නෙළුම් බට්ටෝ 🥰 ( Nelum Seeds )

රට ඉදන් මම ආපහු ලංකාවට ආවේ ටිකක් දිග නිවාඩුවක් ගන්න කියලා හිතාගෙන,
මම ගොඩක්ම ලංකාවට එන්න හේතුවක් උනේ , ලංකාවේ තියෙන තැන් වල ටිකක් ඇවිදින්න ඕන නිසයි.
මම ගොඩක් වෙලාවට පංසල් වලට යනවා, එහෙම තැනකට ගියහම හිතට ගොඩක් සැහැල්ලුයි,
හැබැයි මම එහෙම යන්නේ හවසට, දවල් ට යනවට වඩා රෑට ඒ වගේ තැනක තියෙන නිදහස, ඒක අමුතුම හැගීමක්
අම්මලා තවත් සති 2 කින් ලංකාවට එනවා කිව්වා, මම කලින්ම ආව නිසා , තනියෙන්ම උනත් මම පුලුවන් තැන් වලට යනවා කියලා හිතුනා,
අනික ඉතින්, අම්මාට තාම චූටි පුතා උනාට මම තාමත් චූටි නෑනේ 🙂,
මම හවස එයාර්පෝර්ට් එකෙන් එද්දින්ම මාව ගන්න අපේ ගෙදර ඩ්‍රයිවර් අංකල් ඇවිල්ලා හිටියා,
මම සූට් කේස් ටිකත් අරගෙන කාර් එකට දාලා ඉස්සර ශීට් එකේ ඉද ගත්තේ වට පිට බල බල යන්න කියලා හිතාගෙන,

අපේ ගෙදර තියෙන්නේ නුවර, ගෙදර බලා ගන්න කට්ටිය ඉන්න නිසා මම ගෙදර එද්දින් ඔක්කොම දේවල් ලස්සනට තිබුණා,

ඔහොම ගෙදරට ගිහින් වොශ් එකක් දාගෙන , මගේ බඩත් පුරවගෙන ඇදට පැන්නේ ඇගේ තිබුණු මහන්සිය නිවා ගන්නත් එක්කන්
මට හොඳටම නින්ද ගිහින් , ඇහැරෙද්දින් උදේ වෙලා තිබුනේ
ඇගේ තිබුණු මහංසිය නම් කොහේ ගියාද දන්නෙ නෑ, මාර සනීපයක් තියෙන්නේ,
නිකං ඉන්න වෙලාවට ලස්සන සිංදුවක් අහ අහ ඉන්න එක මගේ ඉස්සර ඉදන්ම පුරුද්දක්,
මම ඉතිම් සිංදුවක් දාන් අහන ගමන් හිටියේ අද දවසෙ කරන්න දේකුත් කල්පනා කර කර
ඔය අතරේ සිංදුවක් ප්ලේ වෙනවා
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සී දේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී
කියලා චාමර වීරසිංහ කියන ලස්සන සිංදුවක්

ඒ සිංදුව ඉවර වෙලා ඊලගට ප්ලේ උනේ
කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි
ශෂිකා නිසංසලා කියන තවත් සිංදුවක් ,
ඔවා අහ අහ ඉන්නකොට තමයි මට කිරි වෙහෙර මතක් උනේ, ඇයි ඉතිම් සිංදු දෙකේම කියන්නේ කිරි වෙහෙර ගැනනේ, අනික ඒ සිංදු දෙකම ගොඩක් ලස්සනයි ,
ඒ නිසා අද හවස මට එහේ යන්න හිතුනා ,
ඒත් මම අඩු ගානේ පාරක් වත් දන්නේ නෑ යන්නනම්,
ගූගල් මැප් එකේ බලද්දින් පැය 6 ක විතර ගමනක් තියෙනවා නුවර ඉදන්ම
ඒත් ඉතින් මට යන්න හිතුන නිසා ඒක මගඇර ගන්න බෑනේ, ඒ නිසා මම අද උදේ ගෙදරින් යන්න ලෑස්ති උනා,
ඩ්‍රයිවර් අංකල් නම් මට තනියම කාර් එකේ යන්න දුන්නේ නෑ , මට අසනීප වෙන නිසා තනියම ඔච්චර දුරක් යන්න එපා කියලා කිව්වේ
ඒත් මම බෙහෙත් බොන නිසා අවුලක් වෙන්නේ නෑ කියලා
මගේ බල කිරිල්ලා නිසාම මට තනියම කාර් එක ගන්න පුලුවන් උනා,
සුදු පාට ෂර්ට් එක්කුත් දාගෙන දිග කලිසමකුත් ඇදන් කාර් එකට නැගලා මැප් එකත් බලාගෙන යන්න පටන් ගත්තා,
ඒත් ඉතින් ගූගල් මැප් ඒකේ කියන පැය 6 න් නම් මට යන්න බෑ,
ඇයි ඒ දන්නවද ; මම දකින දකින ලස්සන තැන් වල කාර් එක නවත්තලා ටිකක් වෙල නැවතිලා ඉදලා යන්නේ

පාර දිගට හම්බ වෙන පුංචි පුංචි කඩවල් ගාවින් නවත්තලා ඒ අයත් එක්කන් කතා කරලා චුට්ටක් විස්තර එහෙමත් දැනගෙන
බඩටත් ඔය මොනා මොනා හරි දාගෙන ගියේ
මගින් හම්බ උනු පුංචි කඩේකින් ගත්තු බත් එකත් අරං,
වැවක් ලග තිබුණු ගහක් යටට වෙලා දවල්ට කෑම කාලා , ටික වෙලාවක් කාර් එකේම නිදාගෙන ආපහු ගමන යන්න පටන් ගත්තා
අනික ඉතින් මම වැඩිය කැමති නෑ එක දිගට ඩ්‍රයිව් කරන්න, ඒ නිසා ටිකින් ටික නැවති නැවතී යන එක හොදයි මටනම්
මට මගේ යාලුවෙක් වත් දාගෙන එන්න නම් තිබ්බා , ඒත් මම ගොඩක් ම කැමති තනියම යන්න, එතකොට ගොඩක් රිලැක්ස් ,
ඔය විදිහට මම කතරගමට යද්දින් හවස 6 පහුවෙලා තිබ්බේ,
කාර් එක පාක් කරලා, ලග තිබුණු කඩේකින් තෝසේ අරං රෑටත් එක්කම මම බඩ පිරෙන්න කෑවා,
ඔය ඔක්කොම ඉවර වෙද්දින් කලුවර වෙලා තිබ්බේ, ඒත් කිරි වෙහෙර වන්දනා කරන්න ආව කට්ටියගෙන් නම් කිසිම අඩුවක් නැහැ ,

හැම තැනම සුදු ඇද ගත්තු මිනිස්සු කිසිම වයස් බේදයක් නැතුව ලොකු පොඩි හැමෝම , මල් වට්ටි අරන්, මල් අරං ඒ චෛත්‍යය වන්දනා කරන්න යනවා,
ඒත් ගොඩක් අය මං වගේ නෙවෙයි ,ඒ අය දවස් 2,3 කට කතරගම වන්දනාවේ ආපු අය ,
මම ඉතින් පණ්ඩිතකමට ආවට කිසිම දෙයක් දැනගෙන නෙවෙයිනෙ ආවේ,
දැන ගියොත් කතරගම , නොදැන ගියොත් අතරමග, කියලා කියනවානේ 😁
අහල පහල ගොඩක් තැන් වල මල් විකුණන කඩවල් තියෙනවා, මමඒ තැනකින් සුදු පාට පිච්ච මල් වට්ටියක් සල්ලි දීලා ගත්තේ , මට ගෙදර ඉදන් මල් ගෙනාවානම් මෙහෙට එද්දින් ඒවා පර වෙන නිසා

ඒ මල් වට්ටිය මගේ අත් දෙකෙන්ම අල්ලගෙන හිමින් හිමින් වැලි තලාවේ ඇවිදගෙන චෛත්‍යය ගාවට යන්න ගියේ මල්වට්ටිය පූජා කරලා හිත සැහැල්ලුවෙන් ටික වෙලාවක් ඉන්න හිතාගෙන
ඒත් ටිකක් දුරක් යද්දින් කවුදෝ කෙනෙක් මගේ හැප්පුනා, ඒත් එක්කම මම අරං ගියපු මල් වට්ටියත් බිම වැටුනා,
මම බිමට නැමුණේ අර වැටුණු මල් ටික අයින් කරන්න, නැත්නම් කාට හරි පෑගෙනවානේ,
මල් වට්ටිය දිහා බලද්දින් ඒකේ තව එක මලක් ඉතුරුයි, ඒක වැටුනේ නැති නිසා මම සතුටින් හිටියේ, කමක් නැහැ ඒ මල වත් පූජා කරන්න පුලුවන්නේ කියලා 😇
මම ගාව සල්ලි තිබුණා ,තව මල් 1000 ක් උනත් ගන්න පුලුවන්කම තිබුණා ,ඒත් මට ඕන උනේ අර මුලින්ම ගත්තු මල් වට්ටියේ තිබුණු මල පූජා කරන්නමයි,
දන්නෙ නැද්ද ඉතින්, මොකක් හරි හිතුනොත් ඒක නැතුව බෑනෙ ,කොල්ලොනෙ ඉතිම් 😜
අර මගේ මල් වට්ටියේ හැප්පිච්ච කෙනත් බිම නැවිලා ,
" අනේ,සොරි මම දැක්කේ නැහැ " කියලා ඉතුරු එක මලක් තිබ්බ මල් වට්ටියත් අරං එතන තිබුණ බංකුවක් ගාවට අරං ගියා
"ඒකට කමක් නැහැ, එක මලක් ඉතුරුයිනේ, " කියලා මම කිව්වා
අර බිම වැටුණු මල් ටික අයින් කරලා මම ගියේ මල් වට්ටිය හොයාගෙන
කෙනෙක් ඒ මල් වට්ටියට අලුතෙන් මල් හදනවා චූටි බංකුවේ වාඩි වෙලා , ඊට පස්සෙ මම ත් එතනින් වාඩි උනා ,
ඒ කෙනා
ලා නිල් පාට මල් වැටිච්ච සුදු පාට චීත්ත ගවුමක් ඇදගෙන හිටපු, ලස්සනම ලස්සන ඇස් දෙකක් තියන, හිනා වෙද්දින් කම්මුල් දෙක වල ගැහෙන, ගොඩක් දිග කොණ්ඩේ ලස්සනට පීරලා ගොතලා තිබුණු, දත් නොපෙනෙන පුංචි හිනාවක් මුහුනේ තියාගෙන ,එයා ගාව තිබුනු නෙලුම් මල් ටික එක පෙත්තෙන් පෙත්ත පුංචි ඇගිලි තුඩු වලින් පෙති දිග අරිමින් හිටපු ඒ කෙනා ඇත්තටම දෙවඟනක් ද කියලාත් මට හිතුනා, එයා ඒ තරම්ම ලස්සනයි,

මං එයා නෙලුම් පෙති දිග හරින දිහා ටික වෙලාවක් බලන් හිටියේ ඇත්තටම මේ හීනයක්ද කියලා හිතා ගන්නත් බැරිව
" මට සමාවෙන්න, මම හිතලා හැප්පුනේ නැහැ " එයා අයෙත් කිව්වා
" අනේ ඒකට කමක් නැහැ, " කියලා මම කීවා
" මේ මල් ටික හදන්න උදව් කරන්නකො " කියලා පෙති දිග ඇරපු නැති නෙලුම් මලක් මට දෙන්න හැදුවා
ඒත් මට ඒවා අරං දිග අරින්න බැහැනේ, අර බිම වැටුණු මල් ටික අහුලපු නිසා මගේ අත් දෙකේම වැලි ගෑවිලා තිබ්බේ ඒ වෙනකොටත්,
"මගේ අත් වල වැලිනේ " කියලා මම එයාට කිව්වෙ මගේ අත් දෙකම පෙන්නන්න ගමන්
" ආ, එන්න " කියලා මාව එක්කන් ගිහින් අත් දෙක සෝද ගන්න වතුර දුන්නා
ඊට පස්සේ මමත් නෙලුම් මල් වල පෙති දිග හරින්න ගත්තේ එයාගේ ඉල්ලීමටමයි
එයාගේ අතේ තිබුණු සුදු නෙලුම් මල් ටික දිග හැරලා එකින් එක, මම අරං ගියපු මල් වට්ටිය උඩින් තියලා මැද්දෙන් රතු නෙලුම් මලකුත් තියලා පැන් ඉහලා ආපහු මට දුන්නා, ඒක පූජා කරන්නලු කියලා
එයාත් මල් විකුණන කෙනෙක්, දැන් එයා විකුණ විකුණ හිටපු මල් ටික තමයි මට දුන්නේ පූජා කරන්න කියලා, අනිත් එක එයාගේ විතරක් වැරද්දෙන් නෙවෙයිනෙ මල් ටික හැලුනේ,
මටත් ටිකක් පරිස්සමින් මල් ටික අරං ගියා නම් එහෙම වෙන්නෙ නැහැනේ
අනිත් එක එයාගේ මල් ටික මම මෙහෙම අරං යන එක වැරදියි නෙ, ඒ අයත් නෙලුම් මල් ගේන්නේ ගොඩක් මහංසියෙන් නේ
ඒ නිසා එයාගේ මල් වලට මම සල්ලි දෙන්න කියලා පර්ස් එක ගත්තා, ඒත් සල්ලි එපාලු, එයා නිසා ලු එහෙම උනේ කියලා සල්ලි ගන්න බැරිලු,
මම කිව්වා එහෙනම් තෑග්ගක් විදිහට වත් තියා ගන්න කියලා
ඒත් එක්කම මට කෝල් එකක් ආවා , මම සාක්කුවෙන් ෆෝන් එක එලියට අරං ආන්ස්වර් කරන්න ගියේ , අම්මා ගෙන් තමයි කෝල්එක ආවේ, ඒත් එහෙම්මම මාව ඇදන් වැටුනා , හොද වෙලාවට බංකුවේ ඉදන් හිටපු නිසා බිම වැටිලා නැහැ
ඊට පස්සෙ උනු කිසිම දෙයක් මට මතක නැහැ,
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

මම නිදාගෙන ඉදලා ඇහැරුණා, උදේ ඉර එලිය වැටිලා තිබුනේ , ඒත් මම ඉන්න තැන හිතා ගන්නවත් බෑ, පොල් අතු වහලා තිබුණු ගෙදරක් ඒක , කවුද කෙනෙක් මට කතා කරනවා ඇහුණා
" මහත්තයා, ඇහැරුණාද ? "
මම බැලුවා ඒ කවුද කියලා, මම නම් මීට කලින් දැකලාවත් නැති මාමා කෙනෙක් කතා කරන්නේ
" මම කොහෙද ඉන්නේ මේ ? "
මම ඒ මාමා ගෙන් ආපහු ඇහුවා , අනික මම ටිකක් කලබල වෙලා හිටියෙත් , එක පාරටම මට මොනාද උනේ කියලා
" මහත්තයා බය වෙන්ට දෙයක් නෑ, අසනීප වෙලා හිටි නිසා මෙහෙට එක්කං ආවේ " ඒ මාමා ආපහු කිව්වා
ඒ වෙලාවෙ නම් මගේ හිතේ තිබුණු බය ටිකක් අඩු උනා,
" අනේ ගොඩක් පිං මාමේ මට උදව් කලාට ඒ වෙලාවෙ "
" ආ, ඒක සුලු දෙයක්නෙ මහත්තයා, දෝණි ගෙ කීමටම තමයි ඔය මෙහාටත් එක්කන් ආවේ "
" මට මහත්තයා කියන්න ඕන නෑ මාමේ, මමත් ඔයාලා වගේම තමයි " මම එහෙම කිව්වෙ මට මහත්තයා කියලා කතා කරනවාට මම වැඩිය කැමති නැති නිසා
ඊට පස්සෙ ඒ මාමා පොඩ්ඩක් හිනා උනා,
මට හිතුනා අර ඊයේ දැක්ක ලස්සනම ලස්සන කෙල්ල ට වෙන්න ඇති මේ මාමා දෝණි කියලා කියන්නෙ කියලා, සමහර විට ඒ වෙලාවෙ මං ගාව හිටියෙත් එයානේ, ඒ නිසා උදව් කරන්න ඇති
ඒත් මම ඒ ගැන වැඩිය අහන්න ගියේ නෑ , මම නිදාගෙන ඉදපු තැනින් නැගිටලා ගියා ඒ මාම ඉන්න තැනට , මම නිදාගෙන් ඉදලා තියෙන්නෙ බිම දාපු පැදුරක , හැබැයි ඉතින් බිම කියලා අවුලක් නෑ හොදටම නින්ද ගිහින් වගේ මටත්..
.
" දැං සනීපයිද පුතා " මගෙන් ආපහු ඒ මාම ඇහුවා
" ඔව් මාමෙ , දැන් නම් අවුලක් නැහැ, බෙහෙත් බිව්වහම හරියාවි " කියලා ආපහු මම කිව්වා
" උදේට මොකුත් කෑවේත් නෑනෙ තාම, දෝණී, මේ මහත්තයාට බෙදපු කෑම එක ගේනත් දෙන්නකෝ , " කියලා ආපහු ඒ මාමා ටිකක් සද්දෙන් කිව්වා
" හා අප්පච්චී " කියලා ගේ ඇතුලෙන් සද්දයක් ඇහුණා,
ටික වෙලාවකින් අර ඊයේ මං දැකපු සුදු ලස්සනම ලස්සන කෙනා පිගානකුයි වතුර වීදුරුවකුයි මං අතට ගෙනල්ලා දුන්නා
මම තැන්කිව් කියලා ඒක ගත්තාට මම හිටියේ වෙනමම ලෝකෙක අතරමං වෙලා, එයා ඒ තරම්ම ලස්සනායි 😘
ඉදි ආප්පයි, රතු සම්බෝලෙකුයි තිබුණේ, මම ඔක්කොම ටික කෑවා , ගොඩක් රසයි
" මාමා කොහේ හරි යන්නද යන්නේ? "
මම කාලා ඉවර වෙලා ඇහුවේ ඒ මාමා කොහේ හරි ගමනක් යන්න හදපු නිසා
" අද හවසට අරං යන්න නෙලුම් මල් ටික නෙලාගන්න යන්න ඕනනේ , ඒ හිංදා වැවට යන්න ඕන දෝණිත් එක්කන් "
" මම එන්නද මාමාත් එක්කන් මල් නෙලන්න යන්න, "
" පුතා දන්නෙ නැහැනෙ ඒවා , අනික සනීපත් නැතුව ඇති තවම "
" බෙහෙත් බිව්වාම අවුලක් නෑ මාමේ, මගේ පර්ස් එකේ බෙහෙත් තිබුණා, ඊයේ මට අසනීප උනේ දවස් කීපයකින්ම මට බෙහෙත් බොන්න අමතක උනු නිසායි " මම කිව්වා
" එහෙනම් කමක් නෑ, අනික ඉතින් මහත්තයගෙ ආසාවනෙ "
ඊට පස්සේ මම ඒ මාමත් එක්කන් වැව ගාවට ගිහින් ඔරුවට නැග්ගේ නෙලුම් මල් නෙලා ගන්න වැව මැදට යන්න
මුලින්ම නම් මට ටිකක් බයත් හිතුනා, ඒත් පස්සෙ ඒක හරි ගියා,
මාමා තමයි ඔරුව පැද්දේ, මම හබල් ගාන්න දන්නේ නැහැනෙ ඉතිම්, මම අනික් පැත්තට වෙලා අහල පහල තිබ්බ මල් ටික කඩාගෙන ඔරුව මැද්දට දා ගත්තා,
" ඔය නෙලුම් බට්ටෝ ටිකකුත් කඩාගෙන කන්න, දෝණි නම් ආසාවෙන් කනවා ඕවා " ඒ මාමා කිව්වා
ඒත් ඉතින් මම දන්නෙ නෑ ඒවා කන විදිහක් වත්, ඒ මාමාගෙන් ම අහගෙන් ඒවත් කකා මම මලුත් කැඩුවා

ඊට පස්සෙ මම මල් වලට වඩා නෙලුම් බට්ටෝ තමයි වැඩිපුරම කැඩුවෙ 😁, ඒව මරු ඉතින් , ඒකයි
මල් ටික නෙලලා ඉවර වෙලා ඒ ටිකත් අරං අපි වැවෙන් ගොඩට ආවා, එතකොට අර ලස්සන දෝණි, එයත් ඇවිල්ලා හිටියා අපි එනකම් බලාගෙන
මම ගාව බට්ටෝ ඔක්කොම තිබ්බේ, මං ඒවත් අරං කකා හිටියා, දෝණි අහනවා ඒ පාර
" අප්පච්චි, මට නෙලුම් බට්ටො නැද්ද ? "
කියලා ,
ඒ වෙලාවෙ තමයි මටත් මතක් උනේ මම එකක් වත් දුන්නෙ නෑ නේ කියලා
ඊට පස්සෙ එකක් මම තියාගෙන ඉතුරු ඔක්කොම ටික එයාට දුන්නා, එ වෙලාවෙ නම් එයා ටිකක් මාත් එක්කන් ෆිට් උනා
මම කිව්වා උදව් කලාට ගොඩක් ස්තූතියි කියලා,
එයා කියනවා
"බෙහෙත් බිව්වෙ නැති උනාම ලෙඩ වෙනවා තමයි " ලු
මම ඇහුවා නම මොකක්ද කියලා , යෙනුලි ආකර්ෂා ලු , ලස්සන නමක්
" ආ , මම හිතුවා නම දෝණි වෙන්න ඇති කියලා , 😜" දන්නෙ නැද්ද ඉතිම් මගෙත් කට ,
" ගෙදරට කියන්නෙ දෝණි කියලා "
" මල් ටික අරං යන්නෙ කොහොමද මෙතන ඉදන් ?, ගොඩක් තියෙනවනෙ " මම ඇහුවා
" අයියාව එක්කන් ආපු විදිහටම තමයි " දෝණි කිව්ව එහෙම
එතකොට තමයි ඇත්තටම ආයෙමත් මට මතක් උනේ, මාව කොහොමද මෙහෙට ආවේ, එදා රෑ උනු සිද්ධිය මොකක්ද කියලා අහන්නත් බැරි උනානේ කියලා,
" කාර් එක අරං ආවොත් ඔක්කොම අරං යන්නනම් පුලුවන් මාමේ " මම එහෙම කිව්වා
" කාර් එකකද මහත්තයා කතරගම ආවේ ? " ඒ මාමා ආයම ඇහුවා
" ඔව් මාමෙ, ඒක ඊයේ පාර්ක් කරලා ආවා, ඒ උනාට මම එතෙන්ට මෙහෙ ඉදන් යන්න පාර දන්නෙ නෑනෙ "
මම ඉන්න තැන වත් හරියට දන්නෙ නැතුව කොහොමද වාහන පාර්ක් කරන තැනක් හොයන්නෙ ඉතිම්
" දෝණි ට පුලුවන්නම් මට පාර්ක් එක තියෙන තැන පෙන්නන්නකො " මම එහෙම කිව්වෙ යෙනූට
" පයින් තමයි යන්න වෙන්නෙ එහෙනම්, අප්පච්චී මං කාර් පාර්ක් එක පෙන්නලා එන්නම් "

" දෝණි පරිස්සමින් ඔය මහත්තයාව එක්කන් යන්න ඕන ඇ " ඒ මාමා එහෙම කිව්වා
යෙනුලියි මමයි පයින් ඇවිදන් යනවා කාර් එක හොයාගෙන, ඒ යන ගමන් මම ඇහුවා ඊයේ උනේ මොකක්ද කියලා
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ඊයේ රෑ මට අම්මා කෝල් කරපු වෙලාවෙ මට කලන්තෙ වගේ හැදුනාලු, කතා කලාට ඇහැරුනෙවත් නැතිලු
ඊට පස්සෙ ෆෝන් එක රින්ග් වෙවී තිබුණ නිසා මෙයා ආන්ස්වර් කරලා ,
යෙනූ අම්මට සිද්ධිය කියලා , අම්මා තමයි එයා ට කියලා තියෙන්නේ, මට අසනීපයක් තියෙනවා, මම බෙහෙත් බොන්නෙත් නෑ හරියට , ඒ නිසයි ඔහොම වෙල තියෙන්නේ, කියලා
ඒ නිසා මට ආපහු ඇහැරෙනකන් බලන් ඉන්න කියලා අම්මා යෙනූගෙන් උදව් ඉල්ලලා ,
ඒ නිසා තමයි යෙනූ මාව බලාගෙන තියෙන්නෙ, අනික ඉතින් එයාලට නුපුරුදු තැනක් නෙවෙයිනෙ මෙහේ,
ඒත් මට ඇහැරුනේ නැතිලු ගොඩක් වෙලා යනකන්ම, ඒ නිසා යෙනූ එයාගේ අප්පච්චීට ත් සිද්ධිය කියලා මාව ත්‍රීවීල් එකක දාගෙන එයාලගේ ගෙදරට එක්කන් ගිහිල්ලා
ඒ ටික කියලා ඉවර වෙද්දින් අපි කාර් එක ගාවටම ආවා, ඊට පස්සෙ කාර් එකත් අරං යෙනූවත් පිටිපස්සෙ සීට් එකේ දාගෙන ආපහු වැව ගාවට ගියේ මල් ටික අරං යන්න
යෙනූ ගේ අම්මත් වැව ගාවට ඇවිල්ලා හිටියා, අපි මල් ඔක්කොම ටික පුරවන් දෙපාරකට ගිහින් තිබ්බා,
යෙනූ මගේ හිත මටත් හොරෙන් එයා ගාවට අරං කියලා මට හිතුනා,
ඊයෙ මට මල් වට්ටිය පූජා කරන්න බැරි උනානේ, ඒත් අද හවස නම් මම කඩපු නෙලුම් මල් ම, වට්ටියක්ම පුරවගෙන පූජා කරන්න ගියා,
යෙනූත් එයාගෙ මල් වට්ටියක් අරං මාත් එක්කන්ම පූජා කරන්න ආවා,
මම ඒ මල් ටික පූජා කරලා ආයම යෙනූ එක්කන් කතා කලා,

"අද මම පුංචි ප්‍රාර්තනාවක් කලා දෝණීහ් "
" ඒ මොකක්ද ඒ "
" මගේ ජීවිතේට ඔයා වගේ කෙනෙක් ලැබෙන්න කියලා "
" එහෙනම් මාව හරියෙන්නෙ නැති වෙයි, වගේ කෙනෙක්නෙ ඕන "
" නෑ නෑ යෙනූ, වගේ කෙනෙක් නෙවෙයි, ඔයාවමයි ඕන "
එයත් නොපෙන්නුවාට එයාගේ හිතෙත් මං ගැන මොකක් හරි තිබිලාද කොහෙද, මටත් නිකමට හිතුනා
මම යෙනූගෙන් ඇහුවා " ඔයා මොනවද ප්‍රාර්තනා කලේ මල් ටික පූජා කරලා ? " කියලා
එයා කියනවා " අයියාට සනීප වෙන්න කියලා " ලු,
ඒකට නම් මට ගොඩක් දුක හිතුනා, මට අසනීප වෙන්නේ මගේම වැරැද්ද නිසානේ, මම බෙහෙත් බීලා ඩොක්ටර්ස්ලා කියන විදිහට හිටියානම් මේක හොදටම හොද වෙනවා කියලා එයාලා හැමදාම කියනවා
" මම හරියට බෙහෙත් බොන්නම්කෝ ,එතකොට ඔයාගේ ප්‍රාර්තනාව ඉශ්ඨ වෙයි "
" හ්ම් " යෙනු පොඩිම පොඩි උත්තරයක් දුන්නේ
" මගේ ප්‍රාර්තනාවත් ඉශ්ඨ වෙයි නේද ? 🤔 දෝණි " කියලා මං එයාගෙන් ඇහුවේ එයාගේ මූණට ටිකක් ලං වෙලා
" වෙයි වෙයි 😁 " කියලා ලස්සනට පොඩිවට හිනා වෙන ගමන් එයා කිව්වා
මට මාරම සතුටුයි ගොඩාක්, ඒ තරම් සතුටක් මට කවදාකවත් දැනිලා නැහැ, මට එයාව වඩාගෙන කැරකෙන්න හිතුනා , ඒත් බැහැනේ , කිරි වෙහෙර ගාව ඉදන් ඕවා කලොත් එහෙම මිනිස්සු ගල් ගහලා එලවයි මාව ☹️
අනික යෙනූ ගේ අම්මා, තාත්තා එහෙමත් ඉන්නවානේ මෙහේ,
කොහොම හරි මං මේ ගැන එයාගේ අම්මයි තාත්තයි එක්කන් කිව්වා,
එයාලගෙන් අකමැත්තක් නැති උනත් එයාලට තිබ්බ එකම බය, ඒ අය දුප්පත් හිංදා අපේ ගෙදරින් කැමති වෙන්නෙ නැති වෙයි ලු කියලා
ඒත් මම කිව්වා, මං කියන ඕනම දේකට අම්මලා කැමති වෙනවා කියලා,
ඊට පස්සෙ ඒ මාමාලා මං ගැන වැඩි විස්තර දන්නේ නැති නිසා ,
මං ගැන, අපේ පවුල ගැන, විස්තර ටිකක් කියන්න හැදුවේ ,
ඒත් ඒ මාමා කිව්වා, " අපි ඔයා ගැන විස්තර දන්නවා පුතේ, දෝණි ඊයේ රෑම කිව්වා " කියලා
යකෝ මේ නම් මාරම දෝණියෙක් තමයි , මම දන්නෙත් නැති විස්තර සෑහෙන ගොඩක් ඒ අය දන්නවාද කොහෙද
අපේ අම්මා තමයි කියලා තියෙන්නේ යෙනුලි අතින් හැම දෙයක්ම,
මගේ ෆෝන් එකේ කෝල් ලොග්ස් බලද්දින් පැය එක හමාරක් ක් එක දිගට ඊයේ රෑ කතා කරලා අපේ අම්මා යෙනූට
සමහර විට මටත් කලින් අපේ අම්මා කැමති උනාද දන්නේ නෑ දෝණිට 😜
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
අවුරුදු 2 කට පසු
" යෙනූ, දෝණී "
" අයියේ ? 🤔 "
" දන්නවද පොඩි රහසක් යෙනූ "
" මොකක්ද? "
" අපේ ගෙදරට තවත් දෝණියෙක් එනවලු කියලා ඩොක්ටර් කිව්වා "
" හ්ම්, ඒකනේ අයියේ මං කිව්වෙ මං වගේ කෙනෙක් කියලා 😘 "
" ඔයා හරි ඉතින්, 😊😚 "
එයා ගාවින්ම මම තවත් ටිකක් ලං වෙලා නිදා ගත්තේ එයාගෙ නලලත් සිපගන්න ගමන්

The End .
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
නිල් මානෙක් මලකට වැඩි ඇස් දෙක ලස්සනයි කියාවි......
ලස්සන ඒ ඇසි පිය යට හීන තියා සුවද ගනීවී.......
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සී දේවී............
අහ අහ හිටපු සිංදු දෙකක් , කරපු තරමක් නේත 😘
🟡🟢🔵 360° 🔵🟢🟡
🔴එතකොට යෙනුලිගේ අම්මයි තාත්තයි තවමත් මල් විකුණලා අමාරුවෙන් ජීවත් වෙනවද ? 🤔
අපි යෙනූගේ අම්මවයි තාත්තාවයි බලන්න පුලුවන් වෙලාවට කතරගම යනවා,
ඒ අයට ජීවත්වෙන්න තවත් මල් විකුණන්න අමාරුයි නේ, එයාලටත් වයසයි නෙ ගොඩක්,
ඒ නිසා එයාලාවත් නුවර එක්කන් එන්න මම කැමති උනත් යෙනූගේ තාත්තා කැමති නැහැ ඒකට, තාත්තා ට ඕන ඒ ගමේම ජීවත් වෙන්නලු,
යෙනූයි මමයි එයාලට ජීවත් වෙන්න සල්ලි යවනවා, එයාලට හිටපු එකම කෙනා යෙනූ විතරයිනේ, ඒ නිසා යෙනූගේ යුතුකමක්නේ අම්මවත් තාත්තාවත් බලා ගන්න එක
Copyright © Kochchiya https://t.me/kochchiya