙ....ඔයාට යන්න ඕන targets ඇතිනෙ....ඒ දේවල් ඔයා ලගා කර ගත්ත විදියට මනසින් දකින්න...ඔයා ඒ දේවල් විදින විදිය මනසින් දකින්න...ඒ හීන් ඔයා ලගා කර ගත්තට පස්සෙ ඔයා සතුටු වෙන විදිය මනසින් දකින්න...මේක හැම දවසකම කරන්න..
ඒ වගේම ඒ දෙවල් වෙනුවෙන් මේ මොහොතෙ මහන්සි වෙන්න....
ඒ වගේම ඔයා මේ දේත් practice කරන්න...ඔයාට හැම දවසකම ලැබෙන දේවල් වෙනුවෙන් විශ්වයට ස්තූති කරන්න....ඔයාට අද දවසෙ ලැබුන දේවල් කරුනු විදියට note කර ගන්න්...ඔයා පාඩක් කරන්න මේසයක් තියනවා...ඔයාට ඉගෙන ගන්න පහසු වෙන්න phone එකක් තියනවා ...මේ විදියට note කර ගන්න්...ඒවට ස්තුති කරන්න.....
ඒ වගේම ඔයාගෙ වටිනාකම ඔයාම වැඩි කර ග්න්න....පුළුවන් හැම දෙයක්ම ඉගෙන ගන්න...ඒ වෙනුවෙන් මහන්සි වෙන්න....
මන් හිතනවා overthinkng කරන අයට මේ ලිපිය වැදගත් වෙයි කියල....
මම මධූ......