Occupational Therapy

Occupational Therapy

Study with CHILL
වෘත්තීය චිකිත්සාව ( Occupational Therapy )

#Degree_details_part 21

#occupationaltherapy_UOK

වෘත්තීය චිකිත්සව

( Occupational Therapy )


වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය යනු පුද්ගලයින් තුල පවතින කාර්‍ය්ක හා මානසික රෝග සදහා ප්‍රතිකාර කිරීම සදහා යොදාගනු ලබන ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයකි.


භටහිර වෛද්‍යය විද්‍යාවට අයත් ප්‍රතිකාර ක්‍රමවේදයක් වන වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ කිසිදු ඖෂධ භාවිතයකින් තොරව සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් වීමයි.

ප්‍රතිකාර කිරීම සදහා ක්‍රමවත් හා නිවරදි ප්‍රතිකාර ක්‍රියාවලියක් භාවිතා කරයි..

(Evidence based practice )


එමෙන්ම වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයේදී රෝගියාහට සන්කූලතාවයන් (side efects) අතිවීම ඉතාම අවමයි.


🔲 වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය වන්නේ කුමන රෝග තත්වයන් සදහාද ???????


පෙර සදහන් කල පරිදි වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය කාර්‍ය්ක හා මානසික රෝග ගනනාවක් තිබේ. නමුත් අද්‍යනයේ පහසුව උදෙසා එම රෝග තත්ව කොටස් තුනක් යටතේ විස්තර කල හැකිය..


01..Rheumatological conditions

02.. Neurological conditions

03.. Psychiatric conditions.

Pediatric conditions.

💠💠💠💠💠

කුඩා වයසෙදී දරුවන් මුහුන දෙන ඇතැම් රෝගාබාධ නිසා දරුවන්ගේ සාමාන්‍ය කාර්‍ය්ක ,මානසික හා සමාජීය වර්දනයේ ගැටලු ඇතිවිමේ හැකියාවක් පවතී.

එමගින් දරුවන්ගේ අද්‍යපනය, එදිනෙදා වැඩකටයුතු, දරුවන්ගේ හැසිරීම් රටා හා සන්නිවේදනය නිවරදිව පවත්වාගෙන යාමට බාදා ඇතිවිය හැකිය. මෙම බලපෑම ඇතැම් විට කෙටි කාලීන විය හැකි අතර ඇතැම් විට දීර්ඝකාලීන විය හැකිය. මෙවැනි දීර්ඝකාලීන බලපෑම ඇතිකල හැකි රෝග ගනනාවක් පවතී.

බොහෝමයක් එවන් රෝග වලට සාර්ථකව ප්‍රතිකාර කිරීමට වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර භාවිතාවේ.

පහත දක්වා ඇත්තේ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය එවන් ලමා රෝග අතරින් කිහිපයකි...

◾Autism

◾Mental retardation

◾Cerebral palsy and Developmental delay

◾Spina bifida

◾Down syndrome

◾Post-surgical recovery

◾Orthopedic injuries

◾Burns


.................................................................


Psychiatric conditions

💠💠💠💠💠

ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ලෝකයේ සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන්ම එක්කෙනෙක් ජීවිතේ කුමන හෝ අවස්තාවක මානසික සෞඛ්‍ය ගැටලුවක් නිසා පීඩා විදින බව ලෝක සෞඛ්‍ය සන්විදානය පවසයි.

එවන් මානසික සෞඛ්‍ය ගැටලු මගින් මිනිසාගේ කාර්‍ය්ක, සමාජීය යහපැවැත්මට බාදා ඇතිවිය හැකිය. නිවරදි ප්‍රතිකාර වලට යොමුවීම මගින් එම රෝග තත්වයන් අවම කරගැනීමට හෝ පාලනය කරගැනීමට හැකියාවක් ඇත. මෙහිදී වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ඉතාම වැදගත් වේ..

පහත දැක්වෙන්නේ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය වන මානසික රෝග අතරින් කිහිපයකි..

◾Schizophrenia

◾Bipolar affective disorder

◾Depression

◾OCD

◾Panic attack

◾Post tromatic stress disorder

◾Personality disorders

◾Dementia

.................................................................


Physical conditions

💠💠💠💠💠

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මගින් ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර ලබාගත හැකි කාර්‍ය්ක රෝග ගනනාවක් තිබේ. කාර්‍ය්ක රෝග සදහාවන පුනුරුත්ථාපන ක්‍රියාවලියේදී වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ඉතා වැදගත්වේ.

පහත දක්වා ඇත්තේ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය කාර්‍ය්ක රෝග අතරින් කිහිපයකි..

◾Stroke

◾Brain injury

◾GBS

◾Orthopedic injuries

◾Arthritis (Rheumatoid arthritis, Osteoarthritis)

◾Cut injury

◾Burns

◾Spinal cord injury

◾Parkinson

◾Post-Plastic Surgery recovery

...............................................................


ඉහත සදහන් කර ඇත්තේ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි රෝග අතරින් කිහිපයක් පමනි. තවත් රෝගාබාධ ගනනාවකටම ඉතාමත් සාර්ථක වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර තිබේ.


🔲 වෘත්තීය චිකිත්සාවෙදී භාවිතා වන ප්‍රතිකාර ක්‍රම මොනවාද ???????


ඔබ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර සදහා වෘත්තීය චිකිත්සකවරයෙක් හමුවට පැමිනි පසු වෘත්තීය චිකිත්සක වරයා ඔබව නිවරදි හා ක්‍රමවත් ඇගයීමකට (Assesments) ලක්කරනු ලැබේ.


එමගින් ඔබගේ රෝගයේ ස්වාභාවය හා අනෙකුත් අනුකූල සියල්ල පිලිබදව ඉතා නිවරදි අවබෝධයක් ලබා ගෙන ප්‍රතිකාර සිදුකිරීම ආරම්භ කරයි.

එනිසා රෝගියාගෙන් රෝගියාට රෝග තත්වය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් විය හැක..

ඒ සදහා සුවිශේෂී හා ක්‍රමවත් ප්‍රතිකාර ක්‍රම ගනනාවක් භාවිතා කරයි. පහතින් දක්වා ඇත්තේ ඒ අතරින් කිහිපයකි.

◾Theraputic activities

◾Behavior therapy

◾Psycotherapy

◾Scar management technique

◾Sensory integration therapy

◾Mental imagination therapy

◾Vertual Reality treatment

( VR treatments )

◾Home modification

◾ADL training

◾Splints and adaptations

◾Wheelchair and special sheets

(Prescription, assessment, training)


(ඉහත දක්වා ඇත්තේ කාර්‍ය්ක හා මානසික රෝග සදහා භාවිතා වන වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර අතරින් කිහිපයක් පමනකි.)


🔲 අපරට තුල වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ලබාගත හැකි ස්තාන මොනවාද??????


◾National Hospital ( ජාතික රෝහල් )

◾Teaching Hospital ( ශික්ෂණ රෝහල් )

◾Provincial Genaral Hospital

(පලාත් මහා රෝහල් )

◾District Genaral Hospital

(දිස්ත්‍රික් මහා රෝහල් )

◾Base hospital (මූලික රෝහල් )

◾Private hospital (පවුද්ගලික රෝහල් )

◾Army/Navy hospital (හමුදා රෝහල් )

◾Rehabilitation hospital

( පුනුරුත්ථාපන රෝහල් )

◾Private therapy centers

( පවුද්ගලික ප්‍රතිකාර මද්‍ය්ස්තාන)

◾Clinic (සායන)

◾Community mental health service

◾Home visit


වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර සදහා යොමුවන ඔබ සලකා බැලිය යුතු වැදගත්ම කරුන වනුයේ සුදුසුකම්ලත් වෘත්තීය චිකිත්සකවරයෙකු වෙත යොමුවීමයි.


මෙරට සුදුසුකම් සහිත වෘත්තීය චිකිත්සකවරු වශයෙන් වෘත්තීය චිකිත්සාව පිලිබදව

Higher Dip(SL) ,Bsc, Msc හෝ Phd මට්ටමේ සුදුසුකම් ලත් වෘත්තීය චිකිත්සකවරුන් හැදින්විය හැකිය.


සුදුසුකම්ලත් වෘත්තීය චිකිත්සකවරයෙකු යනු

◾ක්‍රමවත් සායනික පුහුනුවක්

◾නිවරදි විශයානුගත දැනුමක්

◾ප්‍රමානවත් ප්‍රායෝගික පුහුනුවක්

ලැබූ වෘත්තීකයින් වේ..


ඔබ නොදැනුවත්ව එසේ දැනුමක් හා පුහුනුවක් නොමැති ව්‍යාජ පුද්ගලයින් හරහා ප්‍රතිකාර ලබාගැනීම සිදුකලහොත් බොහෝවිට රෝග තත්වය තවත් වැඩිවීමට එය හේතුවක් විය හැක. එනිසා සෑම විටකම සුදුසුකම්ලත් වෘත්තීය චිකිත්සකවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම අනිවාර්ය වේ.


නිවරදි හා ක්‍රමවත් වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මගින් යම් රෝගාබාධයක් නිසා ඔබෙන් ගිලිහීගිය කුසලතා හා ශක්තීන් නැවත් වර්දනය කරගැනීමටත් කාර්‍ය්ක , මානසික හා සමාජීය වශයෙන් ස්වාධීන පුද්ගලයෙක් ලෙස නැවත සාමාන්‍ය ජීවන රටාවට අනුගත වීමටත් ඔබට හැකියාව ලැබෙනවා..

........................................................

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර පිලිබදව ඔබට වැඩිදුරටත් තොරතුරු දැනගැනීමට අන්තර්ජාලය බාවිතාකල හැක..


ඊට අමතරව පහත සදහන් Face book page හා YouTube chanal හරහාද තොරතුරු ලබාගතහැක..


Face book Page

◾Therapy center

◾Occupational Therapy sl

◾Psycotherapy

YouTube chanal

◾Occupational Therapy sl

..................................................................................


Supun Waduge

Occupational Therapist

Rehabilitation Hospital Ragama

Report Page