Never ending love-1💕

Never ending love-1💕

Moonlight





Episode 1❤️


"මොනා කරනවද මන්දා මේ මනුස්සයා.."



සාලෙට වෙලා එහෙට මෙහෙට ඇවිද ඇවිද ශනූ කුටු කුටු ගගා බනිනවා ශනූගේ අම්මට ඇහුනා..




"මොකෝ දුව මේ...කාටද ඔය බනින්නේ..."




"අයියෝ මේ කේශ්ට ඩේට් වලට යන්න එන්න කියනවට වඩා හොදයි අම්මා මන් තනියම ගියානම්...බලන්න දැන් කීයද වෙලාව...බ්‍රෙක්ෆස්ට් එකට හොද ස්පොට් එකක් හොයාගත්ත නිසා කලින් එන්න කිව්වා...දැන් බලන්න වෙලාව 9.30 යි...



හම්..."




"අයියෝ ඔයත් පොඩි බබෙක් වගේනේ දුව...ඒ ළමයට මොකක් හරි වැඩක් වැටෙන්න ඇති..."




"ඔව් ඔව්...එයාට නිකන් ලෝකෙම ලොකුම කම්පැනි එක තියෙනවා වගේ තමා එයා හැසිරෙන්නේ....මටත් ඕනි තරම් වැඩ තියෙනවනේ...මම ඩොක්ටර් කෙනෙක් වෙලත් මෙච්චර ෆ්‍රී එකේ ඉන්නවා...එයාට බෑ මන් වෙනුවෙන් වරුවක් වෙන් කරන්න..."



"අයියෝ හරි හරි....දැන් ඒ ළමයා ආවාම බනින්න එපා හොදේ...පුදුමයි ඒ ළමයා එච්චර හයි හත්තිය තියෙනවා වෙලා ඔහොම කට කියවන් යනකොට කනට දෙකක් දෙන්නැතුවා...."




"අම්මත් මරු කතා තමා කියන්නේ...ඕවා එයට ඇහෙන්න එහෙම කියන්න එප..එයාගේ ඒ ලොකු අතෙන් පාරක් කෑවොත් මන් එතනම චක බාස්ට්..."




"හරි හරි ...දැන් ඔය දෙන්නා තනියමද යන්නේ පුතේ..."




"නෑ අම්මේ...අරූත් එනව...ඌ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ මගුල.."




"ශනූ...ඔය ඌ මූ ගාන්නේ මගේ කොල්ලටද..."




"හෑ....අම්මටත් කොල්ලෙක් ඉන්නෝද...🙄"




"අනේ අනේ ළමයෝ ඕනවට වඩා වැඩි හොදේ...මන් කිව්වේ මගේ පුතා ගැන..."




"හම්මෝ හම්මෝ....ඔව් ඔව් ඉතින්...ආදි අම්මගේ පන නේ.."




"නැත්තන්...ඒ කොල්ලා මන් ගැන හොයලා බලනව නේ මගේ ළමයට වඩා..."




"යැයි යැයි තමා..."




"මොකද්ද කිව්වේ..."




"නෑ නෑ මුකුත් නෑ..."




ශනූ හිනාවෙවීම එළියට ගියත් ආයේ ක්ශ්නිකෙන් මූන වෙනස් වුනේ කේශ් ව මතක් වෙලා...




"මේ තමා අවසාන කෝල් එක...මේක ආන්සර් නොකලොත් ඇත්තමයි...මන් ගොද වැඩක් කරනව....



පොඩ්ඩක් ඉම්න...මන් මොකද්ද කරන්නේ එතකොට...



මොකෝ මූට ගහන්න කියලැයි...මන් කුරා කූඹියෙක් ගානයි...එයා ළග හිටගත්‍තම..🥲."

 



"ළමයෝ ඔය කුටු කුටු ගෑවිල්ල තියලා ආයි කෝල් කරලා බලන්න..."



"හාකෝ හාකෝ..."




ශනූ හිතින් බැන බැන ම My soulmate♥️ කියලා සේව් කරලා තිබ්බ නම්බර් එක ඩයල් කලා..




මේ පාර නම් දෙපාර රින්ග්ස් යද්දිම ආන්සර් කලා...



"හෙ...




"හෙලො මැනික....මන් දන්නවා මට බැනගෙන බැනගෙන යන්න ඔය යස්සනී කට හදන් ඉන්නේ කියලා...අනේ හදිස්සි මීටින් එකක් වැටුනා බබා...සොරී...ඉන්න මන් විනාඩියෙන් ඔතන...



කේශ් කියවගෙන කියවගෙන ගියේ කෙල්ලගෙන් බැනුම් අහන්න වෙන නිසා..



ශෙනු ඒකට උත්තර දෙන්න කට අරිද්දිම වගේ...

කේශ්...



"කටවහගනින් යකෝ...."




කෙල්ල ඩිම් වුනේ කේශ් මේ කතා කරන්නේ කෙල්ලටමද කියලා සුවර් නැති නිසා..




"කේශ්...ඔයා...ම..ට.."




"අනේ මැනික...ඔයාට නෙමේ මේ ආදියා මගුලක් කරනවා...කියෝනවා කියෝනවා ඉවරයක් නෑ...බෙස්ටි වගේම නැතැයි.. 




"මොකද්ද කිවේ..."




"නෑ නෑ මේ මන් කිව්වේ...බෙස්ටිට වගේම හරි සුමිහිරි  වොයිස් එකක්  තියෙන්නේ කියල..."




"ආ....මේ ආදි එන්නෙත් ඔයා එක්කද..."



"ඔව්..ඔව්...මැනික.."



"මේ ඒ මිනිහගේ ෆෝන් එක වැඩ නැත්තේ ඇයි අහන්න..."



"ආ ඉන්න මන් ඌට දෙන්නම්...නැත්තම් ඒ බැනුන් ටිකත් අහන්න වෙන්නේ මටනේ..."



"හෙලෝ චූටි....මට උඹේ මූන පේනවා බන්...දැන් සතු වෙලා තක්කාලි ගෙඩියක් වගේ ඇති නේද..."



"මේ මගෙන් මුකුත් අහගන්න එපා ආදි...මොකද්ද කලේ තමුසේ ෆෝන් එක ඕෆ් කරන්..."



"යකෝ...මේකිගේ කට...අයියා වගේ ඉන්න එකාට ඔහොමද කතා කරන්නේ ආ...අයියා කියපන්...උඹමනේ ඉල්ලන් කෑවේ...මට අයියෙක් ඕනි...අයියෙක් ඕනි ගග..."



"ඉතින් තමුසෙත් මට ඔයා වගේ නන්ගියෙක් ඕනි නන්ගියෙක් ඕනි ගෑවනේ..."



"හරි හරි ඒක වෙනම කතාවක්...දැන් උඹට මන් වගේ අයියෙක් ඕනි වුනේ නැද්ද...මොකෝ නෑ කියනවද..."



"හරි හරි මේ... එහෙනම් ෆෝන් එක ඕෆ් නෙමේ සිම් එක ගලවලා වතුරට දැම්මත් මට කම්ක් නෑ...ඔය එහාපැත්තේ ඉන්න එක්කෙනාට කියන්න ඉක්මනට එන්න කියල...ආ අනික තව එකක්....මන් තමුසෙට අයියා කියන්නේ නෑ හරිය...ඔයා මගේ බෙස්ට...සෝ ඔයා ආදි..."


"තමුසෙට කවදහරි මට අයියා කියන්න වෙයිනේ..."



"මොකක්...මොකද්ද ඒ කතාවේ තේරුම..."


"නිකන් බන් කිව්වේ මන්...හරි හරි...මන් ආදි...දැන් හරිනේ...


මේ ළග ඉන්නේ...තමුසේ ඉන්නවා ගේට් එක ගාව..."



"හා හා...පිස්සා...😑






පිස්සු වගේද නෑ නේද....



ඔහොම ටික දවසක් කියවන් යන්නකෝ...



ඊටපස්සේ ෆුල් කන්ෆියුස් වෙන්න දෙන්නම්...



කමෙන්ට්ටබොක්ස් එක වැඩ හොදේ😁



රියැක්ට් බට්න් එකත් ඔබන්න විතරයි තියෙන්නේ...


කැලරි දහනය වෙන්නේ නෑ...🤭



කමෙන්ට් 50+ වුනොත් හෙට එපි දෙකක්ම දෙනවා..



හෙට දෙනෝ කිව්ව එක තමා ඔන්න අද දුන්නේ... 






Moonlight✨️





Report Page